මැයි මස 25 වැනි බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය

මැයි 24, 2023
 
ඉර උදාව - 05.53 
ඉර බැසීම - 06.21 
 
රාහු කාලය - දවල් 01.40 - 03.14 
අලුයම 01.33 - 03.00 
 
සුබ දිශාව - උතුර 
 
මේෂ ලග්නය 
ශාරීරික අපහසුකම් මඟහැරී යයි. එමෙන්ම වෙනදාට වඩා උත්සාහවන්තව කටයුතු කරන බවක් පෙනේ. සහෝදරයකුගෙන් උපකාරයක් හිමිවන අතර ගනුදෙනුවාසියක් ද අත් කරයි. 
 
වෘෂභ ලග්නය 
හදිසි තීරණයකින් තමාට වාසි කීපයක් අත් කරයි. පවුලේ දියුණුවට විශේෂ පියවර කීපයක් ගන්නා දිනයකි. පැවැති අසනීපයකින් සුවය හිමි කරයි. ආගමික සැලසුමකට කටයුතු යෙදේ. 
 
මිථුන ලග්නය 
ලැබීම් අතින් යහපත් දිනයකි. නිතර අලංකාරය වෙනුවෙන් වැඩි මුදලක් වැය කරන බවක් පෙන්වයි. විදෙස් ලැබීමකට හිමිකම් ඇත. ව්‍යාපාර කටයුතුවලින් නොසිතූ ගැටලුවකට මැදිවේ. 
 
කටක ලග්නය 
හිතුවක්කාර තීරණයක් හේතුවෙන් පාඩු කීපයක් විඳීමට සිදුවේ. පෙම්සබඳතාවයකට බාධා ගෙනදෙන බවක් පෙන්වයි. හදිසි අජීර්ණ තත්ත්වයක් ඇති විය හැකි බැවින් කෑමෙන් බීමෙන් පරිස්සම් වන්න. 
 
සිංහ ලග්නය 
පි‍්‍රය මනාප ගතිපැවැතුම් ඇති කරයි. හිතවතකු වෙනුවෙන් කැපවී කටයුතු කරන බවක් පෙනේ. ඇවිදිලි වැඩි කරන දිනයක් වන අතර, හදිසි වැටීම් හෝ සීරීමක් වැනි දෙයකින් අනතුරක් සිදුවිය හැකියි. 
 
කන්‍යා ලග්නය
රැකී රක්ෂා වෙළ හෙළඳාම් කටයුතුවල නියුතු වූවන්ට යහපත් කාලයකි. නිතර අමතර කටයුතු කෙරෙහි සිත යොමුකරන බවක් පෙන්නුම් කරයි. හදිසියේ හට ගන්නා උරහිසේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගනී. 
 
තුලා ලග්නය 
වරින් වර උදාසීන ගති ඇති කරන දිනයකි. ගේ දොර කටයුතුවල අපිළිවෙළක් ඇති කරයි. ආගමික කටයුතු කෙරෙහි විශේෂ ළැදිකමක් දක්වයි. වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. 
 
වෘශ්චික ලග්නය 
අවිවේකී ලෙස උදාවන දිනයකි. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදුවෙයි. කලකින් නුදුටු හිතවතකු හමුවීමට අවස්ථාව උදාකරයි. ලාභගෙන දෙන මාර්ග කීපයක් උදාකරන දිනයකි. 
 
ධනු ලග්නය 
සැනසිලිදායක ලෙස දවස උදාකරයි. වෙනදාට වඩා පිනට දහමට ලැදිව කටයුතු කරන අතර, ආගමික සිද්ධස්ථානවලට යාමටද අවස්ථාව උදාකරයි. පවුලේ අය අතර සුහදතාවයට හේතු ඇති කරයි. 
 
මකර ලග්නය  
අතමිට මුදල් ගැවසුණත් වැය පස අධික කරයි. නිතර ගේ දොර පදිංචියෙන් පිට වාසයට හේතු ඇති කරයි. විවාහය සම්බන්ධ හිතුවක්කාර තීරණයක් ගැනීමට ගන්නා අතර, ඉවසිලිවන්ත භාවය අඩුවන දිනයකි. 
 
කුම්භ ලග්නය 
සැනසිලිදායක බව අඩුකරන අතර රැකියාවේ කටයුතු සම්බන්ධ ගැටලුදායක බවක් ඇති කරයි. සමාජ සේවා කටයුතු කෙරෙහි වැඩි කාලයක් යොදවයි. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි දිනයකි. 
 
මීන ලග්නය 
අතමිට මුදල් ගැවසුණත් වැයපස අධික කරන බවක් පෙන්නුම් කරයි. පවුලේ භෝජන සංග්‍රහයකට සහභාගිවීමට හේතු ඇති කරයි. වගකීම් පැහැර හැරීමක් සිදුවීමට ඉඩ ඇති දිනයකි. දේපළ ගැටලුවකටද හේතු ඇති කරයි. 
 
ජ්‍යොතිර්වේදිනී 
ධම්මිකා රාජපක්ෂ
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.