ඔසු ගුණ සපිරි දැල්බටු

පෙබරවාරි 4, 2022

(උඩහලු)

(Passiflora foetida)

ස්වභාව ධර්මයේ ඉතා සුන්දර අලංකාර නිර්මාණයක් වන දැල්බටු අලංකාර මෝස්තරයක් බඳු දැලකින් ආවරණය වූ ගෙඩි වර්ගයකි. කැලයක ඇවිදින විට පිපාසය නිවාගැනීමට උපකාරී වන ඉතා අපූරු රසවත් පලතුරක් වගේම ඖෂධාහාරයක්. මෙය ඉතා කුඩා ප්‍රමාණයේ වැල්දොඩම් ගෙඩියක හැඩ ඇති අතර රසයෙනුත් එම රසයමයි. ගෙඩිය අතුළත්, මෙම ශාකයේ මලක් හැඩයෙන් වැල්දොඩම් වලටම සමානකම් දක්වන අතර පිං පොං බෝලයක් තරම් වේ.

වැල්දොඩම්වල වන ප්‍රභේදයක් ලෙස සැලකෙන දැල්බටු වැල්දොඩම් අයත්වන ර්‍ථචඵඵඪටතධපචජඥචඥ කුලයටම අයත් වෙයි. මෙයට සිංහලෙන් උඩපලු, නලල් බටු වැනි නම් රැසක් විවිධ ප්‍රදේශවල ව්‍යවහාර කරනවා. මෙයට ඉංග්‍රීසි බසින් ඹ්ධමඥ - ඪද-ච-ථඪඵබ, ඹඪතඤ ඹචබඥප ථඥතධද, ඡභඵ නචඵඵඪධද ටපභඪබ වැනි නම් යෙදෙනවා.

දකුණු ඇමරිකාවේ උතුරු ප්‍රදේශය සහ බටහිර ඉන්දීය දූපත් මෙහි නිජ භූමිය ලෙස සලකනවා. ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් ශාකයක් වන මෙය හොඳීන් හිරු එළිය වැටෙන තැන්වල වැවේ. අතහැර දැමූ පිට්ටනි, පාළු වතුපිටි, පාරවල් දෙපස මෙන්ම වැටවල් අයින්වලත් වැව් බැමි ආදී තැන්වලත් බහුල ලෙස දැකිය හැකිය.

දැල්බටු වැලක් ආකාරයට වැඩෙන ශාකයක් වන අතර මීටර් 2ක් 3ක් පමණ දිගින් යුතුය. මෙම වැල්, පත්‍ර සහ කඳ මද බූවකින් යුතුයි. හටගනු ලබන මල් සුදු පාටයි. අමු ගෙඩි කොළ පැහැ වන අතර ඉදුණු පසු කහ පාට වේ. මෙම ගෙඩිවල ඇති විශේෂත්වය නම් ගෙඩි ස්වභාවිකවම දැලකින් ආවරණය වී තිබීමයි. දැල්බටු නමින් හඳුන්වන්නේ ද එනිසයි. ඉඳහිට හෝ කැලෑ ප්‍රදේශයක ඇවිදින්න යන විට හමුවන මෙම පලතුරේ පෝෂණ ගුණය ඉතා ඉහළ වන අතර මෙය බොහෝ දෙනෙක් කා ඇතුවාට සැක නැත. එසේම මෙම ගෙඩි බීමක් ලෙසද සකස් කර ගැනීමට ද පුළුවන.

ආයුර්වේදයට අනුව ගත් කල දැල්බටු වැලේ කොළ මුල් ආදිය ඖෂධ යෝග සඳහා බෙහෙවින් යොදා ගනු ලබනවා. උණ, පෙණහලු රෝග, දියවැඩියාව, අර්ශස්, ඉදිමුම්, උදරාබාධ (බඩේ අමාරුව), රක්තවාත, අපස්මාරය, වලිප්පුව,ලිංගිකව බෝවන රෝග, වාත රෝග, පක්ෂාඝාත ආදී රෝග සඳහා ඖෂධ යෝග වලට යොදාගනු ලබනවා.

