ලිංගික සරුභාවය වර්ධනය කරන කටරොළු

ජූලි 2, 2021

වසරකට වඩා වැඩි ආයු කාලයක් ජීවත්වෙන සදාහරිත ශාකයකි. දිග මීටර 2ක් පමණ වේ. ආධාරකයක් මත එල්ලී ඉහළට වැඩෙන වැලක් ලෙස වර්ධනය වීමට හැකියාවක් තිබේ. එසේ නොමැතිව බිම දිගේ වැඩෙන එහේ මෙහේ දිවයන වැලක් ලෙස ස්වරූපයක් ලෙස පඳුරුමය ශාකයකි. පත්‍ර සරලය. මල්වල පාට අනුව නිල් කටරොළු හා එළ කටරොළු (සුදු කටරොළු) යනුවෙන් දෙවර්ගයක් ඇත. පැහැය වෙනස් වුවත් ඖෂධීය ගුණය, එහි රටාව වෙනස් නොවේ.

 

නිල් පාට ඇති මල්වල මැද ළා කහ පැහැයෙන් යුක්තය. කුරුල්ලන්, මී මැස්සන්, බඹරුන්, කෘමීන් මඟින් පරාගනය සිදුවේ. මලක ප්‍රමාණය දිග සෙ.මී. 5 ක් පමණ වේ. පළල සෙ.මී. 35ක් පමණ වේ. බෝංචි කරලකට වඩා ලොකු නැති ඊට වඩා මහත නැති නමුත් පැතලිය. මෙම කරලක් තුළ බීජ 6 - 12 පමණ තිබේ.

රනිල කුලයට අයත්වන ශාකයක් බැවින් පසේ නයිට්‍රජන් ප්‍රතිශතය ඉහළ නැංවීමේ හැකියාවක් මෙම වැල සතුව පවතී. මෙම පැළය වැඩීමේ දී මුල් පද්ධතියේ ඇසුරින් පසේ ජීවත්වන රයිසෝබියා බැක්ටීරියාව වාතයේ ඇති නයිට්‍රිජන් මේ වැලට අවශ්‍යය ප්‍රමාණයට ලබාගනී. ඒ අනුව පසේ නයිට්‍රජන් ප්‍රමාණය ඉහළ යාමෙන් පෝෂණීය පසක් ගසට සපයා ගැනීමට හැකි වේ.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඇතුළුව ආසියානු කලාපයට ආවේනික වූ ශාකයක් ලෙස සැලකේ. බංගලාදේශය, පකිස්ථානය, නේපාලය, කාම්බෝජය, වියට්නාමය, දකුණු කොරියාව, අපි‍්‍රකානු නිවර්තන රටවල්, ඕස්ට්‍රේලියාව, චීනය වැනි රටවල් බොහෝමයක වැඩෙන ශාකයකි. මෙම ශාකය බෝකර ගැනීම සඳහා බීජ භාවිතා කළ හැකි ය.

උද්භිද විද්‍යාත්මක නාමය - ඛ්තඪබධපඪච බඥපදචබඥච තඪදද වේ.

පර්යාය නම් - ඛ්තඪබධපඪච නඩඪතඪනනඥදඵඪඵ නඥප

සිංහල - එළ කටරොළු, කටරොළු, නිල් කටරොළු,

දෙමළ - කෙමාවි, කෙවාරි, උයවායි, කාක්කනාන්, කනික්කොඩි, කරිසන්නි, කාර් කුරුට්ටායි, කරුවිලායි, අපරාජිතා

හින්දි සංස්කෘත - භද්‍ර, භුමිලග්න, දැඩි පුෂ්පිකා කිනිහි, සුපෂ්පී, රෝමවල්ලි, සිංහ පුෂ්පී, විෂ්ණු ක්‍රාන්ති, ගවාඩිනි, ගවාක්ෂි

