සිරුර වඩන තරුණ බව රැකදෙන රටඉඳි

මාර්තු 17, 2023

මිනිසාගේ ආහාරය යම් පමණකට වැදගත්වේද පෝෂණයද ඔහුට ඒ තරමටම වැදගත් වේ. ආයුර්වේදයේ මෙන්ම දේශීය වෛද්‍ය ක්‍රමයේද පෝෂණය පිළිබඳව බොහෝ සෙයින් අවධානය යොමු කර තිබෙන බව දැක ගත හැකිය.

ආයුර්වේදයට අනුව රෝග සඳහා ප්‍රතිකාර කිරීමේදී ප්‍රධාන වශයෙන් කරනු ලබන්නේ ලංඝන හා වෘහණ ක්‍රමයයි. මේ අතුරින් වෘහණය රසායන හා වාජීකරණ අංශ යටතේ සිදුකරනු ලබයි. මෙම රසායන සහ වාජීකරණ අංශ යටතේ යොදනු ලබන ඖෂධ යෝගවලදී නැතිවම බැරි ඖෂධයක් ලෙස රටඉඳී හැඳින්විය හැකිය. ශරීරයට ශක්තිය, පෝෂණය සහ තර්පනය ලබාදීමට යොදනු ලබන ඖෂධ යෝගයන්හි යෙදෙන ප්‍රධාන ද්‍රව්‍යයක් ලෙස රටඉඳී හැඳින්විය හැක. ආහාරමය වශයෙන් විවිධ ආකාරයෙන් ප්‍රයෝජන ගනු ලබන රටඉඳී ඖෂධීය වශයෙන් ද බොහෝ ඖෂධ යෝග සඳහා යොදා ගනු ලබයි. පළතුරු වර්ග අතර අතිශය පෝෂ්‍යදායී පළතුරක් සේ ගැනෙන රටඉඳී මුස්ලිම් භක්තිකයන් අතර ඉතා ජනප්‍රිය වී ඇත්තේ රාමසාන් උපවාස සමයේදී ඔවුන්ගේ ශරීරයට අවශ්‍ය ශක්තිය සපයා දීමේදී අතිශය ශක්තිජනක ආහාරයක් වන බැවිනි.

 

රටඉඳී වැවෙන ප්‍රදේශ

උතුරු අප්‍රිකාව, ඊජිප්තුව, සිරියාව අතුළු අරාබි දේශයන්හිද සින්ද්, පංජාබ් දේශයන්හිද වැවෙයි. මේ අතර ඉතා ඈත අතීතයේ දී ප්‍රධාන වශයෙන් යුප්‍රටීස්-ටයිග්‍රීස් ආදී ගංගා නිම්න ආශ්‍රිතව හොඳින් වගා කර ඇති අතර වෙනත් ශාක නොවැවෙන වියළි කාන්තාර ප්‍රදේශවලද දක්නට ඇත.

රටඉඳී ශාකයේ ස්වරූපය

සාමාන්‍යයෙන් තල් ගසක හෝ පොල් ගසක හැඩහුරුකමට නෑකම් දක්වන රටඉඳී ගස් තල් ගසක් හෝ පොල් ගසක් තරමට උස්ව නොවැඩේ. සාමාන්‍යයෙන් රටඉඳී ගසක් අඩි 30-40 ක් පමණ උසට වැඩේ.

 

රටඉඳී සඳහා යෙදෙන නාම

පොදු සිංහල නාමය - රටඉඳී වන අතර සංස්කෘත බසින් - ඛාර්ජූර සහ ඛර්ජූරිකා නාමයන් යෙදෙයි.

හින්දි බසින් - ඛාජූර් සහ සෙද්ධි යන නාමයන් වන අතර වංග බසින් - තෙජූර් යන නාමයන් යෙදේ.

දෙමළ බසින් - ඉඩම්නාර් යනුවෙන්ද

තෙළිගු බසින් - ඉෂාම් සහ වෙඩි යන නම්ද යෙදේ. ඉංග්‍රීසි බසින් රටඉඳී සදහා එඪතඤ ච්චබඥ ර්‍ථචතථ සහ ඒපචඡඪචද ච්චබඥ ර්‍ථචතථ යනුවෙන්ද යෙදේ.

රටඉඳී සඳහා වන උද්භිද විද්‍යාත්මක නාම - ර්‍ථඩධඥදඪය ඛඥරතචදඪජච ඊපඪද- ට සහ ර්‍ථඩධඥදඪය ඵරතමඥඵබපඪඵ අධයඡ යන නාම යෙදෙන අතර කුලය -ර්‍ථඒඹ්ර්ඒඛ්ඡ්ඒඡ් හෙවත් නාරිකේල කුලය වේ.

