ග්‍රහ යෝග වැස්සක් සමඟ බුධ මිථුනයට

මැයි 14, 2021

2021 මැයි මස 26 වැනි දින 8.33 පැයට ග්‍රහ ලොව කුමරු වූ බුධ තම ස්වක්ෂත්‍ර රාශියක් වූ මිථුනයේ රාශිගත වේ. මෙසේ මිථුන රාශි ගතවන බුධ දින හතක් තුළ වක්‍ර, අස්ත වෙමින් ජුනි 03 වෙනි දින 2.33 පැයට වෘෂභ රාශියෙහි ගෝචර වේ.

මෙම බුධ සම්ප්‍රාප්තියන් සමඟ බුධගෙන් යෙදෙන පංච මහා පුරුෂයෝගයක් වන භද්‍රයෝගය මිථුන, කන්‍යා, ධනු, මිථුන ලග්නවලට උදාවන අතර මිථුන ලග්න හිමි ජන්මීන්ට බුධගේ දිග්බලය ද හිමි වේ. මේ අනුව මැයි විසිහත්වන දින මිථුන ලග්නයෙන් උපදින්නන් භද්‍ර, අත්පොත්, ගජකේෂරී, පුෂ්කල, විෂ්ණු, ශ්‍රීකාන්ති, පරිජාත, වෙෂී, පරාක්‍රම, නෘප යන ශුභ ග්‍රහ යෝගද සරලා, විමලා යන විපරිත රාජයෝග දෙක ද කේමදෘම නම් අනිෂ්ඨයෝගය ද උදා කරයි. එහෙත් සඳු ගුරුගෙන් කේන්ද්‍රගතව ඇති බැවින් එම අනිටුඵල භංගවන අතර 28, 29, 30, 31, හා ජුනි 01, 02 යන දිනවලද මෙම ග්‍රහ යෝග වලින් වැඩි ප්‍රමාණයක් උදා කරයි. මෙම ග්‍රහ තත්ත්වය මිථුන, කන්‍යා, ධනු, මීන යන ලග්නවලට ඉතා යහපත් ලෙස ක්‍රියාත්මක වෙමින් සුපිරි උපත් කිහිපයක් ඇති කිරීමට මේදින කිහිපයේ ග්‍රහ බලය නිර්මාණය වේ.

 

ඡ්‍යොතිෂ විද්‍යා විභූෂණ දේශමාන්‍ය

එම්.ජී.යූ. රාජපක්ෂ

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.