ආහාර රස කරන බඩගින්න වඩන කුරුඳු

අගෝස්තු 12, 2022

ආහාර සකස් කිරීමේ දී යොදනු ලබන කුළුබඩු අතුරින් කුරුඳු ප්‍රධාන තැනක් ගනී. ආර්ථික වශයෙන්ද ඉතා වැදගත් වගාවක් ලෙස කුරුඳු විශේෂයෙන් දකුණු පළාත ආශ්‍රිතව හොඳීන් කරගෙන යයි. එසේම ඖෂධීය වශයෙන්ද කුරුඳු වල ඇත්තේ ඉතා ඉහළ වටිනාකමකි.

ඉංග්‍රීසි බසින් ඛ්ඪදදචථධද සහ ඛ්ඥරතධද ඛ්ඪදදචථධද යනුවෙන්ද හඳුන්වයි. සිංහල බසින් මේ සඳහා ලමඟ සුඹුලු යනුවෙන්ද නමකි. කුරුඳු වල උද්භිද විද්‍යා නාමය වනුයේ ඛ්ඪදදචථධථභද ඛඥරතචදඪජභථ ඕතභථඥය. මෙහි කුලය වන්නේ ඹ්චධභපචජඥචඥ හෙවත් කර්පුර් කුලයයි‍.

කුරුඳු වල ප්‍රභේද පිළිබඳ සැලකීමේදී

ධන්වන්තරි සහ රාජනිඝණ්ඩු වල සෛලංග සහ ලාටපර්ණී යැයි ප්‍රභේද 2 ක් දක්වයි. තවත් තැනක,

1. සිංහල කුරුඳු පොතු

2. චීන කුරුඳු පොතු

3. ඉන්දියා කුරුඳු පොතු යැයි ප්‍රභේද 3ක් දක්වන අතර මෙයින් සිංහල කුරුඳු පොතු ඖෂධ සඳහා ශ්‍රේෂ්ඨය.

ඉන්දියාවේ කුරුඳු ජාතියට අයත් නොයෙක් පොතු “ත්වජ” නමින් හඳුන්වන අතර මේවා ඛ්ඪදදචථධථභථ ඛඥරතචදඪජභථ, ඛ්ඪදදචථධථභථ ඊචථචතච, ඛ්ඪදදචථධථභථ තදඥපඵ, ඛ්ඪදදචථධථභථ ව්ඪබඪඤභථ යන උද්භිද විද්‍යාත්මක නාමයන්ගෙන් හඳුන්වනු ලබන වර්ගයි.

මේවා අතුරින් ඛ්ඪදදචථධථභථ ඛඥරතචදඪජභථ ලංකාවේ වැවෙන අතර ඉන්දියාවේ ලාටපර්ණී නමින් හඳුන්වන ධ්දඤඪචද ඛ්ඪදදචථධද දකුණු ඉන්දියාවේ ලාට දේශයේ වැවෙයි. එසේම තේජ පත්‍ර හෙවත් තමාල පත්‍ර යනු ඛ්ඪදදචථධද ඊචථචතච නම් කුරුඳු විශේෂයේ පත්‍ර වන අතර මේවා බොහෝවිට කුරුඳු වල ගුණයන්ට සමානකම් දක්වයි. මෙම කමාල වර්ගයේ පොතු ඉන්දියාවේ බොහෝ විට හොඳ කුරුඳු වර්ග වල පොතු සමඟ මිශ්‍රකරන අවස්ථා ඇති අතර එනිසා ඔසු සඳහා මේවා යොදා ගැනීමේදී එම බාල ද්‍රව්‍ය ඉවත් කර ගත යුතුය.

තවද ඹ්ඪබඵඥච ඛඥරතචදඪජච ව්ඥඵඵ හෙවත් දවුල් කුරුඳු නමින් හඳුන්වනු ලබන වර්ගයක් ලංකාවේ දක්නට ලැබෙන අතර ඒවායේ කුරුඳුවල ගුණ නොමැති වුවද මෙහි දලුවල ගුණ යුෂය ආස්මී ආදිය සකස් කිරීමේ දී මිශ්‍ර කරනු ලැබේ.

මෙවන් විවිධ ප්‍රභේදවලින් යුතු කුරුඳු වල ආහාරමය වටිනාකම පිළිබඳ සලකා බැලීමේදී පෝෂ්‍ය පදාර්ථ රැසක් යුක්ත බව පෙනි යයි.

