මුහුණේ එළිය වඩන කහ

ඔක්තෝබර් 8, 2021

අපේ ආයුර්වේදයේ ඉගැන්වීම අනුව ශරීරයේ අභ්‍යන්තරිකව සහ බාහිරව ඇතිවන දිලීර බැක්ටීරියා සහ වෛරස් ආසාදනවලට එරෙහිව මර්දනය කිරීම සහ සටන් කිරීමේ ගුණයක් කහ සතුව ඇත.

 

කාන්තාවන් මුහුණදෙන ප්‍රධාන ගැටලුව වන්නේ මුහුණ කොතෙක් පිරිසුදු බවක් ගත්තත් එය අඳුරු පාටක් ගැනීමය. ඇතැම් විට එයට හේතුව ළඟ තියෙන විලාසිතා බෑග් එකේ කැඩපත විය හැක. එය පිටතට ගෙන ලේන්සුවෙන් පිසදා නැවත මුහුණ බලයි. තවත් විටක එයට හේතුව ඇය භාවිත කරන ආලේපන වර්ගද විය හැකි ය.

 

ආයුර්වේද වෙද පොතේ ඖෂධයක් වන කහ නිවැරදිව වියළීම ඖෂධීය ගුණය වැඩි කරවයි. ගෘහණියන් මිරිස් තවරාගෙන අතේ ඇඟිලිවල, අල්ලේ තැවරුණු මිරිස් සමඟ ඔට්ටුවන්නී ය. කහ අද බොහෝ දෙනෙකු නිසි ලෙස වියළා ගන්නා ආකාරය නොදන්නා කරුණක් වන්නේ ය. මුළුතැන්ගෙයි ඔට්ටුවන ගෘහණියට කහ නොමැතිව වෑංජනයක් නීරසය. 

 

 

මුහුණේ එවැනි අඳුරු ගතියක් පෙනෙයි නම් සමේ ආලේප කර ඇති දෙය ගැන අහිතක් දැනේ. එදිනට මුහුණ ලස්සන කිරීමට ඔට්ටුවෙන හැටි මුහුණේ ඔබට මතුවන ඉරියව්වලින් බලා ගන්න පුළුවන්.

මුහුණෙන් එවැනි අඳුරු ගතියක් පෙනෙයි නම් හොඳින් වියලුණු කහ කුඩු, පිරිසුදු සුදු හඳුන් කුඩු, කොකුම් පොතු සමව ගෙන අඹරා (පිරිසුදු ජලය ගෙන) සතියකට දෙවරක් මුහුණේ සහ බෙල්ලේ ආලේප කර පැයක් පමණ තබා සෝදා හැරිය යුතු ය. අඳුරු පැහැය නැතිවේ. සම දීප්තිමත් වේ. සමට හොඳින් ලෙළ දෙන ශක්තියක් ලැබේ. පැරණි වෛද්‍ය පොත්වල (පුස්කොළ පොත්වල) සඳහන් ආකාරයට ඈත අතීතයේ රජවරුන්, බිසෝවරුන්, කුමර කුමරියන් පවා රූපලාවණ කටයුතුවලදී කහ සහ සුදු හඳුන් භාවිතා කර ඇත.

ආයුර්වේද වෙද පොතේ ඖෂධයක් වන කහ නිවැරදිව වියළීම ඖෂධීය ගුණය වැඩි කරවයි. ගෘහණියන් මිරිස් තවරාගෙන අතේ ඇඟිලිවල, අල්ලේ තැවරුණු මිරිස් සමඟ ඔට්ටුවන්නී ය. කහ අද බොහෝ දෙනෙකු නිසි ලෙස වියළා ගන්නා ආකාරය නොදන්නා කරුණක් වන්නේ ය. මුළුතැන්ගෙයි ඔට්ටුවන ගෘහණියට කහ නොමැතිව වෑංජනයක් නීරසය.

