වර්ෂ 2022 ක්වූ August 05 වැනිදා Friday
අසිරිමත් ග්‍රහ මාරු සමඟ සෙන්පති කුජ මීනයට යයි
මැයි 13, 2022

අභිරහස් පොකුරක් එළිබස්සන සෙන්පති කුජ මීනෙහි රජවේ ද? මැයි 17 අඟහරු මාරුව
ගජකේෂරී යෝගය, සත්ජකලත්‍ර යෝගය රවි චන්ද්‍ර පාප කර්තරී යෝගය,කේදර යෝගයත් පඤ්චමහා පුරිස යෝග අතරින් හංස, මාලවි, ශශ ප්‍රබල යෝග බලැතිව චන්ද්‍රගුරු, චන්ද්‍ර කුජ, චන්ද්‍රශුක්‍ර,ත්‍රිකෝණ දෘෂ්ටියෙන් ශනි රවි, ශනිබුධ. චතුර්කෝණ දෘෂ්ටියෙන් රාශි දොළොසටම යෝග ගොන්නක් උදා වෙමින් මෙය ඇරැඹේ.
උත්තරායනය ගී‍්‍රෂ්ම ඍතුවෙහි වෘෂභ, රවි 03 භාග, වෙසක් මහේ අව දියවක තිථිය, මීන රාශිය, කටක නවාංශකය, පුවපුුටුප 04 පාදය මූලාශ්‍රව මැයි 17 කුජ දින පෙරවරු 09.33ට බ්‍රහස්පති හිමි මීන රාශියට භූමිපුත්‍ර අඟහරු සංක්‍රමණය සිද්ධ වෙන්නේය.
නැඟෙනහිර ක්ෂිතිජයෙහි බුධ හිමි මිථුන රාශිය උදාවෙහි කේතු සතුරුව පස්වැන්නේ ද රෝග සතුරු 06 වැන්නේ චන්ද්‍රයා නීචව ද වක්‍ර ප්ලූටෝ සතුරුව 08 වැන්නවූ මෘත්‍ය ස්ථානගතවද සෙනසුරු ස්වක්ෂේත්‍රව මූල ත්‍රිකෝණව 09 වැන්නවූ භාග්‍ය ස්ථානගතවද බ්‍රහස්පති ස්වක්ෂේත්‍රව ද සතුරු උච්චවද නැප්චූන් ස්වක්ෂේත්‍රව මූලත්‍රිකෝණව කුජ මිත්‍රශීලිව 10 වැන්නවූ කර්මස්ථාන ගතව ද රාහු සතුරුව යුරේනස් සමව අය ස්ථානය වූ 11 වැන්නේ ද රවි සතුරුව වක්‍ර බුධ මිත්‍රශීලිව 12 වැන්නවූ ඵලය ස්ථානගතවද යෙදී දේශපාලනික භූමිකාව ප්‍රාණවත්ව සක්‍රීය වේ. මැයි 17 අඟහරු මාරුව වක්‍ර බුධ නීචව 22 වෙනි මාරක දෙර්කාණාධිපති වෙමින් රවි මාන්නාදි ග්‍රහයා ද ගුරු බාධකව ද යෙදී ම ආකූල ව්‍යාකූලව ස්වදේශීය සමඟි සාමශ්‍රීය සඳහා සටන් මෙහෙයවනු පෙනීයයි.
මේෂ රාශිය
පදිංචි නිවාසය, ඉඩකඩම්, රැකියා ආදායම් මාර්ග කෙරෙහි නව ගමන් මාවතකට ප්‍රවේශවන මීනෙහි කුජ සම්ප්‍රාප්තිය මේෂ රාශි හිමියාට විජයග්‍රාහී ග්‍රහ සංක්‍රමණයකි. දරු දැරියන් පිළිබඳ සතුටුදායක පසුබිමක් නිර්මාණය වන අතර සිතැඟියාවන් ප්‍රාණවත්ව සක්‍රිය වන බවක් නිර්මාණය වෙනු ඇත.
වෘෂභ රාශිය
පදිංචි භූමිය නිවාසය මූලික කොටගත් මතභේද විද්‍යමාන විය හැක. අවහිර බාධක අතරින් දැඩි උත්සාහය, උනන්දුව අනුව රැකියා ආදායම් මාර්ග කටයුතු සමඟ පටන් ගන්නා වැඩ කටයුතු සාර්ථක වෙන බවක් පෙන්නුම් කෙරෙයි. සෙම් කෝප දෝෂ මතු කෙරෙයි. අසල්වැසි ක්‍රෝධ වෛරකාරි උදවිය සමඟ ගැටුම් අරගල තබා ගැනීම අශුභයි.
