අර්ශස් සහ භගන්දරා සඳහා විශිෂ්ට ගුණ දෙන කරල්හැබ

දෙසැම්බර් 2, 2022

ආයුර්වේදයේ සඳහන් “මහා රෝග“ අට අතුරින් අර්ශස් සහ භගන්දරා යන රෝග දෙක සඳහා යෙදෙන ප්‍රතිකාරවලදී නැතිවම බැරි ද්‍රව්‍යයක් වශයෙන් ,කරල්හැබ, හැඳීන්විය හැකිය. ගිනි තැබීමේ සහ කැලෑ එළි කිරීම නිසාත් මෙම පැළෑටියේ ඖෂධීය වටිනාකම පිළිබඳව නිවැරැදි වැටහීමක් නොමැතිකම නිසාත්, විනාශ වෙමින් පවතින ශාකයක් වශයෙන් මෙය හැඳීන්විය හැකිය.

මල් සහ ගෙඩි යන දෙකම ශිඛරයක් ලෙස එක්ව ඉහළට නැඟ සිටින නිසා ශිඛර් යන සංස්කෘත නාමයෙන් හඳුන්වන කරල් හැබ සඳහා කරලින් හෙබි යන අරුතින් කරල් සැබෝ, කරල් හැබ ආදී නම් ද යෙදී ඇත.

කරල් හැබ හෙවත් ගස් කරල්හැබවලින් වෙනස් වූ බිම මත වැතිරී වැඩෙන බිං කරල් හැබ හෙවත් රත් කරල් හැබ නම් වෙනත් ශාක විශේෂයක් ද පවතින අතර මෙම ප්‍රභේද දෙක වෙනස් රෝග සඳහා ප්‍රතිකාර ලෙස යෙදෙයි. කරල් හැබ ශාකය පිළිබඳව චරක සුශ්‍රැත ආදී මූලික ග්‍රන්ථ වල සඳහන්ව තිබෙන හෙයින් මෙය ඍෂි යුගයේ පටන් භාවිතා වී ඇති බව පෙනී යයි.

වැවෙන ප්‍රදේශ

විදේශීය වශයෙන්

ලෝකයේ සෑම තැනම පැතිරුණු පැළෑටියක් වන මෙය විශේෂයෙන් ඝර්ම කලාපීය රටවල දක්නට ලැබේ. ඉන්දියාවේ සියලු ප්‍රදේශවල උසින් (මුහුදු මට්ටමින්) අඩි 3000 දක්වා ප්‍රදේශවල විශේෂයෙන් වැවේ.

දේශීය වශයෙන්

ඉතා ඉහළ කඳුකරයේ හැර ශ්‍රී ලංකාවේ සෑම පළාතකම පාහේ මුහුදු මට්ටමින් අඩි 3000 දක්වා ප්‍රදේශවල පැතිරී ඇති අතර මාවත් දෙපස, වගාබිම්වල, වල් පැළෑටියක් ලෙස, වනාන්තර මායිම්වල, ජල පහර ගලා යන දෙපස පතන ප්‍රදේශවල සහ මුහුදු වෙරළවලද දක්නට ලැබේ.

පැළෑටියේ ස්වරූපය

කුඩා පැළෑටියක් වන මෙය බහු වාර්ෂික පැළෑටියක් වන අතර උසින් අඩි 02 – 03 දක්වා භූමිය මත වැතිරුණු සරල හෝ බොහෝ සේ අතු බෙදුණු කඳන් සහිත වේ.කඳ ඉතා දුර්වල සිට දැඩි ස්වභාවයක් දක්වාද මතුපිට සිව්කොන් ආකාරයක් පෙනෙන ආකාරයේ සිට නොපෙනෙන ආකාරය දක්වාද වෙනස් ස්වරූප දැරිය හැකිය. රතු මල් සහිත වර්ගය රත් කරල් හැබ ලෙසද සුදුමල් සහිත වර්ගය ගස් කරල් හැබ ලෙස ද හඳුන්වන අතර මෙම වර්ග දෙකම බොහෝ රෝග සඳහා ගනු ලබයි.

