දරු ප්‍රසූතිය පහසු කරලන බෙහෙත්

දෙසැම්බර් 10, 2021

දරුවකු මෙලොවට බිහි කරලීම යනු මවක වශයෙන් මහත් වේදනාවක් උසුලන්නකි. ස්ත්‍රියක විසින් උසුලනු ලබන අතිශය වේදනා සහගත කාර්යභාරය එයයි. ශාන්තිනායක බුදුපියාණන් වහන්සේ අංගුලිමාල මහරහතන් වහන්සේට අංගුලිමාල මහරහතන් වහන්සේ ආර්ය ජාතියට පත් වූ පසු කුරා කුහුඹියකුගේවත් ජීවිතයට හානියක් නොකිරීමේ සත්‍ය බලයෙන් දරු ප්‍රසූතිය පහසුවෙන් සිදුවීම පිණිස ඒ කරුණු ගැබ්වූ අංගුලිමාල පිරිත දෙවා වදාළහ. ඒ සත්‍ය ක්‍රියා පිරිත අනුහසින් දරු ප්‍රසූතිය පහසු විය. අදත් ගැබිනි කාන්තාවට අංගුලිමාල පිරිත දේශනා කිරීමේ චාරිත්‍රය දක්නට වෙයි. අපේ දේශීය වෛද්‍ය ශාස්ත්‍රයේ දරු ප්‍රසූතිය පහසු කරලීම සඳහා විවිධ බෙහෙත් වර්ග මෙන්ම කෙම් ක්‍රම වෙයි.

මදුත් මදුත් සරත් මදුත්

වගුත් වදත් නිමල් මදත්

මෙදත් බෙහෙත් ගෙනත් යොදත්

වදත් වදත් වහා ව දත්

 

දරු ප්‍රසූතිය පිළිබඳ මහත් වූ වේදනාව දුරලා පහසු ප්‍රසූතිය පිණිස නිසි වෙදක්‍රමයෙන් දීමට උපයෝගි කරගත කෑම අරුචිය ආදී බොහෝ රෝග සංසිඳෙන බව පෙන්වා දෙයි.

 

මිදිකර ඇටගෙන උණුදියරෙහිලා පදම බලාලා බා ගන්නේ

වැඩිපුර කොටලා පිටිගෙනලිප් ගල් දෙකට දෙපය දී ඉඳ ගන්නේ

වැඩිපුර ඉඩ ඇති බඳුනක වත්කර තද උණුසුම් පිටි පිටි ලන්නේ

කඩිනම් කර හොඳ ගැට නොගැසෙන්නට හනිකට කලවම් කර මින්නේ

 

ඔරු පදිනා ලෙද ඇද ඇද පතුගා දියවර තුනකින් තම්බන් නේ

තරු පෙනෙනා ලෙස ඇස්වල දුම් වැද පදම බලාලා බා ගන් නේ

බොරු නොවෙනා ලෙස ලෙලි නැති පොල්ගෙඩි තරමට ගුලි කරවා ගන් නේ

ඔරු දමනා ලෙස මාත්තු සමඟින් මද උණුසුම් පිට වළඳන්නේ

 

මිරිස් ඇඹුල් ලුණු සමබර තිබ්බොටු හොද්දෙන් දඩමසෙයෙන් කෑවයි

සුරුස් ගාන පවතින සෙම් කැසි මුසු විස මේහය හරිසස් මේ වයි

හරස් අතට බණ්ඩිය බේරීමද හන්දිකෙටුම ඉදිමුන් මේ වයි

සරස් කියා ගුණ වෙයි මේ කී ලෙඩ තද බඩගින්නට අත්දුටු වයි

 

ඒ පිළිබඳ කිසිදු බියක් ඇති කර නොගත යුතු බව මෙම බෙහෙත ඔස්සේ හඟවයි.

රහස් කර කියමි බෙහෙතක් බඩ මළ දරු කුණ වැටෙන් ට

අහස් උසට දුනත් තෑගි නොකියන් ලොව පැතිර යන් ට

රහස් ලෙසින් ගෙන නිඹ පොතු සහ පොල් මිරිකා ගන් ට

රහස් කමින් උණුකර තෙල් දීපන් දරු කුණ වැටෙන් ට

 

කොහොඹ පොතු මිටක්, පැහිච්ච පොල් බෑයක කුඩුත් සමඟ හොඳින් කොටා මිරිකා පෙරා තෙල් සිඳ දරුමළ ගර්භිණී කාන්තාවට බීමට දීමෙන් මළ දරු කුණ පහසුවෙන් ප්‍රසූත වනු ඇත.

 

කලාභූෂණ, ශාසනදීපන, සාහිත්‍ය කීර්ති ආචාර්ය

සිරිපාල මාදුවගේ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.