විවිධාකාර කාන්තා රෝග, ගැටලු හා ඊට ප්‍රතිකාර (1 කොටස)

ස්වේත ප්‍රදර හෙවත් ඇඟ උණුකරවා යාමේ රෝගය
ජනවාරි 22, 2021

ස්වේත ප්‍රදර, ඇඟ උණුකරවා යාම, සුදයාම, සෝම රෝගය ආදී වශයෙන් හඳුන්වනු ලබන මෙම රෝගය විශේෂයෙන්ම තරුණ කාන්තාවන් හට බහුලව වැලඳෙයි.

දරු මග හා බාහිර උත්පාදන අවයවයන්ගේ ආසාදන හේතුවෙන් මෙම රෝගය හටගනී. ස්වේත ප්‍රදර, ඇඟ උණුකරවා යාම, සුදයාම , සෝම රෝගය ආදී වශයෙන් හඳුන්වනු ලබන මෙම රෝගය විශේෂයෙන්ම තරුණ කාන්තාවන් හට බහුලව වැළදෙයි.

දරු මග හා බාහිර උත්පාදන අවයවයන්ගේ ආසාදන හේතුවෙන් මෙම රෝගය හට ගනී. ඉතා සුළු වශයෙන් ශ්‍රාවයකින් පටන්ගන්නා මෙම රෝගයට ප්‍රතිකාර නොකිරීම ජීවිතයට අනිසි ලෙස බලපෑම් ඇති කරවයි.

ස්වේත ප්‍රදරය හෙවත් “ලියුකෝරියා” තත්ත්වය ප්‍රදර රෝග සමූහයේ එක් රෝගී තත්ත්වයක් ලෙසට ආයුර්වේදයේ සැලකේ. දිලීර තත්ත්වයක් ඇතිවීම. ඇතැම් විට කිරිපණු අමාරුව නිසා යෝනි ප්‍රදේශය කැසීමකට පවා මෙහිදී ලක් විය හැකි ය. කිරිපාට උකු ගතියට ශ්‍රාවයක් ගැලීම, ඇතැම් විට කිරිපාට කෑලි වශයෙන් පිටවීම, මෙම රෝගයේදී දැකිය හැකි ය. ඇතැමුන්ගේ යෝනිය ඇතුළත කිරි වාගේ සුදු පාටට බැඳී තිබෙනු දැක ගත හැකි ය. ඇතැමුන්ට මුත්‍රා දැවිල්ල, මුත්‍ර සමඟ දුඹුරු පාටට ශ්‍රාවයක් පිටවන අතර, අධික දුර්ගන්ධයකින් යුක්ත වේ. තවත් අයෙකුට දුගඳක් නැතත් රතු පාටට හුරු ශ්‍රාවයක් පිටවේ. එම ශ්‍රාවයන් ශරීරයේ වෙනත් තැනක ගෑවුණු විට කැසීම හෝ බිබිලි ඇතිවීම සිදු කරවයි.

මීට ආසන්නතම හේතුව වන්නේ රක්ත පිත්ත තත්ත්ව දූෂිත වීම තුළින් ශරීරය දැඩි සේ උෂ්ණාධික වීමයි. පිත වැඩි කරවන, කෝප කරවන ආහාරපාන ගැනීම නිසා මෙම තත්ත්වය වර්ධනය වෙයි. ඒ නිසාම පිත දූෂණය වන නිසා ඇතිවන යෝනි ශ්‍රාවය බොහෝවිට දාහ සහිත ය. කුඩා ගැහුනු දරුවන්ට බොහෝවිට මෙය ඇතිවන්නේ කිරිපණු රෝග තත්ත්වය නිසාවෙනි. කිරිපණුවන් එළියට පැමිණීම නිසා නලියන තත්ත්වය දැනුණාම ගුද ප්‍රදේශයේ, යෝනි ප්‍රදේශයේ කැසීමක් හට ගනී. කිරිපණුවන් යෝනිමාර්ගයට ගියහොත් ඇතුළත ශ්ලේෂ්මධරකලාව ද්‍රව තත්ත්වයට පත් කර ශ්‍රාවයක් සේ ගැලීම සිදු කරවයි.

