ලේ වල මේදය අඩුකරන අගනා ඔසුව ගොරකා

ජූලි 15, 2022

ආහාර සංස්කරණයේදී ආහාර රසවත් බවින් හා ගුණදායක බවින් යුක්ත කරලීම සඳහා ගෘහණියන් විසින් තුනපහ එක්කරනු ලබන අතර ඉන් ප්‍රධාන ද්‍රව්‍යයක් ලෙස ගොරකා හැඳීන්විය හැකිය.

වඩාත් නිරෝගී ජීවිතයක් ගෙනයාමට උපකාරී කිරීමට ඈත අතීතයේ සිටම ආහාර සංස්කරණයේ ද; තුනපහ යොදාගත් අතර මේ අතුරින් ගොරක එකතු කර ගැනීම තුළින් ශරීරයේ ලේ ගමන නිරවුල්ව පවත්වා ගැනීමටත් ලේවල මේදය අඩු කරලීමටත් හේතු විය. එසේ වුවද බොහෝ දෙනා ගොරකාවල ඇති ඖෂධීය වටිනාකම පිළිබඳ හරිහැටි නොදන්නා නිසා ආහාර අනුභවයේදී ගොරකා කැබැල්ල ද හපා කෑමෙන් එහි ගුණය ශරීරයට එක්වන අතර එමඟින් ලේවල කොලෙස්ටරෝල් පාලනයට උදව් වේ.

ආහාර රුචිය වඩන අතර බඩගින්න ඇති කරන උෂ්ණ ඖෂධයක් වන මෙය හෘදයට ඉතා හිතකර වේ. මේ අතර මාන්දම් රෝගීන්ගේ ආහාරයට ගොරකා එකතු කළ යුතු යැයි වෛද්‍ය උපදේශ දක්වා ඇත. ආහාර පිසීමේදී රසකාරකයක් ලෙසද ආහාර කල් තබා ගැනීමට දගොරකා යොදා ගැනීම බොහෝවිට සිදු වේ. ගොරකා ගෙඩියේ ලෙල්ල වියලා ආහාර සහ ඖෂධ සඳහා භාවිතා කරනු ලබන අතර ගොරකා ගසේ පොත්තද ඖෂධ සඳහා යොදා ගනු ලබයි. ගොරකා ගෙඩියේ මදය පළතුරක් ලෙස ළමයින් අතර ජනප්‍රිය වේ. මෑත භාගයේ බටහිර රටවල ගොරකා කෙරෙහි අවධානය වැඩි වූයේ ගොරකා වල පවතින කොලෙස්ටරෝල් පාලනය කිරීමේ හැකියාව තිබෙන රසායනික ද්‍රව්‍යයක් ඇති බව සනාථ වීම නිසාය.

ගොරකා වැවෙන ප්‍රදේශ -

ගොරකා ශ්‍රී ලංකාවට ආවේනික ශාක විශේෂයක් වන අතර පහත රට මීටර් 1000 දක්වා ප්‍රදේශ වල දක්නට ලැබේ. තෙත් සහ අතරමැදි ප්‍රදේශවල දක්නට ලැබේ. තෙත් සහ අතරමැදි කලාපීය ශාකයකි. බොහෝවිට වගා කරයි. පේරාදෙණිය උද්භිද උද්‍යානය, නාවින්න ආයුර්වේද පර්යේෂණායතනය, හල්දුම්මුල්ල ඔසු උයන ආදියේ දක්නට ලැබේ. මෙම දේශීය ගොරකා සඳහා සංස්කෘත නාම සොයා ගැන්ම ද දුෂ්කරය.

පොදු සිංහල නාමය ගොරකා වන අතර

ගොරකා වල උද්භිත විද්‍යාත්මක නාමය ට්චපජඪදඪච ඳභචඥඵඪබච නඪඥපපඥ ට්චපජඪදඪච ජචථඡධඨඪච චභජබ ට්චපජඪදඪච ජචථඡධඨඪච මචපඡ වේ.

ඖෂධීය අංග :-

ගෙඩි, ඇට, ඇට තෙල්, දලු, පොතු සහ මුලේ පොතු එසේම වියළි ගෙඩි සහ කොළ ඖෂධ සඳහා යොදා ගනියි.

ගොරකා වල රසායනික උපාදාන

බීජ වල 30%ක් තෛල (ගිතෙල් හා සමාන) අන්තර්ගත වේ.

සංරක්ෂණ විධි :-

ගොරකා ගෙඩිවල මද ඉවත් කර අව්වේ වියලා මැටි භාජනවල බහා තැබීමෙන් ඒවා බොහෝ කාලයක් තබාගත හැක.

ගොරකා ප්‍රභේද

එළ ගොරකා, රත් ගොරකා, මල ගොරකා, රට ගොරකා වශයෙන් ප්‍රභේද 4ක් වේ.

