ඇස්වල ලස්සන වගේම සුවය ගැනත් සැලකිලිමත් වන්න

මාර්තු 11, 2022

ලොවක් නරඹන්නට හැකිවන පරිදි ස්වභාවධර්මයට අනුකූලව විශ්මිත දෑසක් ඔබට හිමි වීම ගැන සිතෙන්නෙ කුමක් වැනි හැඟීමක් ද? ඔබ ඇත්තටම සතුටු වෙනවාද? ඔබෙ ඇසක් වාගෙ ආරක්ෂා කිරීමට උනන්දු වෙනවාද? අව්වෙන්, පින්නෙන්, ගින්නෙන් ඔබේ දෑසට විපත් නොපැමිණෙන ලෙස ආරක්ෂිතවීමට හැකියාවක් තිබෙන්නට අවශ්‍යයැ. එසේ නම් ඔබ වාසනාවන්තයෙකි.

 

ඔබේ ඇස ක්‍රියාත්මක වන්නේ කැමරාවක් ලෙසින් බව දන්නවාද? එමෙන්ම ඇස මතුපිටින් ගෝලාකාර බවක් පෙනුන ද ඇස සම්පූර්ණයෙන්ම ගෝලාකාර නොවේ. ඒ ඇසෙහි ඉදිරි පෙනුම ස්වච්ඡමණ්ඩලය (කුණිතය/බබා) සහිත පෙදෙස ඉදිරියට නෙරා ඇති නිසාවෙනි. මුහුණෙහි සහ හිස්කබලෙහි පිහිටා ඇති අස්ථිවලින් නිමැවන ලද අස්ථිමය කුහරයක ආරක්ෂාකාරි ලෙසට තැන්පත් වී ඇති ඇස බාහිර උපද්‍රවයන්ගෙන් ආරක්ෂාවීම සඳහා ඇසිපිය යුගලයක් ද නිර්මාණ වී පැවතීම සෑම සත්වයකුටම පොදු අපූරු නිර්මාණයක් වනු ඇත. මෙසේ නෙතු පියන්හි පිහිටීමේ අවශ්‍යතාවයට අනුව ඇසට හානි පැමිණෙන උපද්‍රවයන් වන කෘමීන්, දූවිලි ඇතුළු කුඩා රොඩු කැබලි අධික විදුලි ධාරා යනාදියෙන් ඇස ආරක්ෂා කිරීම සඳහා ඇහිපිල්ලම් පිහිටා ඇත. ඇසට යමක් වැටුණ විටදී අශ්‍රැ ග්‍රන්ථි (කඳුළු ගබඩාව) ක්‍රියාත්මක වීමෙන් ඇසට කඳුළු පැමිණ ආගන්තුක ද්‍රව්‍ය පලවාහරින්නට උදව් වනු ඇත. ඇසට පෝෂණය ලබාදීමට උදව් වන්නේ චක්ෂුස ධමනියයි. මෙය ඇසට සම්බන්ධ වන්නේ ස්වච්ඡමණ්ඩලයට යටින් පැමිණෙන ශාඛාවක් ලෙසිනි. අම්මය රසය ලෙසින් හැඳින්වෙන හඳුන්වන ඇසේ පක්‍ෂ්මීය දේහය විසින් පෙරාහරිනු ලබන අකාබනික ලවණ විශාල වශයෙන් දියවී ඇති විශේෂ අත්තෘ අක්ෂිමය තරලයක් ද මෙම ඇස් පෝෂණය සඳහා ඉවහල් වනු ඇත. එමෙන්ම අක්ෂි කූපය තුළ තැන්පත්ව ඇති අක්ෂි ගෝලය කොටස් තුනකට බෙදා වෙන්කළ හැකිය.

1.ප්‍රථමයෙන් හමුවන කොටස නම් ඇස වටා පවතින තන්තුමය වැස්මෙන් 5/6 ක් වන ශ්වේත මණ්ඩලය (සුදු ඉංගිරියාවයි) එතුළින් ආලෝකය විනිවිද ගමන් නොකරනු ඇත.

