අලුත් අවුරුද්ද ඔබේ උපන් නැකැතට කොහොමද?

අප්‍රේල් 8, 2022

 

 

අපේ‍්‍රල් මස 14 වැනි බ්‍රහස්පතින්දා උදේ 08.41ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි. සූර්ය දිව්‍ය රාජයා මීන රාශියෙන් මේෂ රාශියට සම්ප්‍රාප්තිය අනුව නැකැත් විසිහතේ ග්‍රහචාරය ඔබේ ජන්ම නැකැතට බලපාන අයුරු මෙසේ දැනගන්න.

 

අස්විද

අස්විදයෙන් උපන් ඔබට සිංහල අවුරුද්දේ ආරම්භය සුබදායක වෙනු ඇත. සිතූ පැතූ කටයුතු අවසානයක් කරගැනීමට හැකිවීම ඔබට නොසිතූ ලෙස සිදුවෙනු ඇත. වසර මැදදී ඥාතියකුගෙන් විවාහ යෝජනාවක් බලාපොරොත්තු වන්න. දරු සම්පත් ළඟා කරන වසරකි.

බෙරණ

වසර මුලදී මිශ්‍රඵල දෙන වසරකි. වසර මැද මාස කීපය නිතර නිතර ගමන් බිමන් කටයුතුවල යෙදෙන ආකාරයේ වැඩ පිළිවෙලක් සකස් වෙයි. හිසට වදදෙන කරුණකින් නිදහස ලබයි. ශරීරය ගිනියම් කරන රෝග පීඩා ඇතිකරන අතර වැඩි වශයෙන් ජලය පානය කරන්න. ආගමානුකූල කටයුතුවලට නිතර එකතුවන්න.

කැති

කැති නැකත හිමි ඔබගේ හිසේ පීඩා ගෙන දෙන කාලයකි. නමුත් වසර මැද වනවිටදී රෝග තත්ත්වයේ සුවයක් දැනගන්නට ලැබෙයි. ජුනි මාසය තුළදී ඔබගේ ප්‍රමාද වූ විවාහ කටයුතු එකලාසයක් වෙයි. වසර අවසානයේ දරුවකුට විශේෂ ලාබ ගෙන දෙනු ඇත.

රෙහෙන

මංගල්‍ය කටයුතුවලට අතගසමින් ආරම්භ වන වසරකි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට යහපත් ක්‍රමවේද සැලසෙන කාලයකි. වසර මැදදී සිදුවන ව්‍යාපාර කටයුත්තක් හේතුවෙන් තමාට පාඩුවක් බලාපොරොත්තු වන්න. ඉවසිලිමත්ව කටයුතු කිරීමට හැකිනම් වඩාත් සුබ ප්‍රතිඵල ගෙන දෙන වසරකි.

මුවසිරස

වසර ආරම්භය පී‍්‍රතිමත් වනු ඇත. ශරීර උෂ්ණාධික බව හේතුවෙන් යම් යම් පීඩා ගෙන දෙන අතර ඉක්මන් ප්‍රතිකාරවලට යොමුවීම වඩාත් සුබදායක වෙයි. වසර මැදදී විදෙස් ගත යොමුවීමකට හේතු ගෙන දෙයි. කුඩා දරුවන්ගේ කටයුතු වෙනුවෙන් නොසිතූ වියදම් අධික වීමක් දැරීමට සිදුවේ. අනවශ්‍ය ගමන් බිමන් නතර කරන කාලයකි.

අද

රාහුගේ නැකැතක් හිමි ඔබට මෙම වසර අධ්‍යාපන කටයුතුවලට යහපත ගෙන දෙයි. දෙමව්පියන්ගේ කටයුතු වලට මෙන්ම ඥාතින්ගේ කටයුතු උදෙසා වැඩි මැදිහත්වීමකින් තමාට ක්‍රියා කිරීමට සිදු වෙනු ඇත. වසර අවසානයේ රැකියාවේ ප්‍රගතියක් බලාපොරොත්තුවන්න.

පුනාවස

මිශ්‍රඵල උදාකරදෙමින් ආරම්භ වන වසරකි. නොසිතූ අයුරින් ව්‍යාපාර බිඳවැටීමක් සිදුවෙනු ඇත. හවුල් ගිවිසුම්වලට අත නොගසන්න. පෙම්වතුන් අතර මතභේද දුරු කරයි. හදිසි විවාහයකට එක්වෙයි. කපටි කටයුතු හේතුවෙන් තමාම රැවටීම්වලට හසුවන ලකුණු පෙන්වයි. පත පොත කටයුතු වලට එතරම් කැමැත්තක් නැති වසරකි.

