වයස්ගතවූවන්ට සුදුසුම ප්‍රතිකාර

ජූලි 1, 2022

වයස අවුරුදු 70 ඉක්මවූ අයකු ශ්‍රී ලංකාවේ වැඩිහිටියෙකු සේ සැලකේ. වැඩිහිටියකු වයස්ගත අයකු වන බැවින් ඔහුගේ හෝ ඇයගේ නිරෝගිකම පරීක්ෂා කිරීම ඉතා වැදගත් කරුණකි. පළමුව පුද්ගලයාගේ පෝෂණ තත්ත්වය (ව්භබපඪබඪධද) නිගමනය කිරීම සඳහා උස සහ බර සොයා (ඕධඤර ර්චඵඵ ධ්දඤඥය) බැලිය යුතුය. වයසට යත්ම කොඳු ඇට පෙළ බොහෝවිට දිගින් අඩු වන නිසා පුද්ගලයාගේ උස වෙනුවට ඌර්ධව බාහුවේ වට ප්‍රමාණය හෝ පාදයේ කෙළවර සිට දණහිස දක්වා දිග මනිනු ලැබේ.

අනතුරුව රෝගියාගේ නාඩි (නභතඵඥ) බැලීම ඉතා වැදගත්ය. නාඩි ක්‍රමික ද? අක්‍රමික ද? නවතිමින් වැටේ ද? වයස්ගත වන විට හෘදයේ ඉ.ඒ.ව්ධඤඥ ය. වෙනුවට කර්ණිකාවේ වෙනත් තැන්වලින් සංකෝච (හැකිලීම) ආරම්භ විය හැකි බැවිනි. උදා. ඒබපඪචත ජ්ඪඡපඪතතචබඪධද රෝගියා හිඳුවා සහ සිටුවා රුධිර පීඩනය මැනීමෙන් ඉරියව් අනුව රුධිර පීඩනය අඩුවීම (නධඵබභපචත ඩරනධබඥදඵඪධද) තවද පුද්ගලයාගේ ශ්‍රවණය (ඩ්ඥචපඪදඨ) දෘෂ්ටිය (ඇස් පරික්ෂාව මඟින් පෙනීම) මානසික තත්ත්වය, මාංශපේශින්ගේ ශක්තිය, පේශි දිරායාම, (අච රූමටොයිඩ් ආතරයිටිස් රෝගයේදී) ගුද පරික්ෂාව (ර්‍ථඅ) මඟින් ගුදයේ මල රැස්වීම, පෞරුෂ ග්‍රන්ථිය, විශාල වීම, සන්ධි පරික්ෂාව මඟින් සන්ධිවේදනා ඉදිමුම හෝ ඇදවීම, තුනටිය හෝ පිට නැවීයාම (ඬරනඩධඵඪඵ) පුද්ගලයා පුටුවක හිඳගෙන සිට නැඟිටීම සහ ඇවිදීම (ට්ඥබ භන චදඤ ට්ධ ඊඥඵබ) මෙහිදී පුද්ගලයාට පුටුවක හිඳගෙන සිට නැඟිටීමට හැකි ද? හැරීමේදී අපහසුවක් දැනේ ද? නැවත පුටුවක හිඳගත හැකි ද? මේවා පරික්ෂා කෙරේ.

වැඩිහිටි පුද්ගලයකු පරීක්ෂා කිරීමේදී පළමුව රෝග ඉතිහාසය බැලිය යුතුය. රෝගියාගෙන් ප්‍රශ්න කිරීමේදී පළමුව රෝග ඉතිහාසය බැලිය යුතුය. රෝගියාගේ ප්‍රශ්න කිරීමට පෙර ශ්‍රවණය යහපත් දැයි පළමුව දැනගන්න. රෝග තත්ත්වය එකෙනෙහි හෝ ක්‍රමයෙන් හටගත්තා ද? එය අපැහැදිලි නම්, රෝගය ඇතිවීම ආරම්භයේ සිට විමසන්න. රෝගියා ගත් සියලු ඖෂධ, ළමා කල සිට හටගත් රෝග, රෝගියාට සාමාන්‍ය පරිදි ඇවිදීමට හැකි ද? මතකය පිළිබඳ ගැටලු තිබේ ද? නිවසේ කටයුතු සියල්ල රෝගියාට කළ හැකි ද? රෝගියාට වෛද්‍යවරයා සමඟ සංවාද කිරීමට හැකි ද? ඒ සඳහා ඥාතියෙකුගේ හෝ උපස්ථායකුගේ සහාය අවශ්‍ය ද? නිවසේ තත්ත්වය, රෝගියා තනිව සිටී ද? නැතහොත් තවකෙකු සමඟ සිටී ද? දිනපතා කරන කටයුතු, ආහාර පිසීම, භාණ්ඩ ගෙන ඒම, නිවසේ වැඩ, පුද්ගලික වැඩ – නෑම, ඇඳුම් ඇඳීම, ඇවිදීම සහාය – ඥාතීන්, යහළුවන්, අසල්වැසියන්, නිවසේ උදව්වට අයෙකු සිටී ද? රෝග පුටුවකට සීමාවේද? උපස්ථායකගෙන් සහාය නොලැබේ ද? බැලිය යුතුය. කණ්ඩායමක් වශයෙන් කළ යුතු දේ. භෞත චිකිත්සාව (ර්‍ථඩරඵඪධබඩඥපචනර) රෝගියා ඇවිද්දවීම, අත් පා ක්‍රියාකාරිවීමාදිය, ර්‍ණජජභනචබඪධදචත බඩඥපචනඪඵබ ලවා එදිනෙදා කටයුතු කිරීම, ඇඳුම් ඇඳගැනීම, කෙනෙකු ආහාර පිළියෙල කිරීම, පෝෂණවේදියකුගෙන් පෝෂණය පිළිබඳ උපදෙස් ලබාදීම හා සුදුසු ආහාර රටාවකට පුරුදු කිරීම, භාෂණය – කථා කිරීම, සමාජ සේවා ආයතන මඟින් නිවසට පැමිණ රෝගියාගේ අවශ්‍යතා සපුරාලීම, හෙදියක් විසින් රෝගියාව ක්‍රියාකාරීව තැබීම, ආහාර දීම, කැවීම, මල මුත්‍ර පහකරවීම කළ යුතුය.

