අගනා ඔසු ගුණ පිරි රුක්අත්තන

ඔක්තෝබර් 28, 2022

වාතය, පිත හා සෙම යන තුන් දොස් කිපීමෙන් මිනිසාට වැලදෙන රෝග සමූහයාට ප්‍රතිකාර කිරීමේදී යොදා ගනු ලබන ශාක,සත්ව හෝ පාර්ථිව යන කාණ්ඩයන් තුන අතුරින් වැඩි වශයෙන් යොදා ගනු ලබන්නේ ශාක වන අතර ඒවා චිකිත්සා ක්‍රමවේදයන්ට අනුව විවිධ ඖෂධ සංස්කරණ සඳහා යොදා ගැනීමෙන් රෝග සමනයට උදවු වේ. මෙහිදී ඖෂධීය වශයෙන් වැදගත්කමක් ගනු ලබන ශාකයන් අතර වැදගත් ශාකයක් ලෙස “රුක්අත්තන” ශාකය හැඳින්විය හැකිය. මේ අතර තවත් ප්‍රයෝජන රාශියක්ද රුක්අත්තන ගසෙන් ලැබෙන බව දැක ගත හැකිය.

 

වසන්ත කාලයේ රුක්අත්තන ගසේ අතු රිකිලි අග මල් පොකුරු පිපී ඉතා අලංකාර බවක් පෙන්වන නිසා කවියන් විසින් ඉතා අලංකාර වර්ණනාවන් රුක්අත්තන මල් ගැන දක්වා ඇත. මේ අතර රුක්අත්තන ගස ගැන කියවෙන ජනප්‍රවාද රාශියක්ද අසන්නට ලැබේ.

එනම් සර්ප විෂ නිසා මූර්ජා වූ යම් කෙනෙක් රුක්අත්තන ලෑලිවලින් සකස් කළ පෙට්ටියක තැන්පත් කිරීමෙන් පසු එහි කි‍්‍රයාකාරීවන යම් රසායනයක් නිසා එම ශරීරයේ සැඟවී තිබෙන සර්ප විෂ රුක්අත්තන ලෑලීවලට ඇදීම නිසා සිහි මූර්ජා වූ පුද්ගලයාට සිහිය ලැබීම එක් ජනප්‍රවාදයකි.

මේ හේතුව නිසා සර්ප විෂ හේතුවෙන් මිය යන පුද්ගලයන්ගේ සිරුරු මිහිදන් කිරීමට රුක්අත්තන ලෑලි යොදා සකස් කරන ලද පෙට්ටි භාවිත කරනු ලබන බව කියැවේ. මෙම විශේෂයෙන්ම නයි විෂේදී භාවිත කරනු ලබන්නේ නයි විෂට එරෙහි විශේෂ බලයක් රුක්අත්තන ශාකයේ ඇති බැවින් යැයි සිතේ.

 

රුක්අත්තන ශාකය වැවෙන ප්‍රදේශ-

විදේශීය වශයෙන්-

පොදු වශයෙන් ඉන්දියාවේ සියලුම ප්‍රදේශවල වැවෙන අතර විශේෂයෙන් දක්ෂිණ භාරතයේ හා බෙංගාලයේද හිමාලයේ මීටර් 1000 දක්වා ද වැවේ. තවද දකුණු චීනය, මියන්මාරය, මැලේසියාව සිට නිව්ගිනියා දක්වාද වැවේ.

දේශීය වශයෙන්-

ශී‍්‍ර ලංකාවේද මීටර් 1000 දක්වා සීමාවේ පොදුවේ ව්‍යාප්ත වී ඇති අතර වියලි හා තෙත් ප්‍රදේශවල ඇළවල් ඉස්මත්තේ හා වෙනත් වතුරෙන් යටවන ප්‍රදේශවලද වැවේ.

පො‍ළොන්නරුව, ලුණුගල, අඹේපුස්ස, නෙළුව ආදී ප්‍රදේශවල බොහෝ සෙයින් දක්නට ඇත.