පුෂ

උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදෙස් ගත වෙයි. තමා හා පවුලේ අය අතර බැඳීම් අඩුවන වසරකි. රාත්‍රී කාලයේ ගමන් බිමන්වලට එක්වීම නුවණට හුරු නැත. වසර මැදදී සිදුවන ශල්‍යකර්මයකට මුහුණ පායි. වසර අවසානය තමාට මුදල් ගනුදෙනුවකින් පාඩුවක් සිදුවෙයි.

අස්ලිස

වසර ආරම්භයේදී ප්‍රභූවරුන්ගේ උපකාර ලැබෙනු ඇත. තමාගේ තත්ත්වය අනුව කටයුතු කරගෙන යාමට අවස්ථාවක් උදාවෙයි. අතපය ආබාධ, හිරිවැටීම් තැලීම් සිදුවන කාලයකි. කාර්මික කටයුතුවලදී තමාගේ ආරක්ෂාව පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න. හිසේ තුවාල හිසකෙස් රෝග වැඩිවන කාලයකි.

මා

කේතුට හිමි නැකැතක් වන මා නැකැත හිමි ඔබට ආහාරපාන නිසා රෝග ගෙනදෙනු ඇත. පොතපත කටයුතු කෙරෙහි වැඩි උනන්දුවක් දක්වයි. වසර මැදදී අලස කම්මැලි ගතිය වැඩිවන හේතු යෙදේ. උනන්දුවේ තරමට ලාබය අඩුවෙයි. මුදල් සම්බන්ධ කටයුතුවලින් තමාට පාඩු ගෙන දෙන කාලයකි. මිතුරන් සමඟ අතේ දුරින් ඇසුර තමාට ගුණදෙනු ඇත.

පුවපල්

සිකුරුගේ නැකැතකින් උපන් ඔබට විශේෂ සහන ගෙනදෙන වසරකි. අවුරුද්ද ආරම්භයේ කටයුතු වල ප්‍රමාදයක් තිබුණත් වසර අවසානයේදී අවසානයක් දක්වා ක්‍රියාකිරීමට හැකියාව ලැබෙයි. ඥාතින්ගේ නීති කටයුතුවලට තමාට මැදිහත්වීමට සිදුවෙයි. තුනටියේ ආබාධයක් හේතුවෙන් එදිනෙදා කටයුතුවලට පාඩු සිදුවෙනු ඇත.

උත්‍රපල්

රවිට හිමි උත්‍රපල් නැකැත හිමි ඔබට අලුත් අවුරුද්ද සහන ගෙන දෙන කාලයකි. උසස් ප්‍රභූවරුන්ගේ උපකාර ලැබෙයි. රැකියාවේ උසස් තත්ත්වයක් ඇති කරයි. අවුරුද්ද අවසානය වන විට පදිංචි ස්ථානයේ දියුණුවත් ඇති කරගනී. අලුත් සාමාජිකයන් පවුලට එක්වන වසරකි.

හත

හත නැකැතින් උපන් ඔබට අලුත් අවුරුද්ද විශේෂ සැලසුම් කීපයක් ක්‍රියාත්මක කිරීමට සිතයි. නව සාමාජික සාමාජිකාවන් පිරිසක් සමඟ රැකියාවේ කටයුතු කිරීමට සිදුවෙනු ඇත. වසර මැදදී සිදුවන පෙම් සබඳතා විවාහයකින් නිමා වෙන ලකුණු සතුටට හේතුවෙයි. කුඩා දරුවන්ගේ කටයුතු සාර්ථක වන කාලයකි. වැඩිහිටියන්ට රෝග පීඩාවන්ගෙන් සහනය ගෙන දෙයි.

සිත

අඟහරුට හිමි නැකැතකින් උපන් ඔබට අලුත් අවුරුද්ද වැඩි ලාබ ගෙන දෙන ඇත. කටයුතුවල ප්‍රමාදතා පෙන්නුම් කළත් ඉවසීමෙන් ක්‍රියා කිරීමෙන් ලාබ ලැබෙයි. ගැහැනු දරුවන් පිළිබඳව සතුටුදායක පුවත් අසන්නට ලැබෙන කාලයකි. වසර අවසානය හදිසි භූමිලාබයකට හේතු පෙන්නුම් කරයි.

සා

රාහුට හිමි නැකැතකින් උපන් ඔබට තරමක පීඩා ගෙන දෙන වසරකි. කල්පනාකාරීව කටයුතු කිරීම සුබ වෙයි. දරුවන්ගේ කටයුතුවලට වැඩි කාලයක් මුදලක් යෙදවීම සිදුවෙයි. වසර අවසානයට පෙර තමාගේ සෞඛ්‍ය පිළිබඳව පරික්ෂාවක් සිදුකරගන්න. ඥාතීන්ගෙන් වැඩි උපකාර ලැබෙන කාලයකි.

