සමේ රෝග සඳහා අගනා ඔසුව ඇත්තෝර

මැයි 20, 2022

වැවෙන ප්‍රදේශ

විදේශීය වශයෙන් - ‘ඇත්තෝර’වල ජන්ම භූමිය වනුයේ නිවර්තන ඇමරිකාව වන අතර අනෙකුත් නිවර්තන කලාපීය රටවලද වැවෙනු දක්නට ලැබේ.විශේෂයෙන් බෙංගාලය සහ ඉන්දියාවේ නොයෙකුත් ප්‍රදේශවල වැවෙන ශාකයකි.

දේශීය වශයෙන් - ශ්‍රී ලංකාවේ අධික ශීත නොවූ සියලු ප්‍රදේශවල වැවෙන ශාඛයකි. විශේෂයෙන් දිය සීරාව සහිත තෙත් ස්ථාන වල දැකිය හැකි අතර උද්‍යාණ අලංකාරය සඳහා යොදා ගත හැකි ශාකයක් ද වන අතර පහතරට තෙත් කලාපයේ ද බහුල දක්නට ලැබේ.

ශාකයේ ස්වරූපය

මීටර් 5 ක් උසින් යුතු විශාල පඳුරක් වන අතර ඝන ලා බූව සහිත කඳක් සහ අතු වලින් ද යුතුය. මෙහි පත්‍ර සෙ.මී. 30 – 60 දක්වා දිගින් යුතු වන අතර පත්‍රිකා යුගල

6 – 14 පමණ පිහිටා ඇත.මෙම පත්‍රිකා ආයාත හැඩයෙන් ද යුතු යි. ඒවා සෙ.මි. 5 – 15 දක්වා දිගින් යුතු ය. මල් දීප්තිමත් කහ පැහැයෙන් යුතු වෙයි. මල් රාශියක් එකට පිහිටයි. රේඛීය පැලෙන කරල් ඇත.ඒවා දිගින් සෙ.මී. 10 – 15 දක්වා ද පළලින් සෙ.මි. 1.5 – 2 දක්වා ද වෙයි. මෙතුළ බිජ 50ක් හෝ ඊට වැඩියෙන් ඇති අතර බීජ ලා හෝ තද දුඹුරු පැහැයක් ගනු ලබයි. ගසේ දී ම පැසී කළු පැහැ වූ කරල්වලින් ලබා ගන්නා බීජවලින් බෝ කිරිම සිදු කරනු ලබයි.

ඇත්තෝර පිළිබඳ විවිධ භාෂාවලින් හඳුන්වන නාමයන් පිළිබඳ සලකා බැලීමේ දී පොදු සිංහල නාමය ඇත්තෝර වේ.

දෙමළ බසින් - වෙන්ඩුකොල්ලි යනුවෙන් ද

හින්ද බසින් - දාද මර්දන් යයි ද

වංග බසින් - වාකුන්දේ සහ දාද්මාරි යයි ද යෙදේ.

ඉංග්‍රීසි බසින් - අඪදඨ ඹධපථ නතචදබ සහ ඛ්චදඤතඥ ඡභඵඩ යන නාමයන් යෙදේ.මෙහි උද්භිද විද්‍යාත්මක නාමය ඛ්චඵඵඪච චතචබඥ ඹ්ඪදද වන අතර කුලය ඹ්ඥඨභථඪදධඵඥචඥ හෙවත් ශිම්බී කුලයයි. උපකුලය ඛ්චඥඵචතනඪදඪධඪඤඥචඥ හෙවත් ප්‍රතිකරඤ්ඡ කුලය වෙයි.

මේ ආදී වශයෙන් ඇත්තෝරවල විවිධ භාෂා වලින් විවිධ නාම රාශියක් යෙදෙයි. ඖෂධ සඳහා ගනු ලබන අංග කොළ,මුල් සහ බීජ ගනු ලබයි. ප්‍රභේද සැලකීමේ දී පෙතිතෝර, ඇත්තෝර, පැණිතෝර, ඌරුතෝර, සහ බූතෝර වශයෙන් තෝරවල ප්‍ර‍භේද වන අතර ඉන් ‘ඇත් තෝර’ යනු එක් ප්‍රභේදයකි.

ඇත්තෝරවල අඩංගු රසායනික උපාදාන

ඇත්තෝර පත්‍රවල ඛ්චබඩචපබඪද නම් විරේචන පදාර්ථයක් ද රතු වර්ණවත් ද්‍රව්‍යයක් ද වන අතර බීජ වල ඛ්ඩපරඵධනඩචදඪජ ඒජඪඤ හා සමාන ග්ලූකෝසයිඩයක් පවතියි. ආහාරමය වටිනාකම මෙහි දලු මැල්ලුම් වශයෙන් ආහාර සඳහා ගනු ලබන අතර කුඩා ළමුන්ට ද ගුණදායකය.විශේෂයෙන් මෙමඟින් පණුරෝග නසනු ලබයි.

ඖෂධීය වටිනාකම

ඇත්තෝර බීජ - රසයෙන් කටුක වන අතර ගුණයෙන් ලඝු හා රූක්ෂ වෙයි.වීර්යයෙන් උෂ්ණ වන අතර විපාකයෙන් කටුක වෙයි.