වළ වැසිකිළි භාවිතය, අන් අයගේ යට ඇඳුම් භාවිතය, ඇඳුම්වල අපවිත්‍රතාවය, වැසිකිළිවලින් පිටවන වාතය, කාලයක් තිස්සේ විවිධ ඖෂධ වර්ග භාවිතය නිසා ඇතිවන අසාත්මිකතාවය මෙම යෝනි ශ්‍රාවය ඇතිවීමට හේතු වෙයි. අවිවාහක තරුණියන් මීට බිය වී ඔවුන්ගේ ශරීර කෙට්ටුවීමට ද ලක් කරවයි.

බොහෝවිට යෝනි ප්‍රදේශයේ මෙම කැසීම හා ශ්‍රාව ගැලීම්වලට යෝනි ප්‍රදේශය සේදීමට වෙනිවැල් ගැට, අළුකෙසෙල් අල, මාදං පොතු සම සමව ගෙන පිරිසිදු කොට තම්බා හොඳින් පෙරා යෝනිය හා ඒ අවට හොඳින් සෝදා පිරිසුදු කිරීම සුදුසුයි.

මෙම රෝගය ඇතිවීමට පහත සඳහන් හේතු ද ප්‍රධාන වශයෙන් බලපානු ලබයි. කෑම පිට කෑම ගැනීම, අඩු වයසින් විවාහ වීම, ආශාවන් ගැන නිතර සිතීම, නිතර සීතල ආහාර (බීම වර්ග) ගැනීම, ඍතු කාලයේ සංවාසය, අවිවේකය, තරබාරුව ,පණු රෝග, ගැබ විකෘති වීම, එකිනෙකට විරුද්ධ ආහාර ගැනීම වැනි කාරණා මෙම රෝගයට හේතු වශයෙන් සඳහන් කළ හැකියි.

සුද යාම හෙවත් ශ්වේත ප්‍රදර තත්ත්වය කාන්තාවගෙන් කාන්තාවට වෙනස් විය හැකි ය. මෙම රෝගයෙන් පෙළෙන සමහර කාන්තාවන්ට මෙම ශ්‍රාවය ඉඹුල් මැලියම් හෝ කැඳ වතුර මෙන් පිටවේ. තවත් සමහර කාන්තාවන්ගෙන් පිටවන මෙම ශ්‍රාවය ඝනව කහපාටට හෝ සුදු පාටින් යුතුව දුර්ගන්ධයක් ද සහිත බවක් පෙන්වයි.

රෝගය වැලඳීමෙන් අනතුරුව කලක් පැවතීමෙන් වරින්වර උණ හට ගැනීම, තුනටියේ හා ඉකිලි වල වේදනාව, ඉකිලි සහ යෝනිය කැසීම ඇති කරවයි. කැසීම නිසා මතුවන තුවාල පැසවීමත් සමඟ ඇතිවන දැවිල්ල හා වේදනාව ඉවසා ගත නොහැකි තරම් වේ. ඔසප් විකෘති බව, ශරීර දුර්වලත්වය, රූපය වැහැරීම, යටිබඩ කලවා වේදනාව, ගර්භාෂ රෝග, හතිය, හෘදය දුර්වල බව, මලබද්ධය, හන්දි වේදනා, අධික කේන්තියාම ආදී ලක්ෂණ ඇති කරවයි. පිටවන ශ්‍රාවයන් ශරීරයේ තැවරීම නිසා එම තැවරුණු තැන්වල විශේෂයෙන් ඉකිලිය හා කලවාවල කුෂ්ට වැනි රෝග තත්ත්වයන් ඇති කරවිය හැකි ය.

මෙම රෝගය ඇති අය ඉතාම පිරිසුදුව සිටීම අත්‍යවශ්‍ය වේ. අඳින ඇඳුම් විෂබීජනාශක ද්‍රව්‍යයකින් සේදීම කළ යුතුය. යෝනි, කලවා, ගුදය යන ප්‍රදේශ උණු වතුරෙන් සේදිය යුතු වෙයි.

