පෝෂණ ගුණ දන්නවා නම් ඔබත් වසඟ වේවි

සැප්තැම්බර් 17, 2021

ගස්ලබු

ඉදුණු ගස්ලබු විටමින් සී, විටමින් ඊ සහ බීටා - කැරොටීන් යන ප්‍රබල ප්‍රතිඔක්සිකාරක වලින් ඉතා පොහොසත්ය. මේ ප්‍රතිඔක්සිකාරක නරක කොලෙස්ටරෝල් (ඹ්ච්ඹ්) නහරවල බැ¼දීම වළක්වයි. මෙමඟින් හදවත් රෝග පමණක් නොව ආඝාතය වැනි තත්ත්ව ඇති වීමද වළක්වයි. ගස්ලබු කෙඳීවලින් පරිපූර්ණ පලතුරකි.

කෙඳී මඟින් නරක කොලෙස්ටරෝල් මට්ටම අඩුකරන අතර ගස්ලබු වල කෙඳී වල අඩංගු ෆෝලේට්, විටමින් සී, බීටා කැරොටින් හා විටමින් ඊ බඩවැලේ පිළිකා ඇතිවීම අඩුකරන්නට ද ආධාර වේ. විටමින් සී, විටමින් ඊ හා බීටා - කැරොටීන් වල ප්‍රදාහ තත්ත්වයන් වැළැක්වීමට නැතිවම බැරි සංයෝග කිහිපයක් අඩංගුයි. ඇදුම, ඔස්ටියෝ ආතරයිටිස් වැනි ප්‍රදාහ තත්ත්වයන්ගෙන් පීඩා විඳීන අයට විටමින් සී, විටමින් ඊ හා බීටා - කැරොටින් අඩංගු ආහාර ගැනීමෙන් සහනයක් ලබා ගත හැකියි.

කන් ආසාදන, සෙම්ප්‍රතිශ්‍යාව, උණ වැනි තත්ත්වයන්ට නිතර ගොදුරු වන අයට ගස්ලබු කදිම පලතුරකි. ගස්ලබු ඇස්වල පෙනීම රැක ගැනීමට ආධාර වන විටමින් ඒ වලින් පරිපූර්ණය. මැදිවියත් සමග ගස්ලබු වැඩිපුර කෑමට එක්කර ගැනීමෙන් රුමැටොයිඩ් ආතරයිටීස් රෝගයෙන් වැළකිය හැකිය. විටමින් සී අධික ගස්ලබු වැනි පලතුරු රුමැටොයිඩ් ආතරයිටීස් රෝගයට ගුණදායක බව පර්යේෂණ මගින් සනාථ වී ඇත.

හදවතට හා ආහාර ජීර්ණ පද්ධතියට හිතකර පලතුරු අතර ගස්ලබු පෙරමුණෙහිම සිටී. ළපටි ගස්ලබු පමණක් දරුවන් ලැබෙන්නට සිටින අයට සුදුසු නැත. ගස්ලබු ගහේ ආහාරයට ගත හැක්කේ ඉදුණු ගස්ලබු පමණක් නොවෙයි. පැසුණු ගස්ලබු මැල්ලුම මෙන්ම වෑංජනය ඉතාම රසවත්ය. මෙමඟින් ඔබේ ආහාරවේල රසවත් කර ගන්නත් පුළුවන්. ළපටි ගස්ලබු කොළ වාෂ්පයෙන් තම්බා, නිවිති මෙන් කෑමට ගත හැකියි. ගස්ලබු ඇට ද කෑමට ගන්න පුළුවන්. තුනපහ රසයක් ගස්ලබු ඇටවල අඩංගුයි. මස් මාංස පිසීමේදී ළපටි ගස්ලබු එක් කිරීමට ගෘහණියන් අමතක නොකරන්නේ ඒ ගස්ලබු වල අඩංගු පැපේන් එන්සයිමය නිසා මාංස ආහාර වල රළු කෙඳී බි¼දී මස් මෘදු බවට පත්වෙන නිසයි.

 

ගස්ලබු ග්‍රෑම් සියයක අඩංගු පෝෂක

ජලය ග්‍රෑම් 90 යකඩ මි. ග්‍රෑ 0.6

ඇස්කොබික් අම්ලය මි. ග්‍රෑ.70

ප්‍රෝටීන ග්‍රෑම් 0.5 සෝඩියම් මි. ග්‍රෑ. 4

මේදය ග්‍රෑම් 0.1 තයමින් මි. ග්‍රෑ.0.04

කැල්සියම් මි. ග්‍රෑ. 24 රයිබොෆ්ලෙවින් මි. ග්‍රෑ.0.04

පොස්පරස් මි. ග්‍රෑ.22 නියැසින් මි. ග්‍රෑ.0.04

 

