2021 නව වසරේ පලාපල

ජනවාරි 1, 2021

මේෂ

උරුම හිමිකම් ලැබේ

නව වසර ආරම්භයේදී ලග්නාධිපති කුජ ලග්නයේ ස්වක්ෂේත්‍ර බලයෙන් ඇත. රුචක යෝගය ද උදාව පවතී. චිත්ත ධෛර්යයෙන් යුක්ත වන අතර උත්සාහයෙන් දියුණුව ඇතිකර ගත හැකිය.

ලග්නයේ ස්වක්ෂේත්‍ර බලයෙන් සිටින කුජ වක්‍ර වීමකින් තොරව දෙසැම්බර් දක්වා මේෂ, වෘෂභ ,මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, රාශිවල ගමන් කරයි. චන්ද්‍රයා වසර ආරම්භයේදී හතරේ ස්වක්ෂේත්‍රව ඇත. රවි, බුධ, ශනිද බලවත්ව ඇත. තම උත්සාහයෙන් දියුණුව යෙදේ. ක්‍රියාශීලි ගතිය ඇතිවේ. උපතින්ද චන්ද්‍රයා දහයේ නම් සෙනසුරු කුජ රාහු දශා අතුරු දශා පවතීනම් අනතුරු පීඩාවලින් ආරක්ෂා විය යුතුය. ඉක්මන්කම නිසා දේපළ පිළිබඳ ආරවුල් ගැටලු ඇති විය හැක. ඉගෙනීමේ යෙදෙන අයගේ අධ්‍යාපන ශාස්ත්‍රීය කටයුතු දියුණුවේ. ගෙදර දොර දියුණුව මෙන්ම පවුලේ යහපත ද සිදුවේ. සැප්තැම්බර් 6 සිට ඔක්තෝබර් 22 අතර කාලයේ සතුරු කරදරවලින් ආරක්ෂා විය යුතුය. ඉගෙන ගන්නා අයට බාධක යෙදේ.අස්ථාන චෝදනා එල්ල විය හැකිය. ඔක්. 23 සිට දෙසැම්බර් 05 දක්වා අතර කාලයේ නුසුදුසු අය ආශ්‍රය කිරීම නිසා නොමග යාමට ඉඩ තිබේ. කල්පනාකාරීව කටයුතු කළ යුතුය. තනි කැමැත්තෙන් විවාහය යෙදීමට ද ඉඩ තිබේ. ආශ්‍රය කරන්නන්ගෙන් ප්‍රවේශම් විය යුතුය. 2021 ජනවාරි 15 අතර කාලයේ අනතුරු පීඩාවලින් ආරක්ෂා විය යුතුය. ස්ත්‍රී පක්ෂයට මෙම අසුබ වඩා බලපවත්වයි. කාම අපරාධවලින් පීඩා ඇතිවීමට ඉඩ තිබේ. සිකුරු දශා ගත කරන අයට ආර්ථික දුෂ්කරතා ඇතිවේ. බුධ දශා ගත කරන අයට සමපල දායක වේ. රවි දශා ගත කරන ඉගෙන ගන්නා අයට ඉතා යහපත්ය. ශිෂ්‍යත්ව ලැබීම්වලට ද ඉඩ තිබේ. රැකියා තනතුරු ලැබීමේ භාග්‍ය උදාවේ. තරග විභාගවලින් සමත් වේ . පෙර පින්බලය මතුවේ. සෙනසුරු දශා ගත කරන අය දේශපාලනට යොමු විය හැක. රාහු දශා ඇති අයට ගමන් බිමන් යෙදේ. යුග දිවියේ සමඟියට බාධා වේ. ඇස්වල උගුරේ උෂ්ණ රෝග පීඩා ඇති විය හැක. කේතු දශා ගත කරන අයගේ ශරීර සනීපයට බාධා වේ.

 

ජය අංක – 6,8,9 ජය දින – අඟහරුවාදා, සෙනසුරාදා, සිකුරාදා ජය වර්ණය – නිල්

ජය මාස – ජනවාරි, පෙබරවාරි අය 12 වැය 14

 