මහලු රෝගීන්ගේ ක්‍රියාකාරිත්වය අඩුවීම නිසා ඔවුන් රෝගවලට ගොදුරුවීම සහ ඉක්මනින් මියයාම වැඩිය. මානසික ව්‍යාකූලතාවය, වැටීම්, ඇවිදීමට නොහැකිව එකතැන් වීම, එදිනෙදා කටයුතු කරගැනීමට නොහැකිවීම, ඖෂධ කීපයක් ගන්නා අයට ඖෂධ අතරවන අහිතකර ක්‍රියාකාරිත්වයට මුහුණ දීමට සිදුවීම, ඇතැම් ඖෂධ නතර කිරීම නිසා ඇතිවන ආබාධ පිළිබඳ අවධානය යොමු කළ යුතුය. මහලු අයට ඉහතින් දැක්වූ කණ්ඩායමක් වශයෙන් කළ යුතු දේ ඉටු කළ යුතුය. සමහර මහලු රෝගීහු එදිනෙදා ව්‍යායාම සහ තමාගේ කටයුතු කරගනිමින් අවුරුදු 100 දක්වා ජීවත් වෙති. වර්තමානයේ වයස අවුරුදු 90 දක්වා තනිවම හෝ එක් අයෙකුගේ ආධාරයෙන් සමහරු ජීවත් වෙති. මේ අයට සුදුසුම තැන වන්නේ වැඩිහිටි නිවාසයකි.

අධික දුම්පානය නිසා වයස අවු. 70 වන විටම එක්තැන් වන අය ද සිටිති. වැඩිහිටි අයට ආයුර්වේදයේ සඳහන් රසායන ප්‍රතිකාර ඉතා ප්‍රශස්තය. (යත් ජරාව්‍යාධි නාශනම් – තත් රසායනම – වයස්ගත වීම සහ රෝග නසන ඖෂධ සහ ප්‍රතිකාර රසායන යනුවෙන් හැඳින්වේ

රසකිඳ, අරළු, නෙල්ලි, අරත්ත,එළකටරොළු, හාතාවරිය, ගොටුකොළ, වයඞස්ථාපන හෙවත් තරුණ බව රකින ඔසු වේ. ශරීර බලය වඩන ඔසු ලෙස ගොන් කැකිරී, වඳුරු මෑ, හාතාවාරිය, කිරිබදු , අමුක්කරා අල, කටුකරෝසන , සුදුබැවිල සහ කහබැවිල දැක්වේ. වයස්ගත වත්ම ශුක්‍රධාතු අඩු වන බැවින් ශුක්‍ර වඩන ඔසු කිරිබදු අල, ජටාමාංස, කටුකරෝසන යෙදිය හැක. නමුත් වයස්ගත අයට අධිරුධිර පීඩනය, හෘදරෝග ලේවල අධි කොලෙස්ටරෝල් සහ දියවැඩියාව වැනි බෝනොවන රෝග බොහෝවිට ඇති නිසා වෛද්‍ය උපදේශයකින් තොරව රසායන හෝ වාජීකරණ ඖෂධ නොගත යුතුය.

වයස්ගත අයට සුදුසුම ප්‍රතිකාරය වන්නේ තෙල් ගා අභ්‍යංග කිරීමයි. ශරීර තත්වය සහ පෙළෙන රෝග තත්ත්වය අනුව වෛද්‍ය උපදෙස් මත සිරුරේම හෝ කොටසක තෙල් ගා මසාජ් කිරීම සුදුසුය. වේදනාව, සන්ධි ඉදිමුම සහ තදබව, ස්නායු පීඩා, අත්පාවල හිරිය, නින්ද නොයාම, කැරකිල්ල, හිසරදය, සෙම් රෝග සහ වාතරෝග සඳහා හිසේ සහ සිරුරේ තෙල් ගා තැවීම සුදුසුය.

විශේෂඥ ආයුර්වේද වෛද්‍ය

ලක්‍ෂ්මි සේනාරත්න

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 15 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.