කුරුඳු පොතු ග්රෑම් 100ක අඩංගු පෝෂ්‍ය පදාර්ථ

ශක්තිය කැලරි 229

ප්‍රෝටීන් ග්‍රෑම් 12

මේද ග්‍රෑම් 7.8

කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 28

කැල්සියම් මිලි ග්‍රෑම් 440

යකඩ මිලි ග්‍රෑම් 17

කැරොටින් මයික්‍රො ග්‍රෑම් 0

තයමින් මයික්‍රො ග්‍රෑම් 100

රයිබෝප්ලෙවින් මයික්‍රො ග්‍රෑම් 400

නියැසීන් මිලි ග්‍රෑම් 2.4

පවතින බව පෙනී යයි. මේ අනුව ආහාර දිරවීමටද බඩගින්න දියුණු කිරීමටද විෂ බීජ නාශනයටද බෙහෙවින් හිතකාරී කුරුඳු පෝෂණය අතින් ඉහළ මට්ටමක පවතියි. මෙයට අමතරව රසායනික සංඝටක රාශියක්ද කුරුඳු වල පවතී. වියලි අභ්‍යන්තර පොත්තේ සිනමන් (ඛ්ඪදදචථධද) නම් ඖෂධ පදාර්ථයක් පවතින අතර පාචනය, අරුචිය සහ වමන රෝග සඳහා එය හිතකාරී වෙයි. කුරුඳු පොතුවල තෙල් වලද කුරුඳු පොත්තට සමාන ගුණ ඇති අතර කුරුඳුවලට ප්‍රධාන සුගන්ධවත් පදාර්ථ වනුයේ සිනමික ඇල්ඩිහයිඩ් (ඛ්ඪදදචථඪජ චතඤඥදරඤඥ) ය. මෙයට අමතර ඉයුජිනෝල් (ඥභඨඥදධත) සහ වෙනත් පදාර්ථද මෙහි අන්තර්ගතය.

මෙවන් රසායනික පදාර්ථ රැසකින් යුත් කුරුඳු ඖෂධීය වශයෙන් බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වෙයි. මෙහි ඖෂධ සඳහා කුරුඳු පොතු, කොළ, මුල්, ඇට, මල් කුරුඳු දර, ඇට වල තෙල් සහ කොළ වල තෙල් භාවිතයට ගනු ලබයි.

ඖෂධීය වශයෙන් කුරුඳු රසයෙන් කටුක තිත්තක් සහ මධුර රස වන අතර ගුණයෙන් ලඝු, රූක්‍ෂ හා තීක්ෂණ වෙයි. වීර්යයෙන් උෂ්ණ වන අතර විපාකයෙන් කටුක වෙයි. මෙහි උෂ්ණත්වය නිසා මේ හා වාතය සමනය කරන අතර පිත වඩයි. මධුර රස නිසා පිත්ත ශාමකද වෙයි. මේ නිසා සෙම් වාත රෝග සඳහා යෙදිය හැක.

ව්‍යුහාගත ක්‍රියා පිළිබඳ සැලකීමේදී

බාහිර වශයෙන් කුරුඳු රක්ත උත්ක්ලේශක, උත්තේජක ද වේදනා ස්ථාන ද ලේඛන වන නිසා බාහිර වශයෙන් බොහෝ ප්‍රයෝග සඳහා යෙදෙයි. මෙහි මුඛ ශෝධක ගුණය සහ මුඛ දුර්ගන්ධතා නාශක ගුණයද වෙයි. කුරුඳු කටේ දමා සැපීමෙන් දත්මුල් ශක්තිමත් වන අතර වමනය සහ උත්ක්ලේශය නතර වෙයි.

එසේම න්‍යච්ජා, ව්‍යංග වැනි චර්ම ආබාධ වලදී මෙය කල්ක කර ආලේප කිරීමෙන් සුවය ලැබෙන අතර නාඩි ශූලයට සහ හිසේ වේදනා වලට සහ ඉදිමුම් වේදනා සඳහා ආලේපයෙන් සහනය ලැබෙයි. එසේම දත් කැක්කුමට කුරුඳු තෙල් පුළුන් කැබැල්ලක තබා දත් කුහර වල තැබීමෙන් එම වේදනා සමනය වන අතර ගෝනුසු විස සඳහාද කුරුඳු තෙල් ආලේපයෙන් සහනය ලැබෙයි.

එසේම ශෝථ වේදනා සඳහා ද කුරුඳු තෙල් ගැල්වීම ප්‍රයෝජනවත් වෙයි.

අභ්‍යන්තර ක්‍රියා සැලකීමේදි

නාඩි ව්‍යුහාවේදී

නාඩි උත්තේජනය ඇති කරන නිසා නාඩි දුබලතා සහ පක්ෂාඝාත සඳහා යොදනු ලබයි.

