කොඳු ඇට පෙළේ ආබාධ

සැප්තැම්බර් 2, 2022

හිස් කබල පතුලේ සිට පිට මැද පහළට විහිදී ඇත්තේ කොඳු ඇට පෙළ ය. පර්යන්ත ස්නායු තිස්තුනක එකතුවෙන් සැදුම්ලත් සුෂුම්නාව මොළය දක්වා විහිදේ. සෑම කශේරුකා දෙකක් අතරින් සුෂුම්නාවෙන් පිටතට පර්යන්ත ස්නායු යුගලය බැගින් විහිදේ. රෝගයේ මූලික අවස්ථා හඳුනා ගැනීමෙන් සාර්ථකව ආයුර්වේද ප්‍රතිකාර කළ හැක. ව්‍යායාම මඟින් රෝගය පාලනය කර ගැනීමට පුළුවන. කොඳු ඇට පෙළේ ආබාධ අද බහුලව දැකිය රෝගයකි.

වර්තමානයේ බොහෝ ශිෂ්‍යයන් පොත් අධික බරැති පොත් බෑගයක් කරේ එල්ලාගෙන බෙල්ල නවා ගෙන යෑම දෛනිකව සිදුවීම අනාගතයේ දී මෙම රෝගය ඇතිවීමට හේතුවේ. මෙය සුළුවෙන් සැලකිය යුතු රෝග තත්ත්වයක් නොවේ. සමහරු මෙය නිදි උලුක්කුව හැටියට ද සලකනු බව පෙනේ.

සෑම කෙනෙකුගේම ඇත්තේ පර්ශුකා (ඉල ඇට) යුග දොළසකි. ඒවා ප්‍රෂ්ඨ කශේරුකා දොළස හා සම්බන්ධව පවතී. ඉතා කලාතුරකින් ගී‍්‍රවයට අයත් හත්වන කශේරුකාවෙන් ද ඉල ඇට එකක් හෝ යුගලයක් ද ඇති විය හැක. මෙය ඉතා දිග හෝ කෙටි විය හැක. එහි සංයුතිය අස්ථිමය පටක හෝ කාටිලේජ පටක විය හැක.

කෙසේ වෙතත් රෝග ලක්ෂණ උපතින්ම ඇතිවන්නක් වුවද රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ අවුරුදු විස්ස පමණ තරුණ වියේදී ය. ඉතාම සාර්ථක ලෙස ආයුර්වේද ප්‍රතිකාර කළ හැකි රෝගයකි. නොඑසේ නම් ශල්‍යකර්මයකට යා යුතු ය.

මැදිවිය ඉක්මවූ කාන්තාවන් මුහුණ දෙන ප්‍රධානම අස්ථිමය ගැටලුව නම් අස්ථි ඛායනයයි. අස්ථියේ ඝනත්වය අඩුවීමෙන් අස්ථි සවිමත් බව නැතිවීම එයට හේතු වේ. මෙයට ලෝක ජන ගහනයෙන් අවුරුදු 65 ඉක්මවූ අයගෙන් භාගයක් පමණ මුහුණ පා ඇත. එම ප්‍රමාණයෙන් හතරෙන් තුනක්ම කාන්තා පක්ෂය වීම විශේෂිතය. ඒ සඳහා බලපා ඇති සමාජ ආර්ථික හා ජීවවිද්‍යාත්මක සාධක බොහෝමයකි. මේ අයගේ ඉතා සුළුවැටීමකින් වැදීමකින් පවා අස්ථි බිඳීයාමට පුළුවන කශේරුකා අස්ථි බිඳීයාම විශේෂයෙන් සිදුවේ.

අස්ථි ඛායනය ඇති රෝගීන්ගේ එක්ස් කිරණ ඡායාරූපයකින් බොහෝ කරුණු පැහැදිළි වේ. විශේෂයෙන් කශේරුකා තුනීවී ඉරී තැළීගොස් ඉතා පටුවී ඇත. අන්තරේ කශේරුකා බිම්බ බොහෝ පළල්වී ඇත. නිතර කශේරුකා බිඳී යාමෙන් ස්නායුවල හෝ සුෂුම්නාවට හානි විය හැක. ඒ ඒ ස්නායුවල හෝ සුෂුම්නාවට හානි විය හැක. ඒ ඒ ස්ථාන අනුව ගැටලු මතුවෙන අතර කල් යෑමේ දී කුදු බව විශේෂයෙන් ඇතිවේ. කැල්සියම් ලබා දීම හා ස්නේහන ප්‍රතිකාර මඟින් මේ තත්ත්වය පාලනය කර ගත හැක. වැඩිහිටි අයගේ කශේරුකාවක් හෝ කීපයක් දිරාපත්වීමද තවත් හේතුවක් වන අතර අන්තර් කශේරුක ඩිම්බ පරිහානියට පත්වී හැකිළී පටුවේ.