විසා

අලස කම්මැලි ගති වැඩිපුර ඇතිවන වසරකි. අධ්‍යාපන කටයුතුවලට එතරම් දක්ෂතාවයක් පෙන්නුම් නොකරයි. නිකරුණේ ගමන් බිමන් යාම නිසා අනවශ්‍ය කරදරවලට පැටලෙයි. වසර අවසානයේදි අධ්‍යාපන කටයුතු ජයග්‍රහණයක් අත් කර ගනී.

අනුර

ශනිට හිමි අනුර නැකැත හිමි ඔබට මෙම වසර ස්වයං රැකියා ලාබ ගෙන දෙනු ඇත. මිල මුදල් කටයුතුවලට හවුලේ අත ගසන්නට එපා. දරුවකුගේ ජයග්‍රහණයක් පිළිබඳව සතුටුදායක පුවතක් අසන්නට ලැබෙයි. තමා ගන්නා ප්‍රතිකාර ක්‍රම හේතුවෙන් රෝග පීඩා පහවෙන ලකුණු ඇත. නිවසට පැමිණෙන අමුත්තකු නිසා විශේෂ වාසියක් අත්වේ.

දෙට

මිශ්‍රඵල ගෙන දෙන වසරකි. අධ්‍යාපන කටයුතු සඳහා වැඩි කාලයක් යොදවයි. නිවසේ කටයුතු සඳහා වෙනදාට වඩා ප්‍රගතියක් ඇතිවන කාලයකි. ණය ගනුදෙනු සඳහා පැටලෙන්නට එපා. වසර අවසානය දරවකුගේ ප්‍රගතියක් පෙන්නුම් කරයි.

මුල

වසර ආරම්භ වන්නේ හවුල් කටයුතු කීපයකට අත ගසමිනි. බාල සහෝදරයන්ගෙන් විශේෂ උපකාරයක් හිමිවෙයි. වසර මැද දී සිදුවන රැකියාවේ වෙනසක් හේතුවෙන් විදෙස් ගත ඇරයුමකට හිමිකම් කියයි. වසර අවසානයට පෙර මුදල් ගනුදෙනුවකින් නිදහස ලැබෙයි. දරුවන්ගේ කටයුතු හේතුවෙන් සිතට අසහනයක් ඇතිවේ.

පුවසල

සිකුරුට හිමි නැකැතකින් උපන් ඔබට අලුත් අවුරුද්ද මිශ්‍රඵල උදාකරමින් ගතවෙයි. ශරීර උෂ්ණත්වය වැඩිවීම හේතුවෙන් රෝග ඇති කරයි. උෂ්ණත්වය වැඩිවීම හේතුවෙන් රෝග ඇතිකරයි. තමා ගන්නා ආහාරපාන රටාව වෙනස් කිරීමට සිදු වෙනු ඇත. මානසික අසහනය වැඩිකරන කරුණු යෙදෙයි. දරුවන් පිළිබඳව නිතර අවධානය වැඩිකරන්න.

උත්‍රසල

රවිට හිමි උත්‍රසල නැකැතින් උපන් ඔබට අලුත් අවුරුද්ද සුබඵල උදාකර දෙමින් ආරම්භ වෙයි. තමා උගත් දෙයින් ඵල ප්‍රයෝජන ලබා ගැනීමට අවස්ථාවක් උදාවෙනු ඇත. වසර මැදදී සිදුවන හදිසි විවාහයක් නිසා දුර බැහැර පදිංචියකට යාමට සිදුවේ. දෙමාපියන්ගේ කටයුතුවලට හවුල් වෙයි. දානමය පින්කම් ලෙඩුන්ට උපස්ථාන කිරීම් ආදියට එකතුවීමට අවස්ථාවක් ලැබෙයි.

සුවණ

සිතට සහනය උදාකරදෙමින් ආරම්භ වන වසරකි. තමාට හා පවුලට සතුට ගෙන දෙන කරුණු යෙදෙයි. කුඩා දරුවන් සම්බන්ධ ආයතනයකට එක්වී කටයුතු කරයි. නිවසේ වෙනසක් සිදු කරයි. තරුණ දරුවන් සම්බන්ධව තරමක කලබලකාරී ගතිය වැඩි කරයි. අවවාද, අනුශාසනා සම්බන්ධ නිතර නිතර ඇහුම්කන් දෙන කාලයකි.

