සතියේ පඤ්චාංගය

ඔක්තෝබර් 6, 2023

ශක වර්ෂ 1945ක් වූ කන්‍යා රවි 20 භාග බිනර අව අටවක තිථිය ලත් කිවිදින සිට එම රවි 26 භාග බිනර අව තුදුස්වක තිථිය ලත් ගුරුදින දක්වායි.

 

ග්‍රහයෝ සහ රාශි

 

රවි - කන්‍යා

කුජ - තුලා

බුධ - කන්‍යා

ගුරු - මේෂ

ශුක්‍ර - සිංහ

ශනි - කුම්භ

රාහු - මේෂ

කේතු - තුලා

 

ග්‍රහයෝ සහ නැකැත්

 

රවි - හත ( 11 දා උදේ 08.00 සිත)

කුජ - සිත

බුධ - උත්‍රපල් ( 07 දා දහවල් 02.39 හත)

ගුරු - බෙරණ

ශුක්‍ර - මා

ශනි - සියාවස

රාහු - අස්විද

කේතු - සිත

යුරේනස් - කැති

නැප්චූන් - පුවපුටුප

 

පෝය

 

ඔක්තෝබර් 06 සිකුරාදා උදේ 06.37න් අව අටවක ලබා 07 සෙනසුරාදා උදේ 08.11න් ගෙවේ. 06 සිකුරාදා සිල්

 

චන්ද්‍ර චාරය

 

07 දා සවස 05.22 කටක

10 දා අලුයම 05.46 සිංහ

12 දා සවස 06.16 කන්‍යා

 

දිනූ තත්ත්ූවය

 

ඔක්තෝබර් 06 සිකුරාදා

කන්‍යා රවි 20 භාග බිනර අව අටවක තිථිය ලත් කිවිදින. ඉර උදාව 05.58 ඉර බැසීම 06.00. අද නැකත රාත්‍රී 09.36න් ගෙවී පුනාවස නැකත ලබයි. බිනර අව සතවක තිථිය උදේ 06.37න් ගෙවී අව අටවක තිථිය ලබයි. වාරියන් යෝගය අලුයම 05.23න් ගෙවී පරිඝයෝගය ලබයි. බවකරණය උදේ 06.37න් ගෙවී බාලවකරණය ලබා එය රාත්‍රී 07.23න් ගෙවී කෞලවකරණය උදාව පවතී.

විෂ කලාව - පතුල

අමෘත කලාව - තනය

මරු - ගිනිකොණ

යෝගිනී - ඊසාන

සුබ දිශාව - දකුණ

 

ඔක්තෝබර් 07 සෙනසුරාදා

කන්‍යා රවි 21 භාග බිනර අව නවවක තිථිය ලත් ශනිදින. ඉර උදාව 05.58. ඉර බැසීම 05.59. පුනාවස නැකත රාත්‍රී 12.00න් ගෙවී පුෂ නැකත ලබයි. බිනර අව අටවක තිථිය උදේ 08.11 න් ගෙවී අව නවවක තිථිය ලබා පවතී. පරිඝ යෝගය අලුයම 05.31න් ගෙවී ශිව යෝගය ලබයි. කෞලව කරණය උදේ 08.11න් ගෙවී තෛතිලකරණය ලබා එය රාත්‍රී 09.12න් ගෙවී ගරජකරණය උදාවෙයි.

විෂ කලාව - මාපටැඟිලි

අමෘත කලාව - ලැම

මරු - නැඟෙනහිර

යෝගිනී - නැඟෙනහිර

සුබ දිශාව - දකුණ

ඔක්තෝබර් 08 ඉරිදා

කන්‍යා රවි 22 භාග බිනර අව දසවක තිථිය ලත් රවිදින. ඉර උදාව 05.58. ඉර බැසීම 05.59. පුෂ නැකත දවස පුරාම යෙදී පවතී. බිනර අව නවවක තිථිය උදේ 10.16න් ගෙවී අව දසවක තිථිය ලබයි. ශිව යෝගය උදේ 06.03 න් ගෙවී අව දසවක තිථිය ලබයි. ශිව යෝගය උදේ 06.03න් ගෙවී සිද්ධ යෝගය ලබයි. ගරජකරණය උදේ 10.16න් ගෙවී වණිජකරණය ලබා එය රාත්‍රී 11.26න් ගෙවී විෂ්ටිකරණය උදාව පවතී.

