සිද්ධි යෝග බලැතිව අති ප්‍රබල පොකුරු යෝගයක්

නොවැම්බර් 25, 2022

ලබන 28 වැනි සඳුදා දින වී, තේ, පොල්, රබර්, අල, බතල, බුලත් වැනි ඕනෑම බෝගයක් සිටුවීමෙන් වැඩි අස්වැන්නක් ලබා ගත හැකි ප්‍රබල පොකුරු යෝගයක් උදාවන්නේ ය. මේ සඳහා වඩාත්ම සුදුසු වේලාව වන්නේ එදින පස්වරු 02.10 වේ. පස්වරු 02.10 සිට දකුණු දිශාව බලා තම බෝග සිටුවීම සමාරම්භ කිරීම වඩාත් ප්‍රශස්ත වේ. එදින රාහු කාලය රාත්‍රියේ 7.22 සිට 8.55 යෙදෙන බව ද සිහිතබා ගත යුතු ය. මෙදින පෙරවරු 10.32 සිට සුවණ නැකැත, මීන රාශිය උදාව පවතී. පස්වරු 02.06 සිට 03.06 අතර සෙනසුරු හෝරාවයි. සෙනසුරු පංචම කාල හෝරාව, සුබ මුහුර්ත හෝරාව පස්වරු 02.10 ට සමාරම්භ වේ. ඒ අනුව ආනන්දා දී අටවිසි මහා යෝග චක්‍රයට අනුව සිද්ධියෝග බලැතිව අති ප්‍රබල පොකුරු යෝග බලය උදාවීමත් සමඟ දකුණු දිශාව බලා පස්වරු 02.10 සිට තම ගොඩමඩ ඉඩකඩම් හි සුදුසු කෘෂි වගා කටයුතු වැලි, අල, කොළ ආශි‍්‍රත බෝග වගා කිරීම යෝග්‍ය වේ. එමඟින් ගොවි මහතුන්ට තම කෘෂි නිෂ්පාදනයේ ඵලදායී අස්වැන්නක් ලබා ගත හැකිවනු ඇත. ඉපැරැණි සෘෂිවරුන්ගේ පුරාණාචාර්යවරුන්ගේ මතානුකූලව කෘෂි වගා ආශි‍්‍රත ක්‍රමෝපායක් ලෙස මුහුරත් චින්තාමණියට (2/4) අනුකූල වූ ප්‍රශස්ත කෘෂි වගා පොකුරු යෝග බලය මෙයින් දක්වා ඇත.

පුවපල්, පුවසල සුවණය මුලය විසා

අනුර, මා නැකැත් රේවති සියාවසා

මීන, මිථුන, සිංහ, ශනි, හෝරා විමසා

මෙකී නැකත් සඳු දින තිබුණ නෙවලසා

 

බටු නම් කොළ තුනට මල් කැකුළු තුªන දකී

වැලනම් කොළ තුනට පල පොකුරු තුන සකී

අල නම් තුන බසී දැනගන්න නියතකී

පවසන් පොකුරු යෝගය සතට වැඩ දකී

මේ අනුව, පුවපල්, පුවසල, සුවණ, මුල, විසා, අනුර, මා, රේවතී, සියාවස යන නැකැත් පවතින සඳු දිනක මීන, මිථුන, සිංහ රාශියත් උදාව තිබෙත් දී ඇති වන ශනි හෝරාවක මෙම ප්‍රබල පොකුරු යෝගය යෙදෙන බව පැවැසේ. ඒ අනුව එළැඹෙන සඳුදා දින කෘෂිවගාවට සුදුසු මෙවන් ප්‍රබල යෝගයක් යෙදේ.

 

ප්‍රවීණ ඡ්‍යෝතිෂවේදී

කොත්මලේ

විජිත ඩී.ලියනආරච්චි

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.