සිංහල අලුත් අවුරුද්ෙද් ෙරා්ග රැසකට ෙහ්තුවන කෑම

අප්‍රේල් 8, 2022

 

බක් මාසයට එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද මහත් ඉහළින් සැමරීමට සෑම සියලු දෙනාම දක්වන්නේ මහත් උනන්දුවකි. මේ නිසා කොතරම් අගහිඟකම් තිබුණත් ඒවා සපුරාලමින් අවුරුද්දට දූ දරුවන්, වැඩිහිටියන් හා ඥාතීන් එක්ව අවුරුදු පී‍්‍රතිය සැමරීමට කටයුතු කරති.

 

බොහෝ තැන්වල අවුරුදු පී‍්‍රතියට මුල්තැන දී ඇත්තේ කෑම බීමටය. ඒ නිසා කෑම මේසය කාගෙත් හිත් ගන්නා අයුරින් සූදානම් කරති. මේ කෑම මේසයේ තෙල්, සීනි, ලුණු හා පිටි අධික කෑම බොහෝ ය. දූ දරුවන්ට ආච්චිලා, සීයලාට පවතින අසනීපකම් පවා අමතක කොට කිරිබත්, කැවුම්, කොකිස්, අතිරස, අලුවා, මුංකැවුම්, මුරුක්කු, පැණිවළලු, ආස්මී, දොදොල්, කේක් ආදි තෙල් කෑම ජාති වගේම සවු දොදොල් ද වැලිතලප ද කෑමට දෙති. බෝ නොවන රෝගවලින් පෙළෙන අයද තම රෝග ගැන නොතකා යන එන හැම තැනකින්ම කෑම මේසයේ රස බලති. ඉදුණු කෙසෙල් ගෙඩිද කෑමට අමතක නොකරන බැවින් ශීත කළ බීම වර්ග මෙන්ම අයිස්කෝපිද පානය කරති.

අපේ වැඩිහිටියෝ තම වයස ගැන නොතකා කෑමට බීමට රුචිකමක් දක්වති. කෑමෙන් බීමෙන් ප්‍රවේසම නොවී තෙල් කෑමට ආශා කරති. සීනි මිශ්‍ර කෑමට දක්වන්නේ මහත් ආශාවකි. සෙමගතිය, කැස්ස, හතිය, පැවැතියත් ඒවා සඟවාගෙන තෙල් බැදුම් කෑමට උනන්දුවෙති. ශීත කළ බීම , අයිස්ක්‍රීම් ආදි නුසුදුසු කෑමවලට ද මහත් රුචිකත්වයක් දක්වති. සිංහල අවුරුද්ද සමරනු ලබන්නේ හිරුදෙවියන් මුල්කර ගනිමිනි. අනෙකුත් චාරිත්‍ර වාරිත්‍ර ඉටුකරනු ලබන්නේත් ආගමික වත් පිළිවෙත්වලට අනුවය. මස් මාංශවලින් වැළකී අවුරුද්ද සැමරුවහොත් එය බෙහෙවින් නිරෝගීතාවයට ද හේතුවකි. තෙල්, සීනි, පිටි ලුණු මිශ්‍ර කෑම සිරුරට බෙහෙවින්ම අහිතකරයි. අච්චාරු, විනාකිරි යොදා සකස්කරන කෑමද අවුරුදු මේසය අමතක නොකරති. අච්චාරු ඉතාම උෂ්ණ ගතියෙන් පවතින නිසා ඇඟෙහි බිබිලි පලු මතුවීමට ඉඩ ඇත. ඇඟ කැසීමට පටන් ගනු ලබන අතර සෙම් අමාරු පවා ඇතිවිය හැකිය. පැණි රස කෑමවලට පිටි මෙන්ම ලුණුද වැඩියෙන් මිශ්‍රකරති.

අවුරුදු කෑම මේසයට ගෙනෙන සෑම කෑමක් ම තෙල් බැදුම්වලින් ගහනය. බත් පිසින විට හෝ පිසූ පසුත් තෙල් ස්වල්පයක් මිශ්‍ර කරති. එළවළුවක්, මාළුවක්, මස් ව්‍යාංජනයක් වුවත් පොල්තෙල් වලින් මිශ්‍රකර හෝ තෙලෙන් බැද පිසගනිති. පළාවර්ග පවා තෙලෙන් තෙම්පරාදු කර ගනිති. තෙලෙන් නොබැදගන්නා එළවළුවක් , මාළුවක්, සලාදයක් වෙතොත් එය මැල්ලුමක් සලාදයක හෝ ගොටුකොළ සම්බෝලයක් වැනිය. සමහර ගෘහණියන් පොල් සම්බෝලය පවා තෙම්පරාදු කර ගනියි. රසය වැඩිකරගැනීම සඳහා ඇඹරැල්ලා වැනි ව්‍යාංජනවලට පවා සීනි මිශ්‍ර කරති. අච්චාරුවලට විනාකිරි එක්කිරීමත් අහිතකරය. විවිධ අයුරින් අප ශරීරයට ගන්නා කැවිලිවල කේක්, දොදොල් වැනි රසකැවිලි වලත් යම් වෙනත් ආහාරවලත් තේ, කෝපි, ශීතකළ බීම ඇතුළු පානවර්ගවලත් පවතින සීනි කෑමෙන් හා බීමෙන් ඒවා ශරීරය තුළදී මේදය බවට පත්වේ. කොලෙස්ටරෝල් මේදය ලෙස බොහෝ විට ශරීරයේ තැන්පත් වන්නේ එම සීනිය. අධික රුධිර පීඩනය හා හෘදයාබාධවලට හේතුවන්නේ එලෙස ශරීරයේ අනවශ්‍ය ලෙස තැන්පත් වන මේදයයි

