වසරක් ගෙවී තවත් වසරක් උදාවන දොළොස් මාසය

ජනවාරි 13, 2023

ජනේරුවට අරක් ගත් දෙවියකු ලෙස සලකනු ලබන ජානුස් දෙවියා රෝම නිවෙස්හි බිහිදොරට අරක් ගත් දෙවියා ලෙස සලකමින් යමක් පටන් ගැන්ම එම දෙවියා තුළ යැයි විශ්වාස කරමින් ජනවාරිමාසය තුළ නොකඩවාම පුද සිරිත් පැවැත්වීමට රෝමන්වරු කටයුතු කරති.

 

මාස දොළහක් ගෙවී තවත් මාස දොළහක් උදාවන නව වසර සියලු ලෝකවාසී ජනතාවට මංගල සම්මත දිනයකි. වසරක නිමාවෙන් නව වසරක් උදාවන ජනවාරි පළමු වැනිදා සතුට හා සාමය බෙදා ගනිමින් විනෝද වීම අප රටේ මෙන්ම ලෝකයේ අනෙකුත් රටවල ද පැවත එන සිරිතකි. පෘථිවිය වටා සූර්යයා යන ගමන පාදක කොට ගෙන සකස් කරන ලද මුල්ම දිනය ජනවාරි පළමු වැනිදා ජනේරුවයි.

 

ජනවාරි

ජනවාරි මාසය ලෝකයේ අනෙකුත් රටවල මෙන්ම අප රටටද විශේෂ වූ මාසයකි. එනම්, ශී‍්‍ර දළදා මාලිගාවේ අලුත් සහල් මංගල්‍යය ය, මහියංගණ රජමහා විහාරයේත් කැළණිය රජමහා විහාරයේත් දුරුතු මහා පෙරහර ද නව වසරට පුද පූජාවන්ද පවත්වන බැවිනි.

ජනේරුවට අරක් ගත් දෙවියකු ලෙස සලකනු ලබන ජානුස් දෙවියා රෝම නිවෙස්හි බිහිදොරට අරක් ගත් දෙවියා ලෙස සලකමින් යමක් පටන් ගැන්ම එම දෙවියා තුළ ඇතැයි විශ්වාස කරමින් ජනවාරි මාසය තුළ නොකඩවාම පුද සිරිත් පැවැත්වීමට රෝමන්වරු කටයුතු කරති.

ජානුස් නමැති නුවණට අධිපති මුහුණු දෙකකින් යුත් රෝම දේව ගණයට අයත් මෙම දෙවියා සිහිපත් කිරීම සඳහා ජනවාරි මාසයට ඒ නම තබා ඇත. ජානුස් දෙවියා වසරක් ගෙවී තවත් වසරක් ලබන ජනවාරි මාසයේදී අතීතය හා අනාගතය බලන බව රෝමන්වරු විශ්වාස කරති. ජනවාරි මාසය නීතිගත කරන ලද්දේ පොම්පීලියන් අධිරාජයා විසිනි. එම මාසය එනම්, ජනවාරි මාසය අවසන්ව තිබුණේ දින තිහකිනි.

 

පෙබරවාරි

පවුනුස් නම් වනයට අධිපති දෙවියා ලෙස සැලකෙන පවුනුස් දෙවියාට ගෞරව කරමින් ජාතික උත්සවයක් පැවැත්වීමට රෝමන්වරු කටයුතු කරති. පවුනුස් දෙවියා වෙනුවෙන් පවත්වන උත්සව දිනයේදී රෝම පූජකවරු එළු සම්වලින් සාදාගත් කස රැගෙන මහපාරේ ඒ මේ අත දිවයමින් මහමඟ ගමන් කරන අයට පහර දෙති. මෙදින එම පූජකවරුන්ගෙන් පහර කෑමට ලක් වෙන කාන්තාවන් වාසනාවන්තයෝ ලෙසටද සලකති. මේ නිසා පෙබරවාරි පළමු වනදා වැඩි වශයෙන්ම මහමඟ ගමන් කරනු ලබන්නේ කාන්තාවන්ය. මෙසේ කාන්තාවන්ට පහර දීමට යොදාගනු ලබන සම් පටියට පෙබ්රුයන නම තිබීම නිසා එම මාසය පෙබරවාරි යනුවෙන් නම් කොට ඇත. පෙබරු යන්නෙහි තේරුම පවිත්‍රතාවය යන්නයි. එබැවින් පෙබරු පටියෙන් පහර කන අය මුළු වසර පුරාම පවිත්‍රතාවයෙන් ජීවත් වන බවට විශ්වාස කරති.

