හෘදයාබාධ අවදානමට ගොරකා

අප්‍රේල් 2, 2021

ඉපැරණි ආයුර්වේද පොත්වල සඳහන් වන ආකාරයට වේතසාම්ල , වෘක්ෂාම්ල ඖෂධ ද්‍රව්‍ය දෙකකි. පැරණි ආයුර්වේදයේදී මෙය තිබුණත් දැන් ඒවා නැත. අද ඖෂධ නිෂ්පාදනයේදී යෙදාගන්නේ ගොරකාය. ගොරකා ලෙල්ල, ගහේ පොතු, කොළ මැලියම් මේ සඳහා යොදා ගනී. අම්ල ද්‍රව්‍යය හදවතට ඉතාමත් හිතකරය.

 

රසකාරක කුළුබඩුවක් ලෙස ගොරකා හැඳින්වේ. මාළු, මස් ආදී ආහාර පිසීම සඳහා ගොරකා භාවිතා කරනු ලැබේ. ඈත අතීතයේ පටන් කාන්තාවෝ නිරන්තරයෙන්ම කුළුබඩුවක් වන ගොරකා තුළ පවතින “හිස්ටමින්” නැමැති රසායනික ද්‍රව්‍යය නිසාවෙන් ද විශ්වාසය තැබූහ. පුස් වර්ග, බැක්ටීරියා නැති කිරීමේ ගුණය නිසාවෙන් ද මීට අමතරව ඇඹුල් රසයක් සේම ආහාර කල් තබා ගැනීමේ ගුණයක් ද ගොරකා තුළ පවතී. මේ නිසා හෘදයාබාධ අවදානමට ගොරකා හොඳ බෙහෙතකි.

 

මේ වෙනකොට වසර විසිපහකට පමණ පෙර කුස්සියේ ලිප ළඟ තිබුණ ගොරක පිරුණු මුට්ටිය දැන් දකින්නට නැත. එක එක දේවල් වේලන දුම්මැස්ස දකින්නට නැත. ගොරක පේස්ට්, ගොරකා ක්‍රීම් විවිධ යන්ත්‍රවලින් අඹරා ගත් සුවඳ කවන ලද ගොරක ආලේපන වර්ග, පෙති කරල්, සිරප් ක්‍රීම් විවිධ රූපලාවණ්‍යයට ඇති ද්‍රාවණ වර්ග මේ වෙනකොට වෙළඳ පොළට අලෙවිය සඳහා නිෂ්පාදනය කර ඇත.

ගෘහනියක් ආහාර පිසීමට භාවිතා කරන ගොරකා සත්තකින්ම කුළුබඩුවක් පමණක් නොවේ. රෝග රැසකට හොඳ වේදනා නාශකයක් ද වේ.

උද්භිද විද්‍යාත්මකව හඳුන්වනු ලබන්නේ ට්චපඥඪදඪච ජචථඡධඨඪච ච්ඥඵපධභඵඵ වේ.

සිංහලෙන් – ගොරක

දෙමළෙන් – කොරක්කායිපුලි, කොරුක්කායි

හින්දියෙන් – කොකම්

මලයාලම් – පුනාමි පුල්ලි

ඉංගී‍්‍රසියෙන් - ඛ්ඩධඪජර,ඬධඬචථ ඡභබබඥප බපඥඥ

සංස්කෘත – මධුරාමිල

කුලය – ඛ්භඵඪචජඥචඥ

ගොරකා ශාකය මීටර 25 ක් පමණ උසට වැඩේ. සදාහරිත ශාකයකි. කඳේ පිට පොත්ත රළුය. තද දුඹුරු පැහැතිය. ළපටි ශාකවල පොත්ත සිනිඳුය. පත්‍ර සරලය. පත්‍රයක දිග සෙ.මී. 5 -15 පමණ දිගය. පුෂ්ප හට ගන්නේ මාර්තු කාල සීමාවේය. පුෂ්ප ස්ත්‍රිය හා පුරුෂ පුෂ්ප වෙන් වෙන් ශාකවල හටගනී. ගොරක වර්ග හතරකි.

1. රතු ගොරකා 2.රට ගොරකා 3. ඵල ගොරකා 4.මල් ගොරකා

ගොරකා සඳහා විශේෂයෙන් පොහොර යෙදීමට අවශ්‍ය නොවේ. ගොරක ශාකය අවට පෙදෙස වල් පැළවලින් තොරව තබා ගැනීම වැදගත්ය. ගොරකා ශාකය බරපතළ රෝග හා පළිබෝධ උවදුරුවලින් තොරය. ප්‍රථම ඵලදාව ලබාගත හැකිවන්නේ වසර හතක් පමණ පසුවය.

ඉපැරණි ආයුර්වේද පොත්වල සඳහන් වන ආකාරයට වේතසාම්ල , වෘක්ෂාම්ල ඖෂධ ද්‍රව්‍ය දෙකකි. පැරණි ආයුර්වේදයේදී මෙය තිබුණත් දැන් ඒවා නැත. අද ඖෂධ නිෂ්පාදනයේදී යෙදාගන්නේ ගොරකාය. ගොරකා ලෙල්ල, ගහේ පොතු, කොළ මැලියම් මේ සඳහා යොදා ගනී. අම්ල ද්‍රව්‍යය හදවතට ඉතාමත් හිතකරය. සුවදායකය. එබැවින් ගොරකා මිශ්‍ර දේශීය ඖෂධ භාවිත කිරීමෙන් හෘදයාබාධ ආදි රෝග රැසක් සුව වන බවට පර්යේෂණ මට්ටමෙන් තහවුරු කර ඇත. ළමයින්ගේ, යොවුන් පරපුරේ, මැදිවයස අයගේ, මහලු අයගේ අනවශ්‍ය තෙල් තැන්පත්වීම මග හරවයි. ඒ හරහා අධික තරබාරු වීම වැළැක්වීමේ හැකියාවක් ද තිබේ. මේ නිසා ගොරකා සිංහල ආයුර්වේදයේ බෙහෙතක් වුවත් ඉංගී‍්‍රසි වෛද්‍ය ක්‍රමයට ද මේ වන විට ඉතා වටිනා බෙහෙතක් බවට හොඳ ඉල්ලුමක් ඇත. හෘදයේ ඇති ධමනි මත මේදය තැන්පත්වීම ගොරකා ඖෂධය මඟින් වළක්වනු ලබයි.