මේ සමඟම කශේරුකාවද විකෘති හැඩයට පත්වේ. සයිට්කාස්නායුව පීඩාවට පත්වන අතර පාදය දිගේ විහිදෙන වේදනාව රාත්‍රී කාලයේ වැඩිවී කල්යාමේ දී පාදහිරිය පේෂි දුර්වලවීම, පාද ක්‍රියාකරවීමේ අපහසුව ඇතිවේ. මෙය ග්‍රෘධ්‍රසි නම් වූ රෝගයයි.

ආයුර්වේද ප්‍රතිකාර හා ව්‍යායාම ඉතා සාර්ථකව කළ හැකි රෝගයක් නම් ගෘධ්‍රසි හෙවත් සයිටිකා රෝගයයි.

රෝග ලක්ෂණ

කොන්දෙ කෙලවරින් දැවිල්ල ගතියක් හටගනී. අතේ ඇඟිලි හිරිය පුපුරු ගසන්නාසේ දැනීම. පේශී වැහැරීයාම සමහරවිට අත ඉදිමේ. විශේෂයෙන් දබර ඇඟිල්ලේ අපහසුතා දැනේ. රෝගය නිවැරදිව හඳුනාගත හැක්කේ ගෙල ප්‍රදේශයේ එක්ස් කිරණ ඡායාරූපයෙනි. බෙල්ලේ තද ගතිය චලනය කිරීමේ අපහසුතාවය. බෙල්ලේ සිට අත දක්වා වේදනාව. කොන්දේ තද ගතිය කොන්ද නැවීමට අමාරුවීම.

මල බද්ධය

අපගේ ස්නේහන ස්වේදන හා ව්‍යායාම කර්ම සාර්ථක ප්‍රතිඵල ගෙනදේ. මූත්‍රා වාහී පද්ධතිය ගර්භාෂය පෞර්ෂග්‍රන්ථ ප්‍රදාහය වැනි උදර ගත ඉන්ද්‍රියන්ගේ රෝග අවස්ථාවලදී ද කොඳු ඇට පෙළ කටි ප්‍රදේශයේ වේදනාව ඇතිවේ. නිතර කොඳු ඇට පෙළ වේදනාවන් මවා පෙන්වන මානසික රෝග අවස්ථාද හමුවේ.

සමහර අයට කොඳු ඇට පෙළ වේදනාව බහුවිධ හේතූන් නිසා ඇති වේ. රෝගය තීරණය කර ගැනීමට රෝග හේතුව (ඉතිහාසය) විවිධ වූ ලක්ෂණ එක්ස්කිරණ ඡායාරූප සීටී ස්කෑන්, එම්.ආර්.අයි. ආදී විශේෂ පරීක්ෂණවල සහාය පැතීම සුදුසු ය. සමස්තයක් වශයෙන් ගත් කල මැදිවියේ ඇතිවන කොඳු ඇට පෙළ රෝග බහුවිධ ගනවීම නිසා ඇති වේ. එයින් ඇතිවන හානිය සුෂුම්නාව හෝ පර්යන්ත ස්නායු මූල සම්පීඩනය වීමයි. එය සුෂුම්නා සංකෘෂ්ඨය යනුවෙන් හැඳින්වේ. යම්තාක් දුරට හේතුව හා හානිය ව්‍යාධිවේදනාත්මකව වෙනස හොඳින් වටහාගෙන ඊට අනුකූලව

ස්නේහන, ස්වේදන, සම්බාහන

ව්‍යායාම යන ප්‍රතිකාර උපයෝගී කර ගනිමින් බොහෝ කශේරුකා ගත රෝග අවස්ථා සුව කිරීමට හෝ අපහසුවකින් තොරව තම එදිනෙදා කටයුතු කර ගැනීමට අවශ්‍ය සුවය ලබා දීමට හැකියාව ඇත.

ස්නේහන ක්‍රම යනු ඖෂධීය තෙල් උපයෝගී කරගෙන කරන චිකිත්සාවයි. මෙය කොඳුඇට පෙළේ රෝගීන් සඳහා ක්‍රම කීපයකට භාවිත කළ හැක. රෝගයේ ස්වරූපය අනුව තෙල් වර්ග හා පාවිච්චි කරන ක්‍රමවේදය වෙනස් වේ.

තෙල් අභ්‍යංග (තෙල් ගෑම)

තෛල වස්ති (තෙල් ගුද මත රැඳවීම)

නවීන වෛද්‍යවරු මෑත කාලයේ සොයාගත් සාර්ථක ප්‍රතිකාර යෙදීමේ ක්‍රමයකි. එහෙත් ආයුර්වේදයේ වසර තුන්දහසකට පෙර සිට ඖෂධ යෙදීමට උපයෝගී කර ගත් සාර්ථක ක්‍රමයකි ගුද ගත කිරීම.

