සතියේ පඤ්චාංගය

ඔක්තෝබර් 13, 2023

ශක වර්ෂ 1945ක් වූ කන්‍යා රවි 27 භාග බිනර අව තුදුස්වක තිථිය ලත් කිවිදින සිට තුලා රවි 02 භාග වප් පුර විසේනිය ලත් ගුරුදින දක්වායි.

 

ග්‍රහයෝ සහ රාශි

රවි - කන්‍යා ( 18 දා අලුයම 01.30 තුලා)

කුජ - තුලා

බුධ - කන්‍යා ( 19 දා අලුයම 01.17 තුලා)

ගුරු - මේෂ

ශුක්‍ර - සිංහ

ශනි - කුම්භ

රාහු - මේෂ

කේතු - තුලා

යුරේනස් - මේෂ

නැප්චූන් - මීන

 

ග්‍රහයෝ සහ නැකැත්

රවි - සිත

කුජ - සිත ( 13 දා සවස 04.00 සා)

බුධ - හත ( 15 දා අලුයම 04.10 සිත)

ගුරු - බෙරණ

ශුක්‍ර - මා ( 17 දා සවස 03.30 පුවපල්)

ශනි - සියාවස ( 15 දා උදේ 08.20 දෙනට)

රාහු - අස්විද

කේතු - සිත

යුරේනස් - කැති

නැප්චූන් - පුවපුටුප

 

පෝය

ඔක්තෝබර් 13 සිකුරාදා රාත්‍රී 09.50න් අමාවක ලබා 14 සෙනසුරාදා රාත්‍රී 11.24න් ගෙවේ. 14 සෙනසුරදා සිල්.

 

චන්ද්‍ර චාරය

15 දා අලුයම 05.22 තුලා

17 දා දහවල් 02.18 වෘශ්චික

19 දා රාත්‍රී 09.02 ධනු

 

 

දිනූ තත්ත්වය

ඔක්තෝබර් 13 සිකුරාදා

කන්‍යා රවි 27 භාග බිනර අව තුදුස්වක තිථිය ලත් කිවිදින. ඉර උදාව 05.57 ඉර බැසීම 05.57. උත්‍රපල් නැකත දහවල් 02.10න් ගෙවී හත නැකත ලබයි. බිනර අව තුදුස්වක තිථිය රාත්‍රී 09.50න් ගෙවී අමාවක තිථිය ලබා පවතී. බ්‍රහ්ම යෝගය රාත්‍රී 10.05න් ගෙවී මහේන්ද්‍ර යෝගය ලබයි. විෂ්ටිකරණය උදේ 08.55න් ගෙවී ශකුණකරණය ලබා එය රාත්‍රී 09.50න් ගෙවී චතුෂ්පාදකරණය ලබා පවතී.

විෂ කලාව - ලිංග, යෝනි

අමෘත කලාව - පතුල

මරු - ගිනිකොණ

යෝගිනී - දකුණ

සුබ දිශාව - නැඟෙනහිර

 

ඔක්තෝබර් 14 සෙනසුරාදා

කන්‍යා රවි 28 භාග බිනර අව අමාවක ලත් ශනිදින. ඉර උදාව 05.57. ඉර බැසීම 05.56. හත නැකත සවස 04.22න් ගෙවී සිත නැකත ලබයි. බිනර අව අමාවක තිථිය රාත්‍රී 11.24න් ගෙවී වප් පුර පෑළවිය තිථිය ලබා පවතී. මහේන්ද්‍ර යෝගය උදේ 10.23න් ගෙවී වෛධෘති යෝගය ලබයි. චතුෂ්පාදකරණය උදේ 10.41න් ගෙවී නාගකරණය ලබා එය රාත්‍රී 11.24න් ගෙවී කිංස්තුංගකරණය උදාව පවතී.

විෂ කලාව - පෙකණිය

අමෘත කලාව - මාපටැඟිලි

මරු - නැඟෙනහිර

යෝගිනී - ඊසාන

සුබ දිශාව - දකුණ

 

ඔක්තෝබර් 15 ඉරිදා

කන්‍යා රවි 29 භාග බිනර අව වප්පුර පෑළවිය ලත් රවිදින. ඉර උදාව 05.57 ඉර බැසීම 05.56 සිත නැකත සවස 06.11න් ගෙවී සා නැකත ලබයි. වප් පුර පෑළවිය තිථිය දවස පුරාම ලබා පවතී. වෛධෘති යෝගය උදේ 10.23න් ගෙවී විෂ්කම්භ යෝගය ලබයි. කිංස්තුංගකරණය දහවල් 12.01න් ගෙවී බවකරණය උදාව පවතී.