ඉතිරි 1/6 ඇසට ආලෝකය එවන ස්වච්ඡමණ්ඩලයයි. ඇස් දන් දෙන අයකු මිය ගියවිට ඔහුගෙන් වෛද්‍යවරු ඉවත් කර ගනු ලබන්නේ මෙම ඉහතින් සඳහන් කරනු ලබන ස්වච්ඡ මණ්ඩලයයි. තන්තුමය වැස්මට යටින් යමෙකුට දැක ගත හැකිවන්නේ පේශීන්ගෙන් හා රුධිරනාල වලින් යුක්ත වූ දෙවැනි කොටසයි. තාරාමණ්ඩලය , රුධිර ගර්භය, පක්‍ෂ්මීය දේහය ආදී කොටස් ඇත්තේ මෙම කොටසෙහිය. එනම් ඇසෙහි තුන්වන කොටසෙහිය. දෘෂ්ටි විතානය ඇත්තේ ආලෝකයට සංවේදය දනවන ඉන්ද්‍රිය වන දෘෂ්ටි යෂ්ටි සහ දෘෂ්ටි කේතු මේ දෘෂ්ටි විතානයෙහි වෙයි. ඇසේ දෘෂ්ටි විතානය, ස්නායු සැපයුම අතින්ද ඉතා ඉහළ තැනක වෙයි.

කැමරාවක් බඳු ඇසට කාචයක් (ලෙන්සයක්) තිබිය යුතුයැ. ඇසෙහි පවතින කාචය නම් උත්තල වර්ගයට අයත්වනු ලබයි. පක්‍ෂ්මීය පේශීන් ලෙස හැඳින්වෙන අප ශරීරයෙහි අන් සියලුම පේශීන්ට වඩා වෙහෙස වන පේශීන් පාරාදෘෂ්‍ය (තරලයකින් පිරුණු කවරයක් වැනි කාචය දරා සිටියි) ඇස් කළු ඉංගිරියාවට (කණිනිකාවට) පිටුපසින් මෙම කාචය පවතින නිසා එය අපට නොපෙනේ. පක්‍ෂ්මිය පේශීන් ට කාචයේ ප්‍රමාණය වෙනස් කළ හැකිය. යම්හෙයකින් ඔබට දුර බැලීමට අවශ්‍ය වූ විට පේශීන් දිගහැරී කාචය විශාල වේ. ළඟ බැලීමට අවශ්‍ය වූ විට පේශීන් හැකිලී කාචය කුඩා කරනු ඇත. නිරෝගී දෑසක් සතු කෙනෙකුට බොහෝදුර දැකිය හැකිය. හතළිස් ඇඳිරිය ලෙසින් හැඳින්වෙන ඇස් පෙනීමේ දුර්වලභාවයට හේතුවන්නේ කාචය පාලනය කරන පේශීන්ගේ ගෙවීයාමය. මේ අයට බැලීමේ අපහසුතාවයට වඩා පවතින්නේ පොතපත කියැවීමේ අපහසුතාවයයි. ද්වි උත්තල කාච යෙදූ කණ්ණාඩියක් පැලඳුවද එය තාවකාලික ඇතිවන මද සහනයක් පමණි.

ඇසේ කණිනිකාව (කළු ඉංගිරියාව) තුළින් ප්‍රධාන වශයෙන් සිදුවන කර්තව්‍ය වනුයේ කාචයේ යොමුවන ආලෝක ධාරා පාලනය කිරීමයි. එකවර අධික ආලෝක ධාරාවක් ඇසට ඇතුළු වුවහොත් යම් වස්තුවක් පැහැදිලිව දැකිය නොහැකි වේ. මේ නිසා කණිනිකාව කුඩා වී ඇතුළුවන ආලෝක ධාරා සීමා කෙරෙනු ඇත. එහෙත් ආලෝකයේදී වස්තුවක් පැහැදිලිව දර්ශනය නොවූ විට කණිනිකාව පුළුල් වී වැඩි ආලෝක ධාරා ප්‍රමාණයක් කාචය තුළට යොමු කෙරෙයි. දුර පවතින වස්තූන්ගෙන් පැමිණෙන මධ්‍ය ආලෝකධාරා පමණක් කාචය වෙතට වැටීමට සලස්වන ඒවා ද පැහැදිලිව දර්ශනය කිරීමට ඇසට අවස්ථාව ලබාදෙන්නේ මෙම කණිනිකාව මෙසේ විශාල වන්නේ සහ කුඩාවන්නේ තාරා මණ්ඩලය සතු පේශීන්ගේ ආධාරයෙනි. එය යමකුගේ පාලනයකින් තොරවූ ස්වයං ක්‍රියාවකි. කණිනිකාවට ඉදිරියෙන් ඇති ප්‍රදේශය අම්මය රසය ලෙසින් හඳුන්වන ඇසෙහි සමහර ප්‍රදේශවලට පෝෂණය සපයන තරලයෙන් යුතුවන අතර, කාචය පිටුපසින් පිහිටි කොටස කාච රසය හඳුන්වන ජෙලි වැනි ද්‍රව්‍යයකින් පිරී පවතිනු ඇත.

