පක්ෂාඝාතය හෙවත් අංශභාගය

දෙසැම්බර් 17, 2021

නීරෝගි බව උතුම්ම ධනයයි යන කියමන නිසාම පක්ෂාඝාත රෝගය එසේ නොමැති නම් අංශභාගය ලෙස කොයි කවුරුත් අතර ජනපි‍්‍රයම ඇති රෝගීතාවය ඇතිවීමට පෙර වළක්වා ගන්නා අයුරු හා මෙම රෝගී තත්වයට හේතු පාදක වන කරුණු පිළිබඳ දැනුවත් වී සිටීම ලොකු කුඩා වයස් භේදයකින් තොරව ඉතා වැදගත් මාතෘකාවක් ලෙස දැක්විය හැක.

පක්ෂාඝාතය, අංශභාගය, ආඝාතය, පක්ෂාවදය, ඒකාංගඝාතය ආදී මේ කොයි නමිනුත් හැඳින්වෙන මෙම රෝගී තත්ත්වය නූතන සමාජයේ බහුලව දක්නට ලැබෙන රෝගයක් වී හමාරවී ඇත.

මූලිකවම පක්ෂාඝාතය ඇතිවීමට හේතු පාදක වන කරුණුූ කිහිපයක් තිබෙන අතර ඒ,

1.මස්තිෂ්කයේ රුධිර නාළයක ලේ කැටියක් සිරවීම

2.මස්තිෂ්කයේ රුධිර නාළයක ලේ කැටියක් සිරවීම හේතුවෙන් එම නාළය පුපුරායාම

3.ගෙඩියක් හෝ අර්බුදයක් වැනි තත්ත්වයක් ඇතිවීම යන ආකාරයන් ත්‍රිත්වය නිසා මස්තිෂ්කයේ ඊට අදාළ ප්‍රදේශයන්ට සිදුවන රුධිර සැපයුමේ අඩාළවීම නිසා ඇතිවන ක්‍රියා හානියෙන් එම මස්තිෂ්ක ගෝලාර්ධයට ප්‍රතිවිරුද්ධ පස ශරීරයේ සිතා මතා කරන ක්‍රියාවන් තවදුරටත් කිරීමට නොහැකිවීම සිදුවී මෙම රෝගාබාධය ඇතිවේ.

මොළයේ ලේ කැටි ඇතිවීමට බලපාන කරුණු

අධික රුධිර පීඩනය, අල්ප රුධිර පීඩනය, ධමණිඝාත කඨිනතාව (ධමණිවල රුධිරය ඝනකම් වීම) රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළයාම, අධික දුම්පානය , මත්පැන් භාවිතය, බුලත් සැපීම, දියවැඩියාව, පුරාණ වෘක්ක ප්‍රදාහය ආදී කරුණු නිසා ඇතිවේ.

වැටීම්, හිස වැදීම් , හිසට පහර වැදීම්, හිසට සිදුවන හදිසි අනතුරකි. විවිධ විකිරණශීලි අවස්ථාවන්ට නිතර නිතර එක එල්ලේ නිරාවරණය වීම් ආදි හේතු වේ.

අධික රුධිර පීඩනය පවතින රෝගියකුගේ රුධිර නාළිකා තුළින් නිතර වැඩි පීඩනයකින් රුධිරය පරිවහනය වන බැවින් හෘදය තුළ ලේ කැටියක් සෑදී එය රුධිර නාළ තුළ අවරෝධවීමෙන් රුධිර නාළය පුපුරා යෑමෙන් ද, අඩු රුධීර පීඩනයෙන් පෙළෙන අයෙකුගේ රුධිර නාලිකා නිතරම හැකිළුනු ස්වරූපයෙන් පවතින නිසා එවැනි ලේ කැටියක් ඇතිවීම පහසු බවත් එම ලේ කැටිය ගොස් නාලිකා තුළ සිරවීමෙන් ද මෙම රෝගී තත්වය ඇතිවෙන බැවින් පක්ෂාඝාත රෝගයට රුධිර පීඩනයේ වෙනස කෙසේ හෝ හේතුවන බව දැන් ඔබට පැහැදිලි වී ඇත. මෙලෙස ලේ කැටියක් හේතුවෙන් මෙම රෝගයට ගොදුරු වන රෝගියා බොහෝ විට දින කිහිපයක පටන් තීව්‍ර හිසරදයෙන් පෙළීම දැකිය හැකිවීම සුලබවීම ද මෙලෙස අංශභාග තත්ත්වයට පත්වන රෝගීන්ගෙන් බහුතරයක් රාත්‍රියේ නින්දට ගොස් පසුදා උදෑසන ඇඳෙන් නැඟිට ගැනීමට නොහැකිසේ එක් තැන්වීම ද ප්‍රචලිත වී ඇත.

පක්ෂාඝාත රෝග ලක්ෂණ

ශරීරයේ ආක්‍රාන්ත වූ පසේ ක්‍රියාවන් නොමැතිවීම, ආක්‍රාන්ත පසේ හිරිය , මුඛය පැත්තට යාම, නොදැනී මල මුත්‍ර පිටවීම, ඇතැමුන්ට මුත්‍ර අවරෝධය ද, රුධිර පීඩනය වැඩිවීම , කතාව අපහසුවීම හෝ කථාකිරීම නොහැකිවීම, රෝගියාගෙන් වක් වූ බවක් දර්ශනය වීම, කතාකරන විට නෙත් පියවීම, එසවූ දිව මඳක් අප්‍රාණිකවීම ආදි රෝග ලක්ෂණ දැකිය හැකි අතර, මෙවැනි රෝගින් සිය ඇඳේ දීම ආහාරපාන ලබා ගැනීම ද සිදු කිරීමට පෙළඹේ.