කරල් හැබ පිළිබඳව විවිධ භාෂාවලින් එන විවිධ නාමයන් රාශියක් වන අතර ඒවා නම් පොදු සිංහල නාමය කරල් හැබ සහ කරල් සැබෝ ය

සංස්කෘත භාෂාවෙන්

අපාමාර්ග, අධඞශල්‍ය, කිණිහි, ශිඛර්, මයුරක,ප්‍රත්‍යක්පුෂ්පී, ඛරමපේරි වෘත්තඵල සහ ප්‍රත්‍යක්ෂ ජර්මා ආදි නාමයන් රාශියක් දක්නට ලැබේ. මෙයින් දෝෂන් ශෝධනය කරන නිසා අපාමාර්ග යනුවෙන් ද මල් සහ ගෙඩි ශිඛරයක් ලෙස උඩට නැඟී සිටින නිසි “ශිඛර්” ලෙසද අධෝ මුඛය පිහිටා ඇනෙන සුලු කටු ලෙස පිහිටි නිසා අධඞශල්‍ය යයි ද මොනරාට ඇත්තා වූ බඳු විහිදුණු මල් සහ කරල්වලින් යුක්ත නිසා “මයුරක” යයිද මකුළු දැලක් මෙන් කරල් විහිදී යන නිසා ‘මර්කටී’ යනුවෙන් ද අතේ ඇනෙන කටුවලින් යුක්ත නිසා ‘දුර්ග්‍රහා’ යනවෙන් ද උණ නසන නිසා ‘කිණිහි‘ යනුවෙන්ද එක පේළියකට ඇට පිහිටන නිසා ‘පංක්ති කංටක’ යනුවෙන් ද නැට්ටෙහි හටගත් ඵල ඇති නිසා ‘වෘත්ත ඵල’ යයි ද සිහින් වූ පත්‍ර ඇති නිසා ‘කේශ පර්ණී’ යනුවෙන්ද කටු සහිත කරල් ඇති නිසා ‘ඛර මංජරී’ යනුවෙන්ද හඳුන්වයි.

දෙමළ බසින් කරල් හැබ සඳහා ෂිරු කඩදාසි හා නයුරුඩි යන නම් යෙදෙන අතර හිංදි බසින් ලිට්පීරා හා ටිර්ඩිරා නම් වේ. වංග බසින් ආපාඩ් යයි යෙදෙයි. ඉංග්‍රීසි බසින් කරල් හැබ සඳහා අධභඨඩ ඛ්ඩචටට බපඥඥ සහ ර්‍ථපඪජතර ඛ්ඩචටට ටතධඹඥප ආදී නාමයන් යෙදෙන අතර මෙහි උද්භිද විද්‍යාත්මක නාමය වනුයේ ඒජඩඨපචදබඩඥඵ චඵනඥපච ඹ්ඪදදඹ එසේම මෙහි කුලය වනුයේ ඒථචපචදබඩචජඥචඥ හෙවත් අපාමාර්ග කුලයයි

රත් කරල් හැබ සඳහා

සංස්කෘත භාෂාවෙන්

රක්තාපාමාර්ග, වශීර, ධාමාර්ගම සහ ක්ෂුද්‍රාපාමාර්ග යන නම් යෙදෙන අතර ‘හින්දි බසින්’ ලාල් චිර්චිටා යනුවෙන් යෙදෙයි. එසේම මෙහි උද්භිද විද්‍යාත්මක නාමය ඛ්රචබඩභතච ර්‍ථපධඵබචපච ඕධ් වෙයි.

කරල්හැබවල අඩංගු රසායනික උපාදාන

විශේෂයෙන් ඇටවලද, සාමාන්‍යයෙන් මුළු පැළෑටියෙහිමද ක්ෂාරය (අළු) අන්තර්ගතය, එයින්ද විශේෂයෙන් ම පිහිටියේ පොටෑශ් ය. කොළවල 24% ක්ද, අතුවල 85% ක්ද, මුල්වල 28 1/2% ක්ද භස්මාහ ඇත. මෙම පැළෑටියේ වැඩිපුරම ඇත්තේ යවක්ෂාරයි. එය කොළවල 21 1/2% ක්ද අතු වල 38% ක්ද, මුල්වල 28 1/2% ක්ද පිහිටා ඇති අතර මෙයට අමතරව ලවණ ලෝහ, ගන්ධක, සූර්යක්ෂාර ආදියද සුළු වශයෙන් දක්නට ඇත.

මේ ආදි රසායනික උපාදානයන්ගෙන් පරිපූර්ණ ඉතා අගනා ඖෂධ පැළෑටියක් ලෙස මෙය හැඳීන්විය හැකිය.

