වර්ෂ 2023 ක්වූ September 29 වැනිදා Friday
සිතට ගතට සැනසුම දෙන බෝ ගස

ඊසානයේ බෝ විමනක වැසුනේයා
රණ කලසක් සුරතින් දරමිනේයා
ලෙඩ මෙරබගෙ පිරිපත දුර හරිනේයා
කඩතිර හැර සෙත දෙන් ගුරු දෙවිනේයා
ඊසාන දිසාවට සබෝ විමානෙට අධිපති ගුරු දෙවියන්නේ
රන් කලසක් ගෙන සුරත දරාගෙන ඇතෙකුගෙ පිට නඟිමින්නේ
ඇතියම් රෝ දුක් දුරලා දෙන මෙන් බැතියෙන් මම නමදින්නේ
ඊසාන දිසාවෙන් ගුරු දෙවි වැඩලා ග්‍රහ මේදොස දුරලන්නේ
බෞද්ධ ජනතාවගේ පූජනීය වෘක්ෂයක් වූ බෝ ගස ඉතාමත් ඖෂධීය ගුණයෙනන් අනූන ශාකයකි. එය පූජාර්ථයෙන් ගත් කල අප ජනතාවගේ කායික මානසික විවිධ රෝග සමනය කළ හැකි ඉතාමත් පූජනීය වෘක්ෂයකි.
ලෝකයේ ඇති පැරැණිම වෘක්ෂයන් අතර ශ්‍රී මහා බෝධියට ඇත්තේ සුවිශේෂී ස්ථානයකි. බෞද්ධ ජනතාව පූජනීයත්වය මෙන්ම ඉතා ගරු ගම්භීරව ආරක්ෂා කරන ශාකයක් ලෙස බෝ වෘක්ෂය හැඳින්විය හැකිය. බෝ ගසෙහි ඇති ඖෂධීය ගුණ පිළිබඳ සලකා බලන විට ගෞතම බුදුරජාණන් වහන්සේ බුදුවීම සඳහා පිට දීමට බෝ ගස තෝරා ගන්නා ලද්දේ ඇයි දැයි මනාව වටහා ගත හැකි වේ.
ලංකාවේ බෝ වර්ග කිහිපයක් ස්වභාවය අනුව දැකිය හැකි ය. පූජනීයත්වය සඳහා පන්සල් වෙහෙර විහාරවල ඇති බෝ ගස මෙන්ම විවිධ ස්ථානවල වනාන්තරවල ස්වභාවික ව හටගන්නා බෝ ගස් ද වේ. ඖෂධ පිණිස මේ දෙවර්ගය භාවිත කරයි. එහෙත් පූජනීයත්වය නිසා වෙහෙර විහාර වල ඇති වන්දනා මාන කරන බෝගස ඖෂධ පිණිස භාවිත නොකරයි.
බෝ ගස ගතහොත් ගුරු දිනයට මෙන්ම ගුරු ග්‍රහයාට අධිපති වෘක්ෂය වෙයි. ගෞතම බුදුන් වහන්සේට චතුරාර්ය සත්‍යය අවබෝධයට ආධාර වූ වෘක්ෂය හේතුවෙන් මෙයට බෝධි ධ්‍රැම යන වචන යෙදී ඇත. විශේෂයෙන් අලි ඇතුන්ගේ පි‍්‍රයතම ආහාරයක් වේ. එම නිසා මෙයට ගජාශන නමින් ද හඳුන්වා ඇත. අදටත් සමහර වියළි කලාපීය විහාරස්ථානවල බෝ ගස් අලින්ගෙන් ආරක්ෂා කිරීම සඳහා විවිධ විකල්ප ක්‍රමවේද භාවිත කර ඇත. විශේෂයෙන් බෝගස ආසන්නයේ ගජමදාරා වැනි ශාක සිටුවීම මෙහිදී දැකිය හැකිය. නිරන්තරයෙන් සෙලෙවන පත්‍ර ඇති හෙයින්. චල පත්‍ර ලෙසින් ද හඳුන්වයි.
අප රටේ ජනතාව තමන්ට දුකක්, කරදරයක්, රෝ බියක් දැනුන විට බෝධි වන්දනා කිරීම එසේත් නැතිනම් බෝධි පූජා කිරීම සාමාන්‍ය සිරිතකි. ඊට අමතරව ග්‍රහ ශාන්ති කර්මවලදී ද බෝගස යොදා ගනියි. ඡ්‍යොතිෂයේ දී ගුරුගේ අපල ඇති විට වැලඳෙන රෝග සඳහා බෝ ශාකය වෙනුවෙන් කරන පුද සත්කාර මෙන්ම පූජා විධි ඉතා වැදගත් වේ. ගුරු දෙවියන් බෝ විමානෙක වැඩ වසන බව ශාන්තිකර්ම කවිවල දක්වා ඇත්තේ ඉහත පරිදිය.