රටඉඳී වල ප්‍රභේද

කුඩා ගෙඩි ඇති මස්හිග රටඉඳී (ක්ෂුද්‍ර ඛර්ජූර) නමින්ද, තද මසින් යුතු වටකුරු ලොකු ගෙඩි ඇති වර්ගය පිංඩ ඛර්ජුර නමින් ද ගැනෙයි. එසේම සුලේමාන් නමින් හැඳින්වෙනුයේ බුරුල මස ඇති ජුපිණ්ඩ ඛර්ජුරයි ගව දෙනකගේ තනපුඩු (ගෝස්තන) මෙන් දිගැටි වූ ගෙඩි ඇති වියලි පිංඩ ඛර්ජුරියම ජුහාරා (ජෝහෑවා) නාමයෙන්ද දක්වයි. මේ රටඉඳී වර්ගය බාගෙට ඉදුණු විට කඩා වියලා ගනු ලබන බවක්ද සමහරු කියති. සාමාන්‍යයෙන් සියලුම රටඉඳී වර්ග සමාන ගුණයක් පෙන්නුම් කරන නමුත් ඛර්ජුරය අනෙක් දෙවර්ගයට වඩා ගුණය අතින් පහත්ය. එහෙයින්ද එයට ස්වල්ප (ක්ෂුද්‍ර) ඛර්ජුර නාමය හිමිවී ඇත.

රටඉඳීවල ව්‍යවහාර අංග ආහාරමය වශයෙන් ගෙඩි යොදාගනු ලබන අතර, ඖෂධීය වශයෙන් ගෙඩි, ඇට සහ ගොබ යෙදේ.

මේ අතර රටඉඳී හා සම්බන්ධ ආගමික විශ්වාසයන් ද බොහෝ වේ. සමෘද්ධිය, ඉවසීම සහ ජයග්‍රහණයේ සංකේතයක් ලෙස රටඉඳී හඳුන්වා ඇත. එහි පූජනිය බව සලකා සතුරෙකුගේ ඉඩමක වැවෙන රටඉඳී ගසක් වුවද විනාශ නොකළ යුතු යැයි ආගමික විශ්වාසයක් වේ.

තවත් මතයක දැක්වෙනුයේ රටඉඳී යනු දෙවියන් වහන්සේ විසින් මවන ලද දෙයක් වන අතර දෙවියන් වහන්සේ විසින් මිනිසා මැවූ පසු ඉතිරිවූ අංශු වලින් රටඉඳී මවන ලද බවයි. මේ අතර රටඉඳීවල ඉතිහාසය ඉතා පැරණිය. මෙයට වසර පන්දහසකට පෙර සිට මිනිසා විසින් දැන සිටි පැරණිම වගාවක් ලෙස ද රටඉඳී වගාව දක්වනු ලැබේ.

රටඉඳී වල ආහාරමය වටිනාකම

රටඉඳී ආහාරමය වශයෙන් විවිධ ආකාරයෙන් ප්‍රයෝජනයට ගන්නා හැටි පෙනී යයි. විශේෂයෙන්ම ආහාරයට පසු ගනු ලබන පළතුරක් වශයෙන් ද රටඉඳී ගනු ලබන අතර විවිධ කේක් වර්ග සෑදීමේදී රටඉඳී යොදාගනු ලබයි. එසේම ඉතා හොද අතුරුපසක් ලෙසදරටඉඳී බාල, තරුණ, මහලු, සියලු දෙනාම ප්‍රියකරනු ලබයි. එසේම රටඉඳී යොදා සකස් කළ පාන වර්ගද විශේෂයෙන් මුස්ලිම් භක්තිකයන් රාමසාන් උපවාස කාලයේදී බොහෝ සෙයින් භාවිතයට ගනු ලබයි. තවද විවිධ උත්සව, ප්‍රිය සම්භාෂණ ආදියේදී නැතිවම බැරි මැලේ අච්චාරු සෑදීමේදී රටඉඳී අත්‍යාවශ්‍යම ද්‍රව්‍යයකි.

රටඉඳීවල ඖෂධීය වටිනාකම

රටඉඳී ඖෂධීය වශයෙන් ඉතා අගනා ගුණදෙන ද්‍රව්‍යයක් වන අතර විශේෂයෙන් ශරීරයට අවශ්‍ය ශක්තිය ලබා දෙන ඖෂධ යෝග සඳහා ගනු ලබයි. ශරීරයට අවශ්‍ය රසායන සහ වාජීකරණ ගුණ ලබා දෙන ඖෂධ රාශියක් රටඉඳී අඩංගුව සකස් කරනු ලබයි.

අශ්වගන්ධ රසායනය, අශ්වගන්ධා රිෂ්ඨය, ඛර්ජුරාසවය, ඛර්ජුරාදී චූර්ණය, ඛර්ජුරාදී ලේහය ආදිය රටඉඳී අඩංගු ප්‍රධාන ඖෂධ යෝග පවතී.

ලිංගික බෙලහීනතාවලදී රටඉඳී මදුලක ඇටය ඉවත් කර ගිතෙල් පුරවා මී පැණිවල බහා තබා දිනකට එක බැගින් කෑම ඉතා ගුණදායකය. රටඉඳී කිතුල්හකුරු, මුද්දරප්පලම්, කෝලිකුට්ටු යෝගය ද ලිංගික දුබලතා සැනෙකින් නසයි. මේ ආදී වූ ඖෂධ යෝග රාශියක් රටඉඳී අඩංගුව යොදනු ලබන අතර එමඟින් ශාරීරික දුබලතා නසා ශරීරයේ ශක්තිය ඇති කරන අතර ලිංගික දුබලතා ද නසා තරුණ බව රැකදෙයි. මෙනිසා මෙවන් අගනා ගුණදායක ඖෂධාහාරයක් වන රටඉඳී නිසි ලෙස ගැනීමෙන් ශාරීරික නිරෝගී බව රැක ගැනීමට හැකිවනවා ඇත.

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ

කථිකාචාර්ය වෛද්‍ය

මධුර පරණවිතාන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.