Add new comment

රුව වඩන විෂබීජනාශක නිරෝගී සුවය ගෙනෙන ප්‍රතිඔක්සිකාරක කහ

නොවැම්බර් 8, 2019

තෙකලත් අමුකහ ගනිමින් කලන් දෙකක් නිබ කොළ යෙ න

තලයෙන් කලදක් සමගව අඩකල දක් සවිදළුනි න

ලවමින් ගල මී පැණියෙන් අඹරා සැම වණ එළු තැ න

එතකින් පිරිසුදු කර රෝපන වේ මය දොස් මුද මි න
 

මදුත් කොසෙඹකොළ වෙනිවැල් වියළි කසා තලද සවි ද

තිවුත් සමඟ ඔසමු සියලුම සුනුකරගෙන මන ලෙස ද

ගලත් ලමින් ගිතෙල යොදා අඹරා සිනිදුව සෙඳ ලෙ ද

වනත් ලේප කළ සුව වෙයි රෝපන වෙමිනුත් විගස ද

 

දේශීය මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී බෙහෙත් වර්ග නිෂ්පාදනයට ගනු ලබන ඖෂධීය කහ ආහාර සඳහාද ගනු ලබන ප්‍රධාන කුළුබඩු වර්ගයකි. රූපලාවන්‍ය කටයුතුවලදී ද යොදා ගනු ලබන කහ ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඇති කරන ඖෂධයක්ද වේ. විශේෂයෙන් අක්මා රෝගීන්ට ද ගුණාත්මක ඖෂධයකි. හරිද්‍රාකහ, කර්පූර් හරිද්‍රාකහ අම්රන්කන්ද කහ සහ හරන් කහ යනුවෙන් සඳහන් කහවලට දෙමළ බසින් මංජල් ලෙසද සංස්කෘතයෙන් රාජනී නිසා රත්තී සංවරී කෘමික්මී හරවිලා සීනි දීර්ඝ රාජා යනුවෙන්ද සඳහන් කොට ඇත. මව්කිරි පිරිසුදු කිරීමේ ගුණයකින් යුත් කහ අක්ෂිරෝගවලට මෙන්ම සම පැහැපත් කිරීමටද ගනු ලබන ප්‍රබල ඖෂධයකි.

දේශීය මෙන්ම ආයුර්වේද බෙහෙත් සඳහා ගනු ලබන කහවල අමුකහ ,වියළි කහ, අල මල් කොළ ද යොදා ගනිති. ප්‍රමේහ කුෂ්ඨ රෝග රක්තරෝග ආදී රෝග සඳහා විශේෂයෙන් උපයෝගී කරගනු ලබන කහ ලේ පිරිසුදු කරයි. තුවාල වලට හා ශරීරයේ ඇතිවන සීරීම් වලට කඩිනම් ගුණයෙක් ලබාදෙයි. කූඩැල්ලන් කෑ තුවාල සඳහාද කහ අල පුළුස්සා පොල්තෙලින් අඹරා ගෑමෙන් වහා සුවයක් ලබා දෙයි. චූර්ණා ලේපන, පත්තු අරිෂ්ඨ, ආසව තෛල සඳහාද ගනු ලබන කහ ප්‍රබල විෂබීජ නාශකයකි. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.