මිථුන රාශිය
උදරය, යටිබඩ , කොන්ද, තුනටිය, දණඉස් පාද ආශි‍්‍රතව රුදා වේදනා, දැවිලි,පිච්චීම්, ඉදිමුම් අවහිර ඇති වීමට හේතු සාධක පෙන්නුම් කෙරේ. ශාරීරික අප්‍රාණික බව, නිදිමත, ක්ලාන්තය, රැකියා ආදායම් මාර්ග කෙරෙහි බාධක, අවහිර දුෂ්කරතා මතු කෙරෙයි. භූත පේ‍්‍රත, ආත්ම දෝෂයන් පෙනෙයි. ආරම්භකිරීමට සැලසුම් කර ඇති කටයුතු බොහෝ දුරට සාර්ථක කෙරෙයි.
කටක රාශිය
සමාජශීලි සුබසාධන ක්‍රියාවන් කෙරෙහි අනුග්‍රහය දක්වයි. ආගමික සේවාවන් කෙරෙහි සිත නිතර මෙහෙයවයි. පවුලේ කටයුතු සාර්ථක කර ගනු ලබයි. සතුරන් අභිභවා අභියෝග ජයගනු ලබයි. පදිංචි භූමිය , නිවාසය, ආශි‍්‍රතව අලුත්වැඩියා කෙරෙයි. රැකියා ආදායම් මාර්ග සාර්ථක කරගනු ලබයි.
සිංහ රාශිය
සතුරන් මර්දනය කරමින් ඉදිරියටම ගමන් කරයි. භූත පේ‍්‍රත ආත්ම දෝෂයි. අභිරහස් කුමන්ත්‍රණ කලඑළි වෙයි. බුද්ධිමත්ව දූරදර්ශීව නව ජීවින ගමන් මඟකට පිවිසෙනු ඇත. හිතමිතුරන් ඇසුර සතුටුදායකයි. ආදායම් මාර්ග විවිධත්වයකින් සාර්ථක බවක් පෙන්නුම් කරෙනු ඇත.
කන්‍යා රාශිය
මංගල කටයුතු, රැකියා ආදායම් මාර්ග, සතුටුදායක බවක් ගනු ලබයි. පදිංචි ස්ථානයෙහි සමාරම්භක කටයුතු ප්‍රාණවත් බවක් ගනු ලබයි. ධර්ම ශාස්ත්‍රිය දියුණුවක් ගෙන දෙයි. දූදරු දැරියන්ගේ අනාගත වගකීම් ඉතා සාර්ථකව කෙරෙයි. සමාජශීලි කටයුතු සාර්ථක ලෙස නිම කෙරෙයි. අධ්‍යාපන කටයුතු විජයග්‍රහණය කරයි.
තුලා රාශිය
කලක සිට පැවැති අභිමාතාර්ථයන් සඵල වෙන ග්‍රහ මාරුවකි. සොර සතුරන් අභිභවා අභියෝග මැඬලනු ඇත. අලංකාරය වටපිටාවක් නිර්මාණය කරනු ලබයි. දෙස් විදෙස් ගමන් බිමන් යෙදෙයි. රැකියා ආදායම් මාර්ග, කොන්ත්‍රාත් සාර්ථක කෙරෙනු ඇත. සබඳතා, මංගල කටයුතු, ඉදිකිරීම්, සමාජශීලි, සේවා සතුටුදායක කර ගනු ලබයි.
වෘශ්චික රාශිය
අප්‍රතිහත ධෛර්යයෙන් නොපසුබට උත්සාහයෙන් ආරම්භක කටයුතු ඔස්සේ නව දැක්මකින් කියා කරනු ලබයි. පදිංචි භුමිය ඉඩම ආශි‍්‍රත සේවා කාර්යභාරයන් කෙරෙහි වේගවත් බවකින් යුතු ක්‍රියාවන් සිදුකරනු ලබයි. දියුණුව භාග්‍යය පිළිබඳ සිතැඟියාවන් මල්ඵල ගන්වනු ලබයි. අධ්‍යාපනය, දූ දරුවෝ පිළිබඳ විශේෂ අවධානය යොමු කෙරෙනු ඇත.
