බුධ කන්‍යාවට සිකුරු වෘශ්චිකයට බිනර මහේ සම්ප්‍රාප්ත වෙයි

සැප්තැම්බර් 24, 2021

ශුක්‍ර චන්ද්‍ර- චන්ද්‍ර, ගුරු සප්තම දෘෂ්ටිය -රවි චන්ද්‍ර , චන්ද්‍ර බුධ ෂඩ් කෝණ දෘෂ්ටිය -චන්ද්‍ර ශුක්‍ර චතුර් කෝණ දෘෂ්ටිය ආශ්‍රිතව ගුරු -ශනි , රවි බුධ කේදාර යෝග බල රාශි දොළසටම ද, මිථුන -කන්‍යා, ධනු -මීන, භද්‍ර යෝගය තුලා, මකර,මේස , කටක මාලවී යෝගය, මකර මේෂ, කටක තුලා, සස යෝගය

 

දක්ෂිණායන සරත් සෘතුවෙහි කන්‍යා රවි 16 භාග බිනර අව 11වන තිථිය කන්‍යා රාශිය කන්‍යා නවාංශකය, සිත දෙවන පාදය පෙර දැරිව ඔක්තෝබර් 02 ශනි දින අලුයම 03.01 ඥානකාරක බුධ කන්‍යා රාශියේදී මෙදින පෙ.ව 09.19 සිකුරු වෘශ්චිකයට ද සංක්‍රමණය සිද්ධ වන්නේය.

නැගෙනහිර ක්ෂිතිජයෙහි රාජ කාරක රවිට අයත් සිංහ උදා රාශියෙහි ග්‍රහ සටහනට සහ සිකරු වෘශ්චික රාශි ගත වීම සමතුලිතව විශ්ව තාරකා මන්දාකිණිය ආශ්‍රිතව විමර්ශන ග්‍රහ චලිතය මෙසේය. රවි සමඟ කුජ සතුරුව උච්ච මූල ත්‍රිකෝණ, ස්වක්ෂේත්‍ර ඥාන කාරක වක්‍ර බුධ දෙවැන්න වූ ධනස්ථාන ගතවද, ස්වක්ෂේත්‍ර මූල ත්‍රිකෝණ සිකුරු 3 වැන්න වූ වික්‍රමස්ථානගතව ද, උච්ච කේතු සිව්වැන්නේ ද, ප්ලූටෝ වක්‍ර, සතුරුව නීච වක්‍ර බ්‍රහස්පති -චන්ද්‍ර සෙනසුරු ස්වක්ෂේත්‍රව රෝග සතුරු ස්ථානය වූ සය වැන්නේ ද සම වූ නැප්චූන් වක්‍රව සත් වැන්නේ ද, යුරේනස් සමව වක්‍රව නව වැන්න වූ භාග්‍යස්ථාන ගතව ද උච්ච රාහු කර්මස්ථානය වූ දස වැන්නේද ස්වක්ෂේත්‍ර චන්ද්‍රයා දොළොස්වැන්න වූ වැය ස්ථාන ගතව ද තත්කාලීන ග්‍රහ සටහන වන්නේය.

රාජකීය තනතුරු, නම්බුනාම, උසස්වීම්, කීර්ති ප්‍රශංසා, හදිසි ස්ථාන මාරුවීම් සමඟ දොළොස් රැසට අසිරිමත් ග්‍රහචාරයක් නිර්මාණය වෙයි. වක්‍ර ග්‍රහ රැල්ලකගේ පසුබිම මත යුගකාලීන වත්මන් තත්ත්වය නිවෘතව නැඹුරු කෙරෙයි. මේ අනුව කෝටි ප්‍රකෝටි ධන කුවේර- වානිජ ව්‍යාපාරික කණ්ඩායම් 2021 වසර පුරාවට ආරෝහණය වී යාමේ ප්‍රගතිය සතුටුදායකයි. පාලම්, ඒ්දඩු, බෝක්කු, හා කොන්ක්‍රීට්, ගොඩනැගිලි, රට පුරා කඩිනමින් සමාරම්භ වීමේ ප්‍රවනතාවය ද ඇති වන සුළු වෙයි. බදු- සින්නක්කර-උකස් ක්ෂේත්‍රයන් වර්ධනය කෙරෙයි. ක්‍රීඩා භූමි, මන්තීරු, විවේකාගාර ඉදිකිරීමේ අයෝමය ක්‍රියාදාමයන් වර්ධනය වීමේ ප්‍රතිශතය උච්ච වෙයි. මෙම ග්‍රහගෝචර රටාවෙන් සැප සම්පත්, ධන සම්පත් ගලා එන විචිත්‍ර කාල පරාසයකි.

රංගන, වාදන, ගායන,ක්‍රීඩා කලා ක්ෂේත්‍රයන් නව ගමන් මගක් ගනු ලබයි. භූමි ලාභ, ධන ලාභ ඇතුළුව පාලනයෙහි ක්‍රමවේදයන් මතුවට ළඟා කෙරෙන වර්තමාන ජන්ම ලාභීන්ට සුර සැප උදා කරන ප්‍රකට ග්‍රහචාරයක් ප්‍රශස්ථ වන්නේය.

 

කොත්මලේ

විජිත ඩී ලියනආරච්චි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.