පිටිකිරි හා තේ වෙනුවට දිනපතාම උදේට භාවිත කළ හැකි ඖෂධීය කැඳ වර්ග

පෙබරවාරි 5, 2021

බාල, තරුණ, වැඩිහිටි, මහලු මෙන්ම, රෝගී හා නිරෝගී අයටත් කැඳ වර්ග පානය කිරීම බොහෝ ගුණ දෙන බැවින් සමහරුන් මේ සඳහා ගුණාත්මක බව වැඩි කරගැනීමට දේශීය හා ඖෂධීය ගුණැති සහල් වර්ග උපයෝගී කර ගනිති.

වර්තමානයේ සමාජයේ බොහෝ දෙනෙකු ගොදුරුව සිටින බෝ නොවන රෝග නිසාම වස විසෙන් තොර ආහාර රටාවකට හුරුවීම අත්‍යවශ්‍ය වී ඇත. සාමාන්‍යයෙන් මෙම සහල් වර්ග මිල අධික වීම නිසා ප්‍රධාන ආහාරවේලට භාවිත නොකළත්, උදෑසන තේ හෝ පිටිකිරි වර්ග පානය වෙනුවට මේ දේශීය සහලින් සෑදූ කොළ කැඳ පානයක් ලෙස ගන්නේ නම්, එය වඩාත් සෞඛ්‍යයට හිතකරය.

එමෙන්ම කොළ කැඳ සාදා ගැනීමට අවැසි ශාක කිහිපයක් ඔබේ ගෙවත්තේ සිටුවා ගැනීමට හැකි නම්, ඔබේ කාර්යය වඩාත් පහසු මෙන්ම, වඩාත් සෞඛ්‍යාරක්ෂිත බව ඔබටම ප්‍රත්‍යක්ෂ කරගත හැකිය. කෙසේ නමුත්, ඔබට එවැනි දේශීය සහල් මිලදී ගැනීමට හැකියාවක් නොමැති නම්, ඔබ වෙළෙඳ පොළෙන් මිලදී ගත් සාමාන්‍ය රතු සහල් හෝ භාවිත කරමින් කොළ කැඳක් සාදා ගැනීම ‘ඕඥඤ ඊඥච’ එකට වඩා බොහෝ ගුණදායක වනු ඇත.

කොළ කැඳ වීදුරුවක අගය ඔබ හොඳීන්ම දන්නා නිසා දැයේ දූ දරුවන් නීරෝගීමත් කිරීමට උදෑසනින්ම ඔබ හුරුවී සිටින ‘ඕඥඤ ඊඥච’ පසෙකළා කොළ කැඳ වීදුරුවට හුරුවීම ඉතාම ප්‍රයෝජනවත් බව කිව යුතුය.

කැඳ වර්ග

කැඳ වර්ග ගැන කතා කිරීමේදී අපට ධාන්‍ය කැඳ, කොළ කැඳ, පොතු කැඳ හා වෙනත් ආදී වශයෙන් ශරීරයට වඩාත් ගුණදායී කොළ කැඳ වර්ග කිහිපයකට වෙන් කළ හැකිය.

කොළ කැඳ සඳහා සුදුසු කොළ වර්ග

හාතාවාරිය

ඉරමුසු

හීංබෝවිටියා

මොණරකුඩුම්බිය

දිවුල් කොළ

කරපිංචා කොළ

ගොටුකොළ

රණවරා කොළ

වැල්පෙනෙල කොළ

මුස්සැන්ද කොළ

පොතු කැඳ ධාන්‍ය කැඳ වෙනත්

බක් මී පොතු කැඳ

දිවුල් පොතු කැඳ

මුගුණුවැන්න

ගොනිකා කොළ

උදුපියලිය

එළබටු කොළ

කරල් සැබෝ

එල පිටවක්කා

වැල් තිබ්බටු කොළ

කුප්පමේනියා

යකිනාරං කොළ

පොල්පලා

මෙනේරි කැඳ

කුරක්කන් කැඳ

තණහාල් කැඳ

කිතුල් පිටි කැඳ

කොහිල කැඳ

සුදුලූනු කැඳ

රතුලූනු කැඳ

 