“ක්ෂාර දශක” හා “ක්ෂාරාෂ්ඨක” යන ගණ වල ප්‍රධාන තැනක් ගනු ලබන කරල් හැබ කාය චිකිත්සාවේදි මෙන්ම ශල්‍ය චිකිත්සාවේ දී ද ඉතා වැදගත් ඖෂධයක් වශයෙන් සලකනු ලබයි. නවීන වෛද්‍ය ක්‍රමයන්ට අනුව භගන්දර රෝගය සඳහා ප්‍රතිකාර වශයෙන් ශල්‍යකර්මය අනිවාර්ය වුවද කරල් හැබ ක්ෂීරය උපයෝගි කර ගෙන ශල්‍යකර්මවලින් තොරව සුව කිරීමේ ක්‍රමයන් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ ඇත.

ඖෂධ ගුරුකම් රසයෙන් කටුක සහ තිත්ත වන අතර ගුණයෙන් ලඝු, රුක්ෂ සහ තීක්ෂණ වෙයි. වීර්යයෙන් උෂ්ණ වන අතර විපාකයෙන් කටුක වෙයි. දෝෂ අනුව සලකා බැලීමේදී සෙම් වාත සමනය කරන ගුණයෙන්ද සෙම් පිත් සංශෝධක ගුණයෙන් ද යුක්ත වෙයි. මේ නිසා මෙය සෙම් වාතජ රෝගවලදී බොහෝ සෙයින් යෙදෙන අතර පිත්රෝගවලදී පිත් සමනය සඳහා කරල් හැබ ස්වරස පානය ද යෝග්‍ය වේ. එසේම සෙම් රෝග සඳහා සංශෝධනය උදෙසා කරල් හැබ බීජ නස්‍ය ලෙස යොදයි.

ව්‍යුහාගත ක්‍රියා සැලකීමේ දී

බාහිර වශයෙන්

මෙය ශෝථහර, වේදනා ප්‍රශමන ලේඛන, විෂග්න හා ව්‍රණ ශෝධන ගුණයන්ගෙන් යුක්ත වන අතර ඇට ශිරෝවිරේචන ගුණ යුක්තය. ගමේ නිසා ශෝථ (ඉදිමුම්) වේදනා, ව්‍රණ, තුවාල, සර්පවිෂ, මී විෂ සහ අලර්ක විෂ ආදියේ දී ඒ ඒ ස්ථානවල ආලේප ලෙස යොදන අතර නේත්‍ර රෝගවලදී සහ නේත්‍ර ශෝථයේ දී කරල් හැබ මුල මී පැණිවලින් ගලගා අඳුන් ලෙස භාවිතා කරන අතර කන් කැක්කුමේදී මෙහි ක්ෂාරය යෙදූ කල තෙල කනට දමනු ලැබේ.

අභ්‍යන්තර වශයෙන්

ආහාර පරිපචන ව්‍යුහාවේදී

මෙය රෝචක, දීපන, පාචන, පිත්ත සාරක, කෘමිඝ්න යන ක්‍රියාවලින් යුක්ත අතර ඇට දුර්ජන හා විෂ්ටම්භී වෙයි. මෙනිසා අරුචි, වමන, අර්ශස්, බඩගිනි අඩුකම, ආධ්මාග (බඩපුරවා දැමීම) උදර වේදනා, උදර රෝග, පිත්ත අශ්මරී, ක්‍රිමි ආදී රෝගයන්හිදී මෙහි ඇට යොදා සකස් කළ කිරි ප්‍රයෝග කරයි.

රුධිර සංසරණ ව්‍යුහාවේදී

මෙය හෘදයට හිත රක්ත ශෝධක, රක්තවර්ධක සහ ශෝථහර ගුණයන්ගෙන් යුක්ත නිසා හෘද රෝග, රක්ත රෝග, පාන්ඩු, ගංඩමාලා, ආමවාත, ශෝථරෝග ආදියේදී උපයෝගි වන අතර රක්තාම්ලකායෙහිද මෙය ප්‍රයෝග කළ හැකිය. ලේ පිරිසිදු කරන ගුණය මෙහි විශේෂයෙන් අඩංගු වේ.

ශ්වසන ව්‍යුහාවේදී

මෙය කළු නිඞසාරක ගුණයෙන් යුක්ත නිසා කාස සහ ශ්වාසයේ දී යොදනු ලබයි.