පිටත සිට ඇස කරා එල්ල වන ආලෝක ධාරා ස්වච්ඡමණ්ඩලය තුළින් අම්මය රසය සහ කණිනිකාව හරහා කාචය ද එතැනින් කාච රසය තුළින් ගමන් කර දෘෂ්ටිවිතානය කරාද පැමිණෙනු ඇත. දෘෂ්ටිවිතානයේ පිටුපස අපිච්ඡ ද සෛල පටලය කළු පැහැයෙන් යුක්ත වන අතර, ඒ මත පතිත වන ආලෝක ධාරා විහිදීයාම ඉන් වැළකෙයි. යම්කිසි වස්තුවක් ඇසට පෙනී මොළය වෙත ආවේග යවා එය හැඳින ගැනීමට යමෙකුට ගතවන්නේ තත්පර 0.002 කාලයක් පමණි. දිවාකාලයේ පෙනීම ලබාදීම , ඇසෙහි දෘෂ්ටි කේතුවල වගකීම වන අතර, රාත්‍රි කාලයේදී එය දෘෂ්ටි යෂ්ටිවල වගකීම වේ. දෘෂ්ටි කේතුවල විකෘතිතා නිසා සමහර අයට වර්ණ හඳුනා ගැනීමට අපොහොසත් වේ. විටමින් ඒ ඌනතාවය නිසා රාත්‍රී කාලයෙහිදී (අඳුරෙහි) ඇස් නොපෙනීමේ තත්ත්වයක් ඇතිවේ. දෘෂ්ටි යෂ්ටිවල ඇති රෙඩොප්සීන් නම් ප්‍රෝටීන නිපදවීමට විටමින් ඒ අවශ්‍ය වේ. එමෙන්ම ඒ විටමින් ඌනතාවය නිසා ළමා අවදියේදී “කොරොටෝ මලේසියාව“ නම් අක්ෂි ආබාධය නිසා ළමුන්ගේ ඇස් අන්ධකිරීමට සමත් වනු ඇත.

අව්වේ ටික වේලාවක් හිඳ ගෙතුළට පැමිණි පසු ඔබට හදිසියේ කිසිවක් නොපෙනී යයි. එසේ වන්නේ දීප්තිමත් ආලෝකය ‘රෙඩොප්සින්’ බිඳ දමන නිසාය. ඇසට ඇතුළුවන බාහිර ද්‍රව්‍යයන් ඉවත් කිරීමට ඇස සේදීම ද පිරිසුදු රෙදිකඩකින් ඉවත් කිරීම ද සුදුසු වන අතර, උණුවතුර වාෂ්පය හෝ රසායනික දේ ඇසට වැටුණු විට ඇස් පිලිස්සේ එවිට වහා වෛද්‍ය ප්‍රතිකාර ලබාදිය යුතුයැ. ඇසෙහි නැඟෙන ව්‍යාධීන් අතර නුවන් පිළිකාව නගනය සුද, කාචය, මල්පොල, රත, අජකාව, යන රෝග දිගුකලක් යාමට නොදී ප්‍රතිකාර ගැනීම වඩාත් සැනසිලිදායකයැ.

 

 

 

පාරම්පරික අක්ෂි රෝග

විශේෂඥ වෛද්‍ය

සුසිලා නාලිනී ගොඩලියද්ද

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.