සතුන් හැඬීමේ සුබාසුබ දැනගන්න

ඔක්තෝබර් 21, 2022

 

ඈත අතීතයේ සිටම සත්ත්ව හඬවල් මෙන්ම සතුන්ගේ අනෙකුත් ක්‍රියාකාරකම්වලින් ඇතිවන සුබාසුබ පිළිබඳ අපේ මුතුන්මිත්තන්ට ඉතා හොඳින් අනාවැකි කීමේ හැකියාවක් පැවතී ඇත. අනතුරක් ළඟ එන බව මිනිසාටත් කලින් සතුන්ට තේරුම් ගැනීමේ හැකියාවක් ඇති අතර, ඔවුන් තම හැසිරීම් රටාවෙන් මිනිසාට ද ඒ බව හඟවයි.

බල්ලන්, බළලුන්, කපුටන්, කබරයන්ගේ හැඬීම් මෙන්ම සූනන්ගේ හැඬීම්වලින් ඇතිවන විපාක පිළිබඳ මෙසේ පවසා ඇත.

 

ඉරිදා දිනක

නැඟෙනහිර දිශාවේ සිට මෙම සතුන් හැඬුවේ නම් භයක්ද, ගිනිකොන අසුබද, බස්නාහිර කලහද ඇති වන අතර, දකුණේ සිට හැඬීමේ දී සැපද, වයඹ වස්ත්‍ර ලාබ, ඊසාන උතුර ධන ලාබ ද, ආකාශයේ සිට හැඬී නම් ජයද භූමියේ සිට හැඬී නම් සිතූ දේ සඵල වීමක් ද සිදු කරයි.

සඳුදා දිනක

ගිනිකොන නිරිත කලහද, දකුණ විරෝධයද, වයඹ අවමඟුල් ද ආකාශයේ සිට හැඬී නම් විපතක් පිළිබඳ පුවතක් අසන්න ලැබීමක් ද සිදුකරයි.

නැඟෙනහිර - ධන ලාබ

උතුර - වස්ත්‍ර ලාබ

ඊසාන - මංගල කටයුතු

බස්නාහිර - ප්‍රභූන්ගෙන් ආධාර, උපකාර ලැබීම් ද හිමි කරයි.

අඟහරුවාදා

දකුණ - දුක්

නිරිත හා උතුර - සතුරු භය

නැඟෙනහිර - සම්පත් ලැබීම්

ගිනිකොන - බන්දු ලාබ

බස්නාහිර - අදහස් ඉටුවීම

වයඹ - දුරින් ආරංචි

ඊසාන / අකාශය - වාහනවලින් දුර ගමන්, භූමියෙන් විශේෂ ධන ලාබ

බදාදා

දකුණ - ශරීර පීඩා

නිරිත - බන්දු හානි

බස්නාහිර - භය

වයඹ - ධන හානි

නැඟෙනහිර - සතුට

ගිනිකොන - ද්‍රව්‍ය ලාබ

උතුර - සැප

ඊසාන - සිතූ දේ සඵල වේ

ආකාශය - යහපත් ආරංචි

භූමිය - ලාභ, කීර්ති, ප්‍රශංසා හිමිකම්

බ්‍රහස්පතින්දා

උතුර - සිතූ දේ නිෂ්ඵල කරයි

නැඟෙනහිර - අසුබයි

බස්නාහිර - කලහ පාඩු වීම්

ආකාශය - කලහ

භූමියෙන් හැඬී නම් විපත් සිදු වීමට ද ඉඩ තිබේ.

ගිනිකොන - බන්දු ගෞරව

දකුණ - ලාභ

නිරිත - සියලු කටයුතු ඉටුවීම

වයඹ - යහපත් කතා

ඊසාන - මිහිරි ආහාරපාන ලැබීම්

සිකුරාදා

නැඟෙනහිර - සුබ වචන

ගිනිකොන - අලංකාර ලැබීම්

දකුණ - බන්දු දර්ශන

බස්නාහිර - සොම්නස

ආකාශයේ සිට හැඬී නම් වස්තු ලාබද ගෙන දේ.