කුලය - ටචඡචජඥචඥ

ආයුර්වේදයට අනුව කටරොලු විස්තර කිරීම අනුව රසයෙන් කෂාය හා කටුක වූද, ගුණයෙන් ලඝු ස්නිග්ධ ද වීර්යයෙන් ශීත ද ලෙසය. විපාකයෙන් කටුක, තිත්ත ද වේ. සුදු කටරොළු හා නිල් කටරොළු ගුණය අතින් වඩා ක්‍රියාකාරී හා ශක්ති බලයෙන් සුදු කටුරොළුය. ගම්බද ප්‍රදේශවල වැවෙන සුදු කටරොලු පිපෙන්නට ප්‍රථම ඒවා කඩාගෙන පූජා කරනු ලබන්නේ විශාල අනිසංසයක් ඇති බැවින් කියනු ලැබේ.

කටරොළු වැලේ සෑම කොටසක්ම ඖෂධීය කටයුතු සඳහා යොදා ගනු ලබන්නේ බීජ සහ මුල් ය. ශරීරයේ වේදනා, ආසාදන, මෞත්‍රලිංගික පද්ධතියේ අසාමාන්‍යතා සඳහා කටරොළු පත්‍ර හා මුල් ප්‍රතිකාර සඳහා භාවිතා වේ. ඉන්දියන් වැසියෝ කටරොළු පැළෑටියේ ළපටි ප්‍රරෝහ පත්‍ර හා ළපටි කරල් එළවළුවක් ලෙස ව්‍යාංජනයට ගනිති. ඔවුන් මෙම කරල් තෙලෙන් බැඳ සාර්ථක ආහාරයක් සේ යොදා ගෙන තිබේ.

ඕස්ට්‍රේලියාව, ජර්මනිය වැනි රටවල් මෙන්ම සමහර රටවල්ද කටරොළු ශාකය විසිතුරු පැළයක් ලෙස වවනු ලැබේ. එසේ වැඩුණත් මෙහි මල් ආගමික වතාවක් සඳහා බහුතරයක් ඕස්ට්‍රේලියන් සහ ජර්මන් ජාතිකයන්ගේ වැඩි ගෞරවයක් හිමි වී ඇත. දෙසැම්බර් මස පවත්වන නත්තල් කැරොල් ගී සංදර්ශනවලදී මේ මල් වලින් ලැබෙන ඔපවත්වීමේ ගෞරවයක් හිමිව ඇත. දකුණු ආසියාවේ සමහර රටවල් මෙන්ම ඕස්ට්‍රේලියාව වැනි සමහර රටවල ද සුදු පැහැය ගැන්වීම සඳහා කටරොළු මල් යොදා ගනිති. තායිලන්ත රටවැසියන් විසින් සාදනු ලබන සිරප් වර්ගයකට විවිධ වර්ණ ලබාගැනීමට කටරොළු මල් භාවිත කරනු ලැබේ. බුරුම හා තායි පිරිමි වැසියන් සහ කාන්තාවන් කටරොළු මල් ගැඹුරු තෙලේ බැද ආහාරයට එක්කර ගනී.

මෙම ශාකයේ සියලුම කොටස් ඖෂධ සඳහා යොදා ගැනීමේ හැකියාවක් ඇත. සර්ප විෂට, ගෝනුසු විෂට මේ අතර විලාසිතාවලට මේ කුඩා කටරොළු මල් වෙනත් ඖෂධ සමඟින් යොදා ගනී.

කටරොළු මොළයේ හා තඩින්ගේ බල වර්ධනය ගුණයෙන් යුක්තය. මීට අමතරව තුවාල සුව කිරිමට හා විෂ නාශක හැකියාවෙන් ද යුක්තය. භූතෝන්මාදයේ ද එළ කටරොළු මල් යුෂ හාල්පානු දිය හා එළඟි තෙල් සමඟ යෙදීමෙන් සුවය ලැබෙන බව සහතික කර තිබේ. කටරොළු මුල් රේවත, ආරේවන, මුත්‍රකාරක ගති ගුණයෙන් යුක්ත වන අතර උණට ප්‍රතිකාර කිරීමේ දී යොදා ගන්නා බව වෙද පොත් කීපයක සඳහන් වී තිබේ. එළ කටරොළු ස්නිග්ධක ගුණයෙන් යුක්ත වන අතර උග්‍ර බ්‍රොන්කයිටිස් රෝගයේ දී ප්‍රතිකාර සඳහා යෙදේ. දැනට සත්ව ආහාර සඳහා ද කටරොලු පත්‍ර විද්‍යාඥයන් පරීක්ෂණ පවත්වාගෙන යයි.

