ජීවන ගමනට අත්වැලක් වූ යෝනි පොරොන්දම

ජුනි 17, 2022

වෘෂභ

පුරුෂයාගේ ලක්ෂණ ගැන සලකා බලද්දී මොහුගේ හිස උස්ය. දෑස් දිගටි වන අතර කොන රත්පැහැ ගැන්වී ඇත. දෑත් ශක්තිමත් වේ. පපුව පළල්ය. ජනනේන්ද්‍රිය අඟල් හතක් පමණ වේ. රළු හා ශක්තිමත් ශරීරයකි. එමෙන්ම අවංකය.

 

විවාහයකදී බලපාන යෝනි පොරොන්දමට අනුව ස්ත්‍රිය ඇත් යෝනි වුවහොත් පුරුෂයා ‘මුවයෝනි’ නම් එම දෙදෙනා විවාහ ජීවිතය ගත කරන්නට සුදුසු දෙදෙනකු විය හැකය. එනම්, ගැළපීමක් නොවනු ඇත. දෙදෙනාම එකම වර්ගයේ යෝනි වුවහොත් එය සාධාරණ වනු ඇත. ඒ අනුව ස්ත්‍රී පුරුෂ විවාහයට සීහෙන ජෝඩු ගතහොත් එය මෙසේ දැක්විය හැකිය.

ශශක ගණයේ පුරුෂයා

ශශක පන්තියේ පුරුෂයාගේ හිසකේ මෘදුය. ඇස් විශාලය. සමව කොට වූ හා සිහින් වූ දත්ය. දෙඅත්, දෙදණ දෙපා යටි උදරය ගෙල සහ කලවා යන තැන්හි කාල වර්ණයෙන් යුක්තය. ශුක්‍ර මිහිරි සුවඳවත්ය. මෘදුය. ඔහු අවංක වන අතර ශීලාචාරය. වාසනාවන්තය.

ශශක පුරුෂයාට ගැළපෙන්නේ පද්මිණී නම් යෝනියේ ස්ත්‍රියකි. ස්ත්‍රියගේ අංග ලක්ෂණ බලන කල්හි දෑස් කොන්හි රක්ත වර්ණ පාටක් දිස්වෙනු ඇත. මුවන්ගේ බඳු ඇස් ඇත. නාශිකාව මෘදුය. මුහුණ චන්ද්‍රයාට සමානය. ගී‍්‍රවය හෙවත් බෙල්ල මනාව වැඩී ඇත. පයෝධර මනාව වැඩී ඇත. සිත්කලුය. භගමණිය පියුම් කෙමියක් බඳුවෙයි. කාම ජලය පදාර්ථය පුබුදු පද්මයක සුවඳ හමනු ඇත. ස්වරය හංසයකු වැනිය. චර්මය පැහැපත්ය. ගමන හංසයකු හා සමානය. සුරූපී දේහයකි. සුදු වතින් සැරසීමට කැමැතිය. චුම්බනය ආලිංගනය ආදියට කැමැතිය. ස්වල්ප වූ ආහාර ගනු ලබයි. මඳ නිද්‍රාවය. සහජයෙන් අවංකය. ලජ්ජාශීලි වේ.

මෘග ගණයේ පුරුෂයා

මෘග පන්තියේ පුරුෂයාට ගැළපෙන ස්ත්‍රිය වනුයේ චිත්‍රණී පන්තියේ ස්ත්‍රියකි.

මෘග පුරුෂයාගේ දේහ ලක්ෂණ ගතහොත් ඔහුගේ ශරීරය ශක්තිමත්ය. ඔහු ගමන් කරන්නේ නටන පනින තාලයෙනි. ඔහුගේ සිනාව සිත් ගන්නා සුලුය. ගී සින්දු කීමට මොහුට හැකියාවක් ඇත. ආහාර ගැනීමේදි සෑහෙන පරිදි ගනු ලබයි. ආගන්තුක සත්කාරය මොහු බොහෝ කැමැතිය. ඔහු බලවත් අධිෂ්ඨානයට කැමැතිය. ජනනේන්ද්‍රිය අඟල් සයක් පමණ වේ.