කහ පැළෑටිය රයිසෝමයකි. නිජබිම දකුණු ආසියාවය. ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංගලාදේශය, නේපාලය, පකිස්ථානය, චීනය, ඉන්දුනීසියාව, වියට්නාමය, දකුණු අපි‍්‍රකාව, ඔස්ට්‍රේලියාව, නිවර්තන කලාපීය රටවල වගා කෙරේ.

ශ්‍රී ලංකාව කහ ඉන්දියාවෙන් ආනයනය නොකරයි. කෑගල්ල, දෙහිඕවිට, මැල්සිරිපුර, දඹුල්ල, කැකිරාව, අනුරාධපුරය, වැලිකන්ද, මැදවච්චිය, ත්‍රිකුණාමලය, වව්නියාව, දැනට සරුවට වගා කරති.

අපේ ආයුර්වේදයේ ඉගැන්වීම අනුව ශරීරයේ අභ්‍යන්තරිකව සහ බාහිරව ඇතිවන දිලීර බැක්ටීරියා සහ වෛරස් ආසාදනවලට එරෙහිව මර්දනය කිරීම සහ සටන් කිරීමේ ගුණයක් කහ සතුව ඇත. වාත සමනයට ගුණදායක කහ පිත වර්ධනය කිරීමට ගුණදායක බැවින් ගැස්ට්‍රයිටිස් රෝගීන්ට මෙන්ම පිත්තාශයේ ගල් ඇතිවන රෝගීන්ට කහ එතරම් සුදුසු නැත. පීනස් රෝගයෙන් පෙළෙන්නන්ට වියළි කහ කුඩු, වියළි ඉඟුරු කුඩු, තැඹිලි ගෙඩියක දමා, රැයක් පමණ තබා හිස්බඩ පානය කිරීමෙන් ගුණදායක වේ. මෙය නිරෝගී පුද්ගලයකු සතියකට වරක් ගැනීමෙන් ගුණදායක බව ආයුර්වේද වෙද පොත්වල සඳහන් වේ.

ආයුර්වේද ඖෂධයක්වන කහ නිවැරැදිව වියලා ගත යුතු ය. එසේ වියළීමෙන් කහවල ඔසු ගුණය වැඩි කරවන කාර්යයකි. කහ කැබලි කීපයක් ගෙන ජලය දැමූ මැටි මුට්ටියකට පිරිසුදු රෙදි කඩකින් වසා එම රෙදි කඩ මත කහ කැබලි තබා තවත් ලොකු මුට්ටියකින් වසා කහ කැබලි හුමාලයෙන් තම්බා ගත යුතුව ඇත. කහ තැම්බීමට පැය 4 ක් පමණ කහ කැබලි හුමාලයෙන් මෙලෙක් වූ පසු ලිපෙන් බාගත යුතුව ඇත. අනතුරුව කහ පොත්ත ගලවා විසිකර හොඳ කහ කැබලි එකතු කර ගත යුතුයි.

දින පහක් පමණ තද අව්වේ හොඳින් වියළා ගත යුතු ය. ඉස්තරම්ම වියැලුණු කහ කැබලි ගෙන වාතාශ්‍රය නොවදින හැලියකට දමා වියළි කහ අවශ්‍ය මොහොතකදී ප්‍රයෝජනයට ගැනීම ඉතාමත් යෝග්‍ය වේ.

අතීත ගැමියන් ඉලව් ගෙයක් වූ විට සියල්ල අවසන් වී එම දේහය තිබූ ස්ථානයට කහ දියර ඉසීම සංස්කෘතික අංගයන් ලෙස සිදු කළද වත්මන් පර්යේෂණවලින් තහවුරු වී ඇත්තේ ද එම ක්‍රියාවලියේ අවසන් ප්‍රතිඵලය වනුයේ විෂබීජ හරණයයි.