 

මාර්තු

වසන්ත සමයේ උදාවත් සමඟ මාර්ස් කුජ ග්‍රහයාට පුද පූජා පැවැත් වූ පැරණි රෝමන්වරු එය සිහිපත් කිරීම සඳහා පෙබරවාරි මාසයෙන් පසු ආරම්භ වන දින තිස් එක සඳහා මාර්තු යන නම භාවිතයට ගන්නා ලදි. මාර්ස් නම් දෙවියා අස්වැන්නට වගාවට අධිපති දෙවියා ලෙස සලකති. ඔහු පසුව යුද්ධයට අධිපති දෙවියා ලෙසද වැඳුම් පිදුම් ලැබූහ. මාර්තු මාසය පැරණි රෝමයේ පළමු වන මාසය ලෙසට ද සැළකූහ.

 

අපි‍්‍රයෙල්

මාර්තු මාසයෙන් පසුව උදාවන දින තිහට රෝමවාසීහු ඒප්‍රලිස් යනුවෙන් ව්‍යවහාර කළේය. මල් පිපෙන්න යන්න තේරුම් දෙන අප්රිපේ යන වචනයෙන් ඇපිලී සම් නොහොත් අප්සිටේ නම් ගී‍්‍රක දේවතාවියගේ නාමයෙන් මේ මාසය නම් කොට ඇත. තවත් මතයක් අනුව අප්ර නොහොත් ඇප්රෙස් නම් දෙවියාගේ නාමයෙන් අපේ‍්‍රල් කියා නම් තබා ඇති බව කියයි. අපේ‍්‍රල් මාසයට මුල් රෝමන්වරු දින තිස් හතරක් ගණන් ගෙන තිබුණි. එය දින විසිහය දක්වා අඩුකොට නීති ගත කරන ලද්දේ ජූලියස් සීසර් විසිනි. අප රටට ද අපේ‍්‍රල් මාසය විශේෂ මාසයකි. මල් බරින් හා පල බරින් පරිපූර්ණ වන අපේ‍්‍රල් මාසය සිංහල හින්දු අවුරුදු මාසය ද වේ. බුරුම ඡ්‍යොතිෂ්ශාස්ත්‍රයට අනුව වසරක් පාසා සූර්ය මාස චක්‍රය වටා ගමන් කොට පළමු ගමන අරඹණු ලබන්නේ අපේ‍්‍රල් මාසයේදි ය.

 

මැයි

පුරාණ රෝමයේ මෙයි නමැති බලගතු දේවතාවිය උදෙසා මැයි මස පළමු වනදා උත්සව පැවැත්විය. එම නිසා එම මාසය මැයි යනුවෙන් නම් කොට ඇත. රෝම ජාතිකයින් විසින් වැඩිිහිටියන් හැඳින්වීමට යොදන මාජොරස් යන වචනයෙන් නම් කොට තිබේ. මැයි මාසය ලොව පුරා බෞද්ධ රටවල මහ ඉහළින් වෙසක් උත්සවය සමරන මාසයකි. බුදුන් වහ්නසේගේ ඉපදීම, බුදු වීම හා පිරිනිවන් පෑමද යෙදී ඇත්තේ මේ මාසයටය. එමෙන්ම ලෝකවාසී ජනතාවගේ කම්කරු දිනයද මැයි මාසයට යෙදී ඇත.

 

ජුනි

රෝමන්වරු තරුණයින් හැඳින්වීමට යෙදූ යුනියෝරස් යන වචනය මුල්කොට මැයි මාසයෙන් එළඹෙන මාසයට ජුනි මාස යැයි නම් කොට ඇත. ජූනො නමැති දේවතාවිය සිහිපත් කිරීම සඳහා මෙම නම තබා ඇත. අප රටට ජුනි මාසය විශේෂ මාසයක් වන්නේ පොසොන් මාසය ජුනි මාසයට යෙදී තිබීම නිසයි.