මුත්‍රා ව්‍යුහාවේදී

මුත්‍රල, මුත්‍රාම්ලතා නාශක හා අශ්මරි නාශක ගුණයන්ගෙන් යුක්ත නිසා වස්ති ශෝථ, වෘක්ක ශෝථ, අශ්මරී ආදී රෝගවලදී යොදයි.මෙයට අමතරව ස්වේද ජනක, කංඩුස්න ගුණයන්ගෙන් ද යුක්ත වන නිසා චර්ම රෝග සහ වර්ණ විකෘති ආදියේ දී යොදනු ලබයි.

මෙවන් ගුණයන්ගෙන් යුක්ත ඉතා අගනා ඔසුවක් වන කරල් හැබ අඩංගු ඖෂධ යෝගයන් ද රාශියක් විවිධ රෝගාබාධ රාශියක් සඳහා යොදනු ලබයි. ඒවා අතුරින් කිහිපයක් නම්

අර්ශස් හා රක්ත අර්ශස් සඳහා

රත් කරල් හැබ මුල් හාල්පානු වතුරින් අඹරා මී පැණි සමඟ දිනපතා බීමට ගනු ලබයි.

විසූචිකාවට

කරල් සැබෝ මුල් ඇල්දියෙන් අඹරා පෙවීම කරනු ලබයි.

මුත්‍රා කෘච්ජ්‍රයට

කරල් සැබෝ මුල් එළකිරෙන් අඹරා බීමට දෙනු ලබයි.

සර්ප විෂට

කරල් සැබෝ මුල් ගිතෙලින් අඹරා හාල්පානු වතුරින් පොවනු ලබයි.

ශ්වාස රෝගයට

කරල් සැබෝ ඇට ගිතෙලින් අඹරා වරකට කලං 1/2 ක් කෑමට දීම සුදුසුය.

සන්ධි ශෝථයට

කරල් සැබෝ කොළ අඹරා රත්කර නිවා බැ¼දීම කරයි.

ඇඟපත කැසීමට

මෙහි පංචාංගය තම්බා පෙරාගත් වතුරින් ඇඟපත සේදීම කරයි.

ගර්භ ධාරණයට

කරල් සැබෝමුල් එළකිරෙන් අඹරා පොවනු ලබයි.

ශිරෝ රුජාවට

කරල් සැබෝ ඇට යොදා සකස් කළ තෛල හිසේ ගෑම කරනු ලබයි.

ශිරෝ විරේචනයට

කරල් සැබෝ ඇට අඹරා නස්න කරයි.

තුවාලවල ලේ නතර කිරීමට

කරල් සැබෝ කොළ අඹරා තුවාලයට බැ¼දීම හෝ කරල් සැබෝ කොළ යුෂින් තෙමූ රෙදි කඩක් තුවාලයට තබා බැ¼දීම කරයි.

මේ ආදී ඖෂධ යෝග රැසක් විවිධ රෝගාබාධ සඳහා කරල් හැබ අඩංගුව යෙදෙන බව දක්නට ලැබේ. එසේම කරල් හැබ අඩංගු සංස්කාරික ඖෂධයන්ද කිහිපයක් වේ.

එයින් අපාමාර්ගක්ෂාර තෛලය කර්ණ රෝග ආදියේදි යෙදෙන සාර්ථක ඖෂධයක් වන අතර අපාමාර්ගක්ෂාර අර්ශස් සහ භගන්දරා ආදියේදී ගනු ලබයි.

මෙසේ ඖෂධීය වශයෙන් වැදගත් තැනක් ගනු ලබන කරල් හැබවල තවත් ප්‍රයෝජනයන්ද කිහිපයක් වෙයි. එනම් මෙම ශාකය ගවයන්ගේ රසවත් ආහාරයක් වශයෙන් හඳුන්වන අතර කොම්පෝස්ට් පොහොර සකස් කර ගැනීමේදී ද ප්‍රයෝජනයට ගනු ලබයි. එසේම මෙම ශාකය පලා මැල්ලුම වශයෙන් ද ආහාරයට ගනු ලබන ද්‍රව්‍යයකි. මෙනිසා මෙවන් ඉතා අගනා වටිනා ඖෂධයන් පිළිබඳව හොඳීන් දැන සිටීම ඉතා ප්‍රයෝජනවත් වේ.

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ

කථිකාචාර්ය වෛද්‍ය

මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.