මෙතරම් ඔසු තිබෙන රටේ අප ලෙඩ වන්නේ ඇයි?

නොවැම්බර් 19, 2021

ඔබ ජීවත් වන මේ කුඩා රට තුළ තිබෙන ඔසු කොපමණදැයි ඔබ දැයි ඔබට කීමට හැකිද, ඔබ මේවා ප්‍රයෝජනයට නොගන්නේ ඇයි? මෙවැනි ඔසු තිබියදීත් ඔබ ලෙඩ වන්නේ ඇයි? ගෙවත්තේ මෙතරම ඖෂධ තිබියදී ඔබේ වටිනා කාලය ඔසුසැල පෝලිමේ මිඩංගු කරන්නේ කුමටද?

පළමුව ඔබ නිරෝගී වන්න උත්සාහ කරන්න මහලු වියට පත්වීමත් සමඟම අපගේ ඉන්ද්‍රිය ක්‍රමයෙන් දුර්වල වීම මියයාම ස්වභාවයකි. අක්‍රමවත් ජීවන රටාව හා අක්‍රමවත් ආහාර පුරුදු හේතුවෙන් හටගන්නා බෝ නොවන රෝගවලින් මෙන්ම විවිධ අනතුරුවලින් ද මියයන තරුණ ජීවිත ප්‍රමාණය වර්තමානය වන විට ඉහළ ගොස් ඇත.අප මුඛයෙන් ගන්නා ආහාර ජීරණය මගින් ලබාගන්නා රසයෙන් අපගේ සප්ත ධාතු පෝෂණය වී ඉන්ද්‍රිය පද්ධතිය හා මනස ක්‍රමවත් ව ක්‍රියා කරයි නමුත් අද වන විට අප ලබාගන්නා විෂ ආහාර, විෂ රසායනික අඩංගු ආහාර වල අනිසි බලපෑම් නිසා අප ඉන්ද්‍රිය පද්ධතිය මෙන්ම මනසද දුර්වල වීමට ඇති ඉඩකඩ බොහෝය. මේ හේතුවෙන් මන්දපෝෂණ, අධිපෝෂණ, දියවැඩියා, කොලෙස්ටරෝල් අධි රුධිර පීඩනය, හෘද රෝග හා අස්ථි රෝග පවා ඇති විය හැක. දරුවාගේ පටන් වියපත් පුද්ගලයා දක්වාම මෙම විෂ ආහාර උගුලට හසු වී අවසන්ය විවිධ රසකාරක වර්ණකාරක සුවඳකාරක යොදමින් ඇස දිව පිනවන ලෙස සකසන ලද විවිධ ආහාර වර්ග මාධ්‍ය ඔස්සේ විශාල ප්‍රචාරණයක් දෙමින් ජනතාව අතරට යවා ඇත. එයට රැවටෙන කුඩා දරුවන් පවා අද මෙම විෂ කාරක ආහාර වලට ලොව බවක් දක්වයි. එමෙන්ම වර්තමානයේ අපේ රටේ තරුණ පරම්පරාව ඛේදනීය ලෙස මත්ද්‍රව්‍ය හා මත් කුඩු සඳහා ඇබ්බැහි වීමෙන් ද ශාරීරිකව හා මානසිකව දුර්වල වීම ඉතාමත් කනගාටුදායක කරුණකි. ඉතා වටිනා ඖෂධ වර්ග මෙන්ම ආහාර ආහාරවලින් අප පොළොව ස්වයංපෝෂිතව පවතිද්දී පවා අපේ ජනතාව මෙවන් විෂ ආහාර පසුපස හඹා යෑම නතර කළ යුතු කාලය එළඹ ඇත.

කරදමුංගු, කරාබු නැටි, සාදික්කා, වසාවාසි, එනසාල්, ගම්මිරිස්, කුරුඳු, කහ, ගොරකා, සියඹලා වැනි අපගේ දේශීය ස්වභාවික රසකාරක ඔබව නිරෝගී කිරීමට මෙන්ම ඔබගේ ආහාර රසවත් කිරීමට මහා ඔසු වැනිය. කුඩා පැළෑටියේ සිට විශාල කුඹුක් ගස දක්වා අපේ වටිනා ඖෂධය එනිසා මේ ඖෂධ භාවිතා කර නිරෝගී වීමට උත්සාහ කළොත් අප රටේ අද පවතින දුක්ඛිත තත්වයෙන් මුදවා ගත හැක.