දෙනට

තරමක පීඩා ඇතිකරන වසරක් වුවත් ආගම දහමට අනුව කටයුතු කිරීමෙන් සහනයක් ලබාගත හැකිවෙයි. හදිසි වැටීම් තැලීම් ඇති කරන කාලයකි. ඉක්මන් වීමෙන් පාඩු සිදුකර ගනී. වැඩිහිටියන්ට උපකාර කිරීම දන්දීම, විෂ්ණු දෙවියන්ට පූජා පැවැත්වීම හේතුවෙන් තමාට පවත්නා අපල දුරුකර ගැනීමට හැකියාව ලැබෙයි.

සියාවස

වසර ආරම්භයේ මංගල්‍ය කටයුතු කීපයක් එකලාසයක් කරගනී. නව සාමජික, සාමාජිකාවන් පවුලට එකතු වෙනු ඇත. පොතපත හැදෑරීමට වැඩි කැමැත්තක් ඇති කරයි. විශේෂ විභාග ජයග්‍රහණයක් අත්විඳීමට හැකියාව ලැබෙනු ඇත. වසර අවසානය ගොඩනැඟිලි ඉදිකිරීම්, නිවාස කැනීම් ආදිය ආරම්භයට මුල පුරයි.

පුවපුටුප

පුවපුටුප නැකැතින් උපන් ඔබට මෙම වසර භූමිලාභ ගෙන දෙනු ඇත. දෙමාපියන්ගේ හිතුවක්කාර තීරණ හේතුවෙන් පීඩා විඳීමට සිදුවෙනු ඇත. වසර මැදදී වැඩි මුදලක් වැයවන වැඩකට අතගසයි. තමා නොකළ වරදකට දඬුවම් විඳීමට සිදුවන කාලයකි. කල්පනාකාරීව තීරණ ගන්න.

උත්‍රපුටුප

මිශ්‍රඵල උදාකරදෙමින් ආරම්භ වන වසරකි. තමාට හිතවත් අයකුගෙන් විශේෂ වරප්‍රසාද හිමිකර ගනී. ඥාති හිතවතුන්ගෙන් විශේෂ ලාබ ගෙන දෙයි. වසර මැද දී අධ්‍යාපන කටයුතු සම්බන්ධ විශේෂ ශිෂ්‍යත්ව අවස්ථාවක් හිමිකර දෙයි. වසර අවසාන වීමට පෙර තමා බලාපොරොත්තු වූ දෙයක් හිමිකර ගැනීමට අවස්ථාවක් ලැබෙයි.

රේවතී

බුධ ග්‍රහයාට අයත් නැකැතක් උපන් ඔබට මෙම වසර බුද්ධිය වර්ධනය වන වසරක් බව කිව යුතුයි. දැනුම, ඥානය සම්බන්ධ ක්ෂේත්‍ර හරහා රැකියා අවස්ථා හිමිවෙයි. විවාහය සාර්ථක වන වසරකි. දුර බැහැර හිතවතකු තමාට මුණගැසෙයි. වසර අවසානයේ දී පදිංචිය මාරු කරයි.

 

පුවපුටුප

පුවපුටුප නැකැතින් උපන් ඔබට මෙම වසර භූමිලාභ ගෙන දෙනු ඇත. දෙමාපියන්ගේ හිතුවක්කාර තීරණ හේතුවෙන් පීඩා විඳීමට සිදුවෙනු ඇත. වසර මැදදී වැඩි මුදලක් වැයවන වැඩකට අතගසයි. තමා නොකළ වරදකට දඬුවම් විඳීමට සිදුවන කාලයකි. කල්පනාකාරීව තීරණ ගන්න.

උත්‍රපුටුප

මිශ්‍රඵල උදාකරදෙමින් ආරම්භ වන වසරකි. තමාට හිතවත් අයකුගෙන් විශේෂ වරප්‍රසාද හිමිකර ගනී. ඥාති හිතවතුන්ගෙන් විශේෂ ලාබ ගෙන දෙයි. වසර මැද දී අධ්‍යාපන කටයුතු සම්බන්ධ විශේෂ ශිෂ්‍යත්ව අවස්ථාවක් හිමිකර දෙයි. වසර අවසාන වීමට පෙර තමා බලාපොරොත්තු වූ දෙයක් හිමිකර ගැනීමට අවස්ථාවක් ලැබෙයි.

රේවතී

බුධ ග්‍රහයාට අයත් නැකැතක් උපන් ඔබට මෙම වසර බුද්ධිය වර්ධනය වන වසරක් බව කිව යුතුයි. දැනුම, ඥානය සම්බන්ධ ක්ෂේත්‍ර හරහා රැකියා අවස්ථා හිමිවෙයි. විවාහය සාර්ථක වන වසරකි. දුර බැහැර හිතවතකු තමාට මුණගැසෙයි. වසර අවසානයේ දී පදිංචිය මාරු කරයි.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.