විෂ කලාව - මා පටැඟිලි

අමෘත කලාව - පෙකනිය

මරු - උතුර

යෝගිනී - උතුර

සුබ දිශාව - නැඟෙනහිර

 

ඔක්තෝබර් 09 සඳුදා

කන්‍යා රවි 23 භාග බිනර අව එකොළොස්වක තිථිය ලත් සඳුදින. ඉර උදාව 05.58. ඉර බැසීම 05.59. පුෂ නැකත අලුයම 02.47න් ගෙවී අස්ලිස නැකත ලබයි. බිනර අව දසවක තිථිය දහවල් 12.39න් ගෙවී අව එකොළොස්වක තිථිය ලබා පවතී. සිද්ධ යෝගය උදේ 06.52න් ගෙවී සාධ්‍ය යෝගය ලබා පවතී. විෂ්ටිකරණය දහවල් 12.39න් ගෙවී බවකරණය උදාව පවතී.

විෂ කලාව - පතුල

අමෘත කලාව - ලිංග, යෝනි

මරු - වයඹ

යෝගිනී - ගිනිකොණ

සුබ දිශාව - උතුර

ඔක්තෝබර් 10 අඟහරුවාදා

කන්‍යා රවි 24 භාග බිනර අව දොළොස්වක තිථිය ලත් කුජ දින. ඉර උදාව 05.58. ඉර බැසීම 05.58. අස්ලිස නැකත අලුයම 05.46න් ගෙවී මා නැකත ලබයි. බිනර අව එකොළොස්වක තිථිය සවස 03.10න් ගෙවී අව දොළොස්වක තිථිය ලබා පවතී. සාධ්‍ය යෝගය උදේ 07.47න් ගෙවී ශුභ යෝගය ලබයි. බව කරණය අලුයම 07.54න් ගෙවී බාලවකරණය ලබා එය සවස 03.10න් ගෙවී කෞලවකරණය උදාව පවතී.

විෂ කලාව - පතුල, කෙණ්ඩ

අමෘත කලාව - ලිංග, දණහිස

මරු - බටහිර

යෝගිනී - නිරිත, දකුණ

සුබ දිශාව - නැඟෙනහිර

ඔක්තෝබර් 11 බදාදා

කන්‍යා රවි 25 භාග බිනර අව තෙළෙස්වක තිථිය ලත් බුධ දින. ඉර උදාව 05.57. ඉර බැසීම 05.57. මා නැකත උදේ 08.46න් ගෙවී පුවපල් නැකත ලබයි. බිනර අව දොළොස්වක තිථිය පුවපල් නැකත ලබයි. බිනර අව දොළොස්වක තිථිය සවස 05.38න් ගෙවී අව තෙළෙස්වක තිථිය ලබා පවතී. ශුභ යෝගය උදේ 08.42න් ගෙවී ශුභ්‍ර යෝගය ලබයි. කෞලවකරණය අලුයම 04.26න් ගෙවී තෛතිලකරණය ලබා එය සවස 05.38න් ගෙවී ගරජකරණය උදාව පවතී.

විෂ කලාව - කෙණ්ඩ, දණහිස

අමෘත කලාව - දණහිස, කෙණ්ඩ

මරු - නිරත

යෝගිනී - දකුණ, බටහිර

සුබ දිශාව - නැඟෙනහිර

 

ඔක්තෝබර් 12 බ්‍රහස්පතින්දා

කන්‍යා රවි 26 භාග බිනර අව තුදුස්වක තිථිය ලත් ගුරුදින. ඉර උදාව 05.57. ඉර බැසීම 05.57 පුවපල් නැකත දහවල් 11.36න් ගෙවී උත්‍රපල් නැකත ලබයි. බිනර අව තෙළෙස්වක තිථිය රාත්‍රී 07.53න් ගෙවී අව තුදුස්වක තිථිය ලබා ශුභ්‍ර යෝගය උදේ 09.30න් ගෙවී බ්‍රහ්ම යෝගය ලබයි. ගරජකරණය උදේ 06.49න් ගෙවී වණිජකරණය ලබා එය රාත්‍රී 07.53න් ගෙවී විෂ්ටිකරණය උදාව පවතී.

විෂ කලාව - ලිංග, යෝනි, පෙකනිය

අමෘත කලාව - පතුල, මාපටැඟිලි

මරු - දකුණ

යෝගිනී - බටහිර, වයඹ

සුබ දිශාව - නැඟෙනහිර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.