කටු අනෝදා

කටු අනෝදා ශාකයේ මදුළු ආහාරයට ගතහැකි සේම, මිහිරි පානයක් ලෙස ද සකසා ගන්නට පුලුවන්. නොඉදුණු කටු අනෝදා පිටි බවට හරවා ආහාර නිපදවා ගන්නටත්, වෑංජන සඳහා යොදාගන්නටත් හැකියි. මේ කුමන ක්‍රමයකට ආහාරයට ගත්තත් කටුඅනෝදා ගුණයෙන් ඉස්තරම් වේ. මෑත කාලයේ සිදුකළ පර්යේෂණ වලින් සොයාගෙන ඇති අන්දමට පිළිකා මර්දනයේ දී අතුරු ආබාධ වලින් තොරව නිරෝගී සෛල විනාශ නොකරන වටිනා ඖෂධයක් බවද සොයාගෙන තිබෙනවා. ඒ කාබෝහයිඩ්‍රේට්, පෘක්ටෝස්, විටමින් ඛ් , විටමින් ඕ 1 ,ඕ 2 බහුල පලතුරක් වන කටු අනෝදා හි පිලිකා නැසීමේ ගුණයක් සහිත ඒදදධදචජඪද ද අඩංගු නිසයි. එමෙන්ම සීනි හා පිෂ්ඨය අධික නොවන නිසා දියවැඩියා රෝගීන්ට මේ පලතුර කදිමයි. අනෝදා පානය සැකසීමේ දී සීනි නොයෙදා සකස් කරනවා නම් වඩාත් හොදයි. කටු අනෝදා හදවත් රෝග හා රුධිර නාල පද්ධතියේ රෝග වැළැක්වීමට උපකාරි වන මහඟු ඖෂධීය පලතුරකි.

විද්‍යානුකූල පර්යේෂණයන්ට අනුව කටු අනෝදා පිළිකා මර්ධන ගුණයෙන් යුතු අතර, පිළිකා මර්ධනයේදී බර අඩු වීම හා හිසකෙස් වැටීම පාලනය කරන ඖෂධයක් ලෙස ද ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආරක්ෂා කරන, ශරීර ශක්තිය වර්ධනය කරන ශක්තිජනකයක් ලෙස ද, මානසික ආතතිය, ස්නායු දුර්වලතා සඳහා ප්‍රතිකාරකයක් ලෙසද, ධ්දඵධථඪදඪච හෙවත් නින්ද නොයාමේ රෝගී තත්ත්වයෙන් පීඩා විඳීන්නන්ට ප්‍රතිකාරකයක් ලෙස ද චර්ම රෝගීන්ට කදිම ඔසුවක් ලෙසද, කටු අනෝදා ශරීරයට හිතකර විටමින් වර්ග වලින් යුක්තය. කටු අනෝදා ගර්භණි මවුවරුන්ට හා කුඩා ළමුන්ටද ආහාරයට දීමට හැකි වටිනා පලතුරකි.

ඵලය පමණක් ආහාරයට ගත්තද අනෝදා ශාක පත්‍රයෙන් නිපදවන තේ දියවැඩියාව, පිළිකා, ආතරයිටිස්, උෂ්ණාධික රෝගයන් සඳහා ද කදිම ඖෂධයකි. විෂබීජ නාශක ගුණයෙන් යුතු අනෝදා ශාක පත්‍ර තම්බා හිසකෙස් සේදීමට පවා භාවිත කරන්න හිස්හොරි තත්ත්වයෙන් මිදිමට මෙම සත්කාරය ඉතාම සුදුසුය. ඉදුණු කටු අනෝදා මද ජෑම් වර්ග, ජෙලි වර්ග, අයිස්ක්‍රීම් සෑදීමටත් යොදාගත හැකි.

 

 

උගුරැස්ස

දේශිය පලතුරු වර්ග වලින් රසයෙන් ගුණයෙන් අනූන උගුරැස්ස අප රටේ ඕනෑම ප්‍රදේශයක පහසුවෙන් වගාකළ හැකිය. කටුලොවි ලෙසින් දේශීය බස්වහරින් හඳුන්වන මෙම මාහැඟි පලතුරෙහි ගෙඩි පමණක් නොව කොළ, මුල්, පොතු, ඇට ඖෂධ වශයෙන් රෝග සුව කිරීම සදහා දේශීය වෙදකමේදි යොදා ගනී. උගුරැස්ස ආහාරයට ගැනීමෙන් රුධිරය පිරිසිදු කිරීම, ආහාර ජීර්ණ පහසු කරවීම, සිරුරේ දාහය සංසිදුවීම, ආහාර අරුචිය දුරුකර කුසගින්න වඩවාලීම වැනි ප්‍රතිලාභ රැසක් ලැබේ.

සිරුර නැවුම් කරවන සිසිලසකාරකයක් වන උගුරැස්ස, විශේෂයෙන් මූත්‍ර රෝග වලට බෙහෙවින් ගුණදායකය. ඊට අමතරව දියවැඩියාවසමනය කිරීමටද, සම පැහැපත් කරවීමටද දිව්‍යමය ඖෂධයකි. උගුරැස්ස පොතු තැම්බු ජලයෙන් තුවාල සේදීමෙන් එම තුවාල ඉක්මනින් සුවකරගත හැකිය. කොලෙස්ටරෝල් මට්ටම මැනවින් පාලනය කරන නිසා හදවතටද බෙහෙවින් ගුණදායකය. ඉදුණු උගුරැස්ස යුෂ පානයෙන් සිරුරේ ප්‍රතිශක්තිය මැනවින් වර්ධනය කරයි. දේශීය වෛද්‍ය ශාස්ත්‍රයට අනුව උගුරැස්ස, නැතහොත් කටුලොවි දීර්ඝායුෂ ලබාදෙන දිව්‍යමය පලතුරකි.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.