අසම්මත ක්‍රියා කලඑළි බසිමින් සුරගුරු මකරයේ නීච වෙයි

සැප්තැම්බර් 17, 2021

ගුරු ශනි සංයෝගය, කුජ ශනි ත්‍රිකෝණ දෘෂ්ටිය, රවි චන්ද්‍ර ෂඩ් කෝණ දෘෂ්ටිය, රවි කේතු සම කුජ ගුරු - කුජ චන්ද්‍ර චතුර් කෝණ දෘෂ්ටිය- චන්ද්‍රයා පාප කර්තරී වීම - කේදාර යෝගය ආදී ආශ්‍රිතව දක්ෂිණායන සරත් සෘතුවෙහි සිංහ රවි 20 භාග බිනර මහේ පුර නවවක තිථිය - මකර රාශිය- කන්‍යා නවාංශකය දෙනට දෙවන පාදය ඔක්තෝබර් 18 සඳු දින මධ්‍යාහ්නය දක්වා. පංච මහා භූතයෝ විපරීත කරවමින් වක්‍ර බ්‍රහස්පති (ගුරු ) ග්‍රහයා නීච ක්ෂේත්‍රව සෙනසුරු හිමි මකර රාශියට සැප්තැම්බර් 14 වැනි දින පස්වරු 02.26 ට ප්‍රවේශ විය.

 

නැගෙනහිර උදා සෙනසුරු නම් මකර රාශියෙහි සෙනසුරු වක්‍රව, ස්වක්ෂේත්‍රව, වක්‍ර ප්ලූටෝ සතුරුව,වක්‍ර බ්‍රහස්පති නීච ක්ෂේත්‍රව ලග්න ගතව ද වක්‍ර නැප්චූන් සමව දෙවැන්න වූ ධනස්ථාන ගතව ද වක්‍ර යුරේනස් සමව සිව්වැන්නේද උච්ච රාහු ස්වක්ෂේත්‍රව මූල ත්‍රිකෝණ ගතව ආත්ම කාරක රවි අට වැන්න වූ මෘත්‍යු ස්ථානගතව ද , සතුරු අඟහරු (කුජ ) උච්ච මූල ත්‍රිකෝණව බුධ නව වැන්න වූ භාග්‍යස්ථාන ගතව ද ස්වක්ෂේත්‍රව මූල ත්‍රිකෝණව සිකුරු ග්‍රහයා දස වැන්න වූ කර්මස්ථාන ගතව ද, උච්ච කේතු අයස්ථානය වූ එකොළොස්වැන්නේ ද චන්ද්‍රයා සමව දොළොස්වැන්නේද , මාන්දි ගුරු ලග්නගතවද, බාධක ග්‍රහයා මෙන්ම 22 වන දෙර්කාණාධිපති අඟහරු 09 වැන්න වූ භාග්‍ය ස්ථාන ගතව ද තැන්පතව ඇත.

සතුරු අඟහරු ගේ ත්‍රිකෝණ දෘෂ්ටියෙන් කුජ ශනි ඔවුනොවුන් දකිනු ලබයි. ප්‍රජාවගේ මානසිකත්වය භෞතිකව වර්ධන ව්‍යාප්තිය නීච ගුරුගෙන් ආකර්ශනීය යථාර්ථය වෙයි. සෙනසුරු භෞතික වස්තු බොඳ කොට දමයි. මෙකී ස්වභාවය ගුරු ශනි සංයෝගයෙහි පවතිනු ඇත. එසේම ගුරු ශනි සංයෝගය උරුම වූ ජන්ම ලාභීන්ට මෙන්ම උපදින දරු දැරියනට ද තීරණ තීන්දු ගත නොහැකිව සැකයෙන් බියෙන් දෙගඩියාවෙන් කල් ගෙවනු ලබයි. ගිහි දිවියෙහි බාධක අවහිර දුෂ්කරතා මතුවෙයි.

එසේම නීතියෙන් හෝ විවාහයෙන් ධනය බලය දේපළ වස්තු ළඟාවෙයි. ගුරු ශනි යෝගය හෝ ශනිට ගුරු දැකීම හෝ හෝ ගුරු ට ශනි දැකිම මත ජන්මියා ගිහි දිවියෙහි දැඩි අප්‍රසන්න පිළිකුල් බවට පරිපර්තනය වෙයි. ගෘහ ජීවිතයෙහි බාධා අවහිරතා දුෂ්කරතා පමණක් නොව අසම්මත ක්‍රියා කාරකම් විනිවිදව කලඑළිවෙයි. රෝගාබාධ වසංගත කෙරෙහි ගොදුරක් වෙයි.

ජීවිතයෙහි සැබෑ තත්ත්වය අතිශය අප්‍රසන්න බැව් වටහා ගනු ලබයි. ගුරු ශනි ධන යෝගයක් වන අතර විශ්ව මේෂ රාශි සටහනෙහි දසවැන්නෙහි ගුරු ශනි යෝගය රාජ්‍ය ත්‍රාන්ත්‍රිකයන්ගේ බලය ද , ධනය ද, තහවුරු කෙරෙන්නෙකි. ජන්මියකුගේ ගුරු ශනි යෝගය 10 වැන්නෙහි යෙදීම නම්බු නාම, කීර්ති ප්‍රශංසා, පදවි තානාන්තර තිරසාරව ලැබීමට හේතු සාධක වෙයි. 09 වැන්නෙහි යෙදුණොත් දිව්‍ය ඥානය හා සමාන උත්තරීතර ඥාන ශක්තියක් ලැබීමේ භාග්‍ය උදාවන්නේය.

 

කොත්මලේ

විජිත ඩී ලියනආරච්චි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.