 

ජූලි

ජූලියන් වර්ෂ ක්‍රමයෙහි නිර්මාතෘවරයා වූ ජූලියස් සීසර් සිහි වීම සඳහා මේ නම තබා ඇත. රෝමයේ පස්වන මාසය වන මේ මාසයෙන් හඳුන්වනු ලබන්නේ කුවින්ට්ලී යනුවෙනි. පසු කලෙක එය වෙනස් කොට ජූලියස් සීසර් තම ජන්මෝත්සවයකදී සිය නම සදාකල් පැවතීම සඳහා ජූලි යැයි නම් කරන ලදී.

 

අගෝස්තු

රෝම වැසියන්ගේ භක්ත්‍යාදරයට ලක්වූ ඔගස්ටස් සීසර් සිහිවීම සඳහා මෙම මාසය මෙසේ නම් කොට ඇත. ජූලියස් සීසර්ට මාසයක් වෙන් කළ නිසා ඔගස්ටස් සීසර්ට ද මාසයක් වෙන් කල යුතුයැයි ගත් තීරණයක් නිසා ජූලි මාසයෙන් පසු එළඹෙන මාසයට අගෝස්තු යයි නම් කරන ලදී. සිංහල මාස් ක්‍රමයට අනුව එය ඇසළ මාසයයි. අගෝස්තු මාසය ශ්‍රී දළදා පෙරහර, කතරගම, දෙවිනුරව, මහියංගණ ඇසළ පෙරහර ආදි ආගමික උත්සව පවත්වන මාසයයි. ජූලියස් සීසර්ගෙන් පසු කිරුළුපලන් ඔගස්ටස් සීසර්ට ජයග්‍රාහක මාසයක් වූ අගෝස්තු මාසය රෝමන්වරුන්ගේ විශේෂ මාසයකි.

 

සැප්තැම්බර්

හත්වැන්න යනුවෙන් අරුත දෙන සෙස්ටිමස් යන වචනයෙන් මෙලෙස සැප්තැම්බර් මාසය ඇතිවී ඇති බව විශ්වාස කරති. පුරාණ රෝමන්වරුන්ගේ මාස ක්‍රමයට අනුව සැප්තැම්බර් මාසය යෙදෙන්නේ හත්වන මාසයටයි.

 

ඔක්තෝබර්

රෝම දින දර්ශනයට අනුව අටවැනි මාසයවන මෙම මාසයට ඔක්තෝබර් යයි නම් කර තිබෙන්නේ ඔක්ටෝයන නම මුල්කර ගනිමිනි. කුජ ග්‍රහයාගේ ශුද්ධ වස්තුවක් ලෙස ඔක්තෝබර් මාසය හැඳින්වේ. එයට හේතුවී ඇත්තේ ඔක්තෝබර් අශ්වයා කුජ දෙවියාට පුදා ඇත්තේ ඔක්තෝබර් පහළොස්වන දිනකය.

 

නොවැම්බර්

නොවෙම් යන ලතින් වචනයෙන් මෙම මාසයට නොවැම්බර් කියා නම් කොට ඇත. ශීත ඍතුවේ උදාව ඇතිවන මේ මාසය කතෝලික බැතිමතුන්ගේ මළවුන්ගේ මාසය ලෙසට සළකයි.

 

දෙසැම්බර්

රෝමන්වරුන්ගේ දහවන මාසය වන මෙම මාසය ඉංගී‍්‍රසි දින දර්ශනයේ අවසන් මාසය වේ. මනුදම් පිරුණු තේරුම් දෙන ජොලිබස් යනුවෙන් ශුද්ධ මාසය යැයි හඳුන්වනු ලබන මෙම මාසයට පසුව ජර්මන්වරුන් ක්‍රිස්තු මාසයයි නම් කළහ. ඉන් පසු එය ඩිසෙම් යන වචනයෙන් දෙසැම්බර් යන නම තබා ඇත. එම මාසය ක්‍රිස්තුස් වහන්සේගේ උප්පැත්තිය සමරන නත්තල් මාසය ද වේ.

 

මොනරාගල සිරිගල

ආයුර්වේද වෛද්‍ය

මැණික් නේරංජනා හෙට්ටිආරච්චි

 

සටහන

එස්.එස්.එස්. ප්‍රනාන්දු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.