ජීවිතය ධනාත්මකව නඟා සිටුවන පරිවර්තන යෝග

ඔක්තෝබර් 15, 2021

නැහැ, බැහැ යන වචනවලින් තොරව එක එල්ලේ සුබවාදීව වචන භාවිතාව සිදු කරන්නට හැකි වන්නේ අප අතරින් කීයෙන් කී දෙනාට ද? සත්‍ය වශයෙන්ම එසේ කිරීමට ඔහුට හෝ ඇයට යම් ධනාත්මක නඟාසිටුවීමක් සිය ජීවිතය තුළින්ම අත්වී තිබිය යුතු ය.

 

ඡ්‍යොතිෂ විද්‍යාවේ ජන්මීන්ගේ මෙවන් ගොඩනැගීමකට හේතුවන අද්විතීය වැදගත්කමක් හිමිවන යෝග විශේෂයක් වශයෙන් පරිවර්තන යෝග හඳුන්වා දිය හැකි ය. ගණනින් 66ක් වන පරිවර්තන යෝග ග්‍රහයින් දෙදෙනෙකුª අන්‍යොන්‍ය වශයෙන් රාශි මාරු කර ගැනීමක නියැලීම තුළින් මතුවන බව ඡ්‍යොතිෂයානුකූලව පෙන්වාදිය හැකි ය. නමුත් සඳහන් කළ යුතු වන්නේ ඉහත සඳහන් කළ සියලු යෝගයන්ම එකසේ ක්‍රියාත්මක නොවන අතර, ඒවා ශුභ අශුභ සහ මධ්‍යම වශයෙන් ජන්මියාගේ උප්පත්ති කේන්ද්‍රයේ පිහිටන බවයි.

1. මහා පරිවර්තන යෝග

2. මධ්‍යම පරිවර්තන යෝග (බාල යෝග)

3. දෛත්‍ය පරිවර්තන යෝග.

වශයෙන් තෙවැදෑරුම් වන මෙම යෝග තත්ත්වයන්, ශුභ භාවයක් හිමි ග්‍රහ යුගලයක් අතරේ සිදුවන රාශි හුවමාරුව තුළින් පැන නැඟෙන පරිවර්තනයෝග, මහා පරිවර්තනයෝග වශයෙන් හඳුන්වාදිය හැකි ය. සංඛ්‍යාත්මකව 28 ගණනින් යුක්තවන මහා පරිවර්තනයෝග විශේෂත්වයක් දක්වන අතර, ඡ්‍යොතිෂයේ ද වැඩිපුර අවධානයට ලක් කරනු ලබන්නේ මේ මහා පරිවර්තන යෝගයන් පිළිබඳව ය. නම ආමන්ත්‍රණයේදීම ශුභපල ප්‍රධානයෙහි ප්‍රධාන වශයෙන් උත්සුක වන්නා වූ මේ මහා පරිවර්තන යෝග, ඡ්‍යොතිෂය විද්‍යාවේ දී යම් යම් කරුණුවලට යටත්ව රාජ යෝග සහ සමතන්හිලා සලකනු ලැබේ. ඇතැම් පැරණි පොත පතේ මහා යෝග වශයෙන් ද ව්‍යවහාර වන්නේ ද මේ මහා පරිවර්තන යෝගයන් පිළිබඳව ය.