රුක්අත්තන ගසේ ස්වරූපය

විශාල වෘක්ෂයක් ලෙසට වැවෙන ශාකයකි. මෙම ශාකයේ කඳේ පොත්ත තද අළු පාට සිට අළු පැහැයට හුරු දුඹුරු පාට වන අතර තෙත ගතියෙන් යුතුය. මෙම පොත්ත කැපූවිට අවර්ණ ඇලෙන සුළු දියරයක් පිටවේ. රුක්අත්තන ලීය වෙඬරු පාටට හුරු වන අතර අලංකාර වයිරමක් මෙන් දිස් වේ. මෙම ගසේ අතුවල එක් අත්තක පත්‍ර 5 – 10 දක්වා සංඛ්‍යාවක් වන අතර සාමාන්‍යයෙන් 7ක් පවතී. පත්‍රවල නටුව සෙ.මී.0.5 – 3 දක්වා දිගින්ද යුතු අතර පත්‍ර තලය සෙ.මී.5 – 28ය. 2.5 – 11 දක්වා වේ. පත්‍රවල නාරටි මතුව ඇත. මෙම ගසේ අතුරිකිලි අග මල්පොකුරු ලෙස සෑදෙන අතර එසේ සිදුවන්නේ අප්‍රේල් කාල සීමාවේදීය.

 

රුක්අත්තන ශාකය පිළිබඳව විවිධ භාෂාවලින් හඳුන්වන නාමයන්-

පොදු සිංහලනාමය- රුක්අත්තන වන අතර සංස්කෘත බසින් - සප්තපර්ණී, සප්තච්ඡද, ඡත්‍ර- පත්‍ර,විෂමඡ්චද, අයුග්ම පත්‍ර, ශාරද ශාල්මලී පත්‍රක, මදගන්ද,

අයුග්ම පත්‍ර - ඔත්තේ ගණනක් පත්‍ර ඇති නිසාද ශාරද - සරත් සෘතුවට මල් පිපෙන නිසාද ශාල්මලී පත්‍ර - ඉඹුල් කොළ මෙන් නිසාද මදගන්ධ - උග්‍ර ගන්ධයකින් යුතු නිසාද ගජමද ගන්ධ - මල් උග්‍ර ගන්ධයකින් යුතු නිසාද පුෂ්ප ගුච්ඡ - මල් පොකුරක් මෙන් නිසාද විශාලත්වක් - වෘශත් ත්වක් - පොත්ත ඝන බැවින්ද දේවවෘක්ෂ - දේවතාවක් අරක් ගත් ගසක් ලෙස සැලකෙන නිසාද යෙදේ.

 

හින්දි බසින් රුක්අත්තන සඳහා

ජතිවන, සතෞණා, සතවන හා ජාතියුම් යනුවෙන් යෙදෙන අතර වංග බසින් - ජාතිම යයි යෙදේ. දෙමළ බසින් - රුක්අත්තන සඳහා එලිලයිප්පලායී මුක්තන්වෙලායී හා වෙඩිරාසි යනුවෙන් යෙදේ.

ඉංගී‍්‍රසි බසින් ච්ධ්ඊඒ ඕඒඅම්, ඊඅඡ්ඡ් ජ්ඡ්ච්ඡ්ඍධ්ඹ්ඉ ඊඅඡ්ඡ් යනුවෙන් යෙදේ.

රුක්අත්තනවල උද්භිද විද්‍යාත්මක නාම ඒතචඵබධදඪචඵජඩධතචපඪඵ ( ඹ් ) අ. ඕප සහ ඡ්ජඩඪබඥඵඵජඩධතචපඪඵ ත වන අතර කුලය ඒර්‍ථර්‍ණඛ්කව්ඒඛ්ඒඡ් හෙවත් කුටජ කුලය වේ.

ඖෂධ සඳහා ගනු ලබන අංග - කොළ, පොතු, මල්, මුල්, කිරි හා කාෂ්ඨ ගනු ලබන අතර පොතු විශේෂ වේ.

රුක්අත්තනවල අඩංගු රසායනික උපාදාන සැලකීමේදී -

පාත්තෙර ඩිටමින් (ච්ධ්ඒර්ධ්ව්ඡ්) එකිටැමින් (ඡ්ඛ්ඩ්ධ්ඊඒර්ධ්ව්ඡ්) එකිටැනින් (ඡ්ඛ්ඩ්ධ්ඊඒව්ධ්ව්ඡ්) එකිකොතැයින් (ඡ්ඛ්ඩ්ධ්ඛ්ඒඋඊඒඩ්ධ්ව්ඡ්) එකිසරින් (ඡ්ඛ්ධ්ඉඡ්අධ්ව්) එකිටින් (ඡ්ඛ්ඩ්ධ්ඊධ්ව්) එකිරෙටින් (ඡ්ඛ්ඩ්ධ්අඡ්ඊධ්ව්) ආදී උපක්ෂාරද වසාම්ල හා දුම්මල අන්තර්ගතය. උපක්ෂාරය ක්විනීන් සල්පේට්වලට සමානව කි‍්‍රයා කරයි.

