මේ සතියේ හොඳම වගා නැකැත්

ජනවාරි 17, 2025

 

අර්තාපල් වගාවට

ජනවාරි 17 සිකුරාදා, උදේ 7.31 ට නැගෙනහිර බලා

තත්කාල මකර ලග්නයට දෙවැන්න වූ කුම්භයේ ශනි ස්වක්‍ෂේත්‍ර ජය යෝගයයි. එම දෙවැන්නේම සිකුරු මිත්‍රව යෙදේ. දිවි කරණයයි. සත්ත්ව හානි නොවේ. බ්‍රහ්ම දේව බලයෙන් අස්වැන්න සරුවේ.

 

මඤ්ඤොක්කා වගාවට

ජනවාරි 17 සිකුරාදා උදේ, 7.29ට නැගෙනහිර බලා

මා නැකතයි. අධෝමුඛ නැකතකි. අල වර්ග රෝපණයට විශිෂ්ටයි. අවජලවක තිථිය බැවින් දිවි කරණයයි. වන සතුන්ගෙන් හානි නොවේ. බුධ හෝරාවේ බුධ පංචමයයි. අල විශාල වේ.

 

බතල වගාවට

ජනවාරි 17 සිකුරාදා උදේ, 6.31ට නැගෙනහිර බලා

සිකුරු හෝරාවේ සිකුරු සූක්ෂමයයි. මා නැකැතය. අධෝමුඛය දිවිකරණයයි. වන සත්ත්ව හානි නොයෙදේ. අස්වැන්න වැඩි වන අතර බ්‍රහ්මදේව මහිමයෙන් අල රසවත් වේ.

 

ඉන්නල, කුකුලල වැනි වැල් අල වගාවට

ජනවාරි 17 සිකුරාදා උදේ 7.07ට නැගෙනහිර බලා

දෙවැන්නේ ශනි ස්වක්‍ෂේත්‍ර ජය යෝගයයි. අධෝමුඛ නැකැත බැවින් හොඳීන් අල වර්ධනය වේ. දිවි කරණය නිසා වන සත්ත්ව හානි නොයෙදේ.

 

පැපොල් වගාවට

ජනවාරි 18 සෙනසුරාදා උදේ 7.30ට උතුර බලා

අව විසේනිය තිථියට අමෘත යෝගය උදාව පවතී. ගුරු හෝරාවේ ගුරු සූක්‍ෂමයයි. බ්‍රහස්පති දේව බලයෙන් ගෙඩි විශාල වේ.

 

තක්කාලි, මාළුමිරිස් වගාවට

ජනවාරි 18 සෙනසුරාදා උදේ 7.34ට උතුර බලා

ගුරු හෝරාවේ ගුරු පංචමයයි. විසේනිය තිථියට අමෘත යෝගයයි. තත්කාල මකර ලග්නයට දෙවැන්නේ ශනි ස්වක්‍ෂේත්‍ර ජය යෝගයයි. අස්වැන්න සරුවන අතර පිරිපුන් ඵල හටගනී.

 

ඉඟුරු කහ වගාවට

ජනවාරි 18 සෙනසුරාදා උදේ 7.46 ට උතුර බලා

ගුරු හෝරාවේ සිකුරු පංචමයයි. තත්කාලයට ගුරු 5 වැන්නේය. බ්‍රහස්පති දේව බලයෙන් සරු අස්වැන්නක් ලැබේ.

 

බීජ තවාන් දැමීමට

ජනවාරි 18 සෙනසුරාදා උදේ 7.44ට උතුර බලා

අමෘත යෝගය උදාව පවතී. ගුරු හෝරාවේ සිකුරු පංචමයයි. ශෝභන යෝගයට බ්‍රහස්පති දේව බැල්මෙන් තවාන සරුසාරව වැඩේ.

 

මිරිස් වගාවට

ජනවාරි 18 සෙනසුරාදා උදේ 7.32ට උතුර බලා

විසේනිය ත9ථියට අමෘත යෝගයයි. තත්කාල මකර ලග්නයේ දෙවැන්නේ ශනි ස්වක්‍ෂේත්‍ර, ජය යෝගයයි. සරුසාර අස්වැන්නක් ලැබේ.

 

පොල් පැළ සිටුවීමට

ජනවාරි 19 ඉරිදා උදේ 7.32ට දකුණ බලා

උත්‍රසල් නැකතට ශුභ යෝගයත් අව විසේනිය තිථියට එළු කර්ණයත් යෙදී ඇත. ඌර්ධව මුඛ නැකැතකි. තත්කාලයට සඳු 9 වැන්නේය. වායු දේවතා බලයෙන් නීරෝගී සාරවත් වෘක්ෂයක් ලැබේ.

 

කෙසෙල් වගාවට

ජනවාරි 19 ඉරිදා උදේ 7.30ට දකුණ බලා

ඌර්ධව මුඛ නැකැත තක්කාල මකර ලග්නයට ගුරු 5 වැන්නේද, සිකුරු දෙවැන්නේද යෙදී ඇත. ශුභ යෝගය යෙදී ඇති බැවින් කැන් විශාලව හා සාරවත්ව සෑදේ.

 

පැපොල් වගාවට

ජනවාරි 19 ඉරිදා උදේ 8.32ට දකුණ බලා

බුධ හෝරාවේ බුධ පංචමයයි. ගජ කරණයයි. ඌර්ධව මුඛ නැකැතට ශුභ යෝගය උදාව ඇත. වායු දේවතා බලයෙන් විශාල ගෙඩි හටගනී.

 

කවුපි, මුං වගාවට

ජනවාරි 23 බ්‍රහස්පතින්දා උදේ 6.35ට බස්නාහිර බලා

විසා නැකතට ශුභ යෝගය උදාව ඇත. තත්කාල මකර ලග්නයට 10වැන්නේ සඳුය. සරු අස්වැන්නක් ලැබේ.

 

රාබු, කැරට්, බීට් වගාවට

ජනවාරි 23 බ්‍රහස්පතින්දා උදේ 6.43ට බස්නාහිර බලා

තත්කාල මකර ලග්නයට බුධ 12 වැන්නේය. සඳු 10 වැන්නේ වෙයි. විසා නැකතට ප්‍රවර්ධමා යෝගයයි. පැළ විශාල වේ.

 

මුල් ලබාගන්නා ඖෂධ වර්ග වගාවට

ජනවාරි 23 බ්‍රහස්පතින්දා උදේ 6.47ට බස්නාහිර බලා

තත්ත්කාල මකර ලග්නයට දෙවැන්නේ ශනි හා සිකුරුය. ශනි ස්වක්‍ෂේත්‍ර ජය යෝගයයි. විසා නැකතට ශුභ යෝගයයි. අග්නි දේවතා බලයෙන් සරු මූල පද්ධතියක් ලැබේ.

 

ඡ්‍යොතිෂවේදී අනුරාධපුරයේ ඩබ්ලිව්. ගාමිණී කරුණාතිලක

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 16 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.