සරස්වතී යෝගය සමඟ දරුවන්ට අකුරු කියවීමට සුබම සුබ දින කීපයක්

අගෝස්තු 26, 2022

අගෝස්තු 21 දා බුද්ධියට අධිපති බුධ ග්‍රහයා උච්ච විය. මිථුන, කන්‍යා, ධනු, මීන ලග්නවලට භද්‍ර යෝගය ද රවි- කන්‍යාවට පැමිණීමෙන් බුධ ආධිත්‍ය යෝගය ද යෙදෙයි. බුධ කන්‍යාවේ උච්චව සිටියදී බදාදා දිනෙක බුධ මහ හෝරාවෙන් බුධගේම පංචම හෝරාවෙන් බුධගේම අති සූක්ෂම හෝරාවෙන් ප්‍රබල සරස්වතී යෝග උදා වනු ඇත.

මෙම බුධට රවි ද එකතු වීමෙන් බුධ ආධිත්‍ය යෝගයද ප්‍රභලව යෙදෙනු ඇත. එබැවින් අගෝස්තු 21 සිට ඔක්තෝබර් 26 දක්වා පෙරවරුවේ කන්‍යා ලග්නය පවතින කාලය තුළ අති සුවිශේෂී බලයක් ගැබ්වී ඇත. එම මොහොතේ පිළසිදෙන, ජනිතවන, අකුරු කියවන දරුවන් අනාගතයේ බුද්ධියෙන් ලොව බබළවන අතිවිශිෂ්ට දරුවන් වන්නේය. අගෝස්තු 31 සැප්තැම්බර් 7, 14, 21, 28 ඔක්තෝබර් 5, 12, 19, 26 යන දිනයන් ප්‍රබල නැකැත් දිනයන් වනු ඇත.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී

සනත් ධර්මරාජ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.