කොළ කැඳවල ඖෂධීය හා

පෝෂණීය ගුණ

විශේෂයෙන්ම ශරීරයේ ප්‍රතිශක්තිය ඇති කරන (ලෙඩ රෝගවලට ඔරොත්තු දෙන) ගුණය කොළ කැඳ සතුව පවතී. ශරීරයේ ගෙවී ගිය කොටස් අලුත්වැඩියා කිරීමට උපකාරී වන, වයසට යාම ප්‍රමාද කරන, ශරීරයේ විෂ දුරු කරන, සියලුම පෝෂ්‍යපදාර්ථ එකම ආහාරවේලකින් ලබාගත හැකි අගනා ඖෂධීය පානයක් ලෙස කොළ කැඳ හඳුන්වා දිය හැකිය. මෙම කොළ කැඳ වර්ග දිනපතා උදෑසන පානය කිරීමෙන් ඔබට විවිධ ඖෂධීය ප්‍රතිලාභ අත්විඳීය හැකි අතර, එකම කොළ කැඳ වර්ගයක් දිගින් දිගටම පානය කරනවා වෙනුවට එකිනෙකට වෙනස් කොළ කැඳ වීදුරුවක් උදෑසනින් පානය කිරීමෙන් ඔබට අවශ්‍ය ඖෂධීය හා පෝෂණීය ගුණය තවදුරටත් ලබාගත හැකිය. දැන් අපි විමසා බලමු කොළකැඳ වල අඩංගු විවිධ ගුණ පිළිබඳව,

රණවරා කොළ

මුත්‍රා දැවිල්ල අඩු කරයි. ලේ පිරිසිදු කිරීමටද රණවරා කොළ ගුණදායකය. දියවැඩියාව අඩු කරයි.

මුගුණුවැන්න කොළ

ඇස් පෙනීම වර්ධනය කරන අතර, ඇස්වලට හිතකර කොළ කැඳ පානයකි. ශරීරයේ ප්‍රතිශක්තිය ඇති කරයි. ශරීරයේ විෂ නසයි. වයසට යාම පමා කරයි.

මුස්සැන්ද කොළ

ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීමේ ගුණයක් මුස්සැන්ද කොළ සතුව පවතී. අක්මාව ශක්තිමත් කරයි.

කරල් හැබ

ශරීරයේ දාහය අඩු කරන කරල් හැබ ඖෂධීය පානයකි. ලේ යන අර්ශස්වලදී භාවිත කරයි.

ගොටුකොළ

පීනස රෝගීන්ට ඉතා ගුණදායක කැඳක් ලෙස ගොටුකොළ කැඳ සැලකෙයි. මතක ශක්තිය වැඩි කරයි.සමේ රෝග සමනය කරයි.

හීංබෝවිටියා

අක්මාව ශක්තිමත් කරන ගුණය හීංබෝවිටියා කොළ කැඳ සතුව පවතී.අහිතකර කොලෙස්ටරෝල් අඩු කරයි. බොහෝ දෙනෙකු පීඩා විඳීන බෝනොවන රෝගයක් වන දියවැඩියාව සමනය කරයි.

කුප්පමේනියා

පීනස දුරු කරන ගුණයක් කුප්පමේනියා ශාකය සතුය. ශරීරයේ විස නැති කරයි. සෙම් රෝග දුරු කරයි.

කැස්ස අඩු කරයි.

රතු ලූනු

දියවැඩියා රෝගීන්ට ඉතා ගුණදායකය. සෙම් රෝග අඩු කරයි.

සුදු ලූනු

සෙම් සහ වාත රෝග නසයි. ස්නායු ශක්තිය වර්ධනය කරයි.බුද්ධිය වර්ධනය කරයි. අක්මා රෝගවලට හිතකරය. අධික රුධිර පීඩනය, අහිතකර කොලෙස්ටරෝල් පාලනය කරයි. පිළිකා රෝග මැඬපවත්වයි. විෂබීජ මර්දනය කරයි.

