කොරෝනා සඳහා නිර්දේශිත සුදර්ශන පැණියේ ප්‍රධාන ඔසුව කිරාත හෙවත් හීං බිංකොහොඹ

නොවැම්බර් 27, 2020

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ සහ දේශීය වෛද්‍ය ක්‍රමයේ යෙදෙන ඖෂධ භෝග රැසකට යොදා ගනු ලබන අගනා ඔසුවක් ලෙස කිරාත හැඳීන්විය හැකිය. විශේෂයෙන් උණ රෝගයේදී ආයුර්වේදයේ යෙදෙන ඉතා විශිෂ්ඨ ඔසුවක් වන “සුදර්ශණ චූර්ණයේ” අඩංගු ප්‍රධානතම ඖෂධය ‘කිරාත’ වෙයි. දැනට ලෝකය පුරා පැතිරී පවතින කොරෝනා රෝගය පාලනය කිරීම සඳහා ආයුර්වේදයේ නිර්දේශිත ‘සුදර්ශන පැණිය’ සඳහා උපයෝගී කර ගනු ලබන්නේ මෙම සුදර්ශණ චූර්ණයට අයත් වට්ටෝරුවයි. එනිසා මෙහි අඩංගු ප්‍රධානතම ඖෂධය වනුයේ ‘කිරාත’ යි. උණ රෝගය ප්‍රධාන රෝග රැසකට ගුණ දෙන කිරාත පිළිබඳව හා එහි ඖෂධීය වටිනාකම පිළිබඳව හඳුනා ගැනීම හා අවබෝධ කර ගැනීම ඔබ අප සියලු දෙනාටම වැදගත් වනු ඇතැයි සිතමි.

හීං බිංකොහොඹ නමින් මෙන්ම වල් බිංකොහොඹ නමින් ද ප්‍රසිද්ධියට පැමිණ ඇති මෙය එක තැන පඳුරු ගැසී වැඩෙන පැළෑටියකි.

කිරාත වැවෙන ප්‍රදේශ

ඉන්දියාවේ සියලුම ප්‍රදේශ වලද විශේෂයෙන් බෙංගාල් සහ ඇසෑම් ප්‍රදේශ වලද දක්නට ලැබේ. ශ්‍රී ලංකාවේ නොයෙක් ප්‍රදේශ වල වැවෙන අතර ඉතා පහසුවෙන් වගා කළ හැකිය. තෙත් ප්‍රදේශ වල කලාතුරකින් දක්නට ලැබේ.

කිරාත ශාකයේ ස්වරූපය

කෙලින් වැඩෙන මීටර් 0.5 - මීටර් 1 ක් පමණ උසට වැඩෙන වතුරශ්‍රාකාර කඳක් සහිත පැළෑටියකි. මෙම පඳුරු විශාල ප්‍රදේශයක පැතිරුණු විට කළු වැසි වලාවක ස්වරූපය ගනු ලබන නිසා කාලමේඝ යනුවෙන්ද හඳුන්වනු ලබයි. මෙම ශාකයේ අධික තික්ත බව වඩාත් ප්‍රකටය. සම්මුඛව පිහිටන පත්‍ර අණ්ඩාකාර ඉලිප්සීය සිට ඉලිප්සීය ලසොකාර හැඩයක් ගනු ලබයි. මෙම පත්‍රයක් සෙ.මි. 8.5 ක් දක්වා දිගු විය හැක. මෙහි හට ගනු ලබන මල් කුඩා වන අතර සෙ.මී. 1 ක් පමණ දිගය. බූව සහිත ලා රෝස පැහැ හෝ සුදු පැහැ වෙයි. මෙහි හට ගනු ලබන ඵලය පැලෙන කරලකි. සෙ.මී. 1.5 - 2.0 දක්වා දිගය. ඒවා කෙලින් පිහිටා ඇත. මෙම කරලක් තුළ බීජ 3 - 4 ක් පමණ පිහිටා ඇත.

