ප්ලාස්ටික් ඇසුරුම්වල අසුරා ඇති ආහාර පාන මාරාන්තිකයි

පෙබරවාරි 18, 2022

කාර්මීකරණයත් සමග ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ නව පිබිදීමක් ඇතිවූ අතර එහිදී නව නිපැයුම් ලෙස අමුද්‍රව්‍ය වශයෙන් හුවමාරු වූ ආහාර ද්‍රව්‍ය, පිළියෙල කළ හෝ පිසූ ආහාර ලෙසද ව්‍යාපාරික ක්ෂේත්‍රයන් තුළ හුවමාරු විය.ආනයන, අපනයන ක්‍රියාවලියේදී ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ සිදුවූ ඉහළ දියුණුවත් සමග ඇසුරුම්කරණය ඉතා වැදගත් අංගයක් වී තිබේ.

ඈත අතීතයේදී එම අරමුණු සාක්ෂාත් කර ගැනීමට දැව, පෝසිලේන්, මැටි හා වීදුරු වැනි පරිසර හිතකාමී රසායනික වශයෙන් අඩු ප්‍රතික්‍රියාශීලීත්වයක් දක්වන අමුදුව්‍ය භාවිත විය.එහෙත් ඉල්ලුම හා නිෂ්පාදනය ප්‍රමාණාත්මකව මහා පරිමාණ මට්ටමට ළඟාවත්ම ඇසුරුම් නිෂ්පාදන ශීඝ්‍රතාව, පිරිවැය, ප්‍රවාහන පහසුතා ආදිය සැලකිල්ලට ගැනීමේදී වඩාත් සැහැල්ලු අඩු පිරිවැයකින් යුත් විකල්ප කරා නිෂ්පාදකයෝ යොමු වූහ.කාර්මික විප්ලවයත් සමග ගොඩනැගුණු ඛනිජතෙල් ආශ්‍රිත නිෂ්පාදන යටතේ “ ප්ලාස්ටික් ” ඇසුරුම්කරණය මෙහි ලා සුවිශේෂී ස්ථානයක් අත්පත් කරගත්තේ මේ සමයේදීය.

ඇසුරුම්කරණය මගින් ආහාරවලට ක්ෂුද්‍රජීවීන්, ජෛවීය හා රසායනික සංඝටකවලින් ආරක්ෂාව සපයන අතර ප්‍රවාහනය හා භාවිතය පහසු කරවයි.ඇසුරුම් කරන ලද ආහාරවල ප්‍රයෝජ්‍ය ජීව කාලය සාපේක්ෂව ඉහළ අගයක් ගනී.1950 වර්ෂයේදී ඇරඹූ ප්ලාස්ටික් ඇසුරුම්කරණය වඩාත් ප්‍රචලිත වූයේ එය පහසුවෙන් වෙන් කරගත හැකි, සැහැල්ලු, ඉතා සුළු වශයෙන් ද්‍රව්‍ය සඳහා පාරගම්‍ය, අඩු පිරිවැයකින් යුක්ත අමුද්‍රව්‍යයක් වීම නිසාය.වර්තමානයේ ප්ලාස්ටික් වර්ග 30 කට ආසන්න ප්‍රමාණයක් භාවිත වේ.

ප්‍රධාන ඇසුරුම් වර්ග 7ක්

බහුඅවයවීකරණයෙන් නිපදවන ප්ලාස්ටික් ඊට භාවිත කරන ඒකාවයවිකය අනූව ප්‍රධාන වර්ග 7 කට වර්ග කෙරේ.එක් එක් බහුඅවයවිකය විවිධ ද්‍රව්‍ය ඇසුරුම්කරණයට යොදාගැනෙන්නේ ඒවායේ ඒකාවයවිකය, ඇසුරුම්කරණය, ඇසුරුම්කරණ ද්‍රව්‍යයක් සමග දක්වන ප්‍රතික්‍රියාශීලීත්වය හා වෙනත් විවිධ ගුණ අනූවය.මේ හඳුනාගැනීමේ පද්ධතිය පොදුවේ ඉර්‍ථධ් පද්ධතිය ලෙස හැඳීන්වේ.මෙමගින් බෝතල් නිෂ්පාදනයේදී ඇසුරුම්කරණය කරන ද්‍රව්‍ය පහත දැක්වේ.