පක්ෂාඝාත රෝගය පාලන කරගන්නා අයුරු

රෝගය ඇතිවීමට බලපාන කරුණු ඔබ හැකිතාක් පාලනය කිරීම හෝ ඉන් මිදීමට හැකියාවක් පවත්වා ගත හොත් එය මෙම රෝගය පාලනයට ගත හැකි හොඳම ක්‍රියාමාර්ගය වනවා ඇත.

ඔබ අධික කොලෙස්ටරෝල්, අධික දියවැඩියාව, අධික රුධිර පීඩනය, අල්ප රුධිර පීඩනය ආදි රෝගයන්ගෙන් මිදීමට ගත හැකි ක්‍රියාමාර්ග ගැනීම හෝ යහපත් පාලන මට්ටමක තබා ගැනීම

දුම් පානය, මත් පැන් භාවිතය, බුලත් සැපීම ආදි ක්‍රියාවන්හි යෙදේ නම් ඉන් සම්පූර්ණයෙන්ම ඉවත්වීම ගුණාත්මක හා සෞඛ්‍යාරක්ෂිත නැවුම් ස්වභාවික එළවළු, පලතුරු ආහාරවේල්වලට එකතුකර ගැනීමට හුරුවීම

ශරීරයට සුදුසු පරිදි ක්‍රියාවක හෝ ව්‍යායාම රටාවකට හුරුවීම

රෝග ලක්ෂණ පෙන්නුම් කළ පසු

රෝග ලක්ෂණ මතු වූ වහාම රෝගියාව කල් නොයවා ඉක්මනින් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් වෙත ගෙන යා යුතුය. ඉන් පසු ඔබේ වෛද්‍යවරයා පරික්ෂා කර බලා අවශ්‍ය ප්‍රතිකාර ආරම්භ කිරීමකට පෙළෙඹෙනු ඇත. මෙහිදී මොළයේ ලේ කැටියක් සිරවී ඇත්නම් බටහිර වෛද්‍ය ක්‍රමයේ දී එය දිය කර හැරීමට යොදා ගන්නා ඉතා මිල අධික අඥබඥනතචඵඥ නොහොත් (අ ඊ ර්‍ථ ඒ) නම් ඖෂධය එන්නත්කර දිය කර හරිනවා සේම අපේ සිංහල වෙදකමෙන් ඒ ක්‍රියාවම මීට වසර 2500කට පෙර සිට අද දක්වාම කෂාය ද අඩංගු ප්‍රතිකාර පද්ධතියක් මගින් සිදුකරනු ලබනවා .ඊට අප බෙහෙවින් ඔලිඳ කොළ කලං 06 කසාය එනම් ඔළිඳ කොළ කලං 6, දශමුල් සුදුළූනු, කසාය ද ලුණුවිල කලං 03, විෂ්ණුක්‍රාන්ති කලං 2, සිරිවැඩිබැවිල කලං 01, කසාය ආදි කසායන් (අ ඊ ර්‍ථ ඒ) බෙහෙතම හා සමගාමීව ක්‍රියාකර විශේෂ දස්කම් පෙන්වීමට සමත් වේ. (රෝගයට යොදන ප්‍රධාන කෂාය මෙය නොවේ)

සිංහල වෛද්‍ය කර්මයේ උපයෝගි කර ගන්නා ඔලිඳ කොළවලට ලේ ඝනකම අඩු කිරීමටත්, ලේ කැටි දියකර හැරීමටත් මහඟු බලයක් පවතී. රෝගියාගේ බල දුබලතාවය පරික්ෂාකර බලා ඉහත කසායට සුදුසු ඖෂධ එකතු කිරීම ඉවත් කිරීම මඟින් කසාය නැවත සකසා රෝගීන්ට ලබාදීමෙන් රෝගියාගේ එම අපහසුතාවය අපට මඟහැරිය හැකිවේ.

නමුත් බටහිර වෛද්‍ය කර්මයන් හි යොදන (අ ඊ ර්‍ථ ඒ) ඖෂධය යෙදිය හැක්කේ රෝගියා රෝගාතුරවී පැය හතර හමාරකට පෙර පැමිණිය හොත් පමණක් බව ද ඔබ සිහිතබා ගත යුතුමය. ඊට පසු පැමිණෙන රෝගීන්ට එම ප්‍රතිකාරය ලබා ගැනීමට නොහැකි වේ. සිංහල වෙදකමෙන් අඛණ්ඩව ප්‍රතිකාර ලබන රෝගාතුර වූ රෝගියාට රෝගීතාවයේ කාල වකවානුවක් ගණන් නොබලාම පූර්ණ සුවය ලබා ගත හැකි වනවා සේම රොගාතුරවූ මුල් අවස්ථාවේම සිංහල වෛද්‍ය කර්මයන්ට යොමුවී නිසි ලෙස ප්‍රතිකාර ලැබීමෙන් රෝගීතාවයෙන් අත්මිදීමට ඉතා ඉක්මනින් හැකිවනු ඇත.

වෛද්‍ය

ඩී.එම්.එල්.කේෂලා

දසනායක

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.