මාර්තු 31 සිකුරු කුම්භයට යද්දී අසිරිමත් රැසක්

මාර්තු 25, 2022

 

මානව හිමිකම් සුරැකීමේ වැඩපිළිවෙළක්

සිනමා නළු නිළියන්ට සුබවාදි කාලයක්

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයක්

දුෂ්කර ප්‍රදේශවලට ජලය සහ විදුලිය ලබාදීමේ දැවැන්ත ව්‍යාපෘතියක්

විශ්ව ජනගහනයේ යුද-ගිනි බිය දැඩිවේ

මාර්තු 31 වෙනි ගුරු දින පෙරවරු 08.40ට ඉරබටුතරුව හෙවත් සිකුරු කුම්භ රාශියට සංක්‍රමණය සිද්ධ වෙන්නේය.

විශ්ව මේෂ රාශියට මෙන්ම ජනරජසිංහ රාශියට ද සමගාමීව විශ්වතාරකා මන්දාකිණිය කාල සර්ප යෝගබලය මෙන්ම කුජ ශනි යෝග බලයෙන්ද බුධ ගුරු සිකුරු යෝග බලයෙන් ද ප්‍රබලව ක්‍රියාත්මක වෙන බවක් විද්‍යමාන වෙයි. කලාකාමි නළු නිළියනට සිනමා අම්බරයෙහි නවනැම්මක් උදා කෙරෙනු පෙනෙයි. දුෂ්කර ප්‍රදේශවලට ජලය සහ විදුලිය ලබාදීමෙහි දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් සමාරම්භ වෙන බවක් ද මේ අතරට දර්ශනය කෙරෙයි. සංචාරක කර්මාන්තයේ දියුණුවක් ද බුධ, ගුරු, ශුක්‍ර අයස්ථානගතවීමෙන් මානව හිමිකම් හිතවාදී ක්ෂේත්‍රයකට පාත්‍රවීමද සියලුම ආකාර අයිතිවාසිකම් සුරැකීමටද වරං ලැබෙයි. විශ්ව රාජ්‍යය යාන්ත්‍රණයන්හි නීති තර කෙරෙමින් ජනතා සුබ සිද්ධියෙහි නවගමන් මඟකට පිවිසීමේ සමාරම්භයක්ද උදා කෙරෙයි.

කාල සර්පයෝගය මෙන්ම කුජ-ශනි යෝගය මෙන්ම විශ්ව ජනතාවටද යුද බිය, ගිනිබිය මෙන්ම බිහිසුණු ජීවන ක්‍රමයකට ද ශෝචනීය බවක් මතුවිය හැකිය. පොදු ජනතාවගේ දෛනික පරිභෝජන රටාව කෙරෙහි දැඩි පීඩාකාරී උණුසුම් බවක් නිවේදනය කෙරෙනු ඇත. පාරිසරික හානිකර වර්ධන වේගයෙහි අසීමිත බවක් පෙනී යනු ඇත. සොබා සෞන්දර්යට මෙන්ම පීඩිත පන්තියෙහි සමස්ත ජනතාව ආකූල ව්‍යාකූල තත්ත්වයකට පාත්‍ර කෙරෙයි.

 

 

මනුෂ්‍යත්වය ඉක්මගිය එකිනෙකා කුලල්කෑමෙහි ප්‍රවජ්ජතාවයක් නිවෘත කෙරෙයි. සාම සාකච්ඡා, සාමකඳවුරු, සාමගිවිසුම් සමාරම්භ වියයුත්තේ උදාරතම මිනිස් සිතෙහිය. මිනිසාම නිපදවූ අවි ආයුධ න්‍යෂ්ඨික බලවේග තුළින් මිනිසා සහ භෞතික සම්පත් ගලවා ගැනීමෙහි මානුෂික චින්තනය ක්‍රියාකාරකම් යුගකාලීනව අවශ්‍යවූවෙකි. යුද බිය, කැරලි කෝලාහල, අර්බුධ ගැටුම් සාපිපාසාව මිනිස් සංහතියෙන් දුරස්ථ වේවා. සිකුරු සංක්‍රමණ මොහොතෙහි නැඟෙනහිර ක්ෂිතිජයෙහි අඟහරු හිමි මේෂ රාශි විශ්ව කේන්දර සටහන උදාවේ. යුරේනස් සමවද උච්ච රාහු 02 වැන්න වූ ධනස්ථානගතවද කේතු 08 වැන්න වූ මෘත්‍යුස්ථානගතව ද 10 වැන්න වූ කර්මස්ථානගතව ප්ලූටෝ සතුරුව අඟහරු උච්චව සෙනසුරු ස්වක්ෂේත්‍රවද බුධ සමව ගුරු සමව නැප්චූන් සමව සිකුරු මිත්‍රව අයස්ථානය වූ 11 වැන්නේ ද රවි මිත්‍රව චන්ද්‍රයා සමව 12 වැන්න වූ වැය ස්ථානගතව ද සෞර ග්‍රහ මණ්ඩලය නිර්මාණයව පැවැතියේ ය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.