මේ දිනවල පැතිර යන උණට ප්‍රතිශ්‍යාවට අත් ‍බ‍ෙහත්

මැයි 5, 2023

මේ දිනවල බොහෝ දෙනා අතර, පැතිර යන උණ, සෙම්ප්‍රතිශ්‍යා රෝගය වෙනුවෙන් අත්බෙහෙත් කීපයක් මෙසේ සටහන් කරමු. මෙය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අත් බෙහෙත් පිළිබඳ නිකුත් කළ ප්‍රකාශනයෙන් උපුටා ගන්නා ලද්දකි.

 

සාමාන්‍ය උණට

1. උණුසුම් ජල පානය

2. නෙල්ලි, කොත්තමල්ලි, අරළු, සහිඳ ලුණු, තිප්පිලි, සම ප්‍රමාණයෙන් ගෙන කුඩුකර එයින් තේ හැඳි 2 ක් පැහෙන උණුවතුරට (උතුරවා ගත් වතුර) දමා වත්කර පැය 8 කට වරක් පෙරා බීම.

3. අරත්ත අල, ඉඟුරු, කොත්තමල්ලි, තිප්පිලි පෙර සේ සකස් කර බීම.

4.පත්පාඩගන්, වෙනිවැල්ගැට, දුම්මෑල්ල, වියළි ඉඟුරු, කොත්තමල්ලි පෙර සේ සකස් කර බීම.

5. බටු දලු, නික දලු, කිරිඅඟුන දලු, ආඩතෝඩා දලු, අමු ඉඟුරු, සුදුලූණු එක පමණ ගෙන කොටා වණ්ඩුවෙන් තම්බා පැහෙන උණුවතුරෙන් මිරිකා සීනි, තලතෙල් දමා පැය 8කට වරක් බීම.

5. බිංකොහොඹ, වැල්කහඹිලියා මුල්, ඉඟුරු කලං 2 මදට 8 බැගින් වතුර පත 8 - 1 ට සිඳ පෙරා සීනි දමා දීම.

7. ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි, කොත්තමල්ලි, පේයාව බීම.

8. එළබටු මල්, කටුවැල්බටු මුල්, අස්වැන්න මුල්, පොල්පලා මුල්, නෙරෙංචි මුල්, කොත්තමල්ලි, තිප්පිලි පේයාව බීම.

9. පත්පාඩගම්, කොත්තමල්ලි තැම්බූ වතුර.

 

 

ප්‍රතිශ්‍යා උණට

මෙය කළු ජ්වරයට අයිති ය. සොටු දියර ගැලීම, කැස්ස, හිසරදය සහ උණ එහි ප්‍රධාන ලක්ෂණයයි. චිකිත්සා වශයෙන් එයට ප්‍රධාන කොට ඉඟුරු,කොත්තමල්ලි තම්බා දීමත්, ලංඝන කිරීමෙන් අනතුරුව ඉඟුරු, කොත්තමල්ලි, තිප්පිලි සහිත ලාජා ( විලඳ) පේයාව සහිඳ ලුණු දමා දීමත් හිතකර ය. විලඳ නැත්නම් බැදිහාල් යෙදිය හැකි ය. ඊට පසු ඉඟුරු, කොත්තමල්ලි, එළබටු මුල්, කටුවැල්බටු, ආඩතෝඩා මුල් කලං 2යි, මන්චාඩි 8 බැගින් වතුර පත 8 -1 ට සිඳ පෙරා සීනි, තිප්පිලි කුඩු දමා බීම මැනවි.

අර්ධාවශිෂ්ට හෙවත් භාගයට සිඳුවා ගත් ජලය උණුසුම්ව පානයෙන්, ඩහදිය දමා උණ බසී. බඩගින්න (ජඨරාග්නිය) දල්වයි.

නිරාහාරව සිටීම හෝ ලඝු ද්‍රව ආහාර ලබා දීම.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.