නිරිත - රෝග පීඩා මෙන්ම සුබ ආරංචිද අසන්න ලැබේ.

උතුර - දුෂ්ට ආරංචි

ඊසාන - සතුරු භය

භූමිය සිහින පිළිබඳ, දෝෂ පහවීම සිදු වනු ඇත.

සෙනසුරාදා

ඊසාන - සොර සතුරු භය

ආකාශය - කටයුතුවලින් ඇති වන බිය

නැඟෙනහිර - සුබ වචන

ගිනිකොණ - ද්‍රව්‍ය ලාබ

දකුණ - රාජ දර්ශන

බස්නාහිර - වස්ත්‍ර ලාබ

වයඹ - ස්ත්‍රී සැප

උතුර - පි‍්‍රය ආරංචි

 

* කබරයන් ගෙට ඇතුළුවීමෙන් ගෘහ මූලිකයාට ලෙඩ රෝග විපත් ආදියට මුහුණපෑමට සිදුවේ.

සූනන් ඇඟ වැටීමේ පලාපල

හිස - කලහ

මුහුණ - බන්දු දර්ශන

නළල - තානාන්තර

බැම මැද - නෑදෑ වියෝ වීම් , උසස් අයගෙන් ගෞරව

ඇස - සිර භය

නාබිය - ව්‍යාධි

උඩු තොල - වස්තු හානි

මුඛය - භය

යටි තොල - වස්තු ලැබීම්

නිකට - රාජ දඬුවම්

දකුණු කන - දීර්ඝායුෂ

වම් කන - වෙළෙඳ ලාභ

දකුණු උර - නීරෝගි බව

වම් උර - ලෙඩ රෝග

දකුණු වළලුකර - කීර්ති

දකුණු අත - භයානක මරණ

වම් අත - ශෝක

දකුණු අත ඇඟිලි - රාජ සම්මාන

වම් අත ඇඟිලි - මිත්‍ර කලහ

දකුණු ඇල - දියුණුවීම්

වම් ඇල - මරණය

දකුණු කෙණ්ඩ - බොහෝ නඩු

වම් කෙණ්ඩ - කලහ

දකුණු පාදය - රෝග

වම් පාදය - දුක්

දකුණු පාදයේ ඇඟිලි - රාජ භය

වම් පාදයේ ඇඟිලි - රුදා සහිත රෝග

නියපොතු - ධන හානි

හිසකෙස් - මරණ භය

බෙල්ල - සතුරන් නිසා හානි

පපුව - ධන හානි

තනය - උතුම් ගෞරව

බඩ - ධාන්‍ය ලාබ

ශරීරය පුරා දිව්වේ නම් දීර්ඝායුෂ ලැබෙන බවද සඳහන් වේ. 6, 8, 12 රිට්ටා, පෝය යන තිථිවලින්ද, රවි, කුජ, ශනි අවස්ථාවලින් ද බෙරණ, කැති, මුවසිරස, අද, අස්ලිස, මා විසා, දෙට, මුල, සුවණ, පුවපුටුප, උත්‍රපුටුප යන නැකැත්වලින්ද වෘෂභ, මිථුන, කටක, කන්‍යා, කුම්භ, මීන යන ලග්නවලින්ද, සූනන්, කටුස්සන්, ඇඟ වැටීම අශුභය. ඉතිරි තිථි, නැකැත් ලග්න සුබදායකයි. සූනන් ඇඟ වැටුණු පසු ඇඳි වස්ත්‍රය සමඟම ස්ථානය කර තල, උඳු සහිත දානයක් දීමෙන් අසුබ තත්ත්වය අවම කරගත හැකි වේ.

උපදෙස් - ඡ්‍යොතිෂවේදී

ගීතිකා සමරතුංග

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.