කොහිල අල

දිනපතා භාවිතයට ගත හැකි කැඳ වර්ගයකි. අර්ශස් රෝගීන්ට සුදුසුය. මළ බද්ධය අඩු කරයි. බඩවැල් පහත්වීමේ රෝගීන්ට හිතකරය.අක්මාවට හිතකරය.

 

වැල් තිබ්බටු කොළ

ලේ පිරිසිදු කරයි. පණු රෝග වළක්වයි. කක්කල් කැස්ස වළක්වයි. සෙම් රෝග නැති කරයි. බඩගිනි ඇති කරයි. ශක්ති ජනකයි. විෂ නැති කරයි.

එළ පිටවක්කා

අක්මාව ශක්තිමත් කරයි. පීනස් රෝගීන්ට හිතකරය. සෙම අඩු කරයි.

ගොනිකා කොළ

ශරීරයේ අභ්‍යන්තර තැලීම්වලදී භාවිත කරන ඖෂධීය කැඳ වලට සුදුසුයි.

කරපිංචා කොළ කැඳ

සෙම හා වාතය නසන ගුණය කරපිංචා කොළ කැඳවල පවතී. කෑම අරුචිය, අජීර්ණය හා උදරාබාධ වළකයි. ශරීරයේ ඇතිවන විෂ මෙන්ම බාහිරින් ඇතිවන විෂ නසයි. රුධිරගත දෝෂ වළක්වයි. අහිතකර කොලෙස්ටරෝල් පාලනය කරයි.

දිවුල් කොළ

ශරීරයේ විෂ නසන හැකියාවක් දිවුල් කොළ වල ඇති අතර අක්මාව ශක්තිමත් කරයි.

යකිනාරං කොළ

සෙම රෝග සුව කිරීමේ ගුණයක් යකිනාරං කොළවල පවතී. අක්මාව ශක්තිමත් කරයි.

මොණර කුඩුම්බිය

අක්මා රෝග දුර කරන ඖෂධීය ගුණයක් මොණර කුඩුම්බිය සතුය. මාන්දම හා ශරීරයේ දැවිල්ල නැති කරයි.

වැල් පෙනෙල කොළ

ශරීරයේ උණුසුම අඩුකරන ගුණයක් වැල්පෙනෙල සතුව පවති. ශරීර ශක්තිය ලබාදෙයි. ධාතු පෝෂණය කරයි.

ඉරමුසු.

චර්ම රෝගවලට ඉතා ගුණදායක පානයකි. මුත්‍රා දැවිල්ල අඩු කරයි. කැස්ස අඩු කරයි.

පොල්පලා

පොල්පලා මූත්‍රාකාරකයකි. ශරීරයේ විෂ නසයි. මුත්‍රා මාර්ගයේ ගල් දිය කරයි. ශරීරයේ දැවිල්ල හා ඉදිමීම නැති කරයි.

උඳුපියළිය

විෂ නැති කරන ගුණයෙන් යුතුය. අක්මාවට හිතකරයි. ඇස් පෙනීම වැඩි කරයි.

එළබටු කොළ

සෙම හා කැස්ස රෝගීන්ට ගුණදායකය. දරුවන්ගේ සෙම අවස්ථා වලදී හතිය අඩු කරන අතර පපුවට සැහැල්ලුවක් ඇති කරයි.

හාතාවාරිය

ධාතු ශක්තිය වර්ධනය කරයි. ශරීරයේ විෂ නැති කරයි. ශරීරයේ දැවිල්ල දුරු කරයි. ප්‍රතිශක්තිය වැඩි කරයි. ‌වයසට යාම පමා කරයි. පෝෂණ ගුණයෙන් ඉතා ඉහළය.

 

වෛද්‍යාචාරිනී, වෛද්‍යශූරී පණ්ඩිත,

ටී. කේ. සී. විමලරත්න

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.