ර්‍ථඡ්ඊ - සෝඩා, ජලය හා තෙල් ඇසුරුම්

ඩ්ච්ර්‍ථඡ් - කිරි, යෝගට් ආදිය ඇසුරුම්

ර්‍ථඍඛ් - ජලය, සැලඩ්, ආහාරමය තෙල් වර්ග ඇසුරුම්

ඹ්ච්ර්‍ථඡ් - ආහාර ගබඩා කිරීමට සුදුසු ඇසුරුම්

ර්‍ථර්‍ථ - බීම බට, බෝතල් මූඩි

ර්‍ථඉ - කෝප්ප, ආහාර බහාලුම්

අනෙකුත් (ර්‍ථධතරජචපඡධදචබඥ) - ජලය ඇසුරුම්

ඇසුරුම් කළ ආහාර ද්‍රව්‍යවල තත්ත්වය

ආහාර ඇසුරුම්කරණයේදී ආහාර ද්‍රව්‍ය එහි ඇසුරුම සමග ඍජුවම ගැටේ.එහිදී විවිධ ප්‍රතික්‍රියා සිදුවිය හැකිය.ඒවා ප්‍රධාන වශයෙන් ආකාර 03 කට සිදුවිය හැකිය.

ර්ඪඨපචබඪධද - ඇසුරුමේ ඇති ද්‍රව්‍ය ආහාර සමග මිශ්‍ර වීම.

ර්‍ථඥපථඥචබඪධද - ආහාරමය ද්‍රව්‍ය ඇසුරුම් හරහා පිටතටත් බාහිර ද්‍රව්‍ය ඇසුරුම් තුළටත් කාන්දු වීම.

ඉධපනබඪධද - ආහාරමය ද්‍රව්‍ය ඇසුරුම තුළට ගමන් කිරීම.

ප්ලාස්ටික් බෝතල් නිෂ්පාදනයේදී ප්‍රධාන වශයෙන් ර්‍ථඡ්ඊ, ර්‍ථඍඛ් හා ඩ්ච්ර්‍ථඡ් යොදාගැනෙයි.එහි ගුණාත්මක බව ඉහළ නැංවීම උදෙසා ඒකාවයවිකයට අමතරව ලිහිසිකාරක, ස්ථායීකාරක, වර්ණක, ප්‍රතිඔක්සීකාරක ආදී විවිධ රසායනික ද්‍රව්‍ය ඇසුරුම්කරණ නිෂ්පාදනයේදී යොදාගනු ලැබේ.

ඇසුරුම්කරණ බහුඅවයවික අතරින් ර්‍ථඡ්ඊ ප්‍රමුඛ ස්ථානයක් හිමි කරගනී.ඉහත සඳහන් කළ විවිධ රසායනික ද්‍රව්‍ය ආහාර සමග ඍජුවම ගැටීමේදී ඒවා ආහාරයට හා බාහිර පරිසරයට නිකුත් විය හැකිය.

අවදානමේ තරම

එලෙස නිකුත් වන රසායනික ද්‍රව්‍ය අතර ආකලන වර්ග, ඒකාවයවික ප්‍රභා ඵල හා ප්‍රතික්‍රියාවල අතුරු ඵල ආදිය පැවතිය හැකි බව පර්යේෂණ මගින් අනාවරණය වී ඇත.ආහාරයට හෝ බාහිර පරිසරයට මේ රසායනික ද්‍රව්‍ය නිකුත් වීම සඳහා බලපාන සාධක කිහිපයකි.

ඇසුරුම් ඛාදනයට ලක්වීම.

ඇසුරුම් කළ නිෂ්පාදිත ද්‍රව්‍ය ඇසුරුම් සමග රසායනික ප්‍රතික්‍රියා සිදුවීම.

ඇසුරුම බාහිර පරිසරය (හිරු එළිය) සමග රසායනික ප්‍රතික්‍රියා සිදුවීම.

