පෝෂණ ගුණයෙන් පිරුණ සුලභ එළවළුව කෙසෙල් මුව

ජූලි 2, 2021

කෙසෙල්වල මූලාරම්භය ඉන්දියාව, පිලිපීනය, ඉන්දුනීසියාව සහ මැලේසියාව වැනි අග්නි දිග ආසියා ප්‍රදේශ ලෙස සැලකේ. ක්‍රි.පූ. 500 පමණ ඉන්දියාවේ ලියවුණ සංස්කෘත ග්‍රන්ථවල කෙසෙල් ගැන සඳහන් වේ. ශ්‍රී ලංකාවේ ද ක්‍රි.ව. 301 රජ වූ බුද්ධදාස රජතුමා විසින් රචිත “සාරාර්ථ සංග්‍රහයේ” කෙසෙල්වල ඇති ඖෂධීය ගුණය පිළිබඳ සඳහන් වේ.

 

මේ තරම් දිගු ඉතිහාසයක් තිබුණත් කෙසෙල් පිළිබඳව අපේ ජනතාවගේ දැනුම අවබෝධය එතරම් සතුටුදායක මට්ටමක නොපවතී. ලෝකයේ කෙසෙල් ජනපි‍්‍රය පලතුරක් ලෙස ප්‍රචලිතව පැවතියද කෙසෙල් මුව ආහාරයට ගන්නේ ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ අග්නිදිග ආසියා රටවල් කිහිපයක් පමණි. එළවළුවක් ලෙස කෙසෙල් මුව තායි කෑම වේලේ ජනපි‍්‍රය අංගයකි. එහෙත් ශ්‍රී ලංකාව වැනි රටවල ඉතා ඉහළ පෝෂ්‍ය ගුණයකින් යුත් කෙසෙල්මුව එතරම් ජනපි‍්‍රය ආහාරයක් නොවේ.

ර්භඵච ඵචනබඪඥදබභථ යන උද්භිද විද්‍යා නාමයෙන් හඳුන්වන කෙසෙල් ශ්‍රී ලංකාවේ ද පලතුරු වගාවක් ලෙස ප්‍රචකිත වී ඇත. කෙසෙල් සංස්කෘත භාෂාවෙන් රදලි සහ රඹ යන නම්වලින් හඳුන්වන අතර ශ්‍රී ලංකාවේ ද කෙසෙල්වලට එම නම් භාවිතා කෙරේ. කෙසෙල්මුව වතු මුව ලෙස ද ලංකාවාසීන් හඳුන්වනු ලබයි. අපේ රටේ ද ඈත අතීතයේ සිට කෙසෙල්මුව එළවළුවක් ලෙස ආහාරයට ගෙන ඇතත් එතරම් ජනපි‍්‍රය ආහාරයක් නොවේ. එහි ඇති පෝෂණීය සහ ඖෂධීය ගුණය පිළිබඳව ජනතාවට අවබෝධයක් නොමැතිවීම එයට හේතුවන්නට ඇත. නවතම විද්‍යාත්මක සොයා ගැනීම්වල අනුව කෙසෙල් මුව ග්‍රෑම් 100 ක යකඩ මිලි ග්‍රෑම් 56.4 ක් අඩංගු වේ. මේ නිසා කෙසෙල්මුව පෝෂණ ලොවේ යකඩ නිධිය ලෙස පෝෂණ විද්‍යාඥයෝ හඳුන්වති. සමහරු පෝෂණ ලොවේ යකඩ රැජිණ ලෙස නම් කිරීමට පෙළඹී ඇත්තේ එහි ඇති විශාල යකඩ ප්‍රතිශතය හේතුවෙනි. යකඩවලට අමතරව තඹ මිලි ග්‍රෑම් 13 ක් අඩංගු වේ. එමෙන්ම කෙසෙල්මුවවල පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්, සෙලනියම්, සින්ක් ඇතුළු ඛනිජ වර්ග රාශියක් අඩංගු වේ. ආහාරමය කෙඳි (ජ්ඪඡඥප) අඩංගුවීම තවත් විශේෂ ලක්ෂණයකි. මේ හැර කෙසෙල් මුව ප්‍රෝටීන් බහුල ආහාරයකි. විටමින් ඒ සහ සී ද අඩංගු නිසා ශරීරයට හානි කර දේ. විනාශ කරන ප්‍රතිශක්තිකාරක ගුණය ඇත.

යකඩ යනු රුධිරය නිෂ්පාදනයට අත්‍යවශ්‍ය ඛනිජ ලවනයකි. ප්‍රතිශක්ති පද්ධතියේ නිසි ක්‍රියාකාරීත්වය සඳහා යකඩ අත්‍යවශ්‍ය වේ. රුධිරයේ යකඩ පදාර්ථ අඩුවීම ලේ හිඟකම හෙවත් රක්තහීනතාවයට බලපාන ප්‍රධාන සාධකයකි.