දෝෂ අනුව සැලකීමේ දී

ඇත්තෝර බීජ උෂ්ණ නිසා සෙම් හා වාත දෝෂ සමනය කරන අතර සෙම් වාත රෝග සඳහා යොදනු ලබයි. එසේ ම ඇත්තෝර කොළ වාත පිත්තජ රෝගයන්හි දී යෙදිය හැකි ය.

ශාරිරික ව්‍යුහාගත ක්‍රියා සැලකීමේ දී

බාහිර වශයෙන් - බීජ වල ලේපය සහ පත්‍ර වල ලේපය

ලේඛන කුෂ්ඨඝ්න සහ විෂඝ්න ගුණ වලින් යුතු වේ.මෙහි දී බිජ වල ලේපය කුෂ්ඨ ඇතුළු සියලු ම සමේ රෝග සහ වර්ණ විකෘතිතා ද එසේ ම විෂ වලදී ද, අර්ශස් වලදී ද යොදනු ලබයි.දී

කිරි හෝ කාංජික වලින් ඇත්තෝර ඇට අඹරා දෙහි යුෂහි දියකර කුෂ්ඨවල ආලේප කරනු ලබන අතර දහවල් කාලයේ එය ආලේපයෙන් වඩාත් ගුණදායක වේ.

අභ්‍යන්තර වශයෙන් නාඩි ව්‍යුහාවේ දි

ඇත්තෝර ඇට නාඩි බලකාරක වන අතර පක්ෂාඝාත, අර්දිත ආදී වාත රෝග සඳහා එය ප්‍රයෝග කරනු ලබයි.

ආහාර පරිපචන ව්‍යුහාවේ දි කටුක සහ උෂ්ණ නිසා අනුලෝමන ද, කෘමිඝ්න ද,අක්මා උත්තේජකද වෙයි. ඇත්තෝර කොළ සෙනෙහෙ කොළ මෙන් රේචක ගුණයෙන් ද සූත්‍ර ක්‍රිමි පාතක ගුණයෙන් ද යුතු අතර ක්‍රිමි, ගුල්ම සහ අර්ශස් ආදියේ දී යොදනු ලබයි.

රුධිර සංසරණ ව්‍යුහාවේ දි ඇත්තෝර කොළ හදවතට ගුණදායක වන අතර ලේ පිරිසිදු කරන ගුණ ද ඇත.එනිසා රක්ත දෝෂ වලදී සහ හදවත් රෝග වල දී ප්‍රයෝග කරනු ලබයි.

ශ්වසන ව්‍යුහාවේ දී

ඇත්තෝර කඵ නි:සාරක ගුණයෙන් යුතු අතර කාස, ශ්වාස ආදියේ දී ප්‍රයෝග කරනු ලබයි.

චර්ම ව්‍යුහාවේ දී

ඇත්තෝර වල කුෂ්ඨ නසන ගුණ යුතු අතර කුෂ්ඨවල දී පළාවක් ලෙස කොළ ගනු ලබන අතර එසේ ම කොළ වල ස්වරසය මෙන් ම බීජ චූර්ණයද යොදනු ලබයි.එසේ ම මෙහි විෂ නසන ගුණය ද මේදස් නසන ගුණය ද එසේ ම ඕජස් වර්ධක ගුණයෙන් ද යුතු අතර නොයෙක් විෂ සඳහා ද මේදස් රෝග සඳහා සමාජ රෝග සඳහා ද ප්‍රයෝග කරනු ලබයි. ඇත්තෝරවල ඖෂධ අංග අඩංගු ඖෂධ යෝග රාශියක් විවිධ රෝග සඳහා යොදනු ලබන අතර ඒ අතුරින් කුෂ්ඨ, විෂ, දද සහ අසාත්මිකතාවයට ඇත්තෝර බීජ ලේපය හෝ පත්‍ර ස්වරසය, ලේපය හෝ මැල්ලුම් යොදයි.

සිධ්ම කුෂ්ඨ, ඉරුවාරදය සහ අර්ධාව භේදයට කාඩියෙන් (විනාකිරි වලින්) ඇත්තෝර ඇට අඹරා ගානු ලබයි.

දද වලට

1.ඇත්තෝර ඇට රාබු අල යුෂයෙන් අඹරා ආලේපය.

2.ඇත්තෝර කොළ යුෂ ආලේපය.

3.ඇත්තෝර කොළ මිටියක් දෙකට කපා දදයේ ඇතිල්ලීම.

මී මැසි හා බඹර විෂට

ඇත්තෝර කොළ යුෂ බීම හෝ ආලේපය.

කිරි පණුවන්ට ඇත්තෝර කොළ ගිතෙල් වලින් මලවා කෑමට වාත රක්ත, ග්‍රැධ්‍රසි සහ සන්ධිවාත සඳහා ඇත්තෝර කොළ පීඩිත ස්ථානයට තබා බැඳීමෙන් වේදනා සමනය වේ.

ගඳ සහිත වණවලට

එරඩු තෙලින් තම්බා ගත් ඇත්තෝර කොළ වණයට තබා බැඳීමෙන් සුවය ලැබේ.

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ, කථිකාචාර්ය වෛද්‍ය

මධුර පරණවිතාන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.