වෘෂභ

ධන ලාභ

ලග්නාධිපති සිකුරු වසර ආරම්භයේදී ධනු රාශියේ සිට වසර අවසන් වන දෙසැම්බර් 30 වන විට ද ධනු රාශියේ සිටියි . යෝගකාරක සෙනසුරු බුධ ගුරු සමඟ භාග්‍යස්ථානයේ ගමන් කරයි. රාහු ලග්නයේ සඳු තුනේ රවි අටේ කුජ දොළහේ ද ගමන් කරයි. රහස් සතුරු කරදර ඇතිවේ. ජනවාරි 28 න් පසු ධනය ලැබීම් අතින් යහපත් වන අතර විදේශ ගතවීම් යෙදීමත් කලා අංශයෙන් ප්‍රගුණ කිරීමටත් අවස්ථාව උදාවේ. වෙළඳ කටයුතුවලට සුබයි. ජීවිතයේ දියුණුවක් උදාකරගත හැක. අපේ‍්‍රල් 10 සිට මැයි 4 දක්වා කාලයේදී සිකුරු දශා ගත කරන අයට අසාධාරණ කටයුතු ක්‍රියාකාරකම් වලට යොමුවීම හේතුවෙන් ආත්ම ගෞරවයට හානි මෙන්ම මිල මුදල් හානිද ඇතිවිය හැක. නඩුහබවලට පැටලීම්වලටද ඉඩ තිබේ. විදේශ ගමන් යෙදුනද, පල ප්‍රයෝජන අඩු විය හැක. බුධ දශා ගත කරන ඉගෙන ගන්නා අයගේ ඉගෙනීම දියුණු වේ. රැකියා ආදි කටයුතු දියුණුවේ. ප්‍රසිද්ධිය ලැබිය හැක. සෙම් දෝෂ පීඩා ඇතිවේ. රවි දශා ගත කරන අයගේ දියුණුවට බාධා ඇතිවේ. ජනවාරි 13 න් පසු සුබදායක වේ. විදේශ ගමන් වන්දනා ගමන් යෙදේ. ප්‍රසිද්ධිය සමාජ ගෞරවය ඇතිවේ. රාජ්‍ය අංශයෙන් උදව් උපකාර ලැබිය හැක. දේශපාලන අංශවලට යොමු විය හැක. ගුරු දශා ගත කරන අයට ද සුබදායක වේ. නීච භංග රාජ යෝග යෙදී තිබේ. සෙනසුරු දශා ගත කරන අයට ද සුබදායක වන අතර තම උත්සාහයෙන් සිතා බලා කටයුතු කර දියුණුව ඇති කර ගත හැක. සමාජ සේවා කටයුතු වලින්ද දියුණුව ඇති කරගත හැක. ධනය අතින් ද දියුණුව යෙදේ.ආගමික අංශයට ද යොමුවේ.රාහු දශා ගත කරන අයට ලැබීම් අතින් යහපත් වන අතර හිසේ සෙම් රෝග පීඩා ඇතිවිය හැකිය. සර්ප බිය ද ඇතිවේ. කේතු දශා ගත කරන අයට ගුප්ත අංශවලින් දියුණුව ඇති කරයි. ලේ විෂ වීම චර්ම රෝග ඇතිවීමට ද ඉඩ තිබේ.

ජය අංකය – 5,6,8 ජය වර්ණ – කොළ , සුදු ජය දින – බදාදා, සිකුරාදා ජය මාස – පෙබරවාරි, මාර්තු

අය 6 - වැය 8

 

 

මිථුන

විදේශ ගමන්

ලග්නාධිපති බුධ වසර ආරම්භයේදී අටේ ගුරු ශනි සමඟ ගමන් කරන අතර සඳු දෙකේ සිකුරු කේතු හයේ රවි හතේ කුජ එකොළහේ රාහු දොළහේ ගමන් කරයි. ධනය සම්බන්ධ වැඩි අවධානය යොමු වේ.ආගමික අංශයට වෙනදාට වඩා යොමුවේ. දෙලොවම ගැන සිතා කටයුතු කරන අතර උරුම හිමිකම් ලැබීමට ද බලය තිබේ. දුරබැහැර ගමන් විදේශ ගමන් අධ්‍යාපනය, සම්බන්ධ ගමන් බිමන් යෙදේ. බුධ දශා ගත කරන අයගේ ඉගෙනීම, අධ්‍යාපනය දියුණුවේ. අවිවාහක අයට මංගල යෝග උදාවේ. රවි දශා ගත කරන අයට අපේ‍්‍රල් මැද සිට මැයි මැද දක්වා කාලය තුළ බලවත් තත්වයට පත් විය හැක. දක්ෂතා හා හැකියාවන් නිසා සමාජ තත්ත්වයන් හිමිකරගත හැක. රජයේ උසස් අයගේ අනුග්‍රහය ලැබිය හැක. සිකුරු දශා ලබා තිබෙන අයට ඉගෙනීමට බාධා ඇතිවේ. ගුප්ත අංශවලට සිත ඇදී යයි. ආත්ම ගෞරවයට හානි ඇතිවිය හැක. මාර්තු 17 සිට අපේ‍්‍රල් 10 අතර කාලයේ රැකියා නිලතල ලැබීමට බලය තිබේ. පේ‍්‍රම සම්බන්ධ ඇතිවේ. ඉතිරි කරගැනීමට උනන්දුව අඩුවේ. අපේ‍්‍රල් සිට මැයි 4 අතර කාලයේ වැඩියෙන් පල ප්‍රයෝජන ලබාගැනීමට හැකියාව පවතී. ඕනෑවට වඩා බලාපොරොත්තු ඇතිකර ගැනීමෙන් හිතට අසහනය ඇතිවේ. මැයි 4 සිට 29 දක්වා කාලයේ ඇස්වල අමාරු ඇතිවිය හැක. දුර බැහැර ගමන් බිමන් යෙදේ. කුජ දශා ගත කරන ස්ත්‍රී පක්ෂයේ අයට ගර්භාෂගත උදරගත රෝග ඇතිවිය හැක. ප්‍රවේශම් රහිත වැඩවලින් අනතුරු පීඩා ඇතිවීමට ඉඩ තිබේ. ගුරු දශාගත කරන අයට ද ශරීර සෞඛ්‍ය අහිතකර වේ. ශරීර අභ්‍යන්තර වකුගඩු මුත්‍රා ආශි‍්‍රත රෝග පීඩා ඇතිවිය හැක. රැකියා කටයුතු වලට ද බාධාවේ. ශනි දශා ගත කරන අයට ධන ලැබීම් ද ඇතිවේ.රාහු දශා ගත කරන අයටත් ස්ථාන මාරු, පදිංචිය වෙනස්වීම් සහ ගමන් බිමන් ඇතිවේ. සෙම් දෝෂ ඇතිවේ. කේතු දශා ගත කරන අයගේ ශරීර සෞඛ්‍ය දුර්වල වේ.