ගබඩාකරණයට ලක්වන කාල සීමාව

ගබඩාවේ හා පරිසරයේ උෂ්ණත්වය

ර්‍ථඩ් අගය

ප්‍රවාහනයේදී සිදුවන ඝට්ටන හා දෙදරුම්

ඇසුරුම ඛාදනයට ලක්වීම, ඉහළ උෂ්ණත්වය, දීර්ඝ ගබඩා කාලය, ඝට්ටන හා කම්පන, රසායනික ප්‍රතික්‍රියා මගින්, අපද්‍රව්‍ය ආහාරයට එක් වන සීඝ්‍රතාව වැඩි වන අතර ඇසුරුම් කර ඇති ආහාරයේ ර්‍ථඩ් අගය මත එය අඩු හෝ වැඩි වීම තීරණය වේ.

මේ රසායනික අපද්‍රව්‍ය ආහාරවලට මිශ්‍ර වීම ඉහළ තර්ජනාත්මක තත්ත්වයක් වන අතර මේවායේ ඉතා කුඩා සාන්ද්‍රණයන්ද විෂ සහිත බව පර්යේෂණ මගින් හෙළි වී ඇත.මීට අමතරව මෙවැනි රසායනික අපද්‍රව්‍ය කාන්දු වූ ආහාර දීර්ඝකාලීනව භාවිත කිරීම මගින් එම රසායනික විස ශරීරය තුළ තැන්පත් වීමෙන් පිළිකා ආදී බරපතළ සෞඛ්‍ය ගැටලු මතු විය හැකිය.

පර්යේෂණ මගින් තහවුරු වූ තවත් විශේෂ තොරතුරු

ප්ලාස්ටික් බඳුන් වල ඇසිරූ ආහාර පරිභෝජනයට ගැනීමෙන් ඍජුවම ශරීරගත වන මේ විෂ රසායනික ද්‍රව්‍ය වල බලපෑම අධ්‍යයනය කිරීම සඳහා විවිධ පර්යේෂණ ලොව පුරා ඉතා සූක්ෂම උපකරණ භාවිතයෙන් සිදු කෙරෙන අතර දිනෙන් දින එම ගැටලු මගහරවාගැනීමට විවිධ විසඳුම් ඉදිරිපත් කෙරෙමින් පවතී.එහෙත් වඩාත් සුදුසුම උපාය මාර්ගය වන්නේ අවම වශයෙන් භාවිත කිරීම හා මේ අහිතකර ත්ත්වයන් පිළිබඳව නිසි දැනුවත්භාවයක් ඇතිකර ගැනීමයි.එමගින් අනාගත පරපුර උදෙසා නිරෝගීභාවය හා පිරිසිදු පරිසරයක්ද උරුම කරගත හැකිවනු ඇත.

පරිසර දූෂණයට ඍජුව බලපාන ප්ලාස්ටික් අපද්‍රව්‍ය

ප්ලාස්ටික් යොදා ඇසුරුම්කරණය කරන ලද ආහාරපාන භාවිතයේදී සිහි තබාගත යුතු තවත් වැදගත් කරුණක් වනුයේ එම ආහාර භාවිතයෙන් පසුව ඉතිරි වන අපද්‍රව්‍ය නිසි පරිදි කළමනාකරණය කිරීමයි. අප සියලුදෙනාම දන්නා පරිදි ප්ලාස්ටික් දිරාපත් වීමට වසර මිලියන ගණනක් ගතවේ.ඔබ විසින් පරිසරයට එක් කෙරෙන ප්ලාස්ටික් හා පොලිතීන් මගින් පරිසරය දූෂණය වීම, ඩෙංගු, මැලේරියා වැනි රෝග පැතිරීමට අමතරව ඉහත සඳහන් කළ පරිදි ආහාරය සමග සිදු විය හැකි ප්‍රතික්‍රියා ආදිය පරිසරය සමග සිදුවීමෙන් එම විෂ ද්‍රව්‍ය බාහිර පරිසරයට නිකුත් වේ.එම විෂ ද්‍රව්‍ය ඝන, ද්‍රව, වායු අවස්ථා තුනේම පැවතිය හැකි නිසා ආඝ්‍රාණය කරන වායූන් මගින්ද ශාක ආහාර ඔස්සේ මෙන්ම ආහාරදාම ඔස්සේද එක්රුස් වීමෙන් ඔබේ සෞඛ්‍යයට ගැටලු ඇති කරන බව අමතක නොකරන්න.

සටහන රඹුක්කන

කීර්ති එස් කුමාර

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.