හිසකෙස් වඩන අගනා ඔසුව කීකිරිඳිය

අගෝස්තු 5, 2022

හිසකෙස් යනු ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේම රූප අලංකාරය සඳහා අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතු අංගයකි. විශේෂයෙන්ම කාන්තාවන්ගේ රූප සම්පත්තිය සඳහා අවශ්‍යයෙන්ම තිබිය යුතු පංචකල්‍යාණයෙන් එකක් ලෙස කේෂ කල්‍යාණය හැඳීන්විය හැකිය.

වර්තමානයේ පැහැදිළිව පෙනී යන කාරණයක් නම් කෙස් ආශ්‍රිතව රෝග බහුල ලෙස වැඩි වී ඇති බවකි. අප ගන්නා ආහාරවල යම් යම් දෝෂ තත්ත්වයන් හිස ගල්වන ආලේප සහ ෂැම්පු වර්ග ආදියේ ආසාදන තත්ත්වයන් ආදිය මෙන්ම පීනස ආදී රෝග සහ තවත් හේතු රැසක් නිසා අකලට කෙස් පැසීම, හිසකෙස් බහුල ලෙස ගැලවී යාම, තට්ටය පෑදීම ආදී තත්වයන් බොහෝ විට දක්නට ලැබේ.

මේ ගැටලු සඳහා සාර්ථක ප්‍රතිකාර ක්‍රම රැසක් ආයුර්වේදයේ දක්නට ලැබෙන අතර ඒ සඳහා ගනු ලබන ඖෂධ සඳහා යොදන ප්‍රධාන ඔසුවක් ලෙස කීකිරිඳීය හැඳීන්විය හැක. ඉන්දියාවේ සහ ලංකාවේ තෙත් වන භූමි, කුඹුරු නියරවල් සහ වැව් ආශ්‍රිතව මෙන්ම ජලය බැස යන කාණු ඇළවල් ආශ්‍රිතව ද කීකිරිඳීය පැළෑටිය හොඳීන් වැවේ. සෘජු හෝ වැතිරී යන පැළෑටියක් වන මෙහි ඇති ගැට වන් ස්ථානවලින් මුල් හට ගනු ලබයි. සරල පත්‍රවලින් යුක්ත අතර ශාඛා රාශියකට බෙදුණු පැළෑටියකි. එසේම මල් රාශියක් හට ගන්නා අතර මල් හටගැනීම ජනවාරි-මැයි අතර හෝ නොවැම්බර් මාසයේදී සිදු වේ. ඖෂධ සඳහා ගැනීමේදී සම්පූර්ණ පැළෑටියම යොදා ගනු ලබයි.

කීකිරිඳීයවල උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ ඡ්ඛ්ඹ්ධ්ර්‍ථඊඒ ඒඹ්ඕඒ ඩ්ඒඉඉම් ඛ්ර්‍ණර්ර්‍ථර්‍ණඉධ්ඊඒඛ් හෙවත් ඡපභදඨච රාජ කුලයයි.

මෙලෙස හඳුන්වනු ලබන කීකිරිඳීයවල ප්‍රභේද දෙකක් වෙයි. සුදු මල් කීකිරිඳීය හා කහ මල් කීකිරිඳීය එම ප්‍රභේද දෙකයි. මෙය මලින් ප්‍රභේද කළ ද ගුණයෙන් වෙනසක් නැත. කීකිරිඳීය වල රසායනික උපාදාන සැලකීමේදී දුම්මල අධික ප්‍රමාණයක් ඇති අතර ඡ්ඹ්ඹ්ර්‍ථඊධ්ව්ඡ් නම් උපකෂාරයත් ද ඇත.

මෙහි ගුණ කර්ම සැලකීමේදී රසයෙන් කටුක හා තිත්ත රස වන අතර ගුණයෙන් ලඝු හා රුක්ෂ ද උෂ්ණ වීර්ය හා කටුක විපාක ද යුක්තයි. මෙනිසා සෙම හා වාතය සමනය කරයි. සෙම් හා වාත රෝගවල දී යොදයි.

ව්‍යුහාශක ක්‍රියා සැලකීමේදී

බාහිර වශයෙන් - ඉදිමුම් වේදනා සමනය කරන ව්‍රණ ශෝධන ව්‍රණ රෝපණ ගුණ ඇති නිසා ග්‍රන්ථි ලෙසද තුවාල සහ ව්‍රණ වලදී ආලේප ලෙස ද යොදනු ලබයි.

එසේම සමේ පැහැය යහපත් කරයි. එසේම ඇසට හිත ගුණ ඇති නිසා ඇස් රෝග වලදී කීකිරිඳීය යුෂ තෙපුල් දීම කරයි. කන් කැක්කුම් සඳහා මෙම යුෂය කනට දැමීමද හිසරදයේ දී මෙම යුෂය හිසේ ගෑම ද ඉරුවාරදයේ දී කීකිරිඳීය යුෂ එළකිරි සමඟ නස්‍ය කිරීම ද කරනු ලබයි. මේ සියල්ලටම වඩා මෙහි කේශ වර්ධනයට හා අකලට කෙස් වැටීම දී මෙම යුෂය හිසකෙස්වල ආලේප කරනු ලබයි.

අභ්‍යන්තර ලෙස-නාඩි ව්‍යුහාවේ දී-

වාත නසන හා වේදනා සමනය කරන ගුණ ඇති නිසා ශීර්ෂ ශූල හා භ්‍රම ආදියට ගුණදායකය.