ජය අංක – 3,5,14, ජය වර්ණ – කොළ, කහ, ජය දින – බදාදා, බ්‍රහස්පතින්දා,

ජය මාස – මාර්තු, අපේ‍්‍රල්, අය 10 වැය 6

 

 

කටක

උසස් වීම්

නව වසර ආරම්භයේදී ලග්නාධිපති සඳු ලග්නයේ ස්වක්ෂේත්‍ර බලයෙන් සිටින අතර කේතු සිකුරු පහේද රවි හයේ බුධ, ගුරු, ශනි හත් වැන්නේ කුජ දහයේ ස්වක්ෂේත්‍ර බලයෙන් ද රාහු අයස්ථානයේද ඇත. නව වසර සුබදායක වේ. ලෙඩ රෝග වලට මෙන්ම හැම දේකටම ඔරොත්තු දෙන ශක්තියෙන් යුක්ත වේ. දේපළ ලැබීම මෙන්ම දියුණවද ඇතිවේ. සතුරු කරදර මර්දනය වේ. බුධ දශා ගත කරන අයට තත්ත්වය උසස් කරගත හැකිය. සිකුරු දශා ගත කරන අයට ජනවාරි අගදී ශරීර සනීපයට බාධාවේ. කරන කටයුතුවල ප්‍රතිඵල මෙන්ම සතුට සහනයද අඩුවේ. සත්ව පාලන රැකියා කටයුතුවල නිරත අයට ලාභ ප්‍රයෝජන අත්වේ.කුජ දශා ගතකරන අයගේ රැකියා අංශවල විශේෂ දියුණුවක් ඇති කරයි. ව්‍යාපාර කටයුතුවලටද ඉතා යහපත් වේ. ඉඩකඩම් දේපළ ලාබද ඇතිවේ. ඉවසීමෙන් කටයුතු කිරීමට පෙළඹීමෙන් ඉතා උසස් ලෙස දියුණු තත්ත්වට පත්වීමේ බලය පවතී. ඉඩකඩම් දේපළ මෙන්ම පොළොවෙන් ලබන මැණික් වැනි දේවල් ලැබීමට ද බලය පවතී. ගුරු දශා ගත කරන අයට උදරගත රෝග පීඩා මුත්‍රා ආශි‍්‍රත රෝග යෙදිය හැක. සෙනසුරු දශා ගත කරන අයට ද දියුණුවක් ඇතිවේ. භූමි ලාබ ද හිමිවේ. හවුල් ව්‍යාපාරවලින් ලාබ ලැබිය හැක. රාහු දශා ගත කරන අයට ද ධන ලාභ ගෙන දෙයි. ඉගෙනීම් පුහුණුවීම් වැනි කටයුතුවලටත් සුබදායක වේ. කේතු දශා ගත කරන අයගේ දියුණුව තරමක් ප්‍රමාද වේ. ඉගෙනීම් කටයුතු සාර්ථක වේ. ලේ දෝෂ රෝග ඇති විය හැක. ගුප්ත අංශවලට කැමති වේ.

ජය අංකය – 2,7,9, ජය වර්ණ – සුදු, කහ, ජය දින – අඟහරුවාදා, සිකුරාදා, ජය මාස –අපේ‍්‍රල්, මැයි, අය 6 - වැය 3

 

 