එළ කටරොළු දළු අඩංගු පෝෂ්‍ය පදාර්ථ දළු (ග්‍රෑම් 100) අඩංගු

පෝෂ්‍ය පදාර්ථය සාන්ද්‍රණය

තෙතමනය 80%

ප්‍රෝටීන 3%

ඊතර් නිස්සසාරකය 0.40%

කෙඳිති 4.8%

අළු ප්‍රමාණය ග්‍රෑම් 0.8

කැල්සියම් මිලිග්‍රෑම් 40.30

පොස්පරස් මිලිග්‍රෑම් 24.20

යකඩ මිලිග්‍රෑම් 0.45

කැරොටීන් මිලිග්‍රෑම් 0.67

තයොමින් මිලිග්‍රෑම් 0.04

රයිබොෆ්ලෙවිනන් මිලිග්‍රෑම් 0.18

තියසින් මිලිග්‍රෑම් 1.43

ඇස්කෝබික් අම්ලය මිලිග්‍රෑම් 47.07

 

පාරම්පරික හෙළ වැසියන් ආහාරය දිරවීම පහසුවීම සඳහාත්, මතක ශක්තිය අධිකව තබා ගැනීම පිණිසත්, මොළයේ ක්‍රියාකාරීත්වය වැඩිකර ගැනම පිණිසත් මෙම ශාකයේ රිකිලි හා මුල්වලින් නිපදවනු ලබන විවිධ ඖෂධීය පාන වර්ග භාවිතා කරනු ලැබීය.

ඕස්ට්‍රේලියානු වැසියන් තුළ ඇත්තේ කටරොළුශාකය බොහෝ සුන්දර, පි‍්‍රයයන් උපදවන මල් ලෙසයි. එම මල්වලට ආහාරවලට කොළ පැහැයක් ලබා දීමට කටරොළු කොළ භාවිතා කරති. තවද මෙම කටරොළු ශාකයෙන් ලබා ගන්නා නිල් පැහැති වර්ණකයෙන් සහ සාන්ද්‍රව වර්ණකයෙන් කේක් වර්ග, රසකැවිලි වර්ග, ටොෆි වර්ග, රස කිරීමට යොදා ගනී.

ලංකාවේ වෙසෙන හෙළයන්ගේ පන්සල්වලට මල් පූජා කිරීම සඳහාත් ආගමික දියවැඩියාවෙන් පෙළෙන මීයන්ට දීමෙන් ඔවුන්ගේ රුධිරයේ සීනි මට්ටම සැළකිය යුතු ලෙස අඩුවන බැව් ඉන්දියානු විද්‍යාඥ කණ්ඩායමක් වාර්තා කොට තිබේ.

ඉන්දියාවේ තමිල්නාඩුවේ සරසවියේ ජීව රසායන අංශයේ ආචාර්ය අරුන් සහ මහාචාර්ය නාලීන විද්‍යාඥයින් දෙපාල විසින් කරන ලද පර්යේෂණ මඟින් ද කහ නිසා දියවැඩියා මීයන්ගේ රුධිරයේ සීනි මට්ටම පහත වැටෙනා බැව් පෙන්වා දී තිබේ.

 

ආයුර්වේද වෛද්‍යාචාර්ය

කමල් බන්දුල වීරප්පෙරුම

 

සකස් කිරීම

ආර්. සනත් ලෙනෝරා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.