ඇස් වලට-

මෙහි පෙනීම දියුණු කිරීමේ ගුණය ඇති නිසා පෙනීමේ දුබලතාවයන්ට හා නක්තාන්ධ්‍යතාව දඪඨඩබ ඡතඪදඤදඥඵඵ සඳහා ප්‍රයෝග කරනු ලබයි.

ආහාර ජීර්ණ පද්ධතියේ දී

කීකිරිඳීය දීපන පාචන හා අක්මා උත්තේජන ක්‍රියා ඇති කරන නිසා බඩගිනි අඩුකම අජීර්ණ අක්මා ප්‍රදාහ, කාමලා අර්ශස් ආදියට ඉතා ගුණදායක වේ. එසේම උදර ශුලයටද හිතකරය. උදරගත ක්‍රිම් නසන ගුණ ඇති නිසා එරඬු තෙල් සමග යෙදීමෙන් උදරගත ක්‍රිමින් ඇද වැටෙයි.

රුධිර සංසරණ ව්‍යුහාවේ දී

රක්ත ප්‍රසාද ක හා රක්ත වර්ධක ගුණ ඇති නිසා විවිධ රක්ත දෝෂ පාණ්ඩු ශෝත ආදියේ දී යොදනු ලබයි.

ශ්වසන ව්‍යුහාවේ දී

කටුක හා තිත්ත රස නිසා සෙම නසන බැවින් කාස ශ්වාස දෙකේ දී යොදනු ලබයි.

මුත්‍ර ව්‍යුහාවේ දී

මුත්‍ර දාහය ට යොදනු ලබයි.

ප්‍රජනන ව්‍යුහාවේ දී

කීකිරිඳීය ඇටවල වාජීකරණ ගුණ ඇති නිසා කාම ශක්තිය වඩනු ලබයි. එසේම බල වර්ධක හා රසායන ගුණ ඇති නිසා සාමාන්‍ය දුබලතාවයන් හිදී විශිෂ්ට ගුණදායකය. එසේම ක්‍රිමි ආබාධ නසන ගුණ ඇති නිසා කුෂ්ඨ කී ලාස ශීත පිත්ත හා ක්ෂුද්‍ර රෝග ආදියේ දී යොදනු ලබයි. එසේම කීකිරිඳීය සහිත ඖෂධීය ප්‍රයෝග යොදන අවස්ථා සැලකීමේදී,

කඵජ කෂායට

කීකිරිඳීය හා බටදලු යුෂ මී පැණි සමඟ යෙදීම ගුණදායකය. අකාලපලිත හෙවත් අකලට කෙස් වැටීමට එළුකිරි කීකිරිඳීය යුෂ හා වැල්මී හා තල තෙල් යොදා කළ තෙල නස්න කිරීම

අම්ලපිත්තයෙන් හටගත් වමනයට

අරළු කීකිරිඳීය චූර්ණය උක්සකුරු සමඟ කෑමට දීම රාත්‍රියට ඇස් නොපෙනීමට මාළු බිත්තර සමග කීකිරිඳීය යුෂ දමා පිස සතියක් කෑමට දීම ගබ්සා වීම වැලැක්වීමට එළුකිරි හා කීකිරිඳීය යුෂ සමව ගෙන බීම දෙබර විෂට වද කහ කීකිරිඳීය හා රසකිඳ වෙන වෙනම කොටා මිරිකා ගත් යුෂ බීමට දීම ගුණදායකය.

මෙවන් ඖෂධ ප්‍රයෝග රාශියක් කීකිරිඳීය සහිතව විවිධ රෝග සඳහා යොදන බව නොයෙක් වෛද්‍ය ග්‍රන්ථ පුස්කොළ පොත් හා වෛද්‍ය පරම්පරා ඇසුරින් හමුවෙයි. කීකිරිඳීය යුතු සංස්කාරිකා ඖෂධ රාශියක් වේ. ඒවා අතුරින් භෘංගාමලක තෛලය හිස කෙස්වල නීරෝගි බව රැක දෙන ඉතා ගුණදායක තෙලකි. හිසකෙස් යෑම අකලට කෙස් පැසීම ඇස් වල ඇඳීරිය හා කන් ඇසීමේ දුබල බවට ද මේ තෙල ඉතා ගුණදායකය. භෘංගරාජ චූර්ණය අම්ල පිත්තයෙහි උපන් වමනයට යොදයි. භෘංග රාජාදි චූර්ණය රසායනික ගුණ බලාපොරොත්තුවෙන් යොදනු ලබයි.

විශේෂ ගුණ රැසකින් යුත් සෑම තැනකම පාහේ දක්නට ලැබෙන කීකිරිඳීය ආහාරමය වශයෙන් යොදා ගනු ලබයි. කීකිරිඳීය හා මොනරකුඩුම්බිය කොළ ගෙන සකස් කර කොළ කැද අක්මාවේ සහ ප්ලීහාව රෝග වලදී හොඳ ඔසුවක් වන අතර අධික ලෙස මත්පැන් පානය හා මිරිස් අධිකව භාවිතයෙන් ඇති වන රෝගයන් සඳහා ගුණදායකය. එසේම මේවා කොළ එළවළුවක් ලෙස ආහාරයට ගැනීමද අර්ශස් රෝගීන්ට ඉතා ගුණදායකය.

වෛද්‍ය

මධුර පරණවිතාන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.