සිංහ

රැකියා ලාබ

වර්ෂය ආරම්භයේදී ලග්නාධිපති රවි පහේ ත්‍රිකෝණ ගතව සිටින අතර පහ අධිපති ගුරු හයේ බුධ ශනි සමඟ ගමන් කරයි. කේතු සිකුරු හතරේ කුජ නවයේ,රාහු දහයේ සඳු දොළහේ ද ඇත. රවි දශා ගත කරන අයට රාජ්‍ය අංශයේ රැකියා ලැබීමට ඉඩ තිබෙන අතර ගුරු හයේ නිසා සුබපල තරමක් අඩුවේ. බාධක මධ්‍යයේ ඉගෙනීම් සාර්ථක කරගත හැක. බුධ දශාගත කරන අයට සතුරු කරදර ඇතිවිය හැක. අනවශ්‍ය අය ආශ්‍රය කිරීමෙන් වැළකිය යුතුය. අපේ‍්‍රල් 16 සිට තත්ත්වය යහපත් වේ. ඉගෙන ගන්නා අයගේ ඉගෙනීම් කටයුතුවලට ද සුබදායක වේ. ඥාතීන්ගෙන් සහයෝගය ලැබේ. සිකුරු දශා ගත කරන කලාත්මක අංශවල කටයුතු කරන අයට සුබදායක වේ. රැකියා අංශද දියුණූුවේ. විනෝද ගමන් වන්දනා ගමන් යෙදේ. කුජ දශා ගතකරන අයට ද සුබදායක වේ. වෙළෙඳ ආයතනයට වගකිව යුතු නිලතල හිමිවීමට ද ඉඩ තිබේ. ගේ දොර ඉඩ ලැබීම්වලට ද වාසනාව පවතී. ගුරු දශා ගත කරන අයගේ ශරීර සනීපයට බාධා ඇතිවේ. දියුණුව ඇති වුවත් ආලෝකය බැබලීම අඩුවේ. ශනි දශාගත කරන අයට ද තරමක් අසුබ වේ. බාධක මධ්‍යයේ දියුණුව ඇතිවේ. ශරීර සෞභාග්‍ය ගැන අවධානය යොමු කළ යුතුය. සඳු දශා ගත කරන අයට දුර බැහර ගමන් බිමන් ඇතිවේ. රාහු දශා ගත කරන අයගේ රැකියා කටයුතු වලට බාධා ඇති කරයි. ස්ථාන මාරු ඇතිවේ. රැකියා දේශපාල අංශ වලට ද, යොමු වේ.ගමන් බිමන් යෙදේ. සෙම් දෝෂ දණහිස්වල අමාරු ඇතිවිය හැකිය. කේතු දශා ගත කරන අයට හිතූ දේ සාර්ථක කර ගැනීමට හැකිවේ. සහජ දක්ෂතා ඇතිවේ. රහස් සතුරු කරදර ඇතිවිය හැක. තුවාල පීඩා ද යෙදිය හැක.

ජය අංක – 1,4,5, ජය වර්ණ –රතු, ජය දින – බ්‍රහස්පතින්දා,

ජය මාස – මැයි, ජුනි, අය 9 වැය -14

 

කන්‍යා

නානා ලැබීම්

 

වසර ආරම්භයේදී ලග්නාධිපති බුධ, ගුරු,ශනි සමඟ පස්වැන්නේ ත්‍රිකෝණගතව අත. සිකුරු කේතු තුනේ රවි හතරේ කුජ අට් රාහු නවයේ සඳු අයස්ථානයේද ඇත. රැකියා ඇතුළු නානා ලැබීම්වලට බලය පවතී. ඉගෙනීමේ යෙදී සිටින දරුවන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේද අධ්‍යාපන ශාස්ත්‍රීය අංශ දියුණුවේ. කලා නිර්මාණ අංශවල නියුතු අයගේ එම අංශද දියුණුවේ. අලුත් ක්‍රමයේ වැඩ වලින් ප්‍රසිද්ධිය ඇතිවේ. රැකියා අංශද දියුණු වේ. උරුම හිමිකම් ලැබේ. මාර්තු 11 සිට අපේ‍්‍රල් 1 අතර කාලයේ සතුරු කරදරවලින් ආරක්ෂා විය යුතුය. නහරගත රෝග පීඩා ඇති විය හැක. මානසික අසහනය යෙදිය හැක. රැකියා අංශ වලට බාධා කරදර ඇති කරයි. හවුලේ කරන කටයුතුවලින් පාඩු ඇති විය හැක. මැයි සිට ජූලි දක්වා කාලයේ සුබඵල උදාවේ. බාධක අපල ගෙවී රැකියා අශවල දියුණුව ඇතිවේ. යහපත් ගමන් බිමන් ඇතිවේ. විදේශ ගතවීම් හෝ විදේශ රැකියා ලැබීමටද ඉඩ තිබේ. ඉගෙනීමේ දියුණුව ඇති කරයි. ලේඛන කලාවේ නියුතු අයට යහපත් කාලයකි. කලාකරුවන්ගේ කලා දක්ෂතා මතුවේ. ප්‍රසිද්ධිය ඇතිවේ. රැකියා සම්බන්ධ ස්ථාන මාරු පදිංචිය වෙනස්වීම් යෙදීමටද ඉඩ තිබේ. ආගමික සහ සමාජ සේවා කටයුතුවලට ද යොමුවේ. සිකුරු දශා ගත කරන අයගේ ගෙදර දොර දියුණුව ඇති කරයි. උරුම හිමිකම් ලැබේ. මුදල් යොදවා කරන කටයුතු දියුණු වේ. කුජ දශා ගත කරන අය අනතුරු පීඩාවලින් ආරක්ෂා විය යුතුය. හවුලේ සමඟියට බාධා වේ. මානසික අසහන ඇතිවිය හැක. ලේ දෝෂයෙන් උෂ්ණ රෝග පීඩා ඇතිවිය හැක. ගුරුදශා ලබා තිබෙන අය ඉවසිල්ලෙන් කටයුතු කළ යුතුය. නැතිනම් දියුණුවට බාධාවේ.සෙනසුරු දශා ගත කරන අයගේ ඉගෙනීමට බාධාවේ. සඳු දශා ගත කරන අයට ධන ලාභ ලැබේ. රාහු දශා තිබෙන අයට ගමන් බිමන් විදේශ ගමන් යෙදේ. ප්‍රසිද්ධිය ලැබේ යුගදිවියේ ප්‍රශ්න යෙදේ. කේතු දශා ඇති අයට රහස් සතුරු, කරදර ඇතිවේ. ගුප්ත අංශවලින් පල ලැබේ.