ඉදුණු දැල්බටු ආහාරයට ගැනීමෙන් ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කරනු ලබන අතර ශරීරයට අවශ්‍ය විටමින් ඛ් හා ඕ ද ලැබෙනවා.

මේ අතර රක්ත අර්ශස් හෙවත් ලේ යන අර්ශස් සඳහා දැල්බටු ශාකයේ මොට්ටු, මල් සහ ගෙඩි මද පවනේ වියලා තම්බා පානය ඉතාමත් ගුණදායකයි.

එසේම මල බද්ධය සහ අර්ශස් රෝග අවස්ථාවලදී දැල්බටු කොළ සිහින්ව ලියා උණුවතුරට දමා තම්බා උදේ සවස පත 1/2 බැගින් බීමෙන් එම රෝග තත්ත්වයන් සමනය වේ. එසේම දියවැඩියා රෝගී තත්ත්වයේදී මෙම දැල්බටු ශාකයම තම්බා පානය කිරීම ඉතාමත් ගුණදායකය. තවද සෙංගමාල රෝගයේදී දැල්බටු ශාකයෙන් සකස්කළ කැඳ බෙහෙවින් ගුණදායකය.

එසේම පණු රෝගවලදී දැල්බටු කොළ තම්බා පානය ඉතා හොඳය. එසේම මලබද්ධය රෝග තත්ත්වය සඳහා අරළු, බුළු, නෙල්ලි කළං බැගින් ගෙන චූර්ණ කර දැල්බටු කෂාය සමඟ පානය ඉතාමත්ම යෝග්‍ය වේ.

මේ අතර වෙනත් රටවල ද දැල්බටු ඖෂධක් ලෙස භාවිතා කරන අවස්ථා බොහෝයි. වියට්නාම වැසිය නින්ද නොයාමේ රෝග තත්ත්වයන්වලදී දැල්බටු කොළ වියලා කුඩුකර තේ පානයක් ලෙස යොදාගනු ලබනවා. එසේම මෙම දැල්බටු කොළ කැස්සට මෙන්ම ශරීරයේ කැසීම් සඳහා ද හොඳ ඔසුවක් ලෙස සලකනු ලබනවා.

එසේම ළපටි කොළ පපුවේ කැස්ස සඳහා මෙන්ම ක්ෂය රෝගය සඳහා ද හොඳ ඔසුවක්.

මේ අතර ඇතැම් රටවල පණු රෝග මර්දනය සඳහා දැල්බටු ශාකය තම්බා ගත් වතුර භාවිතා කරනවා. එසේම ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග සඳහා ද දැල්බටු ඉතා ගුණදායක වේ. එසේම මෙහි විෂ නසන ගුණය ද පවතින නිසා සර්ප දෂ්ඨවලදී එම විෂ දුරු කිරීමටත් එම තුවාල සුවකිරීමටත් උදව් කරනවා.

එසේම ගැබිනි කාන්තාවන්ට හිතකාරී ඖෂධක් වශයෙන් ද සලකනු ලබනවා. එනම් බ්‍රසීලයේ කළ පර්යේෂණයකදී සොයා ගත් කරුණු අනුව වැඩිපුර දැල්බටු දලු හෝ කොළ ගැනීමෙන් ශරීරයට සයනයිඩ් එක්වන බව පැවසෙනවා. මෙනිසා අමුදලු, කොළ හෝ අමුගෙඩි ආහාරයට ගැනීමේදී නියමිත ප්‍රමාණයට ගැනීම වැදගත් වේ.

මේ අනුව පැහැදිලි වනුයේ දැල්බටු යනු ඉතා වටිනා ඖෂධක්, ආහාරයක් සහ පලතුරක් වන බවත් එහෙත් අමුගෙඩි හෝ කොළ ගැනීමේදී මාත්‍රාව අනුකූලව ගත යුතු බවයි.

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ, කථිකාචාර්ය වෛද්‍ය

මධුර පරණවිතාන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.