රුක්අත්තනවල ඖෂධීය ගුණ කර්ම -

රසයෙන් තිත්ත හා කෂාය රස වන අතර ගුණයෙන් ලඝු හා ස්නිග්ධ වේ. වීර්යයෙන් උෂ්ණ වන අතර විපාකයෙන් කටුක වේ.

දෝෂ අනුව සැලකීමේදී -

තුන්දොස් සමන ගුණයුතු අතර විශේෂයෙන් සෙම, වාත සමන ගුණ යුතුයි. තුන්දොසින් හටගත් රෝගයන්හි විශේෂයෙන් සෙම වාතජ රෝගයන්හිදී ප්‍රයෝග කරයි. ශාරීරික ව්‍යුහාගත කි‍්‍රයා සැලකීමේදී බාහිර වශයෙන් කුෂ්ට නසන ව්‍රණ ශෝධක හා රෝපණ ගුණ යුතුය. කුෂ්ඨ හා කල්ගත වූ ව්‍රණවලදී රුක්අත්තන පොතු ආලේප වශයෙන් යොදයි.

අභ්‍යන්තර වශයෙන් ආහාර පරිපචන ව්‍යුහාවේදී

දීපන, අනුලෝමන, ස්තම්බන හා කෘමිඝ්ණ ගුණ යුතු අතර රුක්අත්තන කිරි රෝචන ගුණ යුතුය. බඩගිනි අඩුකම ශූල ගුල්ම ප්‍රවාහිකා හා කි‍්‍රමි රෝගවලදී පොතු ප්‍රයෝග කරයි. විබන්දයේදී හා උදර රෝගයේදී රුක්අත්තන කිරි යොදනු ලබයි. දන්ත කෘමි රෝගයේදී (දත් පණුවන් කෑමේදී) රුක්අත්තන කිරි දත් සිදුරේ පුරවනු ලබයි.

රුධිර සංසරණ ව්‍යුහාවේදී

ලේ පිරිසුදු කරන ගුණ යුතු අතර හදවතට හිතකර වේ. රක්ත දූෂීත රෝග සහ හෘද රෝගවලදී යොදනු ලබයි.

ශ්වසන ව්‍යුහාවේදී

කාශහර සහ ශ්වාස හර ගුණ යුතුය. ක්වාස ශ්වාස දෙකේදී රුක්අත්තන මල් චූර්ණය තිප්පිලි කුඩු ස්වල්පයක් සහ මී පැණි සමඟ ලේහ කිරීම ඉතා සුදුසුය. පිත් සෙම් අනුබද්ධ හික්කා ශ්වාස දෙකේදී රුක්අත්තන ස්වරසය තිප්පිලි කුඩු හා මී පැණි සමඟ යොදයි. ශීර්ෂ යොදයි. ශීර්ෂ රෝගවලදී රුක්අත්තන මල් ශිරෝ විරෝචනයට යොදා ගනී.

ප්‍රජනන ව්‍යුහාවේදී

මවුකිරි වඩන ගුණ යුතුය. එමෙන්ම සූතිකාවන් කෙරෙහිද ප්‍රයෝග කරයි. බඩගින්න හා බලය වඩන අතර සූතිකා ජ්වර සමනය කරයි. තනකිරි ශෝධනයට හා වර්ධනයට රුක්අත්තන පොතු කෂාය ශ්‍රේෂ්ඨ වේ.

චර්ම ව්‍යුහාවේදී

කුෂ්ඨ උදර්ද අවස්ථාවන්හිදී ස්නාන හා පාන ලෙස රුක්අත්තන පොතු කෂාය යොදා ගනු ලබන අතර දෂ්ට ව්‍රණවලදී රුක්අත්තන කිරි ආලේප ලෙස යොදයි.