ජය අංකය – 2,5,7, ජය වර්ණ – සුදු, කහ, ජය දින – බදාදා, සිකුරාදා, ජය මාස – ජුනි, ජූලි, අය 12 -වැය 6

 

 

තුලා

විදේශ සම්බන්ධතා

වසර ආරම්භයේදී ලග්නාධිපති සිකුරු කේතු සමග දෙවැන්නේද. රවි තුනේ බුධ ගුරු ශනි හතරේ කුජ හතේ රාහු අටේ සඳු දහයේදී යෙදී ඇත. සිකුරු දශා ගත කරන අයට මුදල් යොදවා කරන කටයුතු දියුණුවේ. ධනය ලැබීමද ඇතිවේ. ගමන් බිමන්වලින් සාර්ථක ප්‍රතිඵල ලැබේ. කලා අංශවල නිරත අය ප්‍රසිද්ධිය පත්වේ. කන්වල රෝග පීඩා ඇතිවීමටද ඉඩ තිබේ. සැප පහසුකම් ලැබේ. මැයි 22 සිට ජුනි 29 අතර කාලයේදී විදේශ ගතවීම්වලට විදේශ කටයුතු වලට සම්බන්ධ වීමට ඉඩ තිබේ. වන්දනා ගමන් යෙදේ. ඊර්ෂ්‍යා කාරයන්ගෙන් රැකියාවලට බාධා ඇතිවීමටද ඉඩ තිබේ. ස්ථාන මාරු යෙදේ. ගුප්ත කටයුතු වලටද සිත යොමුවේ. සෙම් දෝෂ පීඩා ඇතිවේ. කුජ දශා ගත කරන අයගේ පවුලේ සමඟිය බාධා ඇති කරයි. ධන ලැබීම් මෙන්ම ධන හානිද ඇතිවේ. උෂ්ණ රෝග පීඩා ඇති ගුරු දශා ගත කරන අයට පපුවේ රෝග පීඩා ඇතිවිය හැක. සෙනසුරු දශා ගත කරන අයට සමඵලදායක වේ. ගෙදර දොර දියුණුව ඇති වේ. ආගම දහමට යොමුවේ. බුධ දශා ගත කරන අයට සුබය. කරන කියන කටයුතු රැකියා ව්‍යාපාර ආදිය දියුණුූ කරගත හැක. රාජ්‍ය අංශයේ රැකියා තනතුරු ලැබීමට බලය තිබේ. උපතේදී සිටියේ නම් ස්නායු ගත රෝග පීඩා සහ යුගදිවියේ ප්‍රශ්න ඇති වීමටද ඉඩ තිබේ. මැයි 26 සිට ජූලි 25 අතර කාලය ඉතා යහපත් වේ. රැකියා ව්‍යාපාර කරන කටයුතු දියුණූවේ. ලේඛන කලාව මුදල් විද්‍යා අංශ සම්බන්ධ කටයුතුවලින් දියුණුූව යෙදිය හැක. සඳු දශා ලබා තිබෙන අයටද සුබදායක වේ. කරන කියන කටයුතු දියුණු වේ. විශාල දියුණුවක් ඇති කරයි. ස්ථාන මාරු යෙදිය හැක. රාහු දශායෙදී තිබෙන අයට ලාභ අලාභ දෙකම යෙදේ. තුවාල පිඩා උෂ්ණ රෝග පීඩා ඇතිවේ. කේතු දශා, ගත කර අයට ආර්තික අපහසුතා ඇතිවේ. උගුරේ සෙම් දෝෂ පීඩා ඇතිවේ.

ය අංකය - 1,2,4, ජය වර්ණය– සුදු , රතු , ජය දින – ඉරිදා, සදුදා,

ජය මාස – ජූලි.අගෝස්තු, අය 6 - වැය 8

 