ඔබේ කුඩා දරුවාට කුඩා කල සිටම දේශීය කුළුබඩු හා රසකාරක පුරුදු කරවන්න ශාකමය වර්ණකාරක දරුවාගේ ඇසට මෙන්ම දිවට හුරු කරවමින් ඔබගේ දරුවා නිරෝගිමත් පුද්ගලයකු බවට පත්කිරීමට උත්සාහ දරන්න. එමෙන්ම මෙතෙක් කල් ඔබ රැගෙන ආ අනවශ්‍ය ආහාර පුරුදු මගහරිමින් ඔබද පවුලේ අනිත් අය ද ස්වභාවික රසකාරක වර්ණකාරක සඳහා යොමු වෙමින් නිරෝගී පවුලක් ලෙස ජීවත් වන්න උත්සාහ දරන්න එවිට මුළු රටම නිරෝගිමත් වීම නොඅනුමානය.

කහ, ගම්බිරිස්, කුරුඳු, කරාබු නැටි වැනි එකකින් ගසක් බැගින් හෝ පවුලට ඇති පමණ ඔබගේ ගෙවත්තේ වගා කර ගන්න ඒවා ඔබේ ආහාරයට එක් කර ගන්න. විවිධ දේශීය සහල්, ධාන්‍ය සෝදා වේලා කුඩු කර සාදා ගන්නා පිටි වර්ග මගින් විවිධ රසකැවිලි සාදා ගෙන බෙලිමල්, රණවරා වැනි ඖෂධීය පානයක් සමග පවුලේ සැම දෙනා එක්ව සතුටින් භුක්තිවිදින්න එවිට ඔබගේ ශාරීරික මෙන්ම මානසික සතුට ද වර්ධනය වේ. පවතින කාර්යබහුල ජීවන ජිවන රටාව සමග ඔබට මේ සඳහා යෙදවීමට කාලයක් නොමැති විය හැක. නමුදු මසකට එක් දිනක් හෝ වෙන් කරගෙන ඔබගේ ගෙවත්තේ වගා කටයුතු හා එදිනෙදා අවශ්‍ය වනු කුළුබඩු ආදිය හෝ සකසා ගන්න එදිනට පවුලේ සියලු දෙනාම සහභාගි කරගනිමින් සතුටින් මෙම කටයුතුවල නියැලීමෙන් ඔබට ලැබෙන මානසික සතුට ද අපමණය. ආරම්භයේදීම මසකට දිනක්වත් ඉතා ගුණදායක ඔබ ගෙවත්තෙන්ම සකසා ගත් ආහාර වර්ග බීම වර්ග කැවිලි සඳහා යොමුවන්න එවිට ඔබ දිනෙන් දින එයට හුරු වේවි. ඔබට මෙලෙස ඔබ දිනෙන් දින සෞඛ්‍යමත් ජීවන රටාව හා ආහාර රටා සඳහා පුරුදු වන්න එවිට ඔබ ඔබටම නොදැනීම නිරෝගීමත් පුද්ගලයකු බවට පත් වේවි.

ඔබ සතුව ඇති කුඩා බිම් කොටස පවා වටිනා ශාක වලින්විසිතුරුව සකසා ගන්න ඔබගේ පයට පෑගෙන ලෙස මිදුල අලංකාර ව උදුපියලිය වැනි දේ සකසා ගන්න. මුළුතැන්ගෙයි අවට රම්පේ, කරපිංචා, කහ ඉඟුරු, මිරිස් ,ගම්බිරිස් වැනි දේ පිළිවෙලකට වගා කරන්න. වගා කරන්න ඔබට එතරම් ඉඩ ප්‍රමාණ නොමැතිනම් පෝච්චි වල වුවද මෙම ශාක ඉතා අලංකාරව සකස්කර ගන්නා ක්‍රම වර්තමානය වන විට දක්නට ලැබේ. ඔබ ගෙවත්ත විසිතුරු මල් වලින් සරසා ගන්නා ලෙසට ම ඖෂධීය මෙන්ම ආහාරමය වටිනාකමකින් යුත් ශාක වලින් ද ඔබගේ ගෙවත්ත සුන්දර කර ගැනීමට කටයුතු කරන්න. කෝමාරිකා හා උඳුපියලිය කීකිරිදිය වැනි කුඩා පැළෑටි පඳුරු හෝ ඔබගේ ගෙවත්තේ තිබේ නම් හදිසි අවස්ථාවකට ඔබට අත් බෙහෙත් ලෙස හෝ භාවිතා කළ හැකිය.

වර්තමානයේ පවතින මෙම තත්ත්ව සැලකිල්ලට ගෙන පළමුව ඔබ පවුලේ සෞඛ්‍ය හා ආරක්ෂාව ගැන සිතා සෞඛ්‍ය හා ආහාර පුරුදු අනුගමනය කරමින් පවුල සහ රටම නීරෝගීමත් කිරීමට දායක වෙමු

වෛද්‍යාචාරිනී ගුණවතී එදිරිසිංහ

සටහන් හා සාකච්ඡාව යටියන්තොට සමූහ

කුමාරසිංහ ගුණදාස

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.