මේ අතර උණේදී විශිෂ්ට ගුණ ගෙන දේ. විශේෂයෙන් විෂම ජ්වරයේදී ක්විනීන් හා සමානව කි‍්‍රයා කරන අතර ක්වීනින් මෙන් උපද්‍රව නොවේ.

තවද උණ අවසානයේදී ඇති වන දුබලතාවලදී හා සාමාන්‍ය දුබලතාවලදී යොදනු ලබයි.

රුක්අත්තන අඩංගු ඖෂධ රාශියක් විවිධ රෝග සඳහා යෙදෙන අතර ඉන් කීපයක් නම්,

සන්ධි ශෝථයට (ඉදිමුමට) - රුක්අත්තන පොතු චූර්ණය සහ තිරිඟුපිටි සමව ගෙන උණුදියෙන් පාප්පය සාදා ආලේප කිරීම.

කුෂ්ඨ ශෝතයට - රුක්අත්තන පොතු කෂාය පානයට, ස්නානයට හා සේදීමට යොදා ගැනේ.

මවුකිරි පිරිසුදු වීමට - රුක්අත්තන පොතු ඉස්ම මී පැණියෙන් ලේහ කරයි.

විෂට - රුක්අත්තන කොළ අමු කහ සමඟ කොටා මැල්ලුම් බැඳීම.

දුෂ්ට ව්‍රණ සඳහා - රුක්අත්තන කිරි වියලා චූර්ණ කර ව්‍රණවලට ඉසිනු ලබයි.

සාන්ද්‍ර මේහයට - රුක්අත්තන පොතු කෂාය යොදයි.

මේ ආදී වශයෙන් රුක්අත්තන අඩංගු ඖෂධ රෝග රාශියක් වේ.

රුක්අත්තනවල ඖෂධාංග අඩංගු සංස්කාරික ඖෂධයන්ද කීපයක් වේ.

එනම්,

සප්තපර්ණි පාණ්ඩය

සප්තපර්ණි සත්පාණ්ඩි වටී

සප්තඡ්ඡචාදී තෛලය

සබ්දජ්වජාදී ක්වාථය

ආදී සංස්කාරික ඖෂධ කිහිපයක්ම දක්නට ලැබෙයි.

රුක්අත්තනවල ඖෂධීය මාත්‍රා

ස්වරසය කර්ෂ 1 – 2 දක්වා

ක්වාථ කර්ෂය 5 – 10 දක්වා

පොතු චූර්ණය රක්තිකා 6 – 12 දක්වා

කිරි රක්තිකා 3 – 6 දක්වාද වේ.

මේ අනුව පෙනීයන්නේ රුක්අත්තන ඖෂධීය වශයෙන් අතිශයින් ප්‍රයෝජන ගෙන දෙන ශාකයක් බවයි. රුක්අත්තනවලින් ලැබෙන වෙනත් ප්‍රයෝජනද වේ. වෙස් මුහුණු සෑදීමටද සංගීත භාණ්ඩ සෑදීමට රුක්අත්තන ලීය යොදා ගනු ලබන අතර පැන්සල්, ගල් ලෑලි, ගිනිපෙට්ටි හා මිනීපෙට්ටි සෑදීමට යොදා ගනී. එසේම කරත්තවල වියගහ සඳහාද මෝල්ගස් සඳහාද මේ ලීය යොදා ගනී.

ඉන්දීය ජාතිකයන් රුක්අත්තන ලී භාවිත කර විවිධ නිර්මාණයන්ද කරනු ලබයි. තවද පරිසරය ආරක්ෂා කිරීම සඳහා වවනු ලබන ශාකයක් ලෙසද සැලකේ.

මේ අනුව රුක්අත්තන යනු බොහෝ ප්‍රයෝජන ලබා දෙන ශාකයකි. ඖෂධීය වශයෙන් මෙන්ම තවත් විවිධ අයුරින් මිනිසාට උපකාරී වන ශාකයක් බැවින් මෙම ශාකය හඳුනාගෙන එයින් ලැබෙන ප්‍රයෝජන නිසි ලෙස ලබා ගැනීමට කටයුතු කරන්නේ නම් බොහෝ රෝගාබාධයන්ගෙන් ඉතා පහසුවෙන් ම සුවය ලබා ගැනීමට හැකිවනු ඇත.

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ

කථිකාචාර්ය වෛද්‍ය

මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.