ශ්‍රී ලංකාවේ ගර්භණි මව්වරු සහ ළමුන් අතර බහුල ඌනතා රෝගයක් ලෙස රක්තහීනතාවය හඳුනාගෙන ඇති මහජන සෞඛ්‍ය ගැටලුවකි. පීකුදුවල මෙන් දහ ගුණයක්ද, නිවිතිවල මෙන් විසි ගුණයක්ද කෙසෙල්මුවවල යකඩ අඩංගු වේ. ලොව වැඩිපුරම කොපර් (තඹ) අන්තර්ගත ආහාරය කෙසෙල්මුව ලෙස පිළිගැනේ. ශරීරයට අත්‍යවශ්‍ය ඛනිජ ලවනයක් ලෙස ඉතා ඉහළ යකඩ ප්‍රමාණයක් කෙසෙල්මුවවල අඩංගු වූවත් යකඩ අඩංගු ශාකමය ආහාර ලෙස ජනපි‍්‍රය වී ඇත්තේ නිවිති, මෑ, මුං, බෝංචි වැනි ඇට වර්ගයි. එනිසා කෙසෙල්මුවවල යකඩ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම අප සමාජයේ ඇති මහජන සෞඛ්‍ය ගැටලුවක් වන රක්තහීනතාවය (ඒදචඥථඪච) වැළැක්වීමට කළ හැකි සතුටුදායක ක්‍රියාමාර්ගයකි. කෙසෙල් මුවවල සුළු ප්‍රමාණයක් එතනෝල් අඩංගු නිසා සමහර බැක්ටීරියා විනාශ කිරීමේ හැකියාව ඇත. එනිසා ඇතැම් බෝවන රෝගවලින් වැළකීමට කෙසෙල්මු ආහාරයට ගැනීම ප්‍රයෝජනවත් වේ. කෙසෙල්මුව ආහාරමය තන්තුවලින් පොහොසත් නිසා දියවැඩියාව වැළක්වීමට ඉතා ප්‍රයෝජනවත් ආහාරයකි. මෙහි ප්‍රතිඔක්සිකරක ගුණ ඉහළ නිසා පිළිකා වැනි රෝග වලක්වන අතරම අකලට වයසට යාම වලක්වයි.

කෙසෙල්මුව, වතුමුව කරිය, කෙසෙල්මුව ඇඹුල, කෙසෙල්මුව අච්චාරු, කෙසෙල් මුව සලාද, කෙසෙල්මුව සම්බෝලය ආදී වශයෙන් විවිධාකාරයෙන් සකසා ආහාරයට ගත හැක. සම්ප්‍රදායික ලෙස පිසින වතුමුව කරියට වඩා නව සූප ශාස්ත්‍ර ක්‍රම අනුව විවිධ තත්ත්වයකින් පිස ගැනීමෙන් කෙසෙල් මුව රසවත් කෑමක් ලෙස ආහාරයට ගත හැකිය. මෙසේ පිසගත් කෙසෙල් මුව නිතර ආහාරයට ගැනීමෙන් තමාගේ පෝෂණ තත්ත්වය යහපත්ව පවත්වාගෙන යා හැකි අතර ලෙඩ රෝගවලින් වැලකී සිටීමට හැකිවේ. කිරිදෙන මව්වරුන්ට කිරි එරෙන අතර කෙසෙල්මුවවල ප්‍රොජෙස්ටරෝන් වැඩිකිරීමේ හැකියාව නිසා ගර්භාෂය ශක්තිමත් කරනු ලබයි. එමෙන්ම කාන්තාවන්ගේ මානසික ආර්තවයේ දී ඇතිවන අධික රුධිර වාහනය පාලනය කරයි. පිළිකා වලක්වයි. රක්තහීනතාවයෙන් පෙලෙන ගර්භනී මව්වරුනට සහ ළමයින්ට ලේ හිඟකමට පිළියමකි. උදරයේ ඇතිවන තුවාලවලට සහනයක් ඇති කරන අතර මළබද්ධය වළක්වයි. අධිරුධිර පීඩනය පාලනය කරයි.

කෙසෙල්මුවවල ඇති ඖෂධීය ගුණය ගැන සලකා බලන විට ලෙඩ රෝග වළක්වා නිරෝගිමත් බව ආරක්ෂා කරනවා වගේම ඇතැම් රෝගවලට ප්‍රතිකාර ලෙසත් කෙහෙල්මුව භාවිතා කෙරේ. ආයුර්වේදයේ කෙසෙල්මුව ගැන මෙසේ සඳහන් වේ. “කෙහෙල්මුව බර ආහාරයක් වන අතර මළබද්ධය නැති කරයි. කුස ගින්න වඩවාලයි. වාත රෝග සහ පණු රෝග නසාලයි. ධාතු පෝෂණය කරන අතර රක්ත පිත සහ ලේ ගැලීම් වලක්වයි.” යනුවෙන් සඳහන් වේ. කෙසෙල්මුව සිහින් කැබැලිවලට කපා කෙහෙල් දලුවල ඔතා උණු අළුපල්ලේ තම්බා මිරිකාගත් ඉස්ම අතීසාරය සහ අජීර්ණ රෝගවලට ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. අනෙකුත් එළවළු මෙන් නොව වසවිෂෙන් තොර අතුරු ආබාධ සහ අසාත්මිකතා නැති කෙසෙල්මුව පහසුමිලට හෝ ගෙවත්තෙන් සපයා ගත හැකි පෝෂණ පදාර්ථ අඩංගු ඖෂධීය ආහාරයකි.

 

කෝනාර එම්. ගුණපාල

(බංගදෙනිය සමූහ)

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.