මෘග වර්ගයේ අය චිත්‍රණී වර්ගයේ ස්ත්‍රියට ගැළපෙන්නකි. මැයගේ ශරීරය උස් නොවූ මිටි නොවූ මධ්‍යස්ථ ශරීරයකි. බිඟුවන් වැනි හිසකේ පවතී. දෙඇස් චංචලය. ගෙල හක්ගෙඩියක් බඳුව පවතී. දෙපියයුරු මහත්ය. ඉඟ සිහින්ය. උකුළ මහත්ය. මෘදු රෝමයෙන් යුක්තය. යෝනි දෙපස උස්ව වටව පිහිටා ඇත. කාම ජලය මධු සුවඳ හමනු ඇත. ශරීරය පහසුවෙන් නැමෙන සුලුය. ගමන ඇතින්නියකගේ බඳුය. කටහඬ මයුරකුගේ වැනිය. ස්වභාවයෙන් ආදරවන්තය. සංගීතයට රුචිය. වස්ත්‍රාභරණයන්ට සහ මිත්‍රයන්ට ආශා ඇත්තේය. බාහිර විනෝදයන්ට කැමැතිය. රමණයට ඇත්තේ අල්පාශාවකි. ආලිංගණයට කැමැත්තේය.

වෘෂභ ගණයේ පුරුෂයා

වෘෂභ පුරුෂයාගේ ලක්ෂණ ගැන සලකා බලද්දී මොහුගේ හිස උස්ය. දෑස් දිගටි වන අතර කොන රත්පැහැ ගැන්වී ඇත. දෑත් ශක්තිමත් වේ. පපුව පළල්ය. ජනනේන්ද්‍රිය අඟල් හතක් පමණ වේ. රළු හා ශක්තිමත් ශරීරයකි. එමෙන්ම අවංකය.

මොහුට ගැළපෙන ස්ත්‍රිය නම් ශංඛිනී නම් තැනැත්තිය වේ. ඇයගේ ශරීරය උස් වේ. එමෙන්ම හීංදෑරී හෝ තරබාරුය. ඉතා උණුසුම් හා අඳුරු කසාවන් සහ ශිරා (නහරවල්) සමට යටින් දැකිය හැකිය. පියොවුරු කුඩාය. ඉඟ මහත්ය. පාද සමසේ දිගයැ. රෝමයෙන් ඝනව ගැවසුණු මධ්‍ය දේශයයි. යෝනිය පහත්ය. කාම ජලය ක්ෂාරවත්ය. එම ගන්ධයෙන් යුක්තය. ඇස් කොනින් බලයි. කට හඬ ගොරෝසුය. ගමන ඉක්මන්ය. ආහාර ගැනීම මඳ පමණින්ය. රක්ත වර්ණ පුෂ්පයන්ට හා වස්ත්‍රයන්ට කැමැතිය. රමණයේදී අධික කාමාතුරභාවයෙන් සහකාරයාගේ ශරීරය නියෙන් සූරයි. පිත්තාධික ය. සහජයෙන් දැඩි සිත් ඇත්තීය. ක්‍රෝධයෙන් සහ දුර්ගුණයෙන් යුක්ත වේ.

අශ්ව ගණයේ පුරුෂයා

අශ්ව වර්ගයේ පුරුෂයාගේ හිසකේ දීර්ඝය. එමෙන්ම කර්කශය. චංචල වූ පළල් ඇස්යැ. මුහුණ දෙකන, දත් හා ගෙල සිහින් වූයේ දිගුය. පපුව මාංස සහිතය. අත් සහ ඇඟිලි දිගුය. දෙදන දෙපා හා නිය වක්‍රය. කටහඬ ගැඹුරුය. ගමන් කරන විට පාද පොළවෙහි ගැටෙයි. මහත් වූ ශක්තිමත් වූ ස්ත්‍රින්ට ආශා දක්වයි. සංසර්ගයේදී නිය සහ දත් පහර දීමෙන් පී‍්‍රති වෙයි. දාමරික වෙයි. සැහැසි වෙයි. නින්දට ගිජු වේ. අලස වේ. ස්වභාවයෙන් කෑදරය. කාමුකය. ජනනේන්ද්‍රිය අඟල් නවයක් දිගුවේ. ශුක්‍ර බොහෝය. ක්ෂාර ගන්ධයෙන් යුක්ත වේ. මොහුට ගැළපෙන්නේ හස්තිනී වර්ගයේ කාන්තාවක් වේ. ඇයගේ ශරීරය ස්ථූල වේ. මිටිය. හිසකෙස් කළු සහ දුඹුරු වර්ණයෙන් යුක්තය. දෙතොල ඝනය. ගෙල වක්‍රයැ. ශරීරය ශේවත වර්ණය. පාද සහ මහපටැඟිලි ඇදය. ගමන සෙමින්ය. කටහඬ මඳක් නැවතිල්ලේ උගුර තුළින් පිටකරයි. බොහෝ සේ ආහාර බුදියි. රමණයෙන් සෑහීමකට පත් නොවෙයි. කාම ජලය ඇතුන්ගේ ජලයට සමානය. ගන්ධයෙන් යුක්තය. ලජ්ජාවෙන් තොරය. කෲරතරය.

 

පාරම්පරික ආයුර්වේද අක්ෂි වෛද්‍ය

නාලිනී ගොඩලියද්ද

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.