අප ගොරකා අනුභව කරන්නේ පැරණි යුගයේ සිට එන ඇඹුල් රසය නිසාය. එය අපට හුරු රස කෑමකි. නමුත් දියවැඩියා රෝගීන්ට ගොරකා මඟින් නිෂ්පාදිත ඖෂධ කෑම වර්ග, බීම වර්ග, ජෑම් වර්ග ඉතා සුදුසුය.

බොහෝ දෙනෙකුට දුර ගමනක් ගිය විටදී, වෙහෙස වී කන්දක් නැග්ග විටදී හන්දිපත් රුදාව ඇති වීම හෝ කකුල් කැක්කුම ඇතිවීම සිදුවේ. ගොරකා වතුර භාජනයකට දමා (කැබලි හයක් පමණ) තැම්බූ වතුරෙන් කකුල් සේදිය යුතුය. මෙම තැම්බූ ගොරකා බික් හය පොට්ටනියක් සාදා උණුසුම් වතුරෙන් තැවිය යුතුය. එවිට සුවය ලැබේ.

අකලට දත් සෙලවීම, දත් කැක්කුම, අධික මුඛයෙන් එන දුර්ගන්ධය, දත්වල මැලියම් බැඳීම, විදුරු මැස් දියවීම, සෙම් ගෙඩි ආදි රෝග රැසක් සඳහා ද සුවය සලසන ඖෂධයක් ලෙසට ද ගොරකා උපකාරි වේ.

අද විද්‍යාත්මක සමාජයේ හිරුඑළිය මඟින් ගොරක වියළීමට පුරුදු වී සිටිති. නමුත් ගොරකා ශාකයේ නියම ඖෂධීය ගුණය ලැබිය හැක්කේ දුම්මැස්ස මත තබා වියළීමෙනි. එසේ වියළා ගන්නා ලද ගොරකාවලට ලුණුූ කැට දමා වසර පහකට වඩා වැඩි කාලයක් වුවද තබා ගැනීමට පුළුවන.

සුරාවට පුරුදුවු පුද්ගලයන්ගේ මද්‍යසාර විෂ නැසීමට ද ගොරකා නියම බෙහෙතයි. මද්‍යසාර ගන්නා පුද්ගලයන්ගේ අක්මාවට මද්‍යසාර විෂ නිසාවෙන් බරපතළ හානියක් සිදුවේ. මෙසේ සිදුවන්නේ මද්‍යසාර ලේ සමඟ මුසුවීමෙනි. මද්‍යසාර නැසීමට ආයුර්වේද මණ්ඩලය විශේෂ කෂායක් නිපදවා තිබේ. එය බර්ජුරාදි වන්ථය ය. මෙහි ගොරකා ඖෂධය අන්තර්ගතය. මෙය මද්‍යසාර ගන්නා අයෙකුට බීමත්කම නැතිකර ගත හැකිය. තමන්ට ඒ සඳහා හොඳ ආත්ම ශක්තියක් තිබිය යුතුය.

ගොරකා ගෙඩිය බික් 6 -8 ප්‍රමාණයක් තිබේ. මෙසේ බෙදී ඇති බාහිරාවරණය මාංශලමය ස්වභාවයකින් යුක්ත වේ. ඉදෙන විට එය කහ පැහැයට හැරේ. ආහාර පිසීමේදී විශේෂයෙන්ම මාළු ඇඹුල්තියල් කිරීමේදි ගොරක භාවිත කිරීමට ගෘහනියන් පුරුදු වී සිටියි. මාළු ජාඩි දැමීමට ගොරකා සහ ලුණු යොදාගනී.

මීට අමතරව ඖෂධීය ගුණැති තැම්බුම් හොද්දක් සෑදීම සඳහා සූදුරු, කොත්තමල්ලි කෑලි සිටින සේ තලා ගම්මිරිස් ඇට කිහිපයක් සුදුළූනු බික් කීපයක්, කරපිංචා ටිකක්, ගොරක බික් 5 ක් දමා තැම්බුම් හොද්දක් පිළියෙල කිරීමට ගම්බද හොඳට පුරුදුය. තැම්බුම් හොද්ද නිතර ගන්නවා නම් ගුණදායකයි. මෙය ගොරකා ඇඹුල අයිතිවී තිබීම ද විශේෂයි.

ශරීර ක්‍රියාකාරිත්වය - ගොරක ශාකයේ කොටස්

අතීසාරයට - ඵලය, පත්‍ර, ලෙල්ල

ආම්ලිකතාවයට - පත්‍ර, ලෙල්ල

තරබාරුකමට – ඵලය

ඇදුමට –  ඵලය

අක්මා ආරක්ෂකය ලෙස – ඵලය

තුවාල වලට –  ගොරකා ක්‍රීම් ලෙස සාදා

අධික දහඩියට – ගොරකා ක්‍රීම් ලෙස සාදා

ආහාර ජීර්ණයට – ගොරකා ක්‍රීම් ලෙස සාදා

 

 

ආර්.බී. ලෙනෝරා

ඔසු තුරු පදනම

ආර්.සනත් ලෙනෝරා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 15 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.