විෂ කලාව - ළැම

අමෘත කලාව - මාපටැඟිලි

මරු - උතුර

යෝගිනී - නැඟෙනහිර

සුබ දිශාව - දකුණ

 

ඔක්තෝබර් 16 සඳුදා

කන්‍යා රවි 30 භාග වප් පුර දියවක ලත් සඳුදින. ඉර උදාව 05.57 ඉර බැසීම 05.55 සා නැකත රාත්‍රී 07.33න් ගෙවී විසා නැකත ලබයි. වප් පුර පෑළවිය තිථිය අලුයම 12.32න් ගෙවී වප්පුර දියවක තිථිය ලබයි. විශ්කම්භ යෝගය උදේ 10.02න් ගෙවී පී‍්‍රතියෝගය ලබයි. බවකරණය අලුයම 12.32න් ගෙවී බාලවකරණය ලබා එය දහවල් 12.55න් ගෙවී කෞලවකරණය උදාවෙයි.

විෂ කලාව - තනය

අමෘත කලාව - පතුල

මරු - වයඹ

යෝගිනී - උතුර

සුබ දිශාව - නැඟෙනහිර

 

ඔක්තෝබර් 17 අඟහරුවාදා

කන්‍යා රවි 31 භාග වප් පුර තියවක ලත් කුජදින. ඉර උදාව 05.57. ඉර බැසීම 05.55. විසා නැකත රාත්‍රී 08.29න් ගෙවී අනුර නැකත ලබයි. වප් පුර දියවක තිථිය අලුයම 01.13න් ගෙවී පුර තියවක තිථිය ලබා පවතී. පී‍්‍රති යෝගය උදේ 09.21න් ගෙවී ආයුෂ්මත් යෝගය ලබයි. කෞලවකරණය අලුයම 01.13න් ගෙවී තෛතිලකරණය ලබා එය දහවල් 01.22න් ගෙවී ගරජකරණය උදාවෙයි.

විෂ කලාව - ගෙල

අමෘත කලාව - කෙණ්ඩ

මරු - බටහිර

යෝගිනී - ගිනිකොණ

සුබ දිශාව - දකුණ

 

ඔක්තෝබර් 18 බදාදා

තුලා රවි 01 භාග වප් පුර ජලවක ලත් බුධදින. ඉර උදාව 05.57 ඉර බැසීම 05.55 අනුර නැකත රාත්‍රී 08.59න් ගෙවී දෙට නැකත ලබයි. වප් පුර තියවක තිථිය අලුයම 01.26න් ගෙවී පුර ජලවක තිථිය ලබා පවතී. ආයුෂ්මත් යෝගය උදේ 08.18න් ගෙවී සෞභාග්‍යය යෝගය ලබයි. ගරජකරණය අලුයම 01.26න් ගෙවී වණිජකරණය ලබා එය දහවල් 01.21න් ගෙවී විෂ්ටිකරණය උදාව පවතී.

විෂ කලාව - නාසය

අමෘත කලාව - දණහිස

මරු - නිරිත

යෝගිනී - නිරිත

සුබ දිශාව - උතුර

 

ඔක්තෝබර් 19 බ්‍රහස්පතින්දා

තුලා රවි 02 භාග වප් පුර විසේනිය ලත් ගුරුදින. ඉර උදාව 05.57. ඉර බැසීම 05.54. දෙට නැකත රාත්‍රී 09.02න් ගෙවී මුල නැකත ලබයි. වප් පුර ජලවක තිථිය අලුයම 01.12න් ගෙවී පුර විසේනිය තිථිය ලබා පවතී. සෞභාග්‍ය යෝගය උදේ 06.54න් ගෙවී ශෝභන යෝගය ලබයි. විෂ්ටිකරණය අලුයම 01.12න් ගෙවී බවකරණය ලබා එය දහවල් 12.54න් ගෙවී බාලවකරණය උදාවෙයි.

විෂ කලාව - ඇස

අමෘත කලාව - ලිංග, යෝනි

මරු - දකුණ

යෝගිනී - දකුණ

සුබ දිශාව - උතුර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.