ඉනිගැටයෙන් හෙළිවන ජීවන තොරතුරු

ජූලි 1, 2022

ඉනිගැට (ඉන්නා) මිනිස් ශරීරයෙහි දක්නට හැකි උපන් ලප විශේෂයක් බව ඍෂිවරුන් විසින් හඳුන්වා දී තිබේ. ඉපැරැණි දේහ ලක්ෂණ විද්‍යා පොත්වල මිනිස් සිරුරේ විද්‍යාමාන විය හැකි. මෙම ඉනිගැට මාසයක යන නාමයෙන් හඳුන්වා දී ඇත.

මනුෂ්‍ය ශරීරයේ කොතනක හෝ පිහිටා තිබිය හැකි මෙම ඉනිගැට ආශි‍්‍රතව යම් කෙනෙකුගේ ජීවන තොරතුරු පැවසීමට ඒ පිළිබඳව උගත් කෙනෙකුට පුළුවන්කමක් ඇති බව මෙය කියවන ඔබ සමහරවිට නොදන්නවා වෙන්නට පුළුවන.

දැන් අපි ඒවා මිනිස් සිරුරේ පිහිටා තිබෙන ආකාරය අනුව එක් එක් පුද්ගලයාට බලපාන අයුරු ගැන විමසා බලමු.

නළල මත

යම් ලලනාවකගේ නළලෙහි ඉන්නෙක් පිහිටා තිබේ නම් එය භාග්‍යවන්ත භාවයේ ලක්ෂණයක් වේ. කෙසේ හෝ ඉසුරුමත් යහපත් අයෙකුට සුවිනීත බිරිඳක්වීමට හේතුවන්න බව ඇතිව තිබේ.

පුරුෂයෙකුට නම් නළලෙහි ඉන්නෙක් පිහිටීම නිසා අශුභ ඵල උදා කරනු ලබයි. අනපේක්ෂිත කරදර බාධක ඇති කරයි. තවද යම් පුරුෂයෙකුට හෝ ස්ත්‍රියකගේ හිසෙහි ඉන්නෙක් පිහිටා තිබීම ද අතිශයම වාසනාවන්ත අයෙක් බව පුරාණ ඍෂිවරුන් විසින් පවසා ඇත.

ඇස් බැමි අතර

ඇස් බැමි දෙක අතර ඉන්නෙක් පිහිටි කාන්තාව තම පුරුෂයාට සැපත හා සතුට උදා කර දෙයි. විශේෂයෙන් පතිවත සුරකියි. වේ. එමෙන්ම දකුණු ඇස් බැමට ඉහළින් ඉන්නෙක් පිහිටි පුරුෂයා තම චරිතය දූෂිත කරගත් පුද්ගලයෙකු වේ.

නාසය මත

යම් යුවතියකගේ නාසයේ කුඩාවට රතුපාට ඉන්නෙක් පිහිටා තිබීම ඉතා යහපත් වේ. කෙසේ හෝ ඇය තම සැමියාට සැනසීම ගෙන දේ. කාල වර්ණ ඉන්නෙක් පිහිටා තිබීමෙන් අශුභ ඵලම උදා කරයි. කාමුක හැඟීම් උස්සන්න යුවතියක් වීමට ද වැඩි අවකාශයක් පවතී. පුරුෂයකුගේ නාසය මතුපිට කුමන ස්වභාවයේ හෝ ඉන්නෙක් පිහිටා තිබීමෙන් අශුභ ඵල ඇති කරයි. එසේම එම අයගේ ජීවිත ස්ථාවරභාවයකට පත්කර ගැනීම අතිශයම දුෂ්කර කරුණක් වෙයි.

දෙකම්මුල් මත

ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම දෙකම්මුල්වල ඉන්නන් පිහිටා තිබීම ඉතා යහපත් වේ. කුමන ක්‍රමයකින් හෝ ඉතා යහපත් ජීවන මාර්ගයකට යොමුවීමේ මාර්ගය ඇති කරනු ලබයි.