අටවිසි මහා යෝගයන් මේ ආකාර වේ. ලග්නාධිපති සහ දෙවැන්න, සිව්වැන්න, පස්වැන්න, සත් වැන්න, නව වැන්න, දසවැන්න, එකොළොස්වැන්න යන භාවාධිපතීන් අතරේ පවතින පරිවර්තනයන් එක් ආකාරයක් බව සඳහන් කළ යුතු ය. එසේම සිව්වැන්නාධිපති පස්වැන්න, සත්වැන්න, නවවැන්න, දසවැන්න, එකොළොස්වැන්න යන භාවයන්ට අධිපතීන් අතරේ පරිවර්තනයන්ද, පස්වැන්නාධිපති සහ සත්වැන්න, නවවැන්න, දසවැන්න, එකොළොස්වැන්න යන භාවාධිපතීන් අතරේ පරිවර්තනයන් සේම, සත්වැන්නාධිපති සහ නවවැන්න, දසවැන්න, එකොළොස්වැන්න අධිපතීන් අතරේ පරිවර්තනයන්ද, නවවැන්නාධිපති සහ එකොළොස්වැන්න යන භාවාධිපතීන් අතරේ වන පරිවර්තනයන් පිළිබඳ ඡ්‍යොතිෂයෙන් මහා පරිවර්තන යෝගයන් පිළිබඳ හඳුන්වා දී ඇත.

මින් හතරවැන්න, හිමියාත්, එකොළොස්වැන්න හිමියාත් අතර සිදුවන රාශි පරිවර්තනය යාන, වාහන, ලාභ ගේ දොර ඉඩ කඩම් වැනි නිශ්චල දේපළ කෙරේ සුවිශේෂයෙන්ම හිතකරය. එසේම මේ අතරින් ලග්නාධිපති සහ එකොළොස්වැන්නාධිපති අතරත්, දෙවැන්නාධිපති සහ එකොළොස්වැන්නාධිපති අතරත් වන පරිවර්තනයන් අති ප්‍රබල ධන යෝගයන් වේ. පස්වැන්නත්, නවවැන්නත් අතරේ ද, පස්වැන්නත්, දහ වැන්නත් අතරේද, පස් වැන්නත්, එකොළොස්වැන්නත් අතරේ ද වන පරිවර්තනයන් බොහෝ විට රාජ යෝග සේ ක්‍රියාත්මක වේ. එසේම නවය සහ දහය අධිපතීන් පරිවර්තනය වී සිටී නම්, ධර්ම කර්මාධිපති යෝගය පිහිටයි. දසවැනි හා එකොළොස්වැනි භාව අතරේ පරිවර්තනය කර්ම සහ ලාභ ස්ථානයන් අතරේ වන්නක් හෙයින් වෘත්තිය බලය, උසස් පදවි තානාන්තර, මෙන්ම ඒ තුළින් ලබන සමාජ පිළිගැනුම් සහ ආදායම් මිල මුදල් ලාභ යනාදී අංශ කෙරේ බෙහෙවින් ශුභදායක අයුරින් බලපායි.

මෙකී මහා පරිවර්තන යෝග රාජ යෝග ගණයෙහිලා සලකා ඇතත් ඒවායේ ප්‍රතිඵලයන් උසස් බව මිනිය හැක්කේ ඒ ඒ ජන්ම පත්‍රයෙහි එම යෝග යෙදී ඇති ආකාරය තුළින් මතුවන ඡ්‍යොතිෂමය සාධක ගණනාවක් පිළිබඳ සුපරීක්ෂාකාරීව සහ ඉතා අවබෝධයෙන් බැලීමෙන් අනතුරුවය. මන්ද අදාල පරිවර්තන ග්‍රහයින්ගේ නෛසර්ගික ස්වභාවයන් ඔවුන් තැම්පත් නැකැත්, දෙදෙනාගේ අන්‍යොන්‍ය ශත්‍රැ මිත්‍රතා මෙන්ම ඔවුන්ට ලැබෙන දෘෂ්ඨි සංයෝග ආදිය මෙන්ම ෂඩ් වර්ගයේදී ඔවුන්ට අත්වන බලය ආදී කාරණා විශේෂයෙන් මෙම යෝග පෝෂණය කරන්නට හෝ ප්‍රහීන කරන්නට බලපාන බව සිහි තබා ගත යුතු ය.

 

ඡ්‍යොතිෂවේදී, හස්ත රේඛා ශාස්ත්‍රඥ

කේ.පී. ක්‍රිෂාන්ත ප්‍රියදර්ශන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.