ආහාර පරිපචන ව්‍යුහාවේදී

මෙය කටුක තික්ත රසයෙන් ද සහ උෂ්ණ වීය්‍යය යුතු නිසා දීපන, පාචන, වාතඅනුලෝමන යකෘත් උත්තේජක, ග්‍රාහී සහ කෘමි හර ගුණ වලින් යුක්ත නිසා අරුචි, අග්නි මාන්ද්‍රය(බඩගින්න අඩුකම) ආම දෝෂ, උදර ශූල, ග්‍රහණී, අර්ශස් ආදිය සඳහා ප්‍රයෝග කරනු ලබන අතර විෂබීජ නසන ගුණ යුතු නිසා ආන්ත්‍රික ජ්වරයේදී ප්‍රතිජීවක ඖෂධ ආකාරයෙන් ද ප්‍රයෝග කරයි.

රක්ත සංවාහන ව්‍යුහාවේදී

හෘදය උත්තේජන ගුණ, රක්තශෝධක ගුණ සහ ලේ වල ශ්වේතානු වඩන ගුණයද යුතු නිසා මෙය ශාරීරික දුබලතා සඳහාද රක්ත දූෂිත අවස්ථා සඳහාද පිළිකා ආදියටද විෂබීජ නිසා හට ගනු ලබන ආසාදිත රෝග සඳහාද යොදනු ලබයි.

ශ්වසන ව්‍යුහාවේදී

මෙය සෙම නසන ගුණයෙන් යුතු වන අතර කුරුඳුවල ඇති ඛ්ඪදදචථඪජ ඒජඪඤ නැමැති තත්ත්වය ක්ෂය රෝග නාශක (ඒදබඪබභඤඥප ඛ්භතචප) ගුණයෙන්ද යුතුය. මේ නිසා කැස්ස සහ හතිය සමනය කරයි. එසේම කුරුඳු තෙල සීනි සමඟ කෑමට දීමෙන් හෝ සුච්වේද (ධ්දණඥජබඪධද) විධියෙන් කෂය රෝගයට යෙදීමෙන් සහනය ලැබෙයි.

මුත්‍රණ ව්‍යුහාවේදී

මෙය උෂ්ණ සහ තීක්ෂණ නිසා වකුගඩු උත්තේජනය කරන අතර එනිසා මුත්‍රජනක වෙයි‍. එබැවින් මුත්‍ර කෘච්ජු සහ පූයා මේහ සඳහා ප්‍රයෝග කරනු ලබයි.

ප්‍රජනන ව්‍යුහාවේදී

මෙය ගර්භාශය සංකෝචනය ඇති කරන අතර වාෂ්පීකරණ ගුණයෙන්ද යුක්ත නිසා ඍතුවීම් වල අවරෝධ සඳහා සහ ගර්භාශ දුබලතා සඳහා විශිෂ්ට ගුණ පෙන්වයි. මෙසේ ශාරීරික ව්‍යුහා ආශ්‍රිතව හොඳීන් ක්‍රියා කරන කුරුඳු ඖෂධ ප්‍රයෝග යන්හිදී කෂාය තෛල කෂාය, චූර්ණ ආදී රාශියක එක් උදාහරණයක් වෙයි.

ඒකීයව සැලකීමේදී කුරුඳු පොතු තෙල්, කුරුඳු කොළ තෙල්,කුරුඳු මුල් තෙල්, කුරුඳු අකය, කුරුඳුසුරාසවය ආදී වශයෙන් ගනු ලබන අතර ඒවා ඖෂධ වශයෙන් විවිධ අවස්ථාවන් හි ප්‍රයෝග කරන අතර සමහර ඖෂධ සංස්කරණයටද යොදා ගනු ලබයි. කුරුඳු අඩංගු සංස්කාරික ඖෂධ සැලකීමේදී කෂාය යෝග අතර, පීනස සඳහා යෙදෙන කෂාය කිහිපයකම කුරුඳු අඩංගු වේ.

චූර්ණ - සිතෝපලාදී චූර්ණය, කාලිසාදී චූර්ණය, ජාතිඵලාදී චූර්ණය, කොත්තමල්ලී චූර්ණය,ශඨ්‍යාදී චූර්ණය, සුදර්ශන චූර්ණය, ආදියේ කුරුඳුපොතු යෙදෙන අතර දත්තාචූර්ණයටද කුරුඳුපොතු අඩංගු වෙයි. එසේම තෛල සංස්කරණයේදී ශූලහර තෛලය ආදියට කුරුඳු තෙල් යොදන අතර කුරුඳු පොතු බොහෝ තෛල වලට කල්කයට අවශ්‍යම ද්‍රව්‍යයක් වෙයි.

කථිකාචාර්ය වෛද්‍ය මධුර පරණවිතාන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.