අකුරු කියවීමට ප්‍රබල නැකතක්

පෙබරවාරි 10, 2023

සිද්ධි යෝගය - ගුරු හංස යෝගය සහ මාලවි යෝගයද සහිත මෙම සුබ නැකත 2023 මාර්තු 03 සිකුරාදා යෙදේ. මෙමඟින් අකුරු කියවීමට ප්‍රධාන වශයෙන් සුබවන්නේ මිථුන, කන්‍යා, ධනු, මීන යන ද්විස්වභාව රාශි වලින් උපත ලද දරුවන් වේ. මෙදින මෙම වේලාවට මීන ලග්නය උදාව පවතින අතර පුනාවස නැකත පුර තිථිය ද පවතී. ගුරු, සිකුරු ලග්නගතව ඇත. සියලු දෝෂ භංග වේ. සිද්ධි යෝගයද පවතී. මුහුර්ත පංචක ශුද්ධිය අනුව සර්තෝභද්‍ර පංචකයට අයත්ය. 2023 මාර්තු 03 සිකුරාදා උදේ 7.36 ට නැඟෙනහිර බලා අකුරු කියවීමට සුබයි. සුබ වේලාවට ප්‍රථම බුදුන් වැඳ ගණ දෙවි සහ සරස්වතී පූජාව තබන්න. ගණ දෙවි සහ සරස්වතී පින්තූර අබියස පූජාවන් තබා සුවඳ දුම් අල්ලා පිරිත් තුන් සූත්‍රය අටවිසි පිරිත මහා මංගල ගාථා සජ්ඣායනා කර දෙවියන්ට පින්දී සුබ මොහොත උදාවන විට අකුරු කියවන්න.

තවද වාහන සම්බන්ධ කටයුතුවලට මුදල් ගනුදෙනුවලට නඩු කටයුතුවලට සතුරු කරදර පරාජයට ද මෙම නැකත සුබයි. බෙරණ, පුවපල්, පුවසල, රෙහෙණ, හත, සුවණ, අද, සා, සියාවස, පුෂ, අනුර, උත්‍රපුටුප, දෙට, අස්ලිස, රේවතී යන නැකැත්වල උපන් අයට මෙම නැකත යෝග්‍ය වේ.

 

කලාභූෂණ, ජ්‍යෝතිෂවේදී

සෝමපාල විජේසූරිය

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.