වාහන වාසනාවක් ඔබටත් තිබේද?

ඔක්තෝබර් 29, 2021

ඔබේ වාහන සිහිනය කවදා සැබෑවේද යන්න සිත්හි ඇත. ඔබගේ කේන්ද්‍රය අනුව ඔබට වාහන හිමිවේද නැද්ද යන්න දැන ගැනීමට ඡ්‍යොතිෂයෙන් හැකියාව ඇත. වාහන සම්බන්ධව කේන්ද්‍රයෙහි සිව්වැන්න නමවැන්න තැන්පත් ග්‍රහයෝ ගැන සහ එහි අධිපති ග්‍රහයින්ගේ පිහිටීම අනුව සොයා බැලිය යුතු යි.

 

මේෂ ලග්නය

මේෂ ලග්නයෙන් උපන් ඔබට සිව්වැන්නාධිපති සඳු ග්‍රහයා වන අතර නමවැන්නාධිපති බ්‍රහස්පති (ගුරු) වේ. සඳු සහ ගුරු ග්‍රහයින් මේෂ ලග්න හිමියන්ට වාහන වාසනා උදාකරයි. මේෂ ලග්නයෙන් ඉපිද, ගුරු හෝ සඳු හෝ ගුරු සඳු එකට යෝගව කටකය වන සිව්වැන්න ගතවීම වාහන හිමිකරවයි. ගුරු සඳු යෝගය කටකය වන සිව්වැන්න නම උපන් දා සිට වාහන නිවසේ ඇත. මොහුත් වාහන කීපයකට හිමිකම් කියයි.

මේෂ ලග්නයෙන් ඉපිද නවවැන්න වන ධනුවේ ගුරු ස්වක්ෂේත්‍රව මුල ත්‍රිකෝණව යෙදීම වාහන හිමි කරවන ග්‍රහ බලයක් වේ. නවීන මෝටර් රථ හිමියෙක් වන අතර විදේශයෙන් වාහන ගෙන්වා අලෙවි කරන කෝටිපතියෙක් බිහි කරයි.

ගුරු සඳු නමවැන්න ගතවීම වාහන ලබන්නෙක් වේ. දක්ෂ රියදුරකු වේ. මේෂ ලග්නයෙන් ඉපිද සඳු නවය වාහන වාසනා ගෙන දෙයි. මේෂ ලග්නයෙන් ඉපිද හතර වැන්නාධිපති පුර සඳු බලවත්ව 1, 2, 3, 4, 5, 7, 10, 11 යෙදීම හොඳ වාහන කීපයක හිමියෙක් වේ. මේෂයෙන් උපන් අයට සිව්වැන්නාධිපති සඳු ග්‍රහයා මේෂ රාශිගතව ගුරුගේ දෘෂ්ටියට ලක්වීම වාහන කීපයක් හිමි කරුවෙකි. මෙය බස්රථ කීපයක් හිමි කෙනකුට පිහිටන ග්‍රහ බලයක් වේ.

මේෂ ලග්න ජනිත සඳු වෘෂභ රැස උච්ච වී ගුරුගේ දෘෂ්ටියට ලක්වූ කාන්තාව වාහන හිමිකාරියක් වේ. දක්ෂ රිය පදවන්නියකි. රියදුරු පාසලක් පවත්වාගෙන යාමට වාසනාව ඇත. කාන්තා රියදුරු උපදේශකවරියක් වීමට භාග්‍යය ඇය සතුව පවතී. හතර අධිපති බලවත් වීම වාහන යෝගයක් වේ. පාප දෘෂ්ටියට හතර අධිපති ලක්වීම වාහන විනාශ කරවයි. වාහන නිසා දේපල පවා අහිමි වීමට ඉඩ ඇත.

වාහන කාරක සිකුරු ග්‍රහයා ඔබේ කේන්දරේ නමවැන්න යෙදීම වාහන හිමිකරුවකු බිහිවේ. මේෂ ලග්නයෙන් උපත ලබා වාහන කාරකයා (කිවි) හතරවැන්න ගතවීම වාහන ඇතත් නිතර අබලන් වේ. වාහනය හදිසි අනතුරුවලට ලක්වීමට ඉඩ ඇත.

හතර වැන්න අධිපති ග්‍රහයා උපතේ දී ඔබ උපන් නැකැතින් විපත් නැකැතේ ඔබ උපදින විට ගමන් කරන ඇත් නම් වාහනය හදිසි අනතුරට ලක් වී බරපතල හානිවේ. වෘෂභ ලග්නයෙන් ජනිතව සිව්වැන්නාධිපති රවි තුලාව වන සයවැන්න ගතව නීච වීම වාහනවලට අහිතකරව බලපායි. කටක ලග්නය වී රවි සිව්වැන්න ගතවීම වාහන ලැබුණත් ඒවා ටික කලකින් විනාශයට පත්වේ. මුදල් ණයවීම්වලට හේතුයි. සිංහ ලග්නයෙන් ඉපදී සඳු සිව්වැන්න ගතවීම වාහන හිමි වුවත් පලදීම ටික කලකි. අනතුරුවලින් වාහනය විනාශ වේ.

කන්‍යා ලග්නයෙන් ඉපදී ගුරු ග්‍රහයා මූල ත්‍රිකෝණව ස්වක්ෂේත්‍ර බලයෙන් සිව්වැන්න වන ධනු රාශිගතවීම වාහන කිපයකට හිමිකම් කියයි.

තුලා ලග්නයෙන් ජනිතව ශනි හතරවැන්න ගතවීම පරණ කාර් අලුත්වැඩියා කර පාවිච්චි කරයි. වෘශ්චික ලග්නයෙන් ඉපිද ශනි ග්‍රහයා සිව්වැන්න වීම වාහන යෝගයකි. වාහනය නිතර අලුත්වැඩියා කරයි. වියදම අධිකයි. ධනු ලග්නයෙන් උපත ලබා ගුරු ග්‍රහයා සිව්වැන්න ගතවීම පැරණි මෝටර් රථ විනෝදයට එකතු කර නඩත්තු කරන අයෙකි. මකර ලග්නයෙන් ජනිතව කුජ හතර වැන්න ගතව මූල ත්‍රිකෝණ වීම වාහන ලැබීමට වාසනාව උරුම කරගනී. කුම්භ ලග්නයෙන් ජනිත ස්ත්‍රී පුරුෂ දෙපාර්ශයටම සිකුරු (වාහන කාරකයා) සිව්වැන්න ගතවීම වාහන ලාභ ගෙන දෙයි. මීන ලග්නයේ උපන් අයට බුධ සිව්වැන්න ගතවීම වාහන ලැබීමේ වාසනාව උදාවේ. මෙම ඉහත සඳහන් ග්‍රහ යෝග ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම බලපානු ඇත. ඇතැම් පිරිමින්ට ස්ත්‍රීන්ගේ වාසනාවට රථවාහන ලාභ හිමි වේ.

 

ඡ්‍යොතිර්වේදී ගොඩගම

ජයසේන ජයසිංහ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.