ධනවතකු වන්නේ මෙහෙමයි

මැයි 26, 2023

අපට හිතේ හැටියට වියදම් කරන්න මුදල් තියෙනවා. ඒ නිසා අප ධනවතකුයයි පවසන්නට හැකියාවක්, හැම දෙනාටම ලැබෙන්නනේ නැත. බොහෝ දෙනකුට මෙම වරප්‍රසාදය ලැබී නැත. ඇයි එහෙම වෙන්නේ යයි අප ඔබගෙන් විමසුවහොත් සමහරවිට පිළිතුරක් දිය හැකි නොවනු ඇත. එහෙත් ඡ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රඥයකුට නම් මෙය ඉතා පහසු දෙයකි.

 

සමහරවිට, කේන්දරය පොඩ්ඩ්ක් බලමුද යනුවෙන් ඔහු ඔබගෙන් විමසනු ඇත. ජන්ම පත්‍රයක 2 වැනි භාවය මගින් ජන්මියකුගේ ධන තත්ත්වය පිළිබඳව පැහැදලි අවබෝධයක් ලබාගත හැකිය. ජන්ම පත්‍රයක 2 වැනි භාවය හඳුන්වන්නේ ධන ස්ථානය ලෙසය. ධනය උපයන ආකාරය, ඒවා රඳවා තබා ගැනීමෙන් පසුව ඔහුගේ ධනය වර්ධනය වන ආකාරය, ඒවාට ප්‍රභවය වන්නේ මොනවාද සහ එසේ සිදුවන කාල සීමා මොනවාදැයි ජන්ම පත්‍රයක 2 වැනි භාවය සහ එයට සම්බන්‍ධ අනෙකුත් භාව නිවේදක ග්‍රහයන් මඟින් හඳුනා ගත හැකිවෙයි.

 

මෙම ජන්ම පත්‍රයේ දෙවැනි භාවය, ශනි හිමි මකර රාශියේ, සඳු හිමි නක්‍ෂත්‍රයක සහ රාහුගේ උපස්ථානයක යෙදී ඇත.

පුද්ගලයකුගේ ජන්ම පත්‍රයක් මඟින් ධන තත්ත්වය නිගමනය කිරීමේදී, 2 වැනි භාවයේ උපස්ථානය හිමි ග්‍රහයා ඉතාමත් වැදගත් වෙයි. 2 වැනි භාවයේ, උපස්ථානය හිමි ග්‍රහයා 2 වැනි හෝ 6 වැනි හෝ 11 වැනි භාව නිවේදක ග්‍රහයකු වන්නේනම්, ජන්මියා ධනවත් අයකු වෙයි.

මෙම ජන්ම පත්‍රයේ 2 වැනි භාවයේ උපස්ථානය අධිපති රාහු ග්‍රහයා 8 වැනි භාවයේ තැන්පත්ව සිටියි. රාහු ග්‍රහයා, රවි සහ කේතු යන ග්‍රහයන්ගේ නියෝජිතයකු ලෙස ක්‍රියා කරයි. කේතු 2 වැනි භාවයේ ලැගුම්ගෙන සිටියි. ඒ නිසා ජන්මියා ධනවත් අයකු වෙයි.

ක්‍රිස්තු වර්ෂ 2011 ජූනි මාසයේ 12 වැනි දින මේ ජන්මියාගේ රාහුගේ විංශෝත්තරී මහ දශාව ආරම්භ වී ඇත.

මහ දශාව අධිපති රාහු ග්‍රහයා, ජන්ම පත්‍රයේ 8 වැනි භාවයේ, ලැගුම්ගෙන සිටියේය. රාහු ග්‍රහයා, තැන්පත්ව සිටියේ, 2 වැනි භාවයේ, ලැගුම්ගෙන සිටි, කේතු ග්‍රහයාගේ නක්‍ෂත්‍රයකය. කේතු ග්‍රහයා, ශනි සහ රාහු යන ග්‍රහයන්ගේ නියෝජිතයකු ලෙස ක්‍රියා කරයි.

රාහුගේ මහ දශාව මෙන්ම රාහුගේ භුක්ති කාලවලදී, ගෝචර ගමන් සමඟ එකඟවන කාල සීමාවලදී, ජන්මියාගේ ධන තත්ත්වය වර්ධනය වෙයි.

ඡ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රඥයා, ඔබගේ ධන තත්වය ගැන බැලීමට, කේන්දරේ පොඩ්ඩ්ක් බලමුද යනුවෙන් ඔහු ඔබගෙන් විමසන විට ඔබ ළඟ, ජන්ම පත්‍රයක් නොතිබෙන්නට පුළුවන. එසේ වුවහොත් තත්කාල විමසුමක් මඟින් මෙම ප්‍රශ්නයට පිළිතුරක් ලබාදීමට ඡ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රඥයාට හැකියාව ඇත.

ක්‍රිස්තු වර්ෂ 2017 ජූනි මාසයේ 12 වැනි දින මේ ජන්මියාගේ ගුරුගේ විංශෝත්තරී මහ දශාව ආරම්භ වී ඇත. මහ දශාව අධිපති ගුරු ග්‍රහයා, ජන්ම පත්‍රයේ 1 වැනි සහ 4 වැනි භාව අධිපති, 2 වැනි භාවයේ, ලැගුම්ගෙන සිටියේය. ගුරු ග්‍රහයා, තැන්පත්ව සිටියේ, 8 වැනි භාවය අධිපතිව, 4 වැනි භාවයේ, ලැගුම්ගෙන සිටි, සඳු ග්‍රහයාගේ නක්‍ෂත්‍රයකය.

මේ අනුව ගුරුගේ මහ දශාව මෙන්ම ගුරුගේ අතුරු දශා කාලවලදී, ගෝචර ගමන් සමඟ එකඟවන කාල සීමාවලදී, ජන්මියාගේ ධන තත්ත්වය වර්ධනය වෙයි. හදිසි ධනය මෙන්ම ආයාසයෙන් තොරව ලැබෙන ධනය සහ දේපළ ලබයි.

ජී. එච්. ඩබ්. සිල්වා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.