එසේම ග්‍රහ ශාන්තිකර්මවලදී ගස යොදා ගැනීම දෙවැනි කවියේ අයුරින් දැකිය හැකි ය. මෙහිදී ගුරු දෙවියන් වෙනුවෙන් කරන පූජාවන් බෝ ගසවෙත සිදු කිරීම දැකිය හැකි ය.
බෝ ශාකය යනු රුධිරය පිරිසුදු කරන ගතට ශක්තිය ලබාදෙන මානසික සුවතාවය ලබාදෙන මහඟු ඖෂධයක් වේ. දේශීය වෙදකමේ දී බෝ ගසේ කොළ, පොතු, මුලේ පොතු, ඇට, දළු අදිය ඖෂධ පිණිස යොදා ගනියි. විශේෂයෙන් ආයුර්වේදයේ ඇති පංච මල්කලව අයත් ප්‍රධාන ශාකයක් ද වේ.
ශරීරයේ ඇති අලුත් තුවාල, මෙන්ම පරණ තුවාල සුව නොවන තුවාල සඳහා මෙන්ම කැඩුම් බිඳුම් රෝගවලදී බෝ පොතු භාවිත කරයි. එහි කසාය මෙන්ම චූර්ණ ද විවිධ අවස්ථාවලදී දේශීය වෛද්‍යවරු නිරන්තරයෙන් භාවිත කරනු දැකිය හැකිය.
බෝ ගසේ විශේෂත්වය වන්නේ ඖෂධීය වශයෙන් රත් පිත සමනය කිරීම ඇති හැකියාවයි. මේ නිසාම අපට ඇති වන මානසික ව්‍යාකූලතා මෙන්ම ආතතිය සුව කිරීමට බෝ ගසට විශේෂ හැකියාවක් ඇත. මේ හේතුවෙන්ම අපගේ ජනතාව තමන්ට කරදරයක් වූ සැණින් බෝධියට පූජෝපහාර කිරීම මඟින් යම් සුවයක් බලාපොරොත්තු වේ. තවද ඉතාමත් කාර්යබහුල ජීවිතයක් ගත කරන අයට බෝ ස්පර්ශය ඉතාමත්ම වැදගත් ය. දේශීය වෛද්‍ය ක්‍රමයේ දී ශාක භාවිතය විවිධ වේ. රෝග පීඩාවලදී ශාකවල අඩංගගු විවිධ හරයන් ශරීර අභ්‍යන්තරයට ලබා දී රෝග සුව කිරීම මෙන්ම එම ශාකවල ශක්තින් භාවිතයෙන් උපගමන ප්‍රතිකාර ලෙස භාවිතා කරන අවස්ථාද දැකිය හැකි ය. බොහෝ විට ශාන්ති කර්ම හා බෝධි පූජාවලදී දැකිය හැකි වන්නේ එයයි.
බෝවල විශේෂත්වය වනුයේ එහි ඇති වාජීකරණ ගුණයයි. තවද දරුඵල නැති අය සඳහා ප්‍රත්‍යක්ෂ ඖෂධ සංස්කරණ බෝ ආශි‍්‍රතව හැකි වේ. ලිංගික ශක්තිය වැඩිකර ගැනීම සඳහා බෝ මුල් ඉන බැඳ ගැනීම සාමාන්‍ය ජනතාව අතර පවතින කෙම් ක්‍රමයකි.
විශේෂයෙන් ගුරු ග්‍රහයාගේ අපලය හේතුවෙන් ඇතිවන රෝග සඳහා බෝ ශාකය ඖෂධ ලෙස යොදා ගනියි. විශේෂයේ ශරීරය මහත්වීම, ලේ විෂ වීම, මොළයේ හටගන්නා විවිධ රෝග පෙණහලු රෝග, මුඛයේ හට ගන්නා රෝග දිය පීනස, අක්මා රෝග, ලිංගික දුබලතා ආදිය සඳහා මෙන්ම කුඩා ළමයින්ට ඇතිවන රෝග සඳහා ද අර්ශස්, භගන්දර වැනි රෝග සඳහා ද බෝ ඉතාමත් වටිනා ඖෂධයක් ද වේ. දත් මුල් දියවීමේදී බෝ පොතු තම්බා කට සේදීම ඉතාමත් ප්‍රත්‍යක්ෂය. බෝ පොතු බෝ මුල් කිරි කෂාය දරුඵල නැති අයට ඉතා අගනා ඖෂධයකි. බෝවල ඇති ප්‍රධානතම ගුණය වනුයේ ලේ පිරිසුදු කර මනසේ ක්‍රියාකාරීත්වය යහපත් කිරීමට දක්වන දායකත්වය එබැවින් බෝ පත්‍ර විශිෂ්ට ඖෂධයක්ද වේ.
දේශීය වෛද්‍ය
පාලිත ශ්‍රී ගීගනආරච්චිගේ