ඔබටත් උණ රෝග ලක්ෂණ පවතිනවාද? මේ උපදෙස් පිළිපදින්න

ඔක්තෝබර් 28, 2022

බඩගිනි වැඩිවීමට මඳ උණුසුමින් යුත් දියර වර්ග හැකි තරම් පානයට දෙන්න. ලුණු කැඳ වතුර බැදි හාල් කැඳ, පොරි කැඳ, එළවළු සුප්, බාර්ලි තැම්බූ වතුර දීම සුදුසුය.

තදින් උණ පවතී නම් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු වේ. මෙම උපදෙස් පිළිපැදීමෙන් හා අන් අය දැනුම්වත් කිරීමෙන් උණ රෝග නිසා ඇතිවන දුෂ්කරතා වළක්වා ගැනීමට දායක විය හැකිය.

 

මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් විවිධ ලෙඩ රෝග පැතිරීයාමේ අවදානම ඉතා වැඩිය. විශේෂයෙන් කුඩා දරුවන් අතර මෙන්ම වැඩිහිටියන් අතර ද දක්නට ලැබෙන රෝග ලක්ෂණයකි උණ. මෙම උණ රෝග ලක්ෂණ ඇති වූ විට සිදුකළ යුතු සත්කාර මොනවාද යන්න ආයුර්වේදයේ පැහැදිලි කර දෙයි. උණෙන් පෙළෙන්නකු රැක බලා ගත යුත්තේ කෙසේද? සත්කාර කළ යුත්තේ කෙසේද යන්න ඔබ දැනුම්වත් කිරීම මෙම ලිපියේ අරමුණ වේ.

 

උණ පවතින විට කළ යුතු දේ

රෝගියා සිටින ස්ථානයට හොඳින් හිරු එළිය හා වාතාශ්‍රය ලැබෙන පරිදි දොර ජනෙල් හැර තබන්න. අධික ශීතල හෝ අධික වැසි සහිත නම් සිසිල් සුළං වැදීමෙන් වළකින්න. හොඳින් දහඩිය පිටවීමට ඉඩ හරින්න. දියර ආහාර වැඩිපුර ලබා දෙන්න. හොඳින් බඩගින්න දැනේ නම් පමණක් පහසුවෙන් දිරවිය හැකි ආහාර ස්වල්ප වශයෙන් දෙන්න.

සුදුසු ආහාර පාන

බඩගිනි වැඩිවීමට මඳ උණුසුමින් යුත් දියර වර්ග හැකි තරම් පානයට දෙන්න. ලුණු කැඳ වතුර බැදි හාල් කැඳ, පොරි කැඳ, එළවළු සුප්, බාර්ලි තැම්බූ වතුර දීම සුදුසුය.

බඩගිනි දැනේ නම් පහසුවෙන් දිරවිය හැකි ආහාර දෙන්න

තැම්බුම් හොදි, බෙරිබත්, පතෝල හෝ වැටකොළු වෑංජනය සමඟ

බෙරිබත් කරපිංචා දලු සම්බෝලය සමඟ හාල්පිටි ආප්ප, ඉදි ආප්ප

උණ සමඟ පිපාසය දැවිල්ල ඇති විට ලබා දිය යුතු ඖෂධීය පාන වර්ග

පත්පාඩගම්, කොත්තමල්ලි, විෂ්ණුක්‍රාන්ති තැම්බූ වතුර හෝ පත්පාඩගම් රසකිඳ, දුම්මැල්ල, තැම්බූ වතුර

රෝගීන්ට වරින්වර පානයට දෙන්න.

උණ සමඟ සෙම අධිකව ඇති විට

ඉඟුරු, කොත්තමල්ලි, වෙනිවැල්ගැට, තැම්බූ වතුර

වියළි ඉඟුරු කොත්තමල්ලි, හීන් අරත්ත අල, රසකිඳ තැම්බූ වතුර

හීන් අරත්ත අල,පත්පාඩගම්, තැම්බූ වතුර වරින්වර පානයට දෙන්න.

උණ සමඟ හිසරදය ඇති විට

 

දෙහි කොළ, කොත්තමල්ලි තැම්බූ වතුර වාෂ්පය මුහුණට අල්ලන්න.

බෙලිකොළ, කොත්තමල්ලි තැම්බූ වතුර වාෂ්පය මුහුණට අල්ලන්න.

කොත්තමල්ලි, නික කොළ, යකිනාරන් කොළ තැම්බූ වතුර වාෂ්පය මුහුණට අල්ලන්න.

නළල කන් පිටුපස බෙල්ල හා කම්මුල් අවට සර්ව විෂාදිය තෙල් ගා පිරිමැද හීන් උඳුපියලිය රතු ලූනු, සියඹලා කොළ, කොටා පොට්ටනි බැඳ වණ්ඩුවේ තම්බා තවන්න.

පළතුරු යුෂ දෙන්නේ නම් සිසිල් නොකර පානයට දෙන්න.

මේ සඳහා නාරං ඉස්ම, දොඩම් (මේවා ප්‍රතිශ්‍යා වැනි සෙම් කෝප තත්ත්වයන් ඇති විට සුදුසු නොවේ) කැරට් ඉස්ම, දෙහි යුෂ, මී පැණි, සීනි සහ ලුණු දමා සෑදු පානය, තැඹිලි වතුර සුදුසුය.

උණ බැස ගිය පසු ආහාර අරුචියට තැම්බුම් හොදි වරින්වර පානයට දෙන්න.

තදින් උණ පවතී නම් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු වේ. මෙම උපදෙස් පිළිපැදීමෙන් හා අන් අය දැනුම්වත් කිරීමෙන් උණ රෝග නිසා ඇතිවන දුෂ්කරතා වළක්වා ගැනීමට දායක විය හැකිය.

 

උපදෙස්

වෛද්‍ය

ඩඩ්ලි චන්ද්‍රසේකර

 

සටහන

ජයන්ති කුරේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.