නිකට මත

තවද පුරුෂයකුගේ නිකටෙහි තරමක් රතු පැහැති කුඩාවට ඉන්නෙක් පිහිටා තිබේ නම් ඒ අය සලක විධ වස්තු සම්පත් උදා කර ගැනීමට හේතුවන්ත භාවය ඇති අයකු වන බව පැරැණි දේහ ලක්ෂණ ග්‍රන්ථවල සඳහන් වේ. කාන්තාවකගේ වුවද ඒ අන්දමට පිහිටා තිබීමෙන් ශුභ ඵලම ගෙන දේ.

පපුව මත

යම් පුරුෂයෙකුගේ පපුවේ හෝ ඒ ආශි‍්‍රත පෙදෙසේ ඉන්නෙක් පිහිටා ඇත්නම්, ඔහුට ඉතා යහපත් එමෙන්ම රූමත් බිරියක් ලැබෙන බව ප්‍රකාශ වේ.

බඩ මත

බඩ පෙදෙසේ ඉන්නෙක් පිහිටා තිබීම ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයට ම අශුභ ඵල උදා කරයි. මෙසේ බඩේ ඉන්නෙක් පිහිටි ස්ත්‍රියකට නම්, සමාජයෙන් පමණක් නොව තම පුරුෂයා ගෙන් පවා නින්දා අපහාස වද වේදනා විඳින්නට සිදුවේ. පුරුෂයෙක් නම් ඉතා අවාසනාවන්ත ඉරණමකින් ජීවිත කෙළවර වීම සිදුවේ.

පියයුරු මත

යුවතියකගේ පියයුරු මත ඉන්නෙක් දක්නට තිබීම ඉතා යහපත් වේ. පින්වත් දරු උපතක් පෙන්නුම් කරනු ලබයි. තවද උරහිසේ ඉන්නෙක් පිහිටා තිබීමෙන් ස්ත්‍රී පුරුෂ භේදයක් නොතකා එකසේ යහපත උදා කරනු ලබයි.

කන් පෙති මත

තවද යම් කාන්තාවකගේ කන් පෙතිවල ඉනිගැට පිහිටා තිබෙන්නේ නම් එය ද යහපත් පිහිටීමක් වේ. යුග දිවියෙන් පසුව දියුණුව ඇති කෙරේ. විශේෂයෙන් තම සැමියාට අනපේක්ෂිත ලෙස ධනය ලබා දෙයි.

කලව මත

කිසියම් පුරුෂයෙකුගේ කලවේ ඉන්නෙක් පිහිටා තිබීම ශුභයි. නමුත් ස්ත්‍රියකගේ නම් එසේ පිහිටීම කිසිසේත්ම ශුභ නොවේ.

කලවේ ඉන්නෙක් පිහිටි කාන්තාව විනෝදකාමි ජීවිතයකට නැඹුරු දුරදිග නොබලා කටයුතු කරන ගති ඇති තරමක කාමුක හැඟීම්වලින් ද අනූන තැනැත්තියක් වේ.

දණ හිස මත

තවද දණ හිසේ ඉන්නෙක් පිහිටා තිබීම යුවතියකට එතරම් ශුභ නැතත් පුරුෂයෙකුට නම් එහෙමටම අශුභ නොවේ. යුවතියකගේ ඇස් වටය මත ඉන්නෙක් පිහිටා තිබීමෙන් ඇයගේ බලාපොරොත්තු බොහෝමයක්ම ඉෂ්ට සිද්ධ කිරීමට ඇති අවකාශය පෙන්නුම් කරනු ලබයි. එහෙත් එම පිහිටීම පුරුෂයෙකුට නම් අශුභ ඵල උදා කරයි.

යටි පතුල් මත

කවර පුද්ගලයෙකුගේ හෝ යටි පතුල්වලත් පිටි පතුල්වලත් එමෙන්ම රහස් පෙදෙසේත් කුමන පැහැයකින් හෝ ඉන්නෙක් පිහිටියත් එයින් අශුභ ඵලම ජන්මියාට උදා කරයි.

ඉත්තෑකන්දේ

ගාමිණී එදිරිසිංහ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.