හෙළ අයුර්වේදයට අනුව කහ වර්ග හතරක් තිබේ. අත්කහ, අමිල කහ ( අඹ කහ), කර්පුර කහ, කස්තුරි කහ පුද්ගල ශරීරයේ හටගන්නා බාහිර රෝග පීඩාවලට සේම අභ්‍යන්තර රෝග රැසකට ද කහ වටිනා ඖෂධයක් වේ. මේ අතර අපට නිතර හැදෙන ලෙඩ අතුරින් කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, හිසේ කැක්කුම, ආහාර අපි‍්‍රයතාවය, ආහාර විෂවීම, ආහාර අරුචිය, ආදී රෝග රැසකට කහ හොඳ ඔසුවකි. පීනස, ඇදුම, නහයෙ බරගතිය පීඩා විඳින අයෙකුට වියළි කහ කුඩු ස්වල්පයක් දිනපතා උදෑසන මී පැණි ස්වල්පයක් සමඟ බීම ඉතාමත් ගුණදායකය. එමෙන්ම අසනීප ගතියක් නිසා හෝ විවිධ හේතූන් මත කෑම අරුචිය හට ගැනීමට පුළුවන. එවැනි අවස්ථාවකදී කහ කුඩු තේ හැන්දක ප්‍රමාණයක් ගෙන මෝරු සමඟ පානය කිරීමෙන් එවේලේම ගුණ ලැබිය හැක.

අමු කහ තම්බා, අව්රශ්මියෙන් වියළා ගැනීමෙන් ඖෂධ ගුණයෙන් ඉහළ කහ ලබාගත හැක. අව්වේ වියළීමෙන් ලබා ගන්නා කහවලට වඩා තම්බා වියළීමෙන් ලබා ගන්නා කහවලට ඉහළම ඉල්ලුමක් ලැබී තිබේ. හින්දු භක්තිකයන් තම සියලු දේව පුජාවන් සඳහා ද මංගල පූජා සඳහා ද අවමංගල පූජා සඳහා ද ගනු ලබන්නේ සුද්ධ පවිත්‍ර කළ තම්බන ලද කහය. හින්දු භක්තිකයින් මේ කහවලට දෙවියන් වරම් දී ඇතැයි සැලකේ.

ඉන්දියාවේ සමහර ජනතාව ආහාර එතීම සඳහා ද භාවිතා කරන්නේ මේ කහ දියර යෙදූ හින්දු භක්තීන්ගේ කහය.

සැරව ගෙඩි, කුරුලෑ ගෙඩි, විසප්පු ගෙඩි, තුවාල ආදියට ද කහ හොඳ වේදනා නාශකයකි. මීට අමතරව කහ සිසිල් ගුණයෙන් පිරි ඖෂධයකි. එසේම ශරීරයේ හටගත් බාහිර රෝග පීඩා වන ඉදිමුම්, කුෂ්ඨ රෝගයකින් යමෙක් පෙළෙන්නේ නම් වියළි කහ කැබැල්ලක් ගෙන හොඳින් කුඩුකර අළු ගෙන ඇල්දියෙන් අඹරා සැරව ගෙඩිය මත ආලේප කළ යුතු ය. සැරව ගෙඩිය පිපිරී වේදනාව නැතිවී ඉක්මන් සුවයක් ලැබීමට එය කදිම ආලේපයකි.

කහ පැළෑටියේ රයිසෝමය, දියවැඩියාව සඳහා ප්‍රතිකාරවලදී යොදා ගැනේ. කහ සහ නෙල්ලි නිස්සාරකවලදී එකතුවක් ලෙස වතාවත් කිරීමටත් මීට අමතරව හින්දු ජාතිකයින් කෝවිල් වලට ගෙනයෑමට භක්ති වන්තව කටයුතු කරයි. තවත් මේ මල් ගැන විසිතුරු මවන පිරිසක් මේ ලෝකයම පුරාම සිටිති. ඒ මල්වලට ආශා කරන මල්වලට අගය ඇති මල් මෙන් හිතක් ඇති කාන්තාවන් ය.

 

ආයුර්වේද වෛද්‍යාචාර්ය

කමල් බන්දුල වීරප්පෙරුම

 

පිටපත

ආර්. සනත් ලෙනෝරා

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.