ඇතැම් අවස්ථාවලදී තමන්ට වැලඳී ඇත්තේ සමාජ රෝගයක් දැයි දැඩි බියක් ගෙන දෙන තරමට මෙම රෝගය උත්සන්න වන බව පෙනී යයි. එපමණක් නොව, ලජ්ජාව නිසා මෙම රෝගී තත්ත්වය වෛද්‍යවරයකුට කෙසේ පවසනු හැකි දැයි දැඩි පසුතැවිල්ලෙන් පසුවන කාන්තාවන් ද සිටින බවත්, ඒ අනුව පසුව රෝගය උත්සන්නව බරපතළ ගැටලුවලට පවා මුහුණදීමට සිදුවන අවස්ථා ද පවතින බවත්, කරන ලද සමීක්ෂණවලදී පැහැදිලි වී ඇත.

මෙම ශ්වේත ප්‍රදර රෝගය හේතුවෙන් ක්ලාන්තය, කුසගින්න නැති බව, ගත් ආහාර නොදිරවීම, බඩ පුරවා දැමීම, වියළි බව, පපුවේ ගැස්ම, ඇසිපිය යට කළුවීම, අත් සහ ඇතැම්විට මුළු ශරීරයම හිරිවැටීමට ලක්වීම, ඇස් පෙනීම දුර්වල වීම, යටිබඩ කොරවීම, හතිය, අකලට දත් සෙලවීම, විදුරු මස් දියවීම, ධාරණ ශක්තිය හා ස්මෘතිය දුර්වල වීම ඇති වේ. අවසානයේ රෝගය පිළිබඳව තමන් නොසැලකිළිමත්වීම නිසා මරණය ගොදුරුවන අවස්ථා ද දැකිය හැකිය.

රෝගය සඳහා ප්‍රතිකාර කිරීමේදී රෝග නිධානය පිළිබඳව විශේෂ අවධානය යොමු කර ක්‍රියා කිරීම අතිශය වැදගත් ය. එමෙන්ම ප්‍රතිකාර පද්ධතිය සිදු කිරීමේදී රෝග නිධාන හේතුන් අත් හැරීමට රෝගියාට උපදෙස් ලබාදීම සිදු කළ යුතු ය.

විශේෂයෙන්ම මෙම රෝගය වැලඳුණූ කාන්තාවන් පෝෂ්‍යජනක ආහාර ගැනීම අවශ්‍ය කෙරේ. දිනපතා උදේට කොළ කැඳ කෝප්පයක් පානය කිරීම, පලා වර්ග නිතර සෑම ආහාර වේලකටම එක් කර ගැනීම තුළින් හොඳ පෝෂණයක් ලැබේ. මෙබඳු රෝගීන් නිරන්තර මනස පිරිසුදුව තබා ගැනීම වැදගත් ය. ප්‍රකෝපකාරි වෛරී සිතුවිලිවලින් ඈත්විය යුතු ය. ආගමට දහමට ලැදිව කටයුතු කිරීම, උෂ්ණ වූ ගිනියම් ආහාරපානවලින් වැළකී සිටීම කළ යුතු ය.

ස්වේත ප්‍රදර රෝගය වැරදියට වටහාගන්නා අවස්ථා ද නැත්තේ නොවේ. යෝනි මාර්ගය තුළ සහ ගැබ්ගෙල වටා තිබෙන බිත්ති විශේෂය බටහිර විද්වතුන් හඳුන්වන්නේ ඍඥඨඪදචත එචතතඵ වශයෙනි. යෝනි මාර්ගය පිරිසුදුව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කරන ජලය වැනි ශ්‍රාවයන් මේ බිත්තිවලින් වෑස්සීම සිදු කෙර්.