ධනු රාශිය
පේ‍්‍රම සබඳතා, විවාහය, පිළිබඳ තීරණ, තීන්දු, බාධා, අවහිර බවක් උසුලනු ඇත. මුහුණ උරහිස් පපුව, උදරය, යටිබඩ, කොන්ද, තුනටිය, ආශි‍්‍රත රුදා දැවිලි ,පිච්චිලි, ඉදිමුම් දෙගුණ කරෙයි. සෙම්පිත් දෝෂයි. නිදිමත ක්ලාන්ත ගති මතු කරයි. උත්සාහය උනන්දුව සාර්ථක වෙයි. ජීවිතය පිළිබඳ යථාර්ථවාදිව සිතීමට මං විවර කෙරෙයි. විශ්ව කිරණ අවබෝධ කරගනු ලබයි. දියුණුවට බාධක කෙරෙන ආත්ම දෝෂ සහිතයි.
මකර රාශිය
නිර්මාණශීලි ක්‍රියාකාරකම් සමඟ සිතැඟියාවන් අතිශය සාර්ථක කෙරෙයි. අභියෝග ඉදිරියෙහි නොසැලී ක්‍රියාකරයි. රැකියා ආදායම් මාර්ග,විවාහ සබඳතා කටයුතු සාර්ථක කරගැනීමෙහි දැඩි ප්‍රවණතාවයකින් ක්‍රියාත්මක වෙනු ඇත. ආත්ම දෝෂයක මෙන්ම සෙනසුරු ගෝචර ලෙස ඒරාෂ්ටක බලපෑමක් ද යෙදෙයි. වර්තමානයෙහිදී බුද්ධිමත්ව දූරදර්ශීව සමාජගත ක්‍රියාකාරකම්හි යෙදීම බුද්ධි ගෝචර වෙයි.
කුම්භ රාශිය
බොහෝදුරට තිරසර කාර්යභාරයන් සාර්ථක කර ගැනීමෙහි දැඩි උත්සාහයක යෙදෙනු ඇත. පදිංචි ස්ථානය/භූමිය කෙරෙහි යම් යම් බාධක අවහිර දුෂ්කරතා මතු කෙරනු පෙනෙයි. රෝගා බාධක මෙන්ම සොර සතුරු බලවේග මතු කෙරෙන විෂම කාලපරාසයකි. ආරම්භක කටයුතු අවසානයට දක්වා කරගෙන යනු ලබයි.
මීන රාශිය
ආත්මය පුරාවට බාධක අවහිර මැඬගෙන ආ පරිදිම අනාගත අරමුණු මල්පල ගැන්වීමෙහි ලා කුජ මීනයෙහි සංක්‍රමණය අතිශය වැදගත් වෙයි. සබඳතා, විවාහය සාර්ථක කරෙයි. පදිංචි භූමිය නිවාසය මූලික කොටගත් සතුරෝ පරජය වෙති. අභියෝගාත්මක සියල්ල මැඬගෙන අනාගත සැලසුම් සාර්ථකව ක්‍රියාත්මක කිරීමෙහි ජවයක් ලැබෙයි.
෴ සබැඳි ලිපි ෴
මිනිසා අනේක විධ කායික රෝග නිසා මෙන්ම මානසික රෝගයනට භාජනය වන්නෙකි. මේ රෝග නිවාරණය කර ගැනීම සඳහා ආයුර්වේදය හෝ බටහිර වෛද්‍ය ක්‍රමය සහ තවත් ක්‍රම උපයෝගි...
2022-08-04 18:30:00
කන්‍යාවියකගේ පළමු සන්ධිස්ථානය මල්වරයයි. දෙවන ස්ථානය විවාහයයි. තුන්වැනි සන්ධිස්ථානය ප්‍රථම දරු ප්රසූතියයි. දෙවැනි සන්ධිස්ථානය සමත් වූ විගසම තුන්වැනි...
2022-08-04 18:30:00
නිකිණි මාසය පුරා අසිරිමත් ග්‍රහ මාරු රැසක්දේශපාලනික ආර්ථික අවහිරතා මගහැරී යන පසුබිමක්නව කර්මාන්ත මහා පරිමාණ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙයිවසංගත රෝග හා...
2022-08-04 18:30:00
දෛවඥ මහත්මයකු ඇතැම් කෙනෙකුගේ හඳහනක් පරික්ෂාකර බලා “මෙම හඳහන හිමි අයට මේ ගත වන දශා කාලය තද අපලයි. කොයි එකටත් පරිස්සමෙන් කටයුතු කළොත් හොඳයි, යනුවෙන්...