වෘශ්චික

භූමි ලාභ

අභිනව වසර ආරම්භයේදී ලග්නාධිපති කුජ ස්වක්ෂේත්‍ර බලයෙන් හයේදී සිකුරු කේතු ලග්නයේ ද රවි දෙකේ බුධ ගුරු ශනි තුනේ රාහු හතේ සඳු නවයේ ස්වක්ෂේත්‍ර බලයේද සිටී. තමාට ආරක්ෂා සහිතව ප්‍රවේශම් ලෙස වාද විවාදවලින් වැළකී උනන්දුවෙන් උත්සාහයෙන් වැඩ කටයුතු කරන වසරක් ලෙස හැඳින්විය හැක. උපායශීලිව කටයුතු කරති. පෙබරවාරි 28 සිට අපේ‍්‍රල් 14 දක්වා කාලය තරුණ අය විශේෂයෙන් කල්පනාකාරිව කටයුතු කළ යුතු චරිතය කැලැල්වීමට අපහාස ඇති වීමට ඉඩ තිබේ. හිතුවක්කාර ගති ඇති වේ. මුත්‍රා ආශි‍්‍රත රෝග පීඩා යෙදිය හැක. නඩුහබ ඇතිවිය හැකිය. රැකියා අංශ දියුණුවේ. අපේ‍්‍රල් 15 සිට ජුනි 2 අතර කාලයේ අනතුරු පීඩාවලින් ආරක්ෂා විය යුතුය. රහස් කටයුතුවලින් කරදර ඇතිවීම ඉඩ තිබේ. සැප්තැම්බර් 6 සිට ඔක්තෝබර් 22 අතර කාලයේ සුබදායක වේ. පොළොවෙන් ලැබීම්ද ඇතිවිය හැක. ඉඩකඩම් සම්බන්ධ කටයුතුවලින්ද ලාභ ලැබේ. ස්ථාන මාරු පදිංචිය වෙනස්වීම ඇතිවිය හැක. ඔක්තෝබර් 23 සිට දෙසැම්බර් 5 අතර කාලය වියදම් වැඩිවේ. රෝග පීඩා සතුරු කරදර යෙදිය හැක. හිස පාදවලට අනතුරු ඇතිවීම ඉඩ තිබේ. ගුරු දශා ගත කරන අයට තරමක් සිකුරු බලාපොරොත්තු අහිතව රෝග පීඩා කරදර යෙදිය හැක. ධනය ලැබුණත් පල ප්‍රයේජන ලැබීම අසීරු විය හැක. සෙනසුරු දශා ගතකරන අයට සමපල දායක වේ. ගමන් බිමන් විදේශ ගමන් යෙදීමටත් ඉඩ තිබේ. දියුණුව, ප්‍රසිද්ධිය ඇතිවේ. දශා ගත කරන අයගේ ආදායම් මාර්ග දියුණු වේ. වගා කටයුතු උදාවේ. බුධ දශා ලබා තිබෙන ඉගෙන්ගන්නා අයගේ ඉගෙනීම දියුණුවේ. කන්වල රෝග පීඩා ඇති විය හැක. සදු දශා ලබා තිබෙන අයගේ දියුණු වේ. ගමන් බිමන් යෙදේ. ඉගෙනීම දියුණුවේ.

 

ජය අංක – 3,4,9, ජය වර්ණ – කහ, රතු, ජය දින – ඉරිදා, සඳුදා, ජය මාස – අගෝස්තු, සැප්තැම්බර්

 

ධනු

මංගල යෝග

වසර ආරම්භයේදී ලග්නාධිපති ගුරු, බුධ, ශනි සමඟ දෙවැන්නේදී රවි ලග්නයේද රාහු හයේ සඳු අටේ සිකුරු කේතු දොළහේද ඇත. මෙම ග්‍රහ ගමන් අනුව නව වසර නරක නැත. කුජ දශා ගත කරන අය ලබා ගත් දැනුම අවබෝධය තුළින් යහපත් ප්‍රතිඵල සහ දියුණුව අත්වේ. ආදායම් ලැබීම්ද ඇතිවේ. පොළොවෙන් ලැබිම්ද ඇතිවිය හැකිය. ගුරු දශා ගත කරන අයටද සමපලදායක ලෙස තම කටයුතු සිදුවේ. ධනය, බලය ඇතිවේ. ශනි දශා ගත කරන අය ලග්න ඒරාෂ්ටකයේ අවසාන තෙමස පවතී. තම දියුණුව පිළිබද අවධානය යොමුවේ. ධෛර්ය, ශක්තිය ඇතිවේ. ඉතිරිකර ගැනීමට බාධා ඇති වේ. සිකුරු දශා ගත කරන අය ධනය ලැබීම් අතින් යහපත්ය. දේපළ ලැබීමේ භාග්‍යයද පවතී. හිසේ සෙම් දෝෂ පීඩා උදරබාධා ඇතිවිය හැක. බුද දශා ගත කරන අයටද සුබය. ඉගෙන ගන්න අයගේ ඉගෙනීම දියුණුූවේ. රැකියා අංශ දියුණු වේ. මංගල කටයුතු උදාවේ. සඳු දසාව ගත කරන අයට ජලයෙන් අගුණ ඇතිවේ. සෙම් දෝෂ නිතර ඇතිවේ. පුද්ගලික දියුණුව ප්‍රමාදවීමට ඉඩ තිබේ. රවි දශා ලබා තිබෙන අයගේ රැකියා අංශ දියුණු වේ. ඉගෙන ගන්නා අයගේ ඉගෙනීමද දියුණු වේ. ඉගෙනීමෙන් මෙන්ම රැකියාවෙන්ද යම්කිසි තත්වයක් හිමිකර ගැනීමට වාසනාව පවතී. හිසරදය, පීනස වැනි රෝග ඇතිවිය හැක. රාහු දහ ගත කරන අයටද සුබදායක වේ. ඉගෙනීම් කටයුතු වලටද සුබය. සතුරු කරදර ඇති නොවේ. දුරුවේ. සතුරු කරදර යෙදුනත් පාඩු ඇති නොවේ. දුරුවේ යොදාගත් පාඩුවේ. ධනුය බලය ඇතිවේ. සෙම් දෝෂ වීම් ඇතිවිය හැකි. කේතු දශා ගත කරන අයට රහස් සතුරු කරදර ඇති විය හැක. ලේ දෝෂයෙන් රෝග පීඩා යෙදිය හැක.ගුප්ත අංශවලට පි‍්‍රයතාවයක් ඇතිවේ.