කිරාත පිළිබඳව විවිධ භාෂා වලින් හඳුුන්වන නාම :-

පොදු සිංහල නාම :- හීංබිංකොහොඹ, වල්බිංකොහොඹ වන අතර

සංස්කෘත බසින්:- කිරාක, කාලමේඝ, මහාතික්තා, යවතික්තා, කල්පනාථ,

තික්තඵලා, සූෂේම පුෂ්පා ආදී නාමයන් රාශියකි.

ත හින්දි බසින් :- කාලමේඝ වන අතර

ත වංග බසින් :- කාලමේඝ වේ.

ත දෙමළ බසින් :- නීලවෙම්බු වන අතර

ත ඉංග්‍රීසි බසින් :- kalamegh  හා Creat යන නාම යෙදේ.

කිරාත වල උද්භිද විද්‍යාත්මක නාමය : Andrographis Paniculata (Burm f.) Ness වන අතර

කුලය : Acanthaceae හෙවත් ආඩතෝඩා කුලය වෙයි.

ඹෟෂධීය අංග : සම්පූර්ණ පැළෑටියම ඹෟෂධ සඳහා යොදා ගනු ලබයි.

කිරාත වල අඩංගු රසායනික උපාදාන :

Kalameghin (කාලමේගින්) නමැති තික්ත දුම්මල ගතියෙන් යුතු කොටසක්ද මෙහි භස්මයෙහි සෝඩියම්, පොටෑසියම් සහ ලවණ ද, කොළ වල මඳක් සුවඳැති වාෂ්පශීලී තෛලද, තික්ත පදාර්ථ දෙකක්ද, අධික ප්‍රමාණයක් chlorophyll ද අන්තර්ගතය.

කිරාත වල ඹෟෂධීය ගුණ කර්ම :

මෙය රසයෙන් :- තික්ත වන අතර

ත ගුණයෙන් :- ලඝු, රූක්‍ෂ හා තීක්‍ෂණ වේ.

ත වීර්යයෙන් :- උෂ්ණ වන අතර

ත විපාකයෙන් :- කටුක වේ.

සෙම්, පිත් නසන ගුණ යුතු අතර සෙම්, පිත් රෝග සඳහා ගුණදායක වේ. තවද මෙය ආහාර ජීර්ණ පද්ධතියේදී දීපන ගුණයෙන්ද, අක්මා උත්තේජක ගුණයෙන්ද, පනුවන් නසන ගුණයෙන්ද යුතුවන අතර බඩගිනි අඩුකම, අක්මා ඉඳීමුම, පනු රෝග සඳහා ගුණ දෙයි.

සාමාන්‍යයෙන් ඖෂධ සඳහා මෙම පැළෑටියේ පොළොව මට්ටමින් උඩ කොටස ගනු ලබන අතර මෙය තික්ත රසින් යුතු ශක්තිජනක ඖෂධයකි. උණ රෝගයට විශේෂයෙන් ගුණදායක වන අතර පරීක්ෂණ වලට අනුව මෙම පැළැටියේ ටයිපොයිඩි උණ නාශක ශක්තිය සහ බැක්ටීරියා නාශක ශක්තිය ඇති බව සනාථ කර ඇත.

තවද මෙහි ලේ පිරිසිදු කරන ගුණයද, ඉඳීමුම් නසන ගුණයද පවතින අතර ඉඳීමුම් අවස්ථා වලදී සහ ලේ දූෂිත රෝග අවස්ථාවලදී ප්‍රයෝග කරනු ලබයි.

තවද මෙහි දහඩිය ඇතිකරන සහ කුෂ්ඨ නසන ගුණ ඇති අතර සමේ රෝග සඳහා ගුණදායක වේ.

මේ අතර උණ නසන විශිෂ්ඨ ගුණ යුතු නිසා විවිධ වූ උණ රෝග සඳහා ඉතා සාර්ථකව යෙදිය හැකි ඔසුවකි.