මෙම දියරය සමහර විට කිරි පාට වශයෙන් දිස්වන අතර, එමඟින් දුගඳක් ඇති නොවේ. මේ ශ්‍රාවයේ වර්නයේ තදබල වෙනසක් හෝ දුගද හැමීමක් හෝ ඝනත්වයේ තදබල වෙනසක් මතුවුවහොත් සාමාන්‍ය සුද යාමක් පමණක් නොව ඊට එහා ගිය අවදානම් තත්ත්වයක් ද ඇති විය හැකි ය.

ඕචජබඥපඪධත මචඨඪදධඵඪඵ හෙවත් යෝනි මාර්ගය තුළ ඇති බැක්ටීරියාවල අසමතුලිත වර්ධනය වීම ඇතැම් විට දකින්නට ලැබේ. එයට හේතුව මේ දක්වා සොයාගෙන නැති බව විද්වත් පිළිගැනීමයි.

නිරෝගී යෝනි මාර්ගය තුළ බැක්ටීරියා වගේම ඊස්ට් යම් ප්‍රමාණයක් පවතී. යෝනි මාර්ගය තුළ බැක්ටීරියා වර්ධනය අසමතුලිත වූ විට ඊස්ට් සෛල දෙගුණවීමට පටන්ගනී. මේ නිසා යෝනියේ කැසීමක් හටගෙන එම ස්ථානය ඉදිමීමට ලක්වෙයි. මෙයට වහා ප්‍රතිකාර වශයෙන් අවශ්‍ය කෂාය වර්ග ආදිය ලබා නොදුනහොත් තත්ත්වය බරපතළ වනවාට කිසිදු සැකයක් නැත. එම නිසා කාන්තාවන් මේ පිළිබඳව දැඩි අවධානය යොමු කර ක්‍රියා කිරීම අවශ්‍යයි. දියබත් කෑම, තැඹිලි පානය, මුං ඇට, කිරිබත් ආහාරයට ගැනීම මේ රෝගයට සුදුසුයි. රණවරා, අමු නෙල්ලි යුෂ, රසකිඳ, පොල්පලා, ඉරමුසු, බැබිල පවනේ වෙලා තම්බා දවසට කිහිප වරක් බොන්න. රට ඉඳි, දෙළුම්, පේර, කටු අනෝදා, උගුරැස්ස ආදිය ආහාරයට ගැනීම ගුණදායකයි. එමෙන්ම කොළ කැඳ පානය කිරීම, ශරීරයේ උෂ්ණත්වය අඩුකර සහනයක් සලසා දෙයි.

ප්‍රතිකාර විධි

අධික උෂ්ණාධික තත්ත්වය නිසා සුද යනවා නම් කුෂ්මාණ්ඩ රසායනය, චන්දනාසවය, අශෝකාරිෂ්ටය, වෛද්‍ය උපදෙස් අනුව ලබා දිය හැකියි. ඊට අමතරව ගුලි, චූර්ණ දීම යෝග්‍යයි. ගර්භාෂයේ හා පැලෝපීය නාළවල ඇතුළත සිට ඇරඹුණු රෝගී තත්ත්වයක් ලෙස හඳුනාගනු ලැබුවහොත් යටිබඩ කොරවූ ගතිය, වේදනාව, උණ, කෑම අරුචිය වැනි තත්ත්වයන් හඳුනාගෙන අවශ්‍ය ප්‍රතිකාර කළ යුතුය.

ගැබ් ගෙල හා ගර්භාෂය ඇතුළත ගෙඩි හා වෙනත් අර්බුද ඇත්නම් පිටවන ශ්‍රාවයට දුර්ගන්දයක් ගෙන දෙවයි.