ශරීරය රෝගී වන අනෙක් කරුණ වන්නේ අධික ලුණු භාවිතයයි. ලුණු ඍජුවම අධිරුධිර පීඩනය ඇතිවීමට හේතුවන සාධකයකි. සාමාන්‍යයෙන් අපගන්නා වැඩිපුර ලුණු ප්‍රමාණය වකුගඩුවලින් පිටවේ. එලෙස ශරීරයෙන් ලුණු පිට නොවන්නේ නම් ශරීරයේ ඇති ජලය ප්‍රමාණය වැඩිවේ. එය හෘදරෝගයට දියවැඩියාවට බෙහෙවින්ම බලපාති. බොහෝවිට සැලකිය යුතු පිරිසක් පීඩාවිඳින පිළිකා රෝගයට ද ආහාරයන්ද හේතුවන බව සොයාගෙන ඇත. අලංකාරයටත් රසයටත් වර්ණකාරක යොදමින් ආහාර පිසීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍යයන්ද විවිධ තෙල්වර්ග ද පිළිකා ඇතිවීමට හේතුවන බවත් පර්යේෂණවලින් සනාථ වී ඇත. තෙල් අධික කෑමට යොමුවීමෙන් පිත්තාශයේ ගල්ද හටගනී. පිත්තාශය ශරීරයේ අක්මාවට පහළින් පිහිටි කුඩා කොටසකි. අධික තෙල් මිශ්‍ර ආහාර ගත් විට පිත්තාෂය තුළ එකතු වී ඇති පිත ආහාර මාර්ගයෙන් මුදාහැරේ. සෑම රසකැවිලි මෙන්ම කේක්, දොදොල් මෙන්ම අනෙකුත් කැවිලි වර්ගද පිටි මිශ්‍රකොට තෙලෙන් බදින ලද ඒවාය. මේවාට එකින් එක සීනි, පැණි මාගරින් අයිසින් සීනි වර්ණකාරක ආදියද මිශ්‍රකොට ඇත. එවැනි රසකැවිලි නිතර නිතර ආහාරයට ගැනීම ඉතාම අහිතකරය.

වසරකට එක්වරක් එන සිංහල අවුරුද්දයයි කියා යන යන හැම තැනකදීමත් නිවසේදීත් එකම විදියට තබා ඇති රසකැවිලි, බත් තෙල් බැදුම් ආහාරයට වැඩි වැඩියෙන් ගැනීම දෝෂ විෂමතාවයට හේතුවකි. වා, පිත් සෙම් යන තුන්දොස්වල වෙනස්වීම නිසා අම්ලපිත්ත රෝගයට හේතුවකි. අවුරුදු දිනවලදී වැඩි ප්‍රමාණයකින් තෙල් මිරිස්, සීනි රසකාරක වර්ණකාරක යෙදූ ආහාර ගැනීමත් අහිතකරය. මනුෂ්‍ය ශරීරය ගොඩනැගී ඇත්තේ පඨවි, අපෝ, තේජෝ වායු ආකාශයන පංච මහා භූතයන්ගෙනි. මෙය මූළික වීමෙන් වා, පිත්, සෙම් යන ප්‍රධාන ශක්ති ක්‍රියාත්මක වේ. මේ නිසා නිතරම ශරීරයට අහිතකර ආහාර වෙනුවට හිතකර ආහාර ගැනීමට උනන්දු විය යුතුය. තම නිවසේදී මෙන්ම යන එන සෑම තැනකදීම තෙල් මිශ්‍ර කෑම අධික මිරිස් යොදා සකස් කළ ආහාර වර්ග ගැනීමෙන් රුධිර පද්ධතියේ සිදුවන වෙනස්කම් නිසා පසුකාලීනව චර්ම රෝග හා හෘද රෝග හටගැනීමේ අවස්ථාවද උදාවේ. එබැවින් නීරෝගීතාවය රැක ගැනීමට කල්පනාකාරීව අවුරුද්ද සැමරීම හැමගේම වගකීමය.

 

බත්තරමුල්ල පැළවත්ත

රාජපුර වෙද මැදුරේ

ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය

සුමිත් රාජපුර

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.