කටී වස්ති (කටී ප්‍රදේශයේ තෙල් රැඳවීම)

සර්වාංග ධාරා (ඖෂධීය තෙල් ඇඟ මතට වැස්සෙන්න සැලැස්වීම)

ස්වේදය යනු දහඩිය ගැන්වීමයි. තෙල් ගැල්වීමෙන් පසු තැවීමෙන් රෝමකූප සිදුරු පළල් වේ. එහි රැඳී ඇති කුණු දුහුවිල්ල ඉවත්වී දහඩිය සමග පිට ෙවේ. ඒ සමඟ තෙල් ගා තැවීමට ගන්නා ඖෂධ ගුණය අභ්‍යන්තරයට ගෙන යාමේ මාවත විවර වේ. තැවීමේ ඖෂධ තෝරාගත යුත්තේ අවබෝධයකින් යුත් වෛද්‍යවරයකු විසිනි. තෙල් ඇතිල්ලීම මෘදු ලෙස පේෂී තෙරපීම පේෂී මර්දනය නීලස්ථාන උත්තේජනය ආදී ක්‍රම මඟින් මාංශපේශී රුධිර නාල ස්නායු අස්ථි හා ග්‍රන්ථ උත්තේජනය වී මනා ක්‍රියාකාරීත්වයක් ඇති කිරීමේලා ඉතා සාර්ථක බවක් උසුලයි.

අක්‍රිය වී ඇති හෝ දුර්වල වූ පේෂී නැවත සංකෝචන ප්‍රසාරන ක්‍රියාවලිය ඇතිවීම නිසා සංධි ක්‍රියා කළ හැකිවේ. ස්නායු ප්‍රකෘතිමත් වී සංඥා හා ක්‍රියා කිරීමට මොළය හා සම්බන්ධතාව ගොඩ නැඟේ.

ස්නේහන ස්වේධන සම්බාහන හා සමඟ ව්‍යායාම සුසංයෝග වීමෙන් ඉතා ඉක්මන් හා සාර්ථක ප්‍රතිඵල ළඟාවන බව අපගේ දිගුකාලීන අත්දැකීමයි.

ඒ ඒ රෝගයට අනුකූලවම ව්‍යායාම කළ යුතුමය. ගී‍්‍රවස්ථම්භ රෝගියාට ව්‍යායාම කළ යුතු ය. එහෙත් ගී‍්‍රවයට විවේකය අත්‍යවශ්‍යය. කශේරුවක් ලිස්සා ගොස් ඇති අවස්ථාවක එය අභ්‍යන්තරයට ලිස්සීමකදී කරන ව්‍යායාමයට පරස්පර විරෝධී ලෙස පිටතට ලිස්සායාමකදී ව්‍යායාම කළ යුතු ය.

ස්නේහන ස්වේදන සම්බාහන ව්‍යායාමයන්ට අමතරව කොඳු ඇට පෙළ රෝගීන් සඳහා විශේෂිත වෙදකම වනුයේ නිවැරැදි ඉරියව් භාවිතයයි. මෙයද එක් එක් රෝගියාට අනුව වෙනස් විය හැකි ය.

පුටුවක ඉඳ ගැනීම හා පුටුවේ ස්වරූපය.

ඇඳෙහි නිදා ගැනීම හා ඇඳේ ස්වරූපය

ඇවිදීම.

අතුගෑම, උදලු ගෑම භාවිතය බිම ඇති යමක් ගැනීම ආදී සෑම කටයුත්තකටම උචිත ඉරියව් භාවිතය අත්‍යවශ්‍යය. නැතහොත් මනාව සුව වී තිබුණ කොඳු ඇට පෙළේ රෝගී අවස්ථාවන් නැවත මතුවිය හැක.

ප්‍රතිකාර

තල අබ පත්තුව

තල අබ සුදුරු කළු දුරු සුදුලූනු, වියළි කහ, වදකහ වියළා චූර්ණකර බැබිල මුල කොටා කකාරා ගාන්ඩ.

කැටකෑල පොතු පත්තුව ආලේප කර පැය 3 ක් පමණ තබාගන්න. මෙම පත්තුව ආලේපකර වසා නොතබන්න.

තෙල් ගැල්වීම

අරත්ත අල, සුදුලූනු, බැබිල මුල් තම්බා වතුර බොන්ඩ.

තල, සතකුප්ප, එඬරු ඇට මද එළකිරෙන් තම්බා අඹරා පත්තුවක් විදියට ගාන්න.

දසමුල් බැබිල කෂාය

තල මී ඇට එඬරු ඇට මදය කොටා පොට්ටනියක් බැඳ තෙල් ගා තවන්න. වාත විදුරංග තෙල ගාන්න.

 

උපදෙස් වෛද්‍ය නන්දා කස්තුරිආරච්චි

සටහන ජයන්ති කුරේ

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.