ජය අංක – 3,5,6, ජය වර්ණ – කොළ, සුදු, ජය දින – බදාදා, සිකුරාදා, ජය මාස –සැප්තැම්බර්. ඔක්තෝම්බර්, අය 9 වැය 6

 

 

මකර

ඉඩකඩම් වාහන ලාබ

වසර ආරම්භයේදී ලග්නාධිපති සෙනසුරු බුධ .ගුරු සමඟ ලග්නයේ ස්වක්ෂේත්‍ර බලයෙන් ඇත. කුජද හතරේ සිටින අතර රාහු හයේ සඳු හතේ ස්වක්ෂේත්‍ර සිකුරු කේතු එකොළහේ රවි දොළහේද ඇත. සස යෝගය යෙදී තිබේ. ඒරාෂ්ක අපල බලවත් නොවේ. ඔරොත්තු දෙන ශක්තියෙන් යුක්ත වේ. ඉගෙන ගන්නා අයගේ ඉගෙනීමට බාධා නොවේ . ඥාන ශක්තිය ඇතිවේ. දියුණුවත් ඇතිවේ. හිසේ රෝග පීඩා ඇති විය හැක. ගුරු බුධ ශනි තිදෙනාම ලග්නයේ නිසා යහපත් කටයුතු කරමින් දියුණුව උදාකරගත හැක. කුජ දශා ගත කරන අයටද යහපත් කාලයක් වේ. දේපළ ඉඩකඩම් යානවාහන ලැබීමටද ඉඩ තිබේ. අන්‍යයන්ගෙන් ලැබෙන ලාබ ද ඇතිවේ. කෝපවන ගතිද ඇතිවේ. රැකියා ව්‍යාපාර දියුණු වේ. උෂ්ණ රෝග පීඩා දණහිසේ රෝග ඇති විය හැක. ජුනි 2 ජූලි 20 අතර කාලයේ පවුලේ සමඟියට බාධා ඇතිවිය හැක. ජූලි 21 සිට සැප්තැම්බර් 6 අතර කාලවලදී හදිසි අනතුරු පීඩා ගැන සැලකිලිමත් විය යුතුය. රාජ්‍ය අංශය සම්බන්ධ වීමට ඉඩ කඩ නඩුහබ ඇති වීමටද ඉඩ තිබේ. දෙසම්බර්වලදි පොළොවෙන් ලැබීම් ඇතිවීමට ද ඉඩ තිබේ. සිකුරු දශා ගත කරන අපේ සමපලදායක වේ. ඉගෙනීම් සාර්ථක වේ. කලා අංශවල දස්කම් මතුවේ. රැකියා ලාබ ඇතිවේ. බුධ දශා ගත කරන අයටද සුබදායක වේ. කලා ශාස්ත්‍රිය අංශවල ඉගෙනීම් කරන අය ගේ කටයුතු දියුණු වේ. ලැබීම්ද ඇතිවේ. සඳු හත ගත කරන අයට සුබය. අවිවාහක අයට යහපත් මංගල කටයුතු ද උදා වේ. රැකියා ව්‍යාපාර හවුල් ව්‍යාපාර කටයුතු දියුණුවේ. රවි දශා ගත කරන අය සුබ අසුබ පල ලබේ. සමාජ යහපත සඳහා ද කටයුතු කරයි. රුධිර පීඩනය වැනි රෝග පීඩා ඇතිවිය හැක. රාහු දශා ලබා තිබෙන අයට ක්‍රමානුකූලව කටයුතු කරගෙන යාමට උනන්දුව උත්සාහය ඇතිවේ. ලැබීම්ද ඇතිවේ. සෙම් දෝෂ ඇති විය හැක. කේතු දශා ඇති දොස් ධනලාභ ඇතිවේ. ලොතරැයි දිනුම් වලට මැණික් ලැබීමටද වාසනාව පවතී.

ජය අංකය – 6.,8,9, ජය වර්ණ – රතු, නිල්, අය 4 වැය 7, ජය දින – අඟහරුවාදා. සිකුරාදා, ජය මාස – ඔක්තෝබර්, නොවැම්බර්

 

 