2022-07-21 18:30:00
රාශි චක්‍රයේ ලග්න දොළොසක් වන අතර මෙලොව ඉපදුන හැම අයෙකුටම ලග්නයක් හිමිවෙයි. ලෝකයේ කොතනක කුමන වේලාවක උපත ලැබුවත් එම මොහොතේ නැඟෙනහිර අහසේ උදාවන ග්‍රහ...
2022-07-14 18:30:00
ඡ්‍යොතිෂ්‍යය තුළ ඇති කේන්දරයක් තුළ දක්නට ලැබෙන යෝග ගණනාවකි. මේවා අතර සුබ යෝග මෙන්ම අසුබ යෝගද වේ. පුද්ගලයකුගේ ජීවිතය කෙරෙහි ඉමහත් බලපෑම් ඇති කරන මෙම...
2022-07-07 18:30:00
ලග්නය හා කාන්තාවරාශි චක්‍රයේ දෙවැන්න වූ ‘වෘෂභ’ තිර රාශියක් වන අතර, වෘෂභ ලග්නයේ ලග්නාධිපති වන්නේ සිකුරු ග්‍රහයා ය. මාරකස්ථානය හා ත්‍රිකෝණස්ථානය...
2022-06-30 18:30:00
ග්‍රහ මඬුල්ලේ සෑම ග්‍රහයකුම උච්ච ස්වක්ෂේත්ර, මිත්‍ර, සම, සතුරු, නීච යන තත්ත්වයන්ට ලක්වේ. මෙයින් උච්චවීම යනු ඉතාම ශුභ තත්ත්වයකි. නීච වීම යනු යහපත්...
2022-06-23 18:30:00
වෘෂභපුරුෂයාගේ ලක්ෂණ ගැන සලකා බලද්දී මොහුගේ හිස උස්ය. දෑස් දිගටි වන අතර කොන රත්පැහැ ගැන්වී ඇත. දෑත් ශක්තිමත් වේ. පපුව පළල්ය. ජනනේන්ද්‍රිය අඟල් හතක්...
2022-06-16 18:30:00
හෙළයේ එදා විසූ ජනතාව සිය දෛනික වැඩ කටයුතුවලදී නැකත් උපයෝගි කරගත්හ. නැකත් 27ක් තිබේ. ඒ ඒ නැකත්වලින් ලැබෙන ප්‍රතිඵල විවිධාකාරයි. මෙම...
2022-06-02 18:30:00
දැරියක් යුවතියක් වන්නේ මල්වරයෙනි. ඡ්‍යොතිෂය තුළ මල්වරය කාන්තාවකගේ දෙවැනි උපත ලෙස ද සැළකෙයි. ඔබ මල්වර වූ දවස ඔබේ මතකයේ පවතී නම් මෙබඳු ගති ලක්ෂණ...
2022-05-26 18:30:00
විවාහක යුවළකගේ ඉතා සමීප ඇසුර හා කුළුපඟ බැඳීම තුළ විවාහ සතුට ඇති කරයි. එහි පැවැත්ම පෝෂණය කරයි. ආරක්ෂා කරයි. දෙදෙනාගේ සදාචාරාත්මක සම්බන්ධය මත...
2022-05-26 18:30:00
අභිරහස් පොකුරක් එළිබස්සන සෙන්පති කුජ මීනෙහි රජවේ ද? මැයි 17 අඟහරු මාරුව ගජකේෂරී යෝගය, සත්ජකලත්‍ර යෝගය රවි චන්ද්‍ර පාප කර්තරී යෝගය,කේදර...
2022-05-12 18:30:00
රවී, බ්‍රහස්පති, සෙනසුරු, සිකුරු ආදී ප්‍රබල ග්‍රහයින් බලවත්ව ගමන් කරන මේ මැයි මාසයේ කෘෂිකාර්මික, විවාහ, නිවස කටයුතු, අකුරු කරවීම්, ව්‍යාපාර ආදී...
2022-05-05 18:30:00
පුද්ගලයකුගේ ජීවිතයේ ඉතා වැදගත් සංධිස්ථානයක් ලෙස විවාහය සැළකේ. උපත හා මරණය යන දෙකම අපගේ කැමැත්ත මත තීරණය නොවේ. අපට කැමති පරිදි සිදුකර ගත හැකි එකම කරුණ...
2022-05-05 18:30:00
අතීතයේ සිටම පුද්ගලයන් වෙන්කර හඳුනාගැනීම සඳහා විවිධ නම් භාවිත කෙරිණි. කෘෂිකාර්මික කටයුතු මූලික කරගත් ජීවන රටාව තුළ මිනිසාට පමණක් නොව සතුන්ට ද විවිධ වූ...
2022-04-28 18:30:00