තව ද සාමාන්‍ය ශාරීරික දුබලතා සඳහාද යෙදිය හැකි අගනා ඔසුවකි.

ඖෂධ යෝග:

අක්මා රෝග වලදී :- සම්පූර්ණ කිරාත පැළෑටියම තම්බා බීම ගුණදායකය.

උග්‍ර මැලේරියා අවස්ථාවල :- කිරාත හා ගම්මිරිස් චූර්ණය දෙනු ලබයි.

මැලේරියා ආසාදනය වූ විට ඇතිවන ප්ලීහාවේ ඉදිමුම් වලදී :- තනිකර කිරාත කෂාය දෙනු ලබයි.

කුඩා ළමුන්ට ඇතිවන පීනස, ඉරුවාරදය, හතිය, සොටුදියර ගැලීම, සෙම්ගෙඩි, නිතර ඇති වන ප්‍රතිශ්‍යාව, නාසයේ මස් දළු ආදියට:

කිරාත පැළෑටිය සහමුලින් ගෙන තම්බා ගත් වතුර කොප්ප 1/2 ක් සීනි සමඟ උදේ සවස පානය ඉතා ගුණදායකය.

තවද දියවැඩියා රෝගීන්ට කිරාත ශාකයේ පත්‍රයක් බැගින් දිනපතා උදේ සවස සපා කෑම රෝග නිරාවරණයට හේතුවේ.

මුත්‍ර ගල් සඳහා:

කිරාත යුෂ තේ හැඳී 1/2 ක් උදේ සවස ගැනීම යෝග්‍ය වේ.

මේ ආදී යෝගයන් රාශියකට කිරාත යොදා ගනු ලබන අතර එමගින් රෝගාබාධ රාශියක් සමනය වේ.

කිරාත වල ඖෂධීය මාත්‍රා:

ත චූර්ණය :- රක්තිකා 5 - 10 දක්වා

ත ස්වරසය :- රක්තිකා 12 - 24 දක්වා

ත පාණ්ඨය :- කර්ෂ 1 - 2 දක්වා

ත ක්වාථය :- කර්ෂ 2 - 4 දක්වා

ත සුරාසවය :- බිංදු 30 - 60 දක්වා

මේ ආදී වශයෙන් කිරාක අගනා වටිනා ඔසුවක් ලෙස හැඳීන්විය හැකිය.

විශේෂයෙන් සැලකිය යුතු වනුයේ හීං බිංකොහොඹ හෝ වල් බිංකොහොඹ ආදී නම්වලින් හඳුන්වන මෙම කිරාත නාමයෙන් හඳුන්වන මෙම පැළැටිය ශ්‍රී ලංකාවේ අප විසින් භාවිතා කරනු ලබන පැළෑටිය වන අතර ඉන්දියාවේ කිරාත නාමයෙන් හඳුනවනුයේ වෙනත් පැළෑටියකි.

තවද උණ රෝගය සඳහා යොදන සුදර්ශන චූර්ණයට යොදනු ලබන ප්‍රධාන ඔසුවද අප රටේ වැවෙන කිරාත වන අතර එය නොමැති විට බිංකොහොඹ යෙදීම සුදුසු යැයි ද දක්වා ඇත.

මෙනිසා වර්තමානයේ කොරෝනා සඳහා නිර්දේශිත සුදර්ශණ පැණිය සුදර්ශණ චූර්ණයේම තවත් සංස්කරණයක් වන අතර මේ සඳහා කිරාත වල දායකත්වය ඉතා ඉහළ මට්ටමක පවතියි. මේ අතර කිරාත අඩංගුව උණ රෝගීන්ට යෙදෙන අනෙකුත් ඖෂධ ද කොරෝනා මැඩලීමට යොදා ගත හැකිවේ යැයි සිතිය හැක.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.