කුම්භ

කීර්ති ප්‍රශංසා

වසර ආරම්භයේදී ලග්නාධිපති සෙනසුරු බුධ ගුරු සමඟ දොළොස්වැන්නේ, ස්වක්ෂේත්‍රයෙන් සිටින අතර කුජ තුනේ ස්වක්ෂේත්‍රවද රාහු හතරේ සඳු හයේ සිකුරු කේතු දහයේ රවි එකොළහේද ඇත. දියුණුව තරමක් ප්‍රමාද වේ. වියදම් වැඩිවේ. වයසක අයට පාදවල වාත රෝග පීඩා යෙදිය හැක. ගුරු දශා ගත කරන අයට ආර්ථික දියුණුවක් ඇතිවේ. ගුණධර්ම පිරිහීමට ඉඩ තිබේ. කුජ දශා අතුරු දශාගත කරන අයට සුබයි. රැකියා කටයුතු සාර්ථක වේ. කීර්තිය සහ ප්‍රසිද්ධිය ලැබේ. හිසේ උෂ්ණ රෝග පීඩා ඇති විය හැක. සිකුරු දශා අතුරු දශාගත කරන අයටද සුබයි.ආර්ථිකය යහපත් රැකියාද දියුණුු වේ. බුධ දශා අතුරු දශා ලබා තිබෙන අයට බලාපොරොත්තු නොවුන ආකාරයට දියුණුුව ඇතිකරයි. සඳු දශා අතුරු දශා යෙදී තිබෙන අතර දියුණුව තරමක් ප්‍රමාද වේ. බොහෝ අයගේ සිත් දිනාගෙන කටයුතු කළ හැක. ගමන් බිමන් ස්ථාන මාරු යෙදීමට ඉඩ තිබේ. උදරාබාධ සෙම් දෝෂ පීඩා ඇතිවේ. රවි දශා ගතකර අයට රාජ්‍ය අංශයට සම්බන්ධ වීමට ඉඩ කඩ සැලසේ. රජයේ උපකාරද ලබා ගත හැක. අවිවාහක අයට යහපත් මංගල යෝගද උදාවේ. රාහු දශා අතුරු දශා ගත කරන අයට සුබ අඩුවේ. ස්ථානමාරු පදිංචිය වෙනස්වීම් ඇතිවීමට ඉඩ තිබේ. ගේ දොර ඉඩකඩම් පිළිබඳ ප්‍රශ්න ඇතිවීමට ඉඩ කඩ පවතී. දුරදිග නොබැලීමෙන් අපහසුතාවන්ට පත්විය හැක. උෂ්ණ රෝග පීඩා ඇතිවිය හැන. කේතු දශා අතුරු දශා ගත කරන අයට රැකියා පිළිබඳ ප්‍රශ්න ඇති වීමට ඉඩ තිබේ. සතුරු කරදර බලපාන අතර රැකියාවේ දියුණුව අඩුවේ. ගුප්ත අදහස් ඇතිවේ. ලේ දෝෂ රෝග ඇතිවිය හැකි. ශරීර සනීපයට බාධාවේ.

ජය අංක – 2,3,9, ජය වර්ණ – කහ, රතු, සුදු, ජය දින – බ්‍රහස්පතින්දා, සිකුරාදා, අය 4 වැය 7, ජය මාස – නොවැම්බර්. දෙසැම්බර්

 

මීන

ජයග්‍රහණ

වසර ආරම්භයේදී ලග්නාධිපති ගුරු, බුධ, සෙනසුරු සමඟ අයස්ථානයේ නීචව ඇත. කුජ දෙකේ ස්වක්ෂේත්‍ර බලයේ රාහු තුනේ සඳහනේ සිකුරු කේතු නවයේ රවි දහයේ දිග් බලයෙන්ද ගමන් කරයි. මීන ලග්නය යෝග කාරක කුජ ගුරු දෙදෙනාම බලවත්ව ඇත. සුබයකු වන සඳුදා බලයෙන් යුතුව සිටී. ඒ අනුව නව වසර සුබයි. ජයග්‍රහනද අත්පත් කරගත හැක. ආර්ථික දියුණුව ඇතිවේ. පහසුවෙන් ආදායම් ලැබිය හැක. ඉගෙනීමේ යෙදී සිටින අයගේ ඉගෙනීමද දියුණු කරගත හැක. කුජ දශා ගත කරන අයට ඉඩකඩම් ලාබද ලැබිය හැක. යුගදිවියේ මතබේද ඇතිවීමට ඉඩ තිබේ. සිකුරු දශාගත කරන අයට සමඵලදායක වේ. රැකියා ව්‍යාපාර කටයුතුවලට සුබයි.බුධ දශා අතුරු දශා ගත කරන අයගේ වෙළඳ ව්‍යාපාර කටයුතු සාර්ථක වේ. උගත් ධනවත් අයගේ ආශ්‍රය ලැබේ. අවිවාහක අයට ඉතා යහපත් විවාහ මංගල කටයුතු උදාවේ. විවාහයෙන් දියුණුවද ඇතිවේ. සඳු දශා අතුරු දශා ගත කරන අයටද යහපත් මංගල කටයුතු උදාවේ. උරුම හිමිකම් ලැබේ. රවි දශා අතුරු දශා ගත කරන අයට සතුරු කරදර වෙනුවෙන් රැකියාවේ ප්‍රශ්න ඇතිවීමට ඉඩ තිබේ. නැතිනම් ලෙඩ රෝග නිසා රැකියාවට බාධා ඇතිවිය හැක. උෂ්ණ රෝග පීඩා , අමාරු ඇතිවිය හැකිය. සෙනසුරු දශා අතුරු දශා ගත කරන අය මධ්‍යස්ථව කටයුතු කළ හැක ප්‍රමාණවත් ලෙස දියුණුව ඇතිවේ. ලෝබකමද පවතී. රාහු දශා අතුරු දශා ගත කරන අයට ද යහපත් වේ. කීර්තිය ප්‍රසිද්ධිය ඇතිවේ. ශරීර සෞඛ්‍ය යහපත් වන අතර සෙම් රෝ පීඩා ඇතිවේ. කේතු දශා ගත කරන අයටද සුබයි. ගුප්ත අංශ වලට යොමුවේ. ඉගෙන ගන්නා අයගේ ඉගෙනීම දියුණු වේ

 

ජය අංක – 1,3,4, ජය වර්ණ – කහ, රතු, ජය දින – ඉරිදා, බ්‍රහස්පතින්දා, ජය මාස – දෙසැම්බර්, ජනවාරි, අය 9 වැය 6

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.