ගොරකා වල ඖෂධීය ගුණ කම්

රසයෙන්:- නොපැසුණු ගෙඩි අම්ල රස වන අතර පැහුනු ගෙඩි මධුරාම්ල රස යුතු වෙයි. ගුණයෙන් ලඝු, රූක්ෂ හා තීක්ෂණ වේ. වීර්යයෙන් උෂ්ණ වන අතර

දෝෂ අනූව සැලකීමේ දී,

සෙම් වාත ශාමක ගුණයි.මල භේද කරයි.අග්නිය දල්වයි.හෘදයට හිතවත් ය.අස්ථි සන්ධානය කරයි.ගුල්ම, උදර, අජීර්ණ, ආනාහ පාණ්ඩු ශෝථ, විෂ ක්‍රිමි රෝග යන මේවා සමනය කරයි.එසේ ම හික්කා, ශ්වාස, ආදියට හිතයි.

ගොරකා අඩංගු ඖෂධ යෝග :-

ලේවල මේදය පාලනයට:-

කරපිංචා කොළ මිටක්, සුදුළූණු බික් කිහිපයක් , වියළි ගොරකා කැබැල්ලක්,කුරුඳු පොතු ස්වල්පයක්, අමු ගම්මිරිස් ඇට කිහිපයක් ගෙන හොඳීන් අඹරා දෙහි ඇඹුල් ස්වලපයක් දමා සකස්කර ගෙන දිනපතා ආහාරයට එක්කර ගැනීමෙන් ඉතා සුළු කලකින් මෙම රෝග තත්ත්වයට සමනය වේ.

තැල්මට :- වියළි ගොරකා පලු ලුණු ස්වල්පයක් සමඟ තලා තැල්ම ඇති ස්ථානයේ තබා බැඳීම ඉතා ගුණදායකය.

මද්‍ය පානයෙන් හටගත් රෝග සමනයට :- රට ඉඳී, මුද්දරප්පලම්, ගොරකා, සියඹලා, දෙළුම්, බොරළු දමුණු ගෙඩි, නෙල්ලි යොදා සකස් කළ මන්ථය පානය කිරීම යෝග්‍ය වේ.

දරුණු තැල්මට,

වියළි ගොරකා පලු, අමු කහ, ලුණු වතුරෙන් තම්බා අඹරා ආලේප කරයි.

උගුරේ අපහසු තාවයට :-

ගොරකා පලු, ගම්මිරිස් ඇට, ලුණු සමව අඹරා පොට්ටනි බැඳ කටේ තබා කෙල ගිලීම යෝග්‍ය වේ.

අස්ථි භග්න වූ විට

ගොරකා කොළ, පොතු සහ මල්, අඹ පොතු, අමු කහ ලුණු දමා කොටා මලවා බඳීනු ලබයි.

ව්‍රණ රෝපණයට

ගොරකා කබලෙන් බැද ලුණු වතුරින් හෝ මී පැණියෙන් අඹරා ආලේප කරයි. තුවාල සේදීමට හා විදුරු මස් දියවීමට ගොරකා ගෙඩියේ ලෙල්ල හෝ ගසේ පොත්ත හෝ තම්බා ගත් වතුරෙන් සෝදයි. මේ ආදී ඖෂධ යෝග රාශියක් ගොරකා අඩංගුව රෝගාබාධ රාශියකට යොදනු ලබයි.

ගොරකා වල ඖෂධීය මාත්‍රා

තෙල් රත්තිකා 12 – 36 දක්වා ඵලපාතකය (සිරප්) කර්ෂ 1 –2 දක්වා මුලේ පොතු ක්වාථය කර්ෂ 4 – 8 දක්වා වේ. ගොරකා අඩංගු නිෂ්පාදිත ඖෂධ - හෙණරාජ තෛලය, සත්තවාදී තෛලය, මාඉලංගම් තෛලය, හෙණරාජ කායම, යසෝදරා කායම, වෘහත් යෝගරාජ, ගුග්ගුළුව, හිංගුවාදී චූර්ණය, භාෂ්කර ලවණය, අෂ්ඨාංග ලවණය, කපිත්ථෂ්ථකය, ලුණුවිරේක ගුලිය, ගොරකා සිරප්, ගොරකා තෙල්, ගොරකා ලෙලි චූර්ණය ආදී ඖෂධ රාශියකි.

මෙයට අමතරව

මත්ස්‍යය - මනස සකස් කිරීමේදී ඇඹුල් සඳහා ද ජාඩි සකස් කර කල් තබා ගැනීමටද යොදා ගනු ලබයි. එසේම ආහාර කල් තබා ගැනීමටද ගොරකා යොදාගනු ලබයි. ගොරකා ශාකයේ කඳ දැවමය වටිනාකමකින් ද යුක්තය. මැලියම්, සායම්, ඖෂධ සහ දන්තාලේප ආදිය නිෂ්පාදනයට ද උපයෝගී වෙයි.

වෛද්‍ය මධුර පරණවිතාන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.