ශ්‍රාවය වන විට නිතර සබන් ගෑම නොකළ යුතුයි. මුත්‍රා දැවිල්ල සමඟ මෙම රෝගී තත්ත්වය පවතී නම් නීරමුල්ලිය, රණවරා මල් තම්බා බීම ගුණදායකයි. නෙල්ලි, රසකිඳ තම්බා චන්ද්‍රප්‍රභාවටී ඒ සමඟ දීම සුදුසුයි. තැඹිලි වතුරට සුදුහඳුන් කුඩු කර රැයක් තබා පානය කිරීම මෙම රෝගයට ඉතා හොඳ ප්‍රතිකාරයකි. කෙට්ටු වූ තරුණියන්ට නිවැරදි ඖෂධ ප්‍රතිකාරවලින් පසුව රටඉඳි බටර් සමඟ අනුභව කර යථාතත්ත්වයට පත් විය හැකිය. ව්‍යවනප්‍රශාව ලේහය, කුෂ්මාණ්ඩ රසායනය එළකිරි සමඟ පානය කිරීම ගුණදායකයි.

අරළු, බුළු, නෙල්ලි, රසකිඳ, හාතාවාරිය අල, දුම්මැල්ල, කටුකරෝසන, කෂාය බීම රෝගය සඳහා සුදුසු ප්‍රතිකාරයකි. විශේෂයෙන්ම උෂ්ණාධික ආහාරවලින් වැළකිය යුතුයි.

1.පළමුව සුළු විරේකයකින් ප්‍රතිකාර ඇරඹිය යුතු ය. ඒ අනුව දුම්මෑල්ල , කටු කරෝසන, හාතාවාරිය අල,අරළු, බුළු, නෙල්ලි, රසකිඳ, කලං 1 මදටිය 14 බැගින් ගෙන වතුර පත 8-1 ට සිඳුවා පෙරා වරකට පත භාගය බැගින් දෙවරට බොන්න. ප්‍රතිවාප වශයෙන් උදේට සහිඳලුණු සවසට සීනි යොදාගන්න. පළමු දින හොඳින් විරේක වුණි නම් එක් දිනක් බීම සෑහේ. නැතිනම් තව දිනක් එම කෂාය බොන්න.

 

ඉන්පසු හාතාවාරිය අල, සුදුහඳුන්, ඉරමුසු, සැවැන්දරා, ඉරිවේරිය, කූරතම්පලා මුල්, මුද්දරප්පලම්, වැල්මදට, නිල් මානෙල් අල, වැල්මී කලං 1 මදටිය 4 බැගින් ගෙන වතුර පත 8-1 ට සිඳුවා පෙරා සීනි මී පැණි දමා වරකට පත භාගය බැගින් උදේ රාත්‍රී බොන්න.

දවල් රාත්‍රී කෑමට පසු චන්දනාසවය මේස හැඳි 2 බැගින් බොන්න

බාර්ලි තැම්බූ වතුරින් දිනකට දෙවරක් ආහාරයට පසු චන්ද්‍රප්‍රභාවටී දෙක බැගින් බොන්න.

මලබද්ධය පවතී නම් රාත්‍රී නින්දට පෙර ධාත්‍රී චූර්ණය තේ හැඳි 2 ක් කෝපි මෙන් වත්කර බොන්න. නැතහොත් ත්‍රිපලා පෙති දෙකක් බොන්න.

මීට අමතරව වැල්පෙනෙල, පොල්පලා, ඉඟිනි ඇට, සුදුහඳුන් කෂාය, සීනි ගිතෙල් සමඟ බීම, කළු උක් මද, පොල්පලා, ඉඟිනි ඇට, කෂාය, වැටකේ බඩ, නෙළුම් අල, අළුකෙසෙල් අල, ඉරමුසු මුල් කෂාය ඉතාම ගුණදායකයි.

2 විරේකය 1 - අරළු කලං 6 යි, කළු සීනි කලං 3 යි, මේවා ගෙන සවස තැඹිලි ගෙඩියේ දමා ඇබ ගසා දමා උදේට හත් වරක් පෙරා බොන්න.

විරේකය 2, දුම්මැල්ල, හාතාවාරිය, අරළු, බුළු, නෙල්ලි, කටුකරෝසන, රසකිද මේවා කලං 1 මංචාඩි 14 බැගින් ගෙන වතුර පත 8-1 ට සිඳ පෙරා දෙවේලට බොන්න. බඩඑළිය යාම අඩු නම් උදේට එරඬු තෙල් හා සවසට මී පැණි දමා බොන්න.

