නිරෝගීකම වඩන පෝෂණ ගුණ සපිරි අමු

මාර්තු 11, 2022

මිනිසාගේ පැවැත්ම සඳහා ගනු ලබන ආහාරය ධාන්‍ය (ඇට වර්ග), ශාක(එළවළු හා පළා), කන්ද (අල වර්ග), මාංස (මස්,මාළු ආදිය), ක්ෂීර (කිරි වර්ග) සහ ඵල (පලතුරු) ආදී ලෙස ආයුර්වේදයේ වර්ග කර තියෙනවා. ඒ අතුරින් ප්‍රධාන ම තැනක් ගනු ලබන්නේ ධාන්‍යයයි. මෙම ධාන්‍ය වර්ග අතුරින් ඉතාමත් පෝෂ්‍යදායක ධාන්‍ය වර්ගයක් ලෙස අමු හඳුන්වන්න පුළුවන්.

ඉපැරණි ධාන්‍ය වර්ගයක් වන අමු වර්තමානයේ ඉතා දුර්ලභයි. අමු කියන්නේ තණකොළවලට සමාන අඩියක් පමණ උසට වැඩෙන තෘණ විශේෂයක් සිහින් පත්‍රිකා සහිත පොළොවට සමාන්තරව බිස්සක් ආකාරයෙන් වැවෙන අමු ඖෂධීය ගුණයෙන් සපිරි ඖෂධ ආහාරයක්. මෙය බොහෝ විට ශ්‍රී ලංකාවේ යාපනය ඇතුළු වියළි ප්‍රදේශවල හොඳින් වැවෙන ශාකයක්. ඒ වාගේ ම දැඩි නියං කාලවලට ඔරොත්තු දීමේ හොඳ හැකියාවක් මෙම අමු ශාකයට තිබෙන නිසා දරුණු ම නියං කාලවලදීත් ඉතා සුරක්ෂිතව නොමැරී සිටින්නට අමුවලට පුළුවන්.

මෙහි උද්භිද විද්‍යාත්මක නාමය ර්‍ථචඵනචතභථ ඵජපධඡඪජභතචබභථ වන අතර කුලය ර්‍ථර්‍ණඒඛ්ඡ්ඒඡ් වෙයි.

මෙහි ඉංග්‍රීසි නාම ර්‍ථචඵනචතභථ ම්ධබච , ම්ධඤධ ථඪතතඥබ , ධ්දඤඪච ර්‍ථචඵනචතභථ වන අතර දෙමළ බසින් වරගු නම් වේ.වංග බසින් කොදෝධෘන් වන අතර සංස්කෘත බසින් කෝද්දාර සහ කුද්දාල නම් වේ.

අමු ශීත ගුණ යුක්ත වන අතර මල බද්ධයත් නැති කරයි.එසේ ම සෙම් රෝග ඇති අයට හොඳයි.ඒ වාගේ ම අමු වැඩිපුර ආහාරයට ගැනීමෙන් මත්වන ගතියක් ඇති වෙනවා. එනම් අමු ආහාරයට ගෙන පැය කිහිපයකට පසු කියන දේ තේරුම් ගැනීමට නොහැකි බව,එසේ ම තද බල නිදිමත, වේදනාව නොදැනීම වැනි ලක්ෂණ පහළ වෙනවා.

එසේ ම පොඩි ළමයින් ට සහ වයසක අයට වමනය, කැසීම සහ හුස්ම ගැනීමේ අපහසුතා ආදියත් ඇති වෙනවා.

අමුවල පෝෂණ ගුණ ගැන බලන විට 60% ක්ම පාහේ ප්‍රෝටීන් අඩංගු වෙනවා. මීට අමතර ව විටමින් බී, පෝලික් ඇසිඩ්, කැල්සියම්,මැග්නීසියම් සහ යකඩ ද අඩංගු යි.

මේ අතර අමු දියවැඩියා රෝගීන්ට ඉතාමත් ගුණදායක ආහාරයක්. අමු උදෑසන ආහාරය සඳහා එකතු කර ගැනීමෙන් දවස පුරා ලේවල ඇති සීනි මට්ටම පාලනය කර ගත හැකියි.

එසේ ම ශරීරයේ බර අඩු කර ගැනීමටත් කොලෙස්ටරෝල් අඩුකර හදවතේ නීරෝගි බව රැක ගැනීමටත් උපකාරී වෙනවා.

තවද මල බද්ධය නැති කිරීමේ ගුණ අමු වල පවතින නිසා බඩවැල් වල පිළිකා සහ අර්ශස් ඇතුළු වෙනත් ගුද මාර්ගය ආශ්‍රිත රෝග වැලැක්වීමේ හැකියාවක් තිබෙනවා.

මීට අමතර ව මානසික ආතතිය නැති කරලීමටත්, කාන්තාවන්ගේ ආර්තවය ක්‍රමවත් ව පවත්වා

ගැනීමටත් අමු උපකාරී වෙනවා. එසේ ම ලේ අඩුකම ,පාණ්ඩුව වැනි රෝග සඳහාත් අමු බෙහෙවින් ම උදවු වෙනවා.

මේ අතර ඉන්දියාව සහ ඉතියෝපියාව වැනි අප්‍රිකා රටවල අදටත් අමු ඉතා ජනප්‍රිය ආහාරයක්,

අමු ආහාරයට එක්කර ගැනීමේ දී බත් හෝ කිරිබත් සාදා ආහාරයට ගන්න පුළුවන් ඊට අමතර ව අමු පිටිවලින් රොටී, පිට්ටු තලප, ආදියත් සාදා ආහාරයට ගන්න පුළුවන්.

වර්තමානයේත් ඉන්දියාවේ ආගමික උත්සවවල දී අමු කිරිබත අවශ්‍යම දෙයක්. ඊට අමතර ව ඔවුන් අමු පිටිවලින් තෝසේ,ඉට්ලි ආදියත් මුරුක්කු ආදී රස කැවිලිත් සාදනු ලබනවා.

සමහර අයට අමු කෑවම මත් වනුයේ එම ධාන්‍යයේ පොත්තේ ඇති මත්වීමේ ගුණ සහිත දෙයක් නිසා කියලයි කියන්නේ. කෙසේ වුවත් අමු කියන්නේ ඉතා සුවිශේෂී තෘණ වර්ගයක්. ඉතින් අපේ වත්තේ පිටියේ වැව් තාවලුවල සෑදෙන මෙම අගනා වටිනා ඖෂධීය ධාන්‍ය වර්ග විනාශයට යා නොදී ආරක්ෂා කර ගැනීම ඔබ අප සියලු දෙනා සතු වගකීමක් මෙන් ම යුතුකමක් .

 

කථිකාචාර්ය වෛද්‍ය

මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.