කෂායක් – සුදුහඳුන්, ඉඟිනි ඇට, කැහිපිත්තන් කොළ , සවන්න මුල්, මේවා කලං 3 බැගින් ගෙන සිනිඳුවට අඹරා සවස තැඹිලි ගෙඩියක දමා උදේට පෙරා කිතුල් හකුරු දමා බොන්න.

ඊටම – නාපිරිත්ත කොළ කොටා යුෂ මිරිකා පීරිසි කෝප්පයක් පමණ ගෙන ඊට ඉඟිනි ඇට හා සුදුහඳුන් ස්වල්පයක් ගලගා දමා රැයක් තබා උදේ හිස් බඩ කිතුල් හකුරු සමඟින් පානය කරන්න.

ඊටම – රණවරා ගසේ පස් පංගුව තම්බා පෙරා පීරිසි කෝප්ප භාගය බැගින් දිනකට දෙවරක් බැගින් කිහිප දිනක් පානය කරන්න.

ඊටම – බෝ පොතු, කුඹුක් පොතු සමවගෙන කොටා ගත් යුෂ පත 8-1 ට සිඳ නෙල්ලි කුඩු සමඟ බොන්න.

ඊටම – ළපටි අත්තික්කා ගෙඩි වියළා කලං 12 ක් ගෙන වතුර කාල් අට කාලට සිඳුවා ගිතෙල් ස්වල්පයක් ලා දින කිහිපයක් බීමෙන් රක්ත, ස්වේත ප්‍රදර, ඇඟ උණුකරවා යාම, සෙම් රෝග සුව වේ.

ඊටම – කපු ඇට මද, ඉඟිනි ඇට, රණවරා ඇට, අරළු සමවගෙන සිනිඳුවට අඹරා එළබටු ගෙඩියක් පමණ ගුලිකර උදේ සවස එළකිරි කාලකට ගුලියක් දියකර බොන්න.

ඊටම – අශෝක පොතු කිරි කෂාය හෝ ඍතය දෙන්න.

ඊටම – බෝ පොතු තැම්බූ වතුරින් දිය මෙනේරිය දලු අඹරා එයින්ම බීමට දෙන්න.

ඊටම – රණවරා මල් පොට්ටනියක් හෝ වැටියක් යෝනි මාර්ගය තුළ තබන්න.

ඊටම – අළු කෙසෙල් අල කොටා මිරිකාගත් යුෂ වරකට සීනි මී පැණි දමා බොන්න.

ඊටම – පොල් මල් තම්බා ගත් වතුර පානය කරන්න.

ඊටම – “නුහුරේ මුතු ද ගෙන ළදු උපමා නෙතු ද

රාජ නෙරුට ළා පුප් මාදං පොතු ද

අළු රඹ මූල කහ ගැට සිඳ ලා මදු ද

දුන කිලිමාලෙ මෙයින් සත් නොනිදෙයි ද” වශයෙන්.

නුහුරේ මුතු – (වම්මුතු) කළාඳුරු අල ද, ළදු උපමා නෙත් – නිල් මානෙල් අල ද, රාජ නෙරළු පුප්,– තැඹිලි ලා මල් ද, මාදං පොතු ද, අලු රඹ මූල –අළු කෙසෙල් අල ද, කහ ගැට – වෙනිවැල් ගැට ද යනාදිය කෂාය කර මී පැණි දමා බීමෙන් කාන්තාවන්ගේ කිලී මාලය රෝගය සුවවන බවයි.

ඊටම – අත්තික්කා ගෙඩි,පොතු , කොළ , නැටි, මේ සැම කොටා යුෂ ගෙන මී පැණි සමඟ දුන්විට කාන්තාවන්ගේ කිලි මාලය සුව වේ.

ඊටම – අමු නෙල්ලි ගෙඩි 06 ක් පමණ ගෙන තලා ඊට මී පැණි තේ හැන්දක් මිශ්‍ර කර හොඳින් කළවම